මේ ආණ්ඩුව පත්වුනේ 2015 අගෝස්තුවේ යැයි සැළකීම තාර්තිකව නිවැරැදි වූවාට දේශපාලන වශයෙන් නිවැරැදි යැයි මා සිතන්නේ නැත. මේ අය ආණ්ඩුවේ ‘හොද වැඩ’ ලෙසින් ලැයිස්තු ගතකර, දැන්වීම් ලෙසින් පුවත් පත්වල දමද්දී 19 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් තමන්ගේ ආණ්ඩුවේ ජයග‍්‍රහණයක් යැයි හුවා දක්වන නමුත්, තමන්ගේ ආණ්ඩුවේ කාලය ගනිද්දී ඒ සංශෝධනය සිදුවුනේ 2015 අගෝස්තුවලට කලියෙන් බව ඕනෑකමින් ම අමතක කරන්නට උත්සාහ ගන්නා බව ද, පෙනෙන්නට තිබෙන කාරණයකි. මේ පුවත් පත් දැන්වීම්වල තිබෙන ‘ජයග‍්‍රහණ’ ලැයිස්තු මේ ආණ්ඩුවේ ජයග‍්‍රහණ යැයි සළකන්නේ නම් ඇත්තටම මේ ආණ්ඩුවේ වයස ගැනිය යුත්තේ දින සීයේ කාලයත් එකට එකතු කිරීමෙන් බව මගේ අදහසය. ඒ අර්ථයෙන් මේ ගෙවෙමින් තිබෙන්නේ එකම ආණ්ඩුවක වසර 3 ක් සහ මාස 8 ගෙවී යාමය.
පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ
දර්ශන අංශයේ අංශාධිපති
ආචාර්ය චරිත හේරත්
|
එක අතකින් මේ ආණ්ඩුව රටටත් ලෝකයටත් පෙන්නුම් කරමින් සිටින්නේ අලංකාරික සටන්පාඨ මගින් ආණ්ඩු බලයක් ලබා ගත්තාට එවැනි අලංකාරික වලින්ම (rhetoric) රටක් පාලනය කරන්නට හැකියාවක් නැතැයි යන කාරණයයි. පසුගිය වසර තුනට අගමැතිවරයා ඉදිරිපත් කර ඇති ආර්ථික වැඩසටහන් ගණන පහක් පමණ වන අතර හැම අට මාසයකටම එක බැගින් අලූත් ආර්ථික වැඩ සටහන් ඉදිරිපත් කරනවා හැර වෙනත් දෙයක් මේ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයෙන් සිදුකෙරෙන්නේ නැති ගානය. මෑතකදි හදිසියේ මෙන් ඉදිරිපත් වූූ ‘ගම්පෙරළිය’ වැඩසටහන වැනි සංවර්ධන කාර්යයන් ක‍්‍රියාත්මක කරන්නට හැකියාවක් නැති තරමටම සමස්ත රාජ්‍ය සේවය ත‍්‍රස්ත කර ඇති තත්වයක් තුළ මුදල් අමාත්‍යාංශයෙන් ඉදිරිපත් වන විශාල ප‍්‍රමාණයේ ඉලක්කම් සහිත මුදල් වියදම් කිරීමේ හැකියාවක් මෙම පාලනයට නැති බව ඉතාමත් පැහැදිලිය. රටේ පරිපාලනයේ කිසිම අත්දැකීමක් නැති සිවිල් සමාජයේ අයගේ කැමැත්තට රාජ්‍ය පරිපාලනය ‘සැක කරන්නට’ හා ‘ප‍්‍රශ්න කරන්නට’ පටන් ගෙන ඇති නිසා නිලධාරින් ගෙවීම්වලට අත්සන් කරන්නේ එසේ නොකරම බැරි තැනට පැමිණි පසුවය. සමහර ආයතනවල තීරණ ක්‍රියාත්මක වෙන්නේ ඇමතිවරයාගේ සිට විෂය ලිපිකරුවා දක්වා දහ දෙළොස් දෙනෙකු අදළ නියෝගයට අත්සන් කළාට පසුවය. සමහර ගෙවීම් වවුචර් හැමෝගේම අත්සන් සදහා ඉඩ මදි වෙන ගානට මේ තත්වය වර්ධනය වි ඇති නිසා රජයේ සම්මත මුදල් වවුචරයේ ප‍්‍රමාණය ලොකු කරන්නට අවශ්‍ය බව සමහර නිලධාරීන්ගේ මතය ය. පසුගිය දවස්වල සම්මත කරගත් විගණන පනත බලාත්මක වන විට මේ කරගෙන යන තරමට වත් රජයේ මුදල් සංවර්ධන කටයුතු සදහා යෙදවීමේ හැකියාවක් ඇතැයි මා සිත්න්නේ නැත. රාජ්‍යයේ වැඩ නොකිරීම නිලධාරියාගේ පැවැත්මට හා අනාගතය ආරක්ෂා වීමට අත්‍යාවශ්‍ය කාරණයක් බවට පත්වී ඇති අතර ආකෘතියට පිටින් (out of the box) වැඩ කිරීම වනාහී අනතුරකට අත වැනීමක් බවට පත්වී ඇත. ඒ නිසා මේ ගම්පෙරළිය වැඩ සටහන වැනි දේවල් ඊලග වසර දෙක සදහා ක‍්‍රියාත්මක කරන්නට හැකියාවක් ඇත්තේ මෙතෙක් කරපු ආකාරයෙන්ම ‘පියවරක් ඉදිරියට පියවර දෙක තුනක් පස්සට’ යන ආකාරයෙන් මන්දගාමී ව බව ඉතාමත් පැහැදිලිය. මේ ගමන මේ යන ආකාරයෙන්ම ගියහොත් ආණ්ඩුවට වසර පහක් ගෙවෙන විට ගම්පෙරළියේ ජයග‍්‍රහණය කිව හැක්කේ ‘ගමට හුස්ම දුන් වසර දෙකක්’ වැනි ටැග් එකකින් මිස ඊට වැඩි දෙයක් නොවන බව මාගේ නිරීක්ෂණයයි.
මේ ආණ්ඩුවේ දේශපාලනයේ බරපතලකම තියෙන්නේ ඒ අය කියන මේ හුස්ම ගැනීමේ කතාවේ නොව ඒ කතාව හරහා වසන්නට උත්සාහ කරන රටේ පවතින සැබෑ තත්වයේය. හුස්ම ගන්නට ඉඩක් දුන්නා යැයි කියමින් කරන්නේ මේ අවුරුදු තුනේ මේ රටේ ගොඩ නැගුණු බරපතලම අර්බුද තුනක් ජනතාවට නොපෙනෙන ලෙස වසා තැබීමය.
පළමුවෙන්ම මේ වසර තුනේ දේශපාලනය විසින් අපේ රටේ ආර්ථිකය ඉතාමත් අපරිණත ආකාරයෙන් පල්ලම් බස්සවා ඇති බව පෙනෙන්නට තිබෙන කාරණයයි. රටේ ආර්ථිකය කඩා වට්ටා ඇති වා පමණක් නොව ජාතිකමය වශයෙන් වැදගත්වන ආර්ථික මර්මස්ථාන සියල්ලම පාහේ විදේශීය රටවලට හා ආයතනවලට පවරා දිමේ ක‍්‍රියාවලිය වේගවත් කර ඇත. එසේ පවරා දෙන්නට පිඹුරුපත් සකස් කර ඇති ජාතික සම්පත් අතර ගුවන්තොටුපොළවල් පමණක් නොව රටේ අධිවේගී මාර්ග පද්ධතිය ද, තිබෙන බව දැන් කාටත් ඉතාමත් පැහැදිලිය. මේ ආණ්ඩුවේ දර්ශනය වන්නේ ආර්ථිකයේ පදනම තනිකරම වෙළදපොළ මත ස්ථාන ගත කළ යුතු යැයි සිතීමය. සුබසාධනය පැත්තෙන් රටක් ලෙසින් අප මෙතෙක් ලබා සිටි සියලූ ජයග‍්‍රහණයන් ආපසු හරවන්නේ මේ සිතීම නිසාය. ඉට්කා ගිවිසුම සිංගප්පූරු ගිවිසුම වැනි ගිවිසුම් හරහා ඇති කෙරෙන ආර්ථිකමය වූ බලපෑම ඉදිරියේදී තවත් උත්සන්න විය හැකි අතර ඉදිරියේදී ජනතාවට හොද ‘හුස්මක්’ ගැනීමට සිදුවන බව නම් ඉතාමත් පැහැදිලිය.
දෙවනුව මේ වැරදි ආර්ථික ප‍්‍රතිපත්තිය හේතුවෙන් සිදුවී තිබෙන්නේ අපි ජාත්‍යන්තර දේශපාලන අර්බුදයක ‘ගොදුරු බිමක්’ බවට පත්වීමය. හම්බන්තොට වරාය චීනයටත් මත්තල ගුවන් තොටුපොල ඉන්දියාවටත් යන ආකාරයෙන් එකිනෙකාට එරෙහි රාජ්‍යයන්ට ගැටීමේ ඉඩ ලෙසින් අපේ බිමේ විවෘත කිරීම නිසා කලාපීය දේශපාලනයේ අනවශ්‍ය බලපෑම් අපි වෙතට බලෙන් ගෙන්වා ගැනීමේ අනතුරක් කරා වුවත් යන්නට වීමේ අවදානමක් ඒ තුළ තිබෙන බව සමහර විදවතුන්ගේ මතයයි. මේ රටවල් දෙකට අමතරව ඇමරිකාව හා ජපානය ස්වකීය කලාපීය ආරක්ෂක හා උපක‍්‍රමික අවශ්‍යතාවලට යැයි කියමින් මේ රටේ භූ දේශපාලනයට සම්බන්ධවීමේ උත්සාහයක් ඇති බව පුවත් පත් වාර්තා කළේ පසුගිය සතියේය. ආර්ථික කළමනාකරණයේ වැරදි උපාය මාර්ග හේතුවෙන් ජාත්‍යන්තර දේශපාලනය පැත්තේන් ‘හුස්ම’ ගැනීමටවත් නොහැකි අවුලක පැටලීමේ අනතුර මේ වසර තුනේ ජයග‍්‍රහණ ලැයිස්තුවට අදළ බව මගේ මතය යි.
තුන්වෙනුව ආණ්ඩුව මේ කියන හුස්ම ගැනීමේ ඉඩ සලසා තිබෙන්නේ මෙතෙක් මේ රටේ තිබුණු ඡන්ද පැවැත්වීමේ ප‍්‍රජාතන්ත‍්‍රීය ඉඩ අහෝසි කරමින් බව මෙහිදී පෙන්නුම් කෙරෙන විශේෂතම කාරණයක් වේ. වසර තුනක ජයග‍්‍රහණ ලැයිස්තුවේ මුළටම ගත හැකි අවර ගණයේ ජයග‍්‍රහණයක් වන්නේ මේ කියන ජන්දය නොපැවැත්වීම සදහා ව්‍යවස්ථාවෙන්ම ආවරණයන් සළසා ගැනීමේ අපූරු ක‍්‍රමවේදයයි. වසර තුනකට පසුව හුස්ම ගන්නට ඉඩක් දුන්නා යැයි කියන ගමන් එසේ හුස්ම ගන්නා මිනිසුන්ට ජන්දය පාව්ච්චි කරන්ටත් නිදහසක් දීමට මේ ආණ්ඩුවට තමන්ගේ පාලනයේ හතරවෙනි අවුරුද්දේ වත් හැකියාව ලැබේවා යැයි පැතීම හැර වෙන කළ හැකි දෙයක් මේ මොහොතේ නැත.
No comments:
Post a Comment