Friday, August 31, 2018

හුස්ම විතරයි - ඡන්ද නෑ

මේ ආණ්ඩුව බලයට පත්වී  වසර තුනක් ගෙවෙන්නේ මේ මාසයට ය. මෙතැනදී අපේ අවධානයට ගත යුතු එක් වැදගත් කාරණයක් වන ආණ්ඩුවේ ආයු කාලය වසර තුනක් ලෙසින් ගත හැක්කේ  දින සීයේ ආණ්ඩුව මේ ආණ්ඩුවේ ම කොටසක් ලෙස නොසිත්නනේ නම් පමණක් බවය. දින සීයේ ආණ්ඩුව යැයි කියන්නේ ‘හිටපු අගමැති බලයෙන් ඉවත් කළ’ සහ ‘මහ බැංකු කොල්ලය’ වැනි භයානක සොරකම් සිදුවුණු මේ ආණ්ඩුවේ ආරම්භක අවස්ථාව ලෙසින් මතකයට නගා ගැනීම මේ පිළිබදව සාකච්ඡා කිරීමේදී ඉතාමත් වැදගත් ලෙස සැලකිය යුතුය. ආණ්ඩුවේ අය මේ දවස්වල අවුරුදු තුන සමරන්නේ එක් පැත්තකින් තමන් පත්වුනේ 2015 අගෝස්තුවේ පැවැති මහ මැතිවරණයෙන් පසුව  බව පෙන්වමින් වුවත්, තමන්ගේ ‘ජයග‍්‍රහණයන්’ ගැන සදහන් කරන්නේ දින සීයේ ආණ්ඩුවේ සමහර දේවල් ද, එකට එකතු කර ගනිමින්ය.

Thursday, August 16, 2018

පේරාදෙනියේ පහරදීම සහ ‘'පසුගාමී’' දේශපාලනය

පසුගිය සතියක පේරාදෙනිය විශ්වවිද්‍යාලය තුළ සිදුවූවා යැයි කියන පහරදිමක් පිළිබදව විවිධ ආකාරයේ අදහස් සමාජ මාධ්‍යයන් අතර මේ දිනවල හුවමාරු වෙමින් පවතී. ඊට අමතරව ප‍්‍රධාන මාධ්‍යවල ද, මේ කාරණය පිළිබද ප‍්‍රවෘත්තිය විවිධ ආකාරයෙන් වාර්තා වී තිබුණි.

මේ සිදුවීමට හේතුව වශයෙන් අපට දැනගන්නට ලැබී ඇත්තේ ගලහ පාරේ හිල්ඩා ඔබේසේකර ශාලාව (හිල්ඩා ගහ අසල) ඉදිරිපිට ස්වකීය කාරය නවතාගෙන දුරකථනයකින් කතාකරමින් සිටි අයෙකු ගේ ඇදුම විශ්ව විද්‍යාලයේ උප සංස්කෘතිය යැයි කියන දෙයට ගැලපෙන්නේ නැති බව කියමින් යම් ශිෂ්‍ය පිරිසක් මේ පුද්ගලයා සමග ගැටුමකට ගොස් ඇති බවය. පසුව දැනගත් පරිදි මේ රථයේ සිට ඇත්තේ වෛද්‍යවරයෙකු වන අතර උපසංස්කෘතියට නොගැලපෙන ඇදුම ලෙසින් ඒ ශිෂ්‍ය කණ්ඩායම අර්ථකථනය කර ඇත්තේ ඔහු කොට කලිසමක් ඇද සිටීමය. මේ සිදුවීම ගැන මා ඇසූ මේ කතාවට වෙනස් දේවල් ද, තිබිය හැකි අතර දැනට පොලිසියෙන් මේ පිළිබදව පරික්ෂණ පවත්වමින් සිටින නිසා ඒ ගැන වැඩි විස්තරයක් පැවසීමේ හැකියාවක් නැත. එහෙත් මේ ‘‘කොට කලිසම සහ උප සංස්කෘතිය සමග නොගැලපීම“ යන සිද්ධිය මේ පහරදිම සහ වෙනත් අවස්ථාවල පුද්ලයින් ගණනාවක් සම්බන්ධයෙනුත් මතුවී තිබෙන හෙයින් මේ ගැන කතා කිරීම ඉතාමත් සුදුසුය. ඉතාමත් වැදගත්ය.

Friday, August 10, 2018

යහපාලනයට ‘වහ කදුරු වූ’ ප‍්‍රජාතන්ත‍්‍රවාදය


මේ ආණ්ඩුව බලයට පත් වෙන විට කියූ එක ප‍්‍රධාන තර්කයක් වූයේ පැවැති රාජපක්ෂ ආණ්ඩුවේ පාලනය යහපත් නොවන බවත්, ඒ පාලනය වෙනුවට යහපාලනය නම් වූ අලුත් ආකාරයක පාලන ව්‍යුහයක් මගින් මේ රට පාලනය කළ යුතු බව ය. එයට අමතරව ඒ තර්කයේ තවත් දිගුවක් ලෙසින් පැවසුනේ මේ කියන යහපාලනය පැමිනි විට මේ රටේ පාලනය යම් ආකාරයකට ‘තිබුනාට වඩා වැඩි’ ප‍්‍රජාතන්ත‍්‍රවාදි ව්‍යුහයකට පරිවර්තනය කරන බව ය. ඒ අදහස වඩාත් සංවිධිතව අගමැතිවරයා විසින් ඉදිරිපත් කරමින් පැවැසුවේ ඔවුන්ගේ අනාගත පාලන ව්‍යුහය හරියටම සමාන වන්නේ ඉන්දියාවේ ‘ලිච්ඡවී’ ජනපදයේ තිබුනා යැයි කියන පළල් ප‍්‍රජාතන්ත‍්‍රවාදි රාමුවට බවයි.

Monday, August 6, 2018

වසර තුනට ‘තුන් බියක්’

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් වසර තුනක් සම්පූර්ණ වෙන්නේ මේ මාසයටය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ 2015 අගෝස්තු මාසයේ වන අතර එජාපයේ හා ශ‍්‍රීලනීපයේ ලේකම්වරුන් විසින් ගිවිසුමක් අත්සන් කරමින් ‘සමගි රජයක්’ යැයි කියන මේ ආණ්ඩුව පිහිටවන්නට තීරණය කළේ ඒ මැතිවරණය නිමාවූ විගසමය. ආණ්ඩුවේ අය රටට කීවේ මේ කියන සමගි සන්ධානය හැදුවේ ඒ මැතිවරණයේදි කිසිම පක්ෂයකට පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරය නොලැබුණු නිසා කියාය. ඒත් ඒ මැතිවරණය පටන් ගන්නටත් පෙර සිටමත් සහ මැතිවරණය පවත්වන කාලයේදිත් ශ‍්‍රීලනීපය අභ්‍යන්තරයේ සිදු වූ දේවල් දෙස බලන විට පෙනී යන්නේ ‘මහින්දගේ ආණ්ඩුවක් එන එක වළක්වන්නටත් හා රනිල් ගේ ආණ්ඩුවක් එන එක ස්ථීර කරන්නටත්’ සමහරුන් තීරණය කර තිබුණේ මැතිවරණයට එන්නටත් පෙර කාලයේ පටන්ම බවය. මේ අවුරුදු තුනක් සම්පූර්ණ කරන්නේ එහෙම හද ගත් වර්තමාන ආණ්ඩුවටය. මා මේ ලිපියෙන් සාකච්ජා කරන්නේ මේ ආණ්ඩුව සැදිම පසුපස තිබෙන කුමන්ත‍්‍රණ හා පාවාදිම්වලින් පිරුණු ඒ කථාව නොවේ. මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ වර්තමාන ආණ්ඩුවේ වසර තුකන පාලන කාලය තුළ රටේ මෝදු වෙමින් පවතින බිය ජනක තත්වයන් කීපයක් පැහැදිලි කරන්නටය. සරළවම කිවහොත් මේ ආණ්ඩුවේ තුන් අවුරුදු පාලනය විසින් මේ රටේ ජනතාවට ප‍්‍රධාන වශයෙන්ම තුන් බියක් නිර්මාණය කර ඇති බව කීමේ වැරුද්දක් නැත.