Thursday, April 25, 2019

ඉහළ මාලේ කඹ ඇදීමේ ප්‍රතිවිපාක

මේ සටහන ලියන්නට සිදූවී තිබෙන්නේ පසුගිය සති අන්තයේ සිදුවූ අතිශයෙන්ම භයානක හා විනාශකාරී ත්‍රස්ත ප්‍රහාරයෙන් මුළු සමාජයම කැලැඹී සිටින මොහොතකය. ඒ සිදූවීමේ කම්පනයෙන් මුළු සමාජයම හිරි වැටී තිබෙන මොහොතකය. තවත් පැත්තකින් බැලුවහොත් ඊළඟට කරන්නේ කුමක්දැයි තේරුම් ගැනීමට නොහැකිව මු`ඵ රටම එකතැනක හිරවී ඇති මොහොතකය. අනෙක් අතට මේ ගෙවෙන්නේ රටක් ලෙසින් අප සැනසිල්ලේ සිටින කාලය මෙතරම් ඉක්මනින් නිමාවේද වන ප්‍රශ්නය හැමගේම උප විඥානයේ වද දෙමින් සිටිනා මොහොතකය. මේ ත්‍රස්ත ප්‍රහාරය සිදූවූයේ කෙසේද යන කාරණය රූපවාහිනී තිර මගින් බලමින් සහ මේ මහා විනාශයෙන් අනතුරට පත්වූ සිය සහෝදර ජනතාවට තමා හැකි සෑම ආකාරයකින්ම උදව් කරමින් මේ රටේ ජනතාව සිටින්නේ කරන්නේ කුමක්ද වැරදුණේ කොතැන දැයි හරියට හිතා ගන්නටවත් නොහැකි අමාරු තත්ත්වයකය. මා මේ ලිපියෙන් සාකච්ඡා කරන්නේ පසුගිය සතියේ එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බවල ස්වභාවය හෝ ඒ විනාශකාරි ත්‍රස්ත පහරදිම්වලින් සිදූවූ විනාශයේ තරම ගැන නොව අලුතින් පටන් ගත් මේ ත්‍රස්තවාදයේ දේශපාලනය ගැන කරුණු කීපයක් පිළිබඳය.

ත්‍රස්තවාදයක් කියන්නේම දේශපාලනමය සංසිද්ධියක් මත පදනම් වූ විනාශකාරි ම්ලේච්ඡත්වයක් වන බැවින් එහි ඇති දේශපාලනය තේරුම් ගන්නේ නැතිව මේ ම්ලේච්ඡත්වය පරාජය කිරීමේ හැකියාවක් නැති බව මගේ අදහසය. අනෙක් අතට බිහිසුණු ත්‍රස්තවාදයකින් බේරා ගත් රටක් නැවතත් එවැනිම ව්‍යයසනයකට තල්ලු කර දැමීම පසුපස තිබෙන දේශපාලනය තේරුම් ගන්නේ නැතිව ඒ ත්‍රස්තවාදය පරාජය කිරීමේ හැකියාවක් නැති බවද ඒ වගේම සත්‍යයක්ය. ඒ නිසා මේ සිදූවීමේ දේශපාලනය තේරුම් ගැනීමත් මේ මොහොතේ අපේ රටේ මෙවැනි ත්‍රස්තවාදයක් ගොඩ නැගෙන්නට හේතු වූ කාරණා කවරේද යන්න විමසා බැලීමත් මේ ව්‍යසනයෙන් ගැලවීම සඳහා අනිවාර්යයෙන්ම අත්‍යවශ්‍ය බව පිළිගැනීම ඉතාමත් වැදගත්ය.

මේ රටේ වැසියන් 1980 සිට 2009 දක්වාම වසර 30 ආසන්න කාලයක් ජීවිතය ගෙව්වේ එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයේ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ගොදුරක් නොවී සැඟවෙමින් බව කාටත් තවම හොඳින් මතකය. ඒ ත්‍රස්තවාදයෙන් තමන්ගේ දූදරුවන් බේරා ගැනීමට ඒ කාලයේ මවුපියන්ට සිදූවී තිබුණේ තම තමන්ගේ රැකියාවෙන් නිවාඩු දමා දරුවන් යන පාසල මුරකරන්නට යන්නටය. මහ මඟදී බෝම්බයකට ගොදුරු නොවීම ගැන වගකීම ඒ යුගයේ තිබුණේ උඩ දෙවියන් අතේ පමණක් යැයි සිතෙන තරමට හැමෝම සිටියේ ඊළඟ දවසේ පැවැත්ම පසෙකලා අද දවසේ ජීවිතය ආරක්ෂා කරගන්නේ කෙසේද යන කාරණය ගැන සිතමින්ය.

Friday, April 19, 2019

අනාගතයට තීරණාත්මක ප්‍රශ්න දෙකක්

මේ වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද යෙදී තිබුණේ පසුගිය සති අන්තයේය. මෙවර අලුත් අවුරුද්ද වෙන අවුරුදුවලට වඩා වැඩි විශේෂයක් පෙන්නුම් කළේ නැතත් හැම තැනකම වගේ මතුවූ කාරණයක් වූයේ ඊළඟ අලුත් අවුරුදු කාලයට පෙර මේ රටේ දේශපාලනයේ තීරණාත්මක වෙනස්කම් රාශියක් සිදුවීමට නියමිත බවය. දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවිය හැකි වෙනස්කම් පිළිබඳව අනාගත වාක්‍ය කීමේ හැකියාවක් නැතත් අප හැමෝම පිළිගන්නා කාරණයක් වන්නේ ඊළඟ වසරේ අප්‍රේල් මාසය වන විට මේ රටේ ප්‍රධාන මැතිවරණයක් පවත්වා අවසාන වී ඇති බවයි. ඒ මැතිවරණය
ජනාධිපතිවරණයක් වීමේ විශාල ඉඩක් තිබෙන නමුත් මේ දවස්වල දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රකාශ දෙස බලද්දී පෙනී යන්නේ සමහර විට මහ මැතිවරණයක් මුලින් පැමිණීමේ ඉඩක්ද පවතින බවයි. 

ඒ කුමන මැතිවරණය මුලින් පැමිණියත් අපට ස්ථිර වශයෙන්ම පෙන්නුම් කෙරෙන කාරණයක් වන්නේ මීළඟ බක් මහට පෙර රටේ පාලනය ගැන තීරණයක් ගැනීමේ ඉඩක් ජනතාවට ලැබෙන්නට නියමිත බවයි. ඒ කියන්නේ අපේ රටේ පාලනය සඳහා අලුත් කණ්ඩායමක් පත් කරනවාද එසේත් නැතිනම් මේ ආණ්ඩුවම දිගටම තියා ගන්නවාද කියන කාරණය තීරණය කරන්නට අවස්ථාවක් මීළඟ අලුත් අවුරුද්දට කලින් උදාවෙන බවයි.

මේ ආණ්ඩුවේ ප්‍රධානීන් 2015 පසුව කවදාවත් නියමිත ඡන්දයක් නියමිත දිනයට පැවැත්වූයේ නැති නිසා මීළඟ බක්මහට පෙර මහ ඡන්දයක් හෝ ජනාධිපතිවරණයක් පැවැත්වෙනු ඇතැයි කියද්දී සමහරුන් තවමත් ඒ දෙස බලන්නේ සැකයකින්ය. බරපතළ විචිකිච්ඡාවකින්ය.

Friday, April 12, 2019

වගකීම් දැනීම හීනවීම

මෙවර සටහනින් සාකච්ජා කරන්නට බලාපොරොත්තු වන්නේ අපේ රටේ දේශපාලනය වර්තමානයේ මුහුණදෙන බරපතළ කාරණයක් පිළිබඳව වන ජනතාවට වගවන මන්ත්‍රීවරයකු නිර්මාණය කර ගැනීමේ අභියෝගය පිළිබඳවය. වෙනත් ලෙසකින් පවසතොත් උත්සාහ කරන්නේ ‘නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය’ (Representative Democracy) ලෙසින් හඳුන්වන අපේ රටේ පාර්ලිමේන්තු ක්‍රමය වර්තමානයේ මුහුණ දෙන බරපතළ අර්බුදයක් පිළිබඳව සාකච්ජා කරන්නටය. මෙහිදී අපගේ අවධානයට ලක්විය යුතු කරුණු කීපයක්ම තිබුණත් ඒවා කථා කරන්නට පෙර මේ ක්‍රමය අද මුහුණ දෙන අර්බුදයේ තත්ත්වය පෙන්නුම් කරන සිදුවීමක් දෙකක් අපගේ මතකයට ගැනීම ඉතාමත් වැදගත්ය. 

මාගේ අවධානයට ලක් වූ එක් සිද්ධියක් වන්නේ මේ දවස්වල ෆේස් බුක් සමාජ මාධ්‍යයේ බරපතළ ලෙස ප්‍රචාරණය වූ මහනුවර දේශපාලනඥයකු හා ස්වාමීන් වහන්සේ නමක් අතර වූ දුරකතන සංවාදය පිළිබඳවය. සමාජ මාධ්‍යවල ඉතාමත් වේගයකින් ප්‍රචාරණය වූ එම ප්‍රවෘත්තිය වූයේ මහා මාර්ග සංවර්ධනය පිළිබඳව වූ ගැටලුවක් මුල්කර ගනිමින් මහනුවර දිස්ත්‍රික්කයේ සිදුකරන ලද උද්ඝෝෂණයක් අතර තුර එම උද්ඝෝෂණයේ මූලිකත්වයක් ගෙන සිටි ස්වාමීන් වහන්සේ නමක් අදාළ දේශපාලන ප්‍රධානියාට දුරකථනයෙන් කථා කරන අවස්ථාවක්ය. ඒ උද්ඝෝෂණ භූමියේ සිටින අතරම තමන්ගේ උද්ඝෝෂණයට හේතු වූ කාරණය දේශපාලකයාට (ඊට සම්බන්ධ ඇමැතිවරයාට) කියන්නට දුරකථන පණිවිඩයක් ලබාදෙන ස්වාමීන් වහන්සේට ඇමැතිවරයා අමතන්නේ ‘පර බල්ලා’ වැනි ඉතාමත් පහත් භාෂා ව්‍යවහාරයකින්ය. පසුව ඒ ඇමැතිවරයාගේ අත්සනින්ම නිකුත් වූ නිවේදනයකින් ඔහු කියා සිටියේ තමන් එසේ ‘බලූ‘ ආමන්ත්‍රණයෙන් ඇමතුවේ දුරකතනයේ එහා කොනේ සිටින්නේ ස්වාමීන් වහන්සේ නමක් බව නොදැන බවත් තමන් සිතා සිටියේ උද්ඝෝෂණයේ සිටින ඡන්දදායකයකු විසින් තමාට දුරකතනයෙන් අමතන බවත් යැයි කියාය. ඇමැතිවරයාගේ පළමු ප්‍රකාශය මෙන්ම මේ නිල වශයෙන්ම නිකුත් කළ දෙවන ප්‍රකාශයෙන් ද පෙන්නුම් කරන්නේ මේ රටේ වර්තමාන දේශපාලනයේ යෙදී සිටින ‘මහජන නියෝජිතයා’ තමන් විසින් නියෝජනය කරන ප්‍රධාන ජනප්‍රවාහය පිළිබඳව සිතා සිටින මට්ටමේ ස්වභාවයේ තරමය. අනෙක් අතට ඔහු සමාජයට නොකියා කියන්නේ එක්කෝ තමන් නියෝජනය කරන්නේ මහජනයා නොව වෙනත් සතුන් සමූහයක් යැයි කියාය එසේත් නැතිනම් ඔහු කියන්නේ මහජනතාව යනු තමන් පාර්ලිමේන්තුවට පත් කර එවන කල් පමණක් සිටින කණ්ඩායමක් බවත් ඊට පසු ඔවුන් අයත් වන්නේ සතුන්ගේ කුලයට කියාය.

Saturday, April 6, 2019

Presidential commissions set up for political reasons

Senior lecturer at the Department of Philosophy at the University of Peradeniya Dr. Charitha Herath, while commending the role played by parliamentary watchdog committees such as the Committee on Public Enterprises (COPE), charged that presidential commissions have been appointed solely for political reasons.
Below are excerpts of his interview with The Sunday Morning:

Have the number of presidential commissions appointed in the recent past served any real purpose?

These parliamentary standing committees are a continuous exercise throughout our country’s democratic history. I think they are making good progress, but these presidential commissions with specialised focuses are appointed with political aspirations – whoever it’s been.

For example, the committee appointed to look at the late Sirimavo Bandaranaike’s political rights and similar commissions have been appointed for political purposes. The same thing happened when the new Government came into power in 2015 on a campaign of allegations against the former Government on various issues of corruption. They had to go and appoint presidential commissions to try and prove their allegations and fulfil their rhetoric. I think all these commissions have submitted various reports but no real progress has been made on their findings.

The Presidential Commission on the Central Bank Bond Scam, which was also appointed for political reasons, was also futile, because I don’t see how a commission appointed by the Government would really question the Prime Minister of that very same Government and prove his involvement in the scam. This is part of the political game played in this country. Any future government will also appoint more commissions and it will continue as it has so far.