Tuesday, October 16, 2018

යථාර්ථය හා භාෂාවේ දේශපාලනය

මෙවර ඉන්නිසයෙන් සාකච්ජා කරන්නට බලාපොරොත්තු වන්නේ භාෂාවක් මිනිස් ජීවිතයට සම්බන්ධ වන ආකාරය පිළිබදවයි. වෙනත් ආකාරයකින් කිවහොත් මා බලාපොරොත්තු වන්නේ මිනිසාගේ පැවැත්මට භාෂාවක් සම්බන්ධ වෙන ආකාරයේ තිබෙන දර්ශනික තත්වය හා දේශපාලනමය ස්වරූපය පිළිබදව සාකච්ජා කිරීමට ය. මේ මාතෘකාව දකින විටම සමහරෙකුට මතුවිය හැකි ප‍්‍රශ්නයක් වන්නේ භාෂාව ගැන එච්චරම බරපතළෙට කියන්නට තියෙන්නේ කුමක්ද කියායි. භාෂාව යනු බරපතලෙට ගත යුතු දෙයක් නොව් යැයි අපට හිතෙන්නේ හේතු දෙකක් නිසාය. ඒ එකපැත්තකින් අපිත් හොද භාෂා කප්පිතන් යැයි සමාජයේ සිටින බොහෝ අය සිතාගෙන සිටින නිසාය. අනෙක් පැත්තෙන් එහෙම හිතෙන්නේ භාෂාව අපේ ජීවිතයට සිදුකරන බලපෑම ගැන හරිහමන් අදහසක් ලබා ගැනීමට තරම් නිහතමානීත්වයක් අපි කාටවත් නැති නිසා ය.

Sunday, October 7, 2018

පුපුරන්නට ආසන්න කුණුු කන්දක් වගේ වුණුු ආණ්ඩුව

මේ දවස්වල අපේ රටේ දේශපාලනයේ ප‍්‍රධාන ප‍්‍රශ්නය කුමක්දැයි කියන්නට කාටවත් හැකියාවක් නැත. එහෙම වෙන්නේ රටේ ප‍්‍රශ්න නැති නිසා නොව ප‍්‍රශ්න වැඩි නිසාය. මේ වන විට මේ රටේ ප‍්‍රධාන ප‍්‍රශ්න එකක් නොව විශාල ගණනක් එකවිට හැම පැත්තකින්ම පාහේ මෝදු වෙමින් තිබෙන තත්වයකට පත්වී ඇති බව ඉතාමත් පැහැදිලිය.

සාමාන්‍ය ජනතාව පමණන් නොව ආණ්ඩුවේ සිටින බොහෝ නායකයින් පවා කියන්නේ ආර්ථිකයේ තත්වය ඉතාමත් අසාද්‍ය බවය. ලෝකයේ ආර්ථිකය පිළිබදව වැදගත් සගරාවක් වන එකොනොමික්ස්ට් සගරාව විසින් මේ රටේ ආර්ථිකයේ ඇති පසුබෑම ගැන විමර්ෂණයක් කර තිබුනේ මීට සති කීපයකට කළින්ය. සාමාන්‍ය ජනතාවට ආර්ථික පැත්තෙන් ‘පාන්’ කියන්නට වත් බැරි ගානට අර්බුදයකට ගොස් ඇති බව කියන්නේ එකොනොමික්සට් සගරාව ඒ ගැන කියන්නට හුගක් කාලයකට පෙර පටන්ය. රටේ ජනතාව අතර මුදල් සංසරණය බරපතල ආකාරයෙන් අඩුවී ඇතිවා පමණක් නොව පෞද්ගලික අංශයේ රැකියාවල සිටින බොහෝ අයට නිසි පරිදි ගෙවීම් සිදුවන්නේ නැති ගානට මේ මුදල් සංසරණයේ ගැටලූව වර්ධනය වී ඇත. අනෙක් පැත්තෙන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ කඩාවැටීම හැමදාම සිදුවෙමින් පවතින්නේ කිසිම කළමනාකරණයක් නොමැති ආකාරයෙන්ය.

අලුත් දේශපාලනයක්

මේ රටේ දේශපාලනය අලූත් විය යුතු යැයි මේ දවස්වල වැඩියෙන්ම කියන්නේ 2015 ජනවාරියේ ආණ්ඩු වෙනසට මුල්වුණුු කණ්ඩායමේ සිවිල් සංවිධාන නායකයෝ ය. මේ කාණ්ඩයට ධම්ම දිසානායක මහතා කියන්නේ ‘ජනවාරිවරු’ කියාය. මේ ජනාධිපතිවරයා හා මේ ආණ්ඩුව හදන්නට මහන්සි වූ මේ සමහර සිවිල් සංවිධාන සාමාජිකයෝ අනිද්දා පත‍්‍රයේ ලියන ලිපි දෙස බැලූවිට පෙනීයන්නේ ඒ අයට සිදුවී තියෙන්නේ සැත්කම වැරැදී ලෙඩා මරණයට පත් වූ විටෙක දෙස්තර මහතාට මුහුණ දෙන්නට වෙන ආකාරයේ සන්තෑසියකට බව ය. ඒ කෙසේ වෙතත් දැන් රට මුහුණ දෙන්නේ අලූත් නායකයෙකු හදන්නට නොව අලූත් දේශපාලනයක් හදන්නට හැකි ව්‍යාපෘතියක් හදන්නේ කෙසේද කියන කාරණය නිරවුල් කර ගැනීමයට ය.