Friday, April 29, 2016

චීන පටස් ආර්ථිකය

චීන පටස් ආර්ථිකය

මේ රජයේ ආර්ථික ප‍්‍රතිපත්තිය ගැන විවිධ කථා මේ දිනවල හැම තැනකම පාහේ අහන්නට සහ  දකින්නට ලැබෙයි. මේ කථා අතර ප‍්‍රධානත්වය ගන්නේ ආණ්ඩුව මුලදි චීනයට බැන බැන සිට පසුව චීනයේම සරන පැතීම ගැන ඉදිරිපත් වන අවඥ සහගත විවේචනයන්ය. පෝට් සිටි ව්‍යාපෘතිය ගැන මුලදි බරපතල කථා කීවාට අන්තිමේදි නවතින්නට වුනේම චීන මහා ප‍්‍රාකාරය ලග යැයි ඒකාබද්ධ විපක්ෂයෙන් මතුවන විවේචනයට එතරම් ශක්තිමත් පිළිතුරක් රජයට නොමැතිවීම තේරුම් ගත හැකිය. එසේ වුනත් චීනයෙන් ආර්ථික ආධාර ගැනීම ගැන රජයට එක මතයක් නොමැති බව පෙනෙන්නට තිබීම තරමක් ගැටලූ සහගතය. අනෙක් අතින් අමාරුවෙන් චීනයෙන් යම් ආධාර මුදලක් හොයාගත්ත බව දැන දැනම ඒ ගැන වැඩි තැකීමක් නොමැතිව චීනයේ  ඕනකමට අපිට ආධාර කළා වගේ ගතියකින් ඇමතිවරුන් කථා කිරීම හරිම විහිලූ සහගතය. රටේ ආර්ථිකය සම්බන්ධව ගන්නා තීරනවලදි ලැජජා සහගතවීමෙන් එතරම් ප‍්‍රයෝජනයක් නොමැති වනවා පමනක් නොව සමහර විටක එවැනි පිළිවෙතක් නිසා රටට අතීශයෙන් ම භයානක ප‍්‍රතිඵල  උද කිරීමටද ඉඩ තිබේ.  ජෙ. ආර්. ජයවර්ධන මහතාගෙන් ඉගෙනගත යුතු වැදගත් පාඩමක් විය යුත්තේ ආර්ථිය සම්බන්ධ තීරනවලදි තමා නිවැරිදි යැයි සිතෙන තීරණ පැහැදිලිව  ගැනීම පමනක් නොව ගත් තීරණය තුළ කිසි විචිකිච්ජාවක් නොමැතිව පෙනී සිටීමත්ය. ගුනදස අමරසේකර මහතාගේ නවකථාවල දැක්වෙන වචනයකින් කීවොත් කළ යුත්තේ ඇවැත් සිතකින් තොරව (වරදක් කළා යැයි නොසිතෙන පරිදි තමා ගත් තීරණය වෙනුවෙන් පෙනී සිටීමය. මේ අතින් මේ ආණඩුව හැසිරෙන්නේ ඉතාමත් අපැහැදිලි ආකාරයටය. ඇමතිවරු කියන්නනේ අගමැතිවරයා කියන දේට පටහැනි දේවල්ය. ආන්ඩුවේ සිටින ශ‍්‍රීලනීප ඇමතිවරු කියන්නනේ ඒ සියල්ලටම වඩා වෙනස් දේවල්ය. ජනාධිපතිතුමන් පසුගිය දිනක ඉගි කළේ මේ කිසිවක් එතුමන් සමග සාකච්ජා නොකරන බවයx මේ තත්වය ඉදිරි වසර කීපයේම පැවතුනහොත් රටේ ආර්ථික පිළිවෙත් රාශියක් එක විට අත්හද බලන මැලේ අච්චාරුවක් බවට ආර්ථික පත් වීමේ බරපතල අවධානමක් තිබේ.

පසුගිය ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මතු වූ එක් ප‍්‍රධාන කාරණයක් වූයේ රටේ මුදල් අයථා අයුරින් තම තමාගේ අවශ්‍යතාවන් සදහා පාවිච්චි කරන බවය. රටේ සම්පත් වටේ සිටින අය අතර බෙද දෙන බවය. ඒ නිසා එජාපය ඇතුලූ අය කල්පනා කළේ (කල්පනා කරන බව පෙනී ගියේ) රටේ මුදල් නම්  ඕනෑතරම් තිබෙන බවත් ප‍්‍රශ්නය තියෙන්නේ ඒවා හරියට බෙදන්නේ නැති බවත් වගේ හැගීමකි. මෙය හරියට එළදෙනගේ කිරි  ඕනෑ තරම් තිබෙන නමුත් කිරි දෙවන්නා ඔක්කොම කිරි ටික තමන්ගේ පවුළේ අය අතර බෙදගන්නා බවත් අලූතින් කවුරු හෝ පැමින මේ කිරි ටික සාධාරනව  බෙදිය යුතුය වගේ හැගීමකි. දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරු හිතන්නේ එළදෙනට  ඕනෑ තරම් කිරි තිබෙන බැවින් රනිල් වික‍්‍රමසිංහ මහතා කළ යුත්තේ කිරි ටික හැමෝටම හරියට සාධාරනව බෙදිම කියාය. එහෙත් බෙදන්නට කිරි නැති බව දන්නේ කිරි දෙවන්නා පමනි. එළදෙනට කෑම නැති බව දන්නේ කිරි දෙවන්නා පමනි. අගමැතිතුමා චීනයට යනවා ඇත්තේ  මේ නිසාය. කිරි ගන්න ආපු අය නොදන්නා අගමැතිතුමා පමණක් දන්නා කාරණය මෙයය. දැන් මේ තත්වය අවබෝධ කර ගැනීමට අනෙක් අයට බැරි වන්නේ බරපතල දේශපාලන න්‍යායික ගැටලූවක් නිසාය.

නුතන කුමාරයා ලෙසින් මා මේ තීරු ලිපිය නම් කළේම මතුපිටින් පේන දේවල්වපට  යටින් තිබෙන දේශපාලන න්‍යායික කාරණා සාකච්ජා කිරීම අද දවසේ දේශපාලනය කිරීම පැත්තෙන් අත්‍යාවශ්‍ය තත්වයක් නිසාය. 

රටේ ආර්ථිකයේ මේ තත්වය ආණඩුවේ ඇමතිවරුන්ට හරියට නොතේරෙන්නේ මේ අය පසුගිය මැතිවරණ දෙකෙහි ඉදිරිපත් කළ අලංකාරික දේශපාලනය (Political Retoric) මැතිවරනයෙන් පසුවත් යථාර්ථ දේශපාලන (Real politic) ලෙසින් පවත්වා ගෙන යාම නිසාය. දේශපාලන අලංකාරිකයන් යනු දේශපාලන කථා විශ්වය තුළ ගොඩ නගන නිර්මාණයන්ය.  මෙම නිර්මාණයන් දේශපාලන සංදර්භයන් තුළ ගොඩ නැගෙන අතර මේවා විවාදයේ කරුණු ලෙසින් පවතින ඒවා මිසක සත්‍ය වශයෙන්ම තියෙන ඒවා නොවන බව මුළික වශයෙන්ම පිළිගත යුතු කාරණයකි. මෙවැනි අලංකාරිකයන් බොරු බවට පත්වන්නේ හෝ සත්‍ය ලෙසින් ජනතාව පිළිගන්නේ ඒ ඒ ආණ්ඩුවලට තිබෙන මතවාදි ආධිපතය්‍යයේ තරම අනුවය. සමහර සංදර්භයන් තුළ ආණ්ඩුවට ශක්තිමත් මතවාදි ආධිපත්‍යයක් පවතින විට සත්‍යයන් ලෙසින් පිළිගැනවිය නොහැති අලංකාරිකයන් සමාජයෙන් ඉවත්වී ආණ්ඩුවේ පැවැත්මට හානියක් නොවන ආකාරයෙන් ඉවතට විසිවී යයි. ඒත් සමහර සංදර්භයන්හිදි ආණ්ඩුවල මතවාදි ආධිපත්‍යය දුර්වල වී තිබෙන අවස්ථාවලදි මෙවැනි අලංකාරිකයන් සත්‍යයන් ලෙසින් මතුවී ආණ්ඩු කඩා වැටෙන අවස්ථාවන් තිබේ. එහෙත් එසේ අලංකාරිකයන් යොද ගනිමින් ආණ්ඩු වෙනස් කර ගැනීමෙන් පසුවත් තමන්ම හැදු අලංකාරිකය සත්‍යය යැයි රුවටී එයට අනුව කටයුතු කරන්නට යාම නම් මහා මෝඩ කමක්ය. අද සිදුවෙමින් පවතින්නේ ඒ ආකාරයේ දෙයක්ය.  දැන් මේ තත්වය ලංකාවේ දේශපාලනයෙන්ම උදහරණ දක්වමින් පෙන්වා දිය හැකිය. 1994 මහ මැතිවරණට පෙර පේ‍්‍රමදස මහතා සිටින කාලයේ විපක්ෂයෙන් හැදු දේශපාලන අලංකාරිකයක් වූයේ පේ‍්‍රමදස ජනාධිපතිතුමන් කන්‍යාවියන් හත්දෙනෙකු ලවා කිරිකළ හතක් නාවා ගත් බවය. මෙය එකළ මතවාදි ආධිපත්‍යය කඩා වැටෙමින් තිබු එජප රජය වැට්ටවීමට ඉතාමත් සේවයක් කළ අසත්‍ය දේශපාලන අලංකාරිකයක් විය. 1994 රාජ්‍ය බලය ලබාගත් පොදු පෙරමුණු රජය පසුව  මෙම අලංකාරිය විශ්වාස කරමින් කිරි කල සොයන්නට හෝ කන්‍යාවියන් සොයන්නට ගියේ නැත. මෙම දේශපාලන අලංකාරිකය එහෙමම තිබියදි ආණ්ඩුව වැඩ කළේ පැවති දේශපාලන යථාර්ථයන් සමගිනිx පසුගිය මැතිවරණයේදි පැවති රජයට  විරුද්ධව එජපය යොදගත් ලැම්බුගිනි අලංකාරියත් හරියට මේ වගේය. ලැම්බුගිනි යනු දේශපාලන අලංකාරිකයක් මිස ඇත්ත යමක් නොවන බව අවබෝධ කර නොගෙන ඒවා සෙවීම යථාරථවත් දේශපාලනයෙන් පිටත යාමක් වන්නේ එනිසාය. මේ රජයේ සමහරුන් තවමත් ලැම්බුගිනී සොයන්නට උත්සාහ ගැනීම හරියට සමාන  වෙන්නේ 94 ජයග‍්‍රහනයෙන් පසුව කිරි කල සෙවීමට හෝ කන්‍යාවියන් සෙවීමට උත්සාහ දැරීම වැනි දේකටය.  

දැන් චීනයට  ඕන නිසා අපිට ය දෙනවා වැනි විහිලූ කථා ඇසෙන්නේ යථාර්ථය සහ අලංකාකය අතර තිබෙන වෙනස ආණ්ඩුවේ සමහරුන් නොදන්නා නිසාය.  චීන විරෝධය යනු  පසුගිය මැතිවරණ දෙකේදි ම මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව යොදගත් අලංකාරිකයක් මිස ඇත්ත යමක් නොවන බව ආණ්ඩුවේ ඇමතිවරුන් තේරුම් නොගන්නා නිසාය. 

අපි කැමතිවුවත් අකමැති වුවත් ලෝකයේ ආර්ථිකය ගැන සැළකිලිමත් වීමේදි චීනයේ ශක්තිය  නොසලකා හැරීමට කාටවත් මේ සන්දර්භයේ නොහැකිය. ඇමරිකාව හෝ යුරෝපය ආණ්ඩු වෙනස් කරන උපදෙස් දුන්නාට සල්ලි දිමට තරම් හැකියාවක් මේ සන්දර්භයේදි නැත. ඒ නිසා අපේ ආර්ථිකයේ චීනයේ මැදිහත්වීම ගැන අලංකාරිකයන්ගෙන් මිදි වැඩකිරීමේ කාලය පැමිණ ඇති බව තේරුම් ගැනීම රට පැත්තෙන් ඉතාමත් වැදගත්ය. 

Thursday, April 21, 2016

ඩී බී නිහාල්සිංහ

ඩී බී නිහාල්සිංහ

ඩී බී නිහාල්සිංහ මහතාගේ හදිසි මරණය ගැන ඉතාමත් කනගාටුදායක ආරංචිය ලැබීමත් සමග ඔහු පිළිබදව මගේ රාජකාරී කාලයේ මතක සටහනක් තැබීමට සිතුණා. අපේ සිනමා ක්ෂේත‍්‍රයේ දැනුමක් සහ පුහුණුවක් යන දෙකම එක වගේ තිබූ සිනමා කරුවන් අතර ඔහුට හිමිවන්නේ ඉතාමත් මුල් තැකන්. අවස්ථාවන් කීපයකදීම මට නිහාල්සිංහයන් සමග වැඩ කරන්නට ලැබුණා. එකක් වන්නේ රජෙයේ නව වැඩ පිළිවෙළක් ලෙසින් රන්මිණිතැන්න සිනමා ගම්මානය නිර්මාණය කිරීමෙ කටයුත්තේදී. මෙම කාර්යය ගැන මුළ සිටම නිහාල්සිංයන්ට තිබුනේ යම් විවේචනාත්මක සහයෝගයක්. ඔහු අදහස් කළේ ඈත තිස්සමහාරාමයේ මෙ වැඩේ කරන එක එතරම් ප‍්‍රයෝජනයක් නැතිවිය හැකි බවයි. මෙම විවෙචනයේ යම් කිසි සත්‍යයක් තිබෙන බව අපි අත්දැකීමෙන් අද දන්නවා. ඒත් මේ රටේ සිනමාවට 1970 රජයෙන් පසුව සැළකිය යුතු සේවයක් සිදුවී නොමැති තත්වයක මේ කරන වැඩේ කුඩා හෝ සහායක් සිදුවිය හැකියැයි ඔහු කල්පනා කළ බව මගේ හැගීමයි.

දෙවනුව ඔහු සමග වැඩ කරන්නට වූ චිත‍්‍රපට සංස්ථා පනත සංශෝධනය සම්බන්ධ කාරනයේදී. මෙ සම්බන්ධව හරියටම නිවැරිදි මතයක ඔහු සිටි බව මගේ අදහසයි. ලංකාවේ සිනමා ශාලා ඩිජිටෙල් කරණය කරන්නට නම් පනතට අලුතින් සංශෝධනයක් එක් කර අපි රටක් විදියට පිළිගන්ගා තාක්ෂණ පරාමිතිය කුමක්දැයි ඇතුලු කළ යුතුව තිබෙනවා. දැනට පනතේ චිත‍්‍රපටයක් යනුවෙන් කිර්වචනය කර තිබෙන්නේ 35 ම්ලී මීටර් (35mm) සැලෝලයිට් පටය ලෙසින්. මේ සදහා ඩිජිටෙල් පරමිතිය වශයෙන් 2K තාක්ෂනික පිරිවිතය පනත තුලට සංශෝධනයක් හරහා එක් කළ යුතුව තිබෙනවා. ඒත් මේ වැඩේ අපි හිතන තරම් පහසු නැහැ. එක පැත්තකින් නීතිපති දෙපාරතමේන්තුවේ පුමාදයන්. අනෙක් පැත්තෙන් අපේ රටේ සිනමා ක්ෂේත‍්‍රයේ අය අතර එකගතාවක් හදාගැනීමට ඇති අපහසුව. අනෙක් අතට ලංකාවේ සිනමා ශාලාවන් අයිති අයගේ ගැටලු. ඒ වගේම බෙදාහැරීමේ මණ්ඩල තනිකරම කීපදෙනෙකුගේ ඒකාකාධිකාරයක්ව තිබීම. මේ සියලු කාරණා නිසා මේ අත්‍යාවශ්‍ය නිති සංශෝධනය කර ගැනීමට නොහැකිව රුසිවීම් ගානේ යන්නට අපට සිදුවුනා. මේ කාරණයේදී නිහාලසිංහ මහතා සුවිශේෂ කැපවීමකින් තමන්ගේ ශ‍්‍රමයත් බුද්ධියත් ඒ සදහා යොමු කළා.

තුන්වෙනුව එතුමා සමග වැඩ කරන්න වුණු කාරණය ලංකාවේ රූපවාහිනි ඩිජිටෙල්කරණය සදහා පිරිවිතරයන් හැදීමේ කටයුත්තයි මේ කාරණයේදී. මුලදී අපේ රටේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අය අතර එකගතාවය තිබුනේ යුරෝපියානු ක‍්‍රමය වන DVBT-2 තාක්ෂනයයි. ඒ සදහා විශේෂයේන් හදපු කමිටුවේ සභාපති වුනෙත් නිහාල්සිංහ මහතායි. ඒත් මේ යුරොපියානු තාක්ෂණය සදහා මුල්‍ය ප‍්‍රතිපාදනයන් ප‍්‍රශ්නයක් වුන අවස්ථාවේ ජපානයේ තාක්ෂන ක‍්‍රමවේදය වන ISDB-T සාකච්ජාවන් සදහා එතුමන්ගේ අහස් විමසන්නටත් අපිට හැකි වුනා.(මේ ප‍්‍රශ්නය තවමත් විසදී නොමැති නිසා ඒ ගැන වැඩි විස්තර ලියන එක සුදුසු නැහැ කියායි මම හිතන්නේ).
ගේ රාජකාරී කාලයේ ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ වැඩ වලදී නිහාල්සිංහයන්ගේ තාක්ෂනික දැනුම රට වෙනුවෙන් ලබා දුන බව මේ මෙහොතේ සදහන් කරන්නේ ලංකාවේ සිනමාවට දක්ෂතාවය වගේම දැනුමත් එක් කළ යුතු යැයි හොදින්ම පෙන්වා දෙන්නට එතුමන්ගේ කැපවීම සාක්ෂියක් වන නිසායි.

Tuesday, April 5, 2016

මං(තී‍්‍ර) විතරක් ඇති....?

මං(තී‍්‍ර) විතරක් ඇති....?

ලංකාවේ දේශපාලන සස්කෘතියට අදලව සැළකීමේදි ඉතාමත් වැදගත් භූමිකාවක් ගන්නා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ කාර්යභාරය ගැන ලියන රචනයකින් ම මෙම තීරු ලිපිය ආරම්භ කිරීමට අදහස් කළේ විශේෂ හේතුවක් නිසාය. රටේ විධායකය එක් පැත්තකිනුත් ජනතාව අනෙක් පැත්තෙනුත් තබා සළකා බැලීමේ දි හරියටම මැදට ගත හැක්කේ ව්‍යවස්ථාදයකයා හෙවත් මන්ත‍්‍රීවරයායි. නිදහසින් පසු අපේ රටේ ප‍්‍රතිපත්ති සැළසුම් කිරීම සහ ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීම් ක්ෂේත‍්‍රයේත් නීති නිර්මාණය කිරීමේත් ප‍්‍රධානතම තීරක බලවේගය වූයේත් ඔහුය. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සමප‍්‍රධායේම දිගුවක් ලෙසින් ආරම්භ වූ අපේ පාර්ලිමේන්තුවේ මේ මන්ත‍්‍රී පිළිබද කාරණයේ අපි වැදගත්කම දෙන්නේ තෝරන මන්ත‍්‍රීවරයා කවුද යන්න මිස ඔහුගේ කාර්යභාරය කුමක්ද යන්න නොවේx සරලවම කීවෝතින් මන්ත‍්‍රීවරයාට ව්‍යවසථාදයකයා කියන්නේ ඔහු ව්‍යවස්ථාව නිර්මාණය කිරීම නිසා බවත් එම ව්‍යවස්ථාවට අනුකූලව නීති සෑදිමෙ සදහා මහජනතාවගේ නියෝජතයා නිසා බවත් බොහෝ මන්ත‍්‍රීවරුන්වත් දන්නේ නැති ගානය. ඇත්තටම අපේ රටේ ව්‍යවස්ථාදයක සභාවේ ඇති වැදගත්කම ගැන ඒ සභාවේ සභිකයින්ටවත් එතරම් වැටහීමත් නොමැති වීම පටන් ගත්තේ 1977 ව්‍යවස්ථාවෙන් තෝරා ගත් මනාප මන්ත‍්‍රීවරුන්ගේ ආගමනයත් සමගය.

මෙම තීරු ලිපියේ ඉදිරි සතිවල ලියන්නට බලාපෙරොත්තු වන්නේ එක් අතකින් මන්ත‍්‍රීවරුන් සමග ජනතාව ගොඩනගා ගන්නා සමාජ සම්මුතියට අදළ කළාපයක දේශපාලනය වන බැවින් මන්ත‍්‍රීවරයා ගැන මුළින්ම කථා කරමින් සාකච්ජාව ආරම්භ කිරීම වඩාත්  සුදුසු ය. 

අනෙක් අතට පසුගිය ජනාධිපතිවරණයේදි සාකච්ජා වූ ප‍්‍රධාන මාතෘකාවක් වන විධායක ජනාධිපතිධුරය වෙනස් කිරීම සම්බන්ධයෙන් ගත්විට ද අපට හමුවන ගැටලූවක් වන්නේ වීධායකත්වයෙන් ඉවත් වන්නට සුදුසු ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගන්නේ කෙසේද යන්නයි. පාර්ලිමේන්තුව ගැන රටේ බරපතළ සාකච්ජාවක් කිරීම හරහා ශක්තිමත් සහ බුද්ධිමත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ කණ්ඩායමක් හද ගන්නේ නැතිව විධායක ජනාධිපතිධුරය වෙනස් කිරීමට ඉක්මන් නොවිය යුතුය යන්න එහි අනෙක් පැත්තයි.  

මෙරට පාර්ලිමේන්තුව ආරම්භයේදිම එය ආයතනයක් ලෙසින් ගුරු කොට ගත්තේ බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේනතුව වන අතර එහි දි මුලික වශයෙන්ම උපකල්පනය කරනු ලැබුයේ රාජ්‍යය පාලනය අයිති වන්නේ එම රාජයයට අයත් ජනතාවට බවයි. ජනතාවට තමන් සම්බන්ධ තීරණයන් තමන්ටම ගැනීමේ ඉඩ නිර්මාණය කිරීම මෙහි අපේක්ෂිත අරමුණ විය. සරලව කීවහොත් මෙය හරියට මරණාධාර සමිතියක තීරණ ගැනීම වගේය. එහිදි සිදුවන්නේ එම මරණාධාර සමිතියට අයත් සියලූ දෙනා එක තැනකට එක්වී හැමොගේම කැමැත්තෙන් තීරණ ගැනීමය. එවිට තමන් අකමැති තීරණයක් වෙතොත් එයට විරුද්ධවීමටත් එහිදි හැකියාව තිබීම මෙහි දි වැදගත් කාරණයකි. එහෙත් රාජ්‍යයක දි මරණාධාර සමිතියකදි මෙන් සියලූ සාමාජකයින් එක තැනක එකට හිදුවා අත උස්සා තීරණ ගත නෙහැකිය. ඒ නිසා එයට විකල්ප වශයෙන් යොද ගත් ක‍්‍රමය වන්නේ රටේ හැමෝම එක තැනකට එක්වන්නේ නැතිව රුටේ හැමෝගේම නියෝජතයෙකු තෝරා එම නියොජතයින් ටික එක තැනකට එකතු වී තීරණ ගැනීමය. දැන් ලංකාවේ මේ නියෝජතයින් ගේ ගණන 225 වෙන අතර අනෙක් සියල්ලෝම වෙනුවෙන් මේ 225 දෙනා වෙත භාර දෙන ලද විශේෂ වගකීමක් තිබේ. මේ විශේෂ වගකීම නීතියක් වශයෙන් ඉදිරිපත් වන්නේ රටේ ව්‍යවස්ථාව තුළින්ය.  ඒ අනුව ව්‍යවස්ථාදයක සභාවේ මන්තී‍්‍රවරුන් යනු ඒ අයගේ හොද නිසා කරන සමාජ සේවයක් නොව රාජ්‍යය පවත්වා ගෙන යාමේ වගකීමක් සහිත භාරධුර රුකියාවකි. එම වගකීම  දරන්නට සුදනමක් සහ සුªසුකමක් තිබීම අනිවාර්ය වන අතර එම වගකීමේ ස්වභාවය අනුවම අධ්‍යනය කිරීම සහ සාකච්ජාව සදහා යම් දැනුමකින් මදිහත්වීමේ හැකියාව  අත්‍යාවශය සාධකයක් වශයෙන් පිළිගැනෙන්නේය.

මේ ආකාරයේ වගකීම් සහගත නියෝජත මන්ත‍්‍රීධූරයට තෝරා පත්කර ගන්නා ආකාරය පිළිබදව සහ තේරී පත්වන නියෝජතයිනගේ ස්වභාවය ගැනත් කථා කරන්නට මෙරට ජනතාවට විශේෂයෙන් සිදු වූයේ 1978 නව ව්‍යවස්ථාව යටතේ මනාප ජන්දයෙන් තෝරා පත්කර ගන්නා මන්ත‍්‍රීවරුන් ගේ සම්ප‍්‍රාප්තියත් සමගය.  

මේ වන වි අපේ රටේ මන්ත‍්‍රී ධුරය මැනුවල් එක නැතිවූ විද්‍යුත් උපකරණයක් ගානට පත් වී ඇත. මන්තී‍්‍රවරුන් වශයෙන් පත්වන බොහෝ අය එයින් කරන්නේ කුමක්දැ යි දන්නේ නැත. 
තමන් පත්වූ දිනයේ සිටම ඔවුන් උත්සාහ ගන්නේ ජනතාවත් තමාත් අතර පවතින සමාජ සම්මුතිය තඹ සතේකට මායිම් නොකරණ තත්වයකින් ඉන්නටයx  පාක්ෂිකයින්ට බැණ වැදිමේ සිට ඔවුන්ට සියලූ අපහාස සිªකරන්නේ තමා ඒ අයගේ නියෝජතයා ලෙස සිතා නොව ජනතාව තමන්ගේ නියෝජතයින් ලෙස සිතාගෙනය. 

අනෙක් අතට බොහෝ මන්ත‍්‍රීවරු ඉන්නා බව පෙනෙන්නේ  ඔවුන් පමණක් සිටියාම ඇති වැනි ආකල්පයකය. මේ තත්වය ආණ්ඩුවටත් විපක්ෂයටත් එක වගේ පොදුය. රටේ ප‍්‍රතිපත්ති හා රෙගුලාසි සම්බන්ධ තීරණයන් ගැනීමේ දි ඔවුන් අහන්නේ තමන්ගේ පක්ෂයේ ඉහල අයගේ අදහස් මිස පාක්ෂිකයින්ගේ හෝ පක්ෂයේ බුද්ධි මණ්ඩලවල අදහස් නොවේ. පක්ෂයෙන් අනෙක් පැත්තට පනින්නට තීරණය කරන විට විමසන්නේ තමන්ගේ බිරිද හා දුදරුවන් වැනි සහලේ නෑයන්ගෙන් පම◊නිx මන්ත‍්‍රීකම යනුම (හරක බාන යාන වාහන වැනි) තම පවුලේ දෙයක් බවට සිතන්නට ඔවුන් පටන් ගන්නා අතර ඔවුන්ගේ බිරින්දැවරු මුල සිටම සිතන්නේ සැමියාගෙන් පසු මේ පවුලේ දෙය තමන්ගේ දුවට හෝ පුතාට අරන් දෙන්නේ කෙසේද කියාය. සංවිධිත තාර්කික ව්‍යවස්ථාදයකයෙකු නිර්මාණය කිරීම වෙනුවෙන් 1948 සොල්බරිසාමි හෝ ජෙනිෂ් වැනි අය පූර්වකතය කළ මන්ත‍්‍රීවරයා දියවන්නාවටවත් පැන්නා දැයි සිතෙන තරමට මේ තත්වය දරුණුය. මේ වන විට  මන්ත‍්‍රී තනතුර  යනු  මැනුවල් එක නැතිවූ විªළි උපකරණයක් වැනි යැයි මා කීවේ එහෙයිනි. යන්ත‍්‍රය කි‍්‍රයාත්මක කරන හැටි ගෙදර කවුරුවත් දන්නේ නැත. බිරිද කැමති පරිදි තම තම නැණ පමණ සවි කරගත් පවුලේ උපකරණයක් බවට  මන්ත‍්‍රීධුරය බරපතළ වේගයෙන් පත් වෙමින් තිබේ.

දැන් මේ තත්වයෙන් අපි ගොඩ යන්නේ කෙසේදැයි සාකච්ජා කිරීමේ ව්‍යවස්ථාව නිර්මාණයට සූදනම් වන මේ යුගයේ විශේෂ අවධානයකට ගත යුතුය. මෙහිදි කිවයුතුම කාරනයක් වන්නේ මේ කාණ්ඩයට නොවැටෙන විශිෂ්ධ ගනයේ ප‍්‍රතිපත්ති සම්පාදකයෙකු තමන් තුළින් ගොඩ නගා ගන්නට උත්සාහ ගන්නා සුලූතරයක්ද මේ මනත‍්‍රී කණ්ඩායම තුළ සිටින බවය. රමේෂ් උදය සේමසිංහ පරණවිතාන හර්ෂ සහ හර්ෂන වැනි අය මෙහිදි විශේසයෙන් සැළකිය හැකිය. මේ තරුණ මන්තී‍්‍රවරු තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට පක්ෂ භේදයෙන් තොරව සංවිධානය විය යුතුයx අරගල කළ යුතුය. 

හරවත් යමක් කථා කරණ මන්ත‍්‍රීවරයෙකුල පොතක් කියවන මන්ත‍්‍රීවරයෙකු දකින්නට තමාව නියොජතයා බවට පත් කර ගත් සමාජය අපේක්ෂා කරන බවවත් ගෙදරින් නොඅහා පිළි ගැනීමට අපේ මන්ත‍්‍රීවරු නිහතමානී විය යුතුය. 

අද යුගයේ මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රධාන නමට අමතරව හදුන්වා දිමේ අරුම පුදුම නම් සහිත කන්ඩායමක් බවට පත්වී තිබීම මේ වන විට ඉතාමත් ප‍්‍රසිද්ධය. මීට ඉහත කාලයේ ජෙ. ආර්. ටියැංකි ඩිකී’ කීවේ හෝ ආර්. ජ. ටිචීන ඩිකී’ කීවේ අද කාලයේ අයට 'සර්පයා’ හෝ 'චොකා’ කියන අර්ථයෙන් නොව ඒ නායකයින් පිළිගත් ප‍්‍රතිපත්ති හේතුවෙන්ය. නමුත් අද සමාජයේ පහලම තට්ටුවේ (ආර්ථික තත්වය මත නොව) සමාජ විරෝධී අයට ව්‍යවස්ථා සම්පාදනය ගැන කිසිදු උනන්දුවකින් තොරව ව්‍යවස්ථා සම්පාදකයෙකු බවට පත්වී තිබීම ව්‍යවස්ථාවෙන්ම වෙනස් කිරීමට මේ නව ව්‍යවස්ථා ක‍්‍රියාවලිය තුළ උනන්දුවීම රටට ඉතාමත් යහපත්ය. 

මගේ මිත‍්‍රයෙකු මා සමග කළ රූපවාහිනී වැඩසටහනකදි කීවේ ඔහු ගේ පැත්තේ සිටින සමාජ විරෝධී අයෙකු ප‍්‍රාදේශීය පළාත් පාලන ආයතනයකට ජන්ද ඉල්ලූ බවත් ඔහුගේ 'පෝස්ටරයේ ටැංකිය ගාව උක්කුංට ජන්දය දෙන්න’ කියා තිබූ බවත්ය. අවසාන වශයෙන් කිව හැක්කේ මේ තත්වය මෙසේ ගියහොත් ටැංකිය ගාව උක්කුං පාර්ලිමේන්තුවට එන දවස වැඩි ඈතක නොවනු ඇත.