‘යහපාලනය ගෙනාවා’ යැයි නිතර කියන වර්තමාන රජයේ වසර තුනක ශේෂ පත‍්‍රය ලෙසින් අපි ඉදිරියේ ගොඩ නගා තිබෙන්නේ තුන් ආකාරයක භිතියන්ය. එනම් (1.ජාතික සම්පත් කුණු කොල්ලයට විකිනීම හරහා රටේ ස්වාධීනත්වය විනාශ කිරීම, (2. රාජ්‍යයේ පැවැත්ම කඩා වට්ටමින් වෙළදපොළේ ගජමිතුරන් අතට රටේ ආර්ථිකය පත්කිරීම සහ (3. ව්‍යවස්ථාව වෙනස් කරමින් හෝ ජන්ද කල් දමන තැනකට ප‍්‍රජාතන්ත‍්‍රවාදය පල්ලම් බැස්සවීම යන කාරණාය.
ජාතික සම්පත් පිළිබදව මේ ආණ්ඩුවේ මතය සම්පුර්ණයෙන්ම නියෝජනය කරන්නේ රටට විරුද්ධ මතයක් බව මෙහිදි මුළින්ම තේරුම් ගැනීම ඉතාමත් වැදගත්ය. ජාතික සම්පත් විකිනීම පිලිබදව වර්තමාන රජයේ ස්ථාවරය සහ උත්සාහය මීට පෙර කාලවල තිබුනේ එජාපයේ සමහරුන්ගේ දේශාලන ආර්ථික ස්ථාවරය ලෙසින් පමණක්ය. එය ශ‍්‍රීළනීපයේත් ස්ථාවරය බවට පත්වී තිබෙන්නේ ඉතිහාසයේ පළමු වතාවට බව මෙහිදි පැවසීම ඉතාමත් නිවැරිදිය. මේ ආණ්ඩුවේ නායකයින් ජාතික සම්පත් විනාශ කිරීම ආරම්භ කළේ රටේ ප‍්‍රධානතම ජාතික සම්පත වූ මහබැංකුව හොරකම් කරමින් බව කාටත් හොදින් මතකය. එයින් පසුව මේ දක්වා ආණ්ඩුවේ හැම ඉහල පෙළේ රුස්වීමකම පාහේ සාකච්ජා කරන එක මාතෘකාවක් වන්නේ ඊලගට විකුණන රාජ්‍ය දේපොළ සම්බන්ධවය. හම්බන්තොට වරාය චීනයට පැවරිම වැනි බරපතල තීරණ මේ ආණ්ඩුව ගන්නේ කිසිම චතිකයකින් තොරවය. රටේ පාලන බලය වසර 5 ලබාගන්නා දේශපාලන පක්ෂයක් රටේ ජනතාවට අයිති සම්පත් තමන්ගේ පාලනයට අයිත් නැති වසර 90 කාලයකට වෙනත් රටකට ලබාදෙන්නේ කෙසේදැයි විමසීම මෙහිදි ඉතාමත් වැදගත්ය. අනෙක් අතට හම්බන්තොට වරාය පැවරීම හරහා හුදු මුදල් හුවමාරුවකට එහා ගිය ජාත්‍යන්තර දේශපාලන අවුලකටද මේ ආණ්ඩුව විසින් රට හිර කර තිබෙන බව මෙහිදි විශේෂයෙන්ම සදහන් කළ යුතුය.
චීනයේ දේශපාලන හැසිරීම් සමග ගැට ගැසුනු ජාත්‍යන්තර භූ දේශපාලනික ගැටුම් ගනනාවකට අපි රටක් ලෙසින් අනාගතයේදි මුහුන දෙන්නට නියමිත බව ජාත්‍යන්තර දේශපාලනය පිළිබද විශේෂඥයන්ගේ මතයය. චීනයට හෙක්ටයාර් සිය ගනනක ඉඩම් ද සහිත වරාය නගරයක් ¥න්නා නම් ‘අපිටත් මත්තල ගුවන් තොටුපලවත් දිය යුතු යැයි’ ඉන්දියාව කියන්නේ මේ ජාත්‍යාන්තර දේශපාලනයේ ගැටගැසීමක් විදිහටය. කලාපයේ දේශපාලනයත් ලෝක දේශපාලනයත් මේ ගැටුමට කොතරම් තදින් සම්බන්ධ වේවිද යන කාරණය පදනම් වන්නේ චීනය ලෝක ආර්ථිකයේ හා ලෝක දේශපාලන තලයේ ඉදිරියේදි සිදු කරන මැදිහත්වීම මතය. 1980 දශකයේ ජයවර්ධන ආණ්ඩුව ඉන්දියාව කුපිත කරන ආකාරයෙන් ඇමරිකානු මැදිහත්වීමවලට (ඉරණවිල ඇමරිකන් හඩ ඉදිකිරීම වැනි දේවල් හරහා) ඉඩ දුන් නිසා සිදුවූයේ අපේ රටේ අභ්‍යන්තර ගැටුමකට ඉන්දියාව මැදිහත්වී වසර 30 පමණ දුර යන යුද්ධයකට අපිව කොටුවීමය. ඉන්දියාවේ පුහුණුවූ සටන්කාමීන් ත‍්‍රස්තවාදීන් ලෙසින් මෙරටට පැමිණියේ ඒ හේතුව නිසාය. මේ ආකාරයේ අනාගත ව්‍යයසනයන් කැදවන්නට සමත් පසුව-පුපුරනු-පාර්සල් බෝම්බයක් වැනි දේවල්වලට රට හිර කර තැබීම මේ ජාතික සම්පත් විකිනීමේ දිර්ඝකාලීන ප‍්‍රති විපාක ලෙසින් ගැට ගැසෙන බව තේරුම් ගැනීම මෙහිදි ඉතාමත් වැදගත්ය. ජාතික සම්පත් විකිනීම හරහා රටට ඇති කර ඇති බිය වන්නේ රටේ ස්වාධිනත්වය හා ආර්ථිකමය වූ නිදහස බරපතල ආකාරයෙන් වෙනත් පාර්ශවයක් හෝ වෙනත් රටක් වෙතට යටත් තැබීමය” ආණ්ඩුවේ ඉතිරි කාලයේ කරන්නට යන විකිනීම් අතර අධිවේගී මාර්ග පද්ධතිය වැනි දේවල්ද තිබීම ගැන මෙහිදි විශේෂයෙන්ම සදහන් කළ යුතය. වසර තුනක කාලයට ආණ්ඩුව සිදුකරමින් යන මේ ජාතික සම්පත් විජාතික ග‍්‍රහනයට ලක් කිරීමේ ව්‍යායාමය මගින් ගොඩ නගා ඇත්තේ අනාගතය පිළිබද විශ්වාසයක් නොව බියක් බව තේරුම් ගන්නටවත් හැකියාවක් ආණ්ඩුව කරවන පක්ෂ දෙකටම නැතිබව ඉතාමත් පැහැදිලි කාරණයය.
දෙවනුව මේ රටේ ජනතාව බියෙන් මිරිකී සිටින්නේ ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්තියේ තිබෙන බරපතල ගැටලූවක් නිසාය. එය මගින් කරන්නේ තමන්ගේ ගජමිතුරු හවුලක් හරහා වෙළදපොල ශක්තිමත් කරමින් රාජ්‍යයට තිබු හෙට්ටුකිරීමේ ශක්තිය හීන කරන වැඩ සටහන ක‍්‍රියාත්මක කිරීමය. විවිධ ආකාරයේ වෙළද ගිවිසුම් ගසමින් ආණ්ඩුව මේ කරන්නේ ඒ කාරණයය. රටක් වෙළද ගිවිසුම් ගහන්නේ ගනු-දෙනු යන දෙපැත්තම සළකා බලා තාක්ෂනික හා උපක‍්‍රමික වාසි සහගත තත්වයන් ඇතිකර ගනිමින්ය. මේ ආණ්ඩුව වෙළද ගිවිසුම් ගසන්නේ ‘දෙනු’ සදහා මිස ‘ගනු’ සදහා නොවේ” සිංගප්පුරු වෙළද ගිවිසුම ආකාරයේ ගිවිසුම් හරහා මේ රටේ ශ‍්‍රම වෙළදපොළ සම්පුර්ණයෙන්ම වෙනත් රටකට හිර වෙන තැනට ගමන් කිරීමේ අවධානම විශාල වශයෙන් මේ වන විටත් ගොඩ නැගී ඇත. අනෙක් අතට රාජ්‍යයේ අධිකාරිමය බලය හරහා ගොඩ නගා ඇති සුබසාධන වැඩසටහන් සියල්ලම පාහේ වෙළදපොලට යටත් කරමින් තිබෙන බව ඉතාමත් ප‍්‍රකට සත්‍යයකි. පරණ මාක්ස්වාදින් ‘රාජ්‍යය දියකර හැරීම’ පිළිබදව අදහසක් ස‍්‍රත‍්‍රගත කර තිබුනේ රටේ ප‍්‍රාග්ධනය වෙළදපොල විසින් හැසිරවීම නැවැත්වීමේ ක‍්‍රියාදමයක උත්තරිතර තත්වයක් ලෙසින්ය. මේ ආණ්ඩුවේ අය කරන්නනේ වෙළදපොළට රාජ්‍යය යටත් කිරීම හරහා එය දියකර හැරීමකට දැයි දැන ගන්නට හැකියාවක් නැත. ලංකාව වැනි පසු යටත්විජත රාජ්‍යයක ආර්ථික තලයේ අසමානතාවන් විශාල වශයෙන් ඇති තත්වයක් තුළ රාජ්‍යයේ ස්ථාවරත්වය හා පැවැත්ම අත්‍යවශ්‍ය බවට සිදුකර ඇති ශාස්තී‍්‍රය අධ්‍යයනයන් රාශියක් තිබෙන මෙහිදි පැවසිය යුතුය” මේ ආන්ඩුවේ ආර්ථික කලමනාකරණය හරහා සිදුවන ආකාරයේ රාජ්‍යය විසුරුවාහැරීමේ ක‍්‍රියාදමයක් මෑත භාගයේ මේ පන්නයේ කිසිම රටක් විසින් සිදුකර නැති බව මගේ අදහසය.
තුන්වෙනි කාරණය වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිලිබදව මේ රටේ පැවති විශ්වාසයන් කඩා වැටෙන්නට ඉඩ දෙමින් සිදුකරන ක‍්‍රියාදමය මගින් ජනතාව භිතියට පත් කර තිබීමය. ‘ජන්දයක් තියන එකක් නැහැ’ යන හැගීම ජනතාවගේ අවිඥනයට ඇතුල් කර තිබීම නිසා අද රටේ තිබෙන්නේ තමන්ගේ ජන්ද බලය පිලිබදව අවිනිශ්චිතභාවයකින් යුතු භීතියක්ය. 1948 පසුව කාලේ විවිධ අර්බුධවලට ලක් වෙමින් මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජන්දක‍්‍රමය පවත්වාගෙන එ්මට හැකියාව ලැබී තිබුන බව සත්‍යයක්ය” එල්ටීටීඊ ත‍්‍රස්තවාදය විසින් සිදුකළ සියලූ බලපෑම් හා තර්ජන හමුවේ වුවත් දකුනේ ප‍්‍රජාතන්ත‍්‍රවාදි ජන්ද ක‍්‍රමය අවුල් වෙන්නට කිසිදු නායකයෙක් ඉඩ දුන්නේ නැත. අනෙක් අතට ජවිපෙ විසින් 1989 ජනාධිපතිවරණයට සිදුකළ තර්ජනය පවා පරජයට පත් කරමින් ජන්දය රුක ගැනීමට මෙරට ජනතාව හැම විටම ඉදිරියට පැමිණි බව ද අපගේ අවධානයට ගැනීම වැදගත්ය. මේ ආණ්ඩුව කරන්නේ ජන්දයක් එන එක වලක්වන්නට හදන උපක‍්‍රම ලෙසින් ව්‍යවස්ථා හා පනත් සංශෝධනය කරන්නටය. පනත සංශෝධනය පටන් ගත්තේ එක කාරණයකටය” එයට ශේෂ්ඨාධිකරණය විරුද්ධ වූ විට වෙනත් කාරණයක් යැයි කියා පලාත් පභා මැතිවරණ පනත වෙනස් කරන්නට හදන්නේ මේ නිසාය. අවශ්‍ය වන්නේ පනත වෙනස් කිරීමට නොව ජන්දය කල් දැමීමටය. මේ සූදුව විසින් සමාජයට එන්නත් කර තිබෙන්නේ ජනතාවගේ ජන්ද බලය රුක ගැනීම පිළිබද බරපතල භිතියක් යැයි මා කීවේ ඒ නිසාය.
ආණ්ඩුවේ තුන් අවුරුදු කෙරුවාව කියන්නේ නිදහස් රටක් තුන් ආකාර භීතියකට හිරකිරීම වන අතර දිනපතා සතිපතා ජනතාව විදි බසිමින් උද්ගෝෂණ කරන්නේ මේ බියට එරෙහිවීමක් ලෙසින් ය.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ අංශාධිපති
ආචාර්ය චරිත හේරත්
ආචාර්ය චරිත හේරත්
No comments:
Post a Comment