Wednesday, March 27, 2019

ප්‍රතිඵල​යේ ව්‍යාජ මැවීම

මෙවර සටහනෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ජනාධිපතිවරණය සම්බන්ධව මේ රටේ ඇතිවී තිබෙන එක්තරා ආකාරයක සංවාදයක් පිළිබදවය. විශේෂයෙන් එල්ටීටීඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත් කිරීමෙන් පසු මේ රටේ පවත්වන මැතිවරණවලට උතුරේ සහ නැගෙනහිර පළාත්වල ඡන්දදායකයන් කුමන ආකාරයෙන් බලපෑමක් සිදු කරයි ද යන ප්‍රශ්නය බොහෝ අවස්ථාවල මතු වෙන බව අප හොඳින් දන්නා කාරණයකි.
මේ ප්‍රශ්නය අපේ රටේ ප්‍රධාන ධාරාවේ දේශපාලන පක්ෂවලට ඉතාමත්ම සංවේදී කාරණයක් බවත් ඉතාමත් පැහැදිලිය. මේ කාරණය පිළිබඳවම අපේ මිත්‍රයකු 2014 කාලයේ සිදුකළ සමීක්ෂණයක් පසුගිය ජනාධිපතිවරණය කාලයේ ඉමහත් ආන්දෝලනයකට පත්වූ බව ද මෙහිදී තවමත් මා හට මතකය. ඔහුගේ සමීක්ෂණයෙන් පෙන්නුම් කළේ ප්‍රභාකරන් නැති උතුරක් හා නැගෙනහිරක් තුළ ඒ පළාත්වල ඡන්දදායකයන් සියලුම දෙනා පාහේ ඡන්දය පාවිච්චි කළ හැකි බවත් එවැනි තත්වයකදී කිසිකෙනෙකුට සියයට පනහකට වඩා වැඩි ඡන්දයක් ලැබිය නොහැකි බවත්ය. මේ අනුව ඔහු තර්ක කළේ ඊළඟ ජනාධිපතිවරණයේදී (ඒ කියන්නේ පසුගිය 2015 ජනාධිපතිවරණයේදී) පළමු මනාපයෙන් පමණක් ජනාධිපතිවරයකු තෝරා පත්කරගත නොහැකි බවත් ඒ සඳහා දෙවැනි මනාපයත් ගනින්නට සිදු වෙන බවත්ය. එහෙත් 2015 ජනාධිපතිවරණයේ දී පෙන්නුම් කළේ ඒ නිරීක්ෂණය නිවැරැදි එකක් නොවන බවය. අප කවුරුත් දන්නා පරිදි ඒ ජනාධිපතිවරණයේදී දෙවන මනාපයක් ගැනීමට අවශ්‍යතාවක් සිදු නොවූ අතර 1989 හා 2005 වර්ෂවල පැවැති ආකාරයෙන්ම (සාපේක්ෂක වශයෙන් වැඩි ඡන්ද ලක්ෂ දෙකක පරතරයකින්) ප්‍රධාන පක්ෂ දෙකෙන් එක් පක්ෂයක අපේක්ෂකයා ඒ ජනාධිපතිවරණයෙන් ද ජය ගත්තේය.

Adam Smith, Karl Marx and Dharmapala


I know that some readers would wonder and probably would question my topic of this week’s column. As many would know very well that three personals that I use as my topic does not have anything in similar; their time, their thinking or in their respective countries of origination. Since I have already written my thoughts on Dharmapala’s modernist project, I think it is important to discuss the interconnectedness and responsive influences of these three thinkers with respect to the politics of our society. In other words, if we need to understand the current situation of the country, I think it is important to examine the ‘thinking foundations’ of Sri Lankan politics. If I borrow a word from Michel Foucault, it would be the ‘archeology of knowledge’ in Sri Lankan politics. A key issue that appears to be emerging is that politics in the country is becoming increasingly complex. This means that not only the era that began with the January 2015 presidential election is approaching a definite end, but plans for a new political revolution are also being schemed. It is therefore quite important to consider the matter in a rather broad point of view. There is nothing wrong in claiming that after 1948, the politics of this country is based on three theoretical foundations. The three main ideological pillars on which the political system was built were Capitalism of Adam Smith, Socialism of Karl Marx and Nationalism of Anagarika Dharmapala.

Thursday, March 14, 2019

වෙනස්වීම අයවැයෙන් වෙනස්වේද?

මේ රජයේ හතර වැනි අය-වැය ලේඛනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ පසුගිය සතියේය. රටේ ජනතාවගේ එච්චර අවධානයකට ලක්වුණේ නැති වුණත් මේ දවස්වල හැමදාම වාගේ අය-වැය විවාදය පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන බව ද සත්‍යයක්ය. මේ අතර අය-වැය දෙවන වර කියවීමේ ඡන්දය ගත්තේ මේ සතියේ අඟහරුවාදා රාත්‍රියේය. ඒ ඡන්දය විමසීමට අනුව අය-වැයට පක්ෂව ඡන්ද 119 ලැබුණු අතර එයට විරුද්ධව ලැබී තිබුණේ ඡන්ද 76 පමණක් බව ද මෙහිදී අපගේ අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය. මේ අය-වැයට ඡන්දය දෙමින් ආණ්ඩුව රැකගත්තේ එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් වුවත් අය-වැයට විරුද්ධව ඡන්දය පාවිච්චි ‘නොකරමින්’ ආණ්ඩුව රැකගත් ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් ද ඇතුළත් 25 අධික පිරිසක් සිටි බව සිහියට ගැනීමත් මෙහිදී ඉතාමත් වැදගත්ය. ඡන්දයෙන් වැළකී සිටීමේ ඒ මන්ත්‍රීවරුන්ගේ දේශපාලනය තේරුම් ගත යුත්තේ ඒ අයගෙන් බහුතරය යනු වෙන කවුරුවත් නොව නුදුරු අනාගතයේදී ‘වෙන්ඩ යූඑන්පී’ ගමන් මඟේ කල්මරන කණ්ඩායමක් වශයෙන් හැඳින්වීම අසාධාරණ නොවේ.

නිල ශ්‍රීලනිපයේ අනාගතය වැටී ඇත්තේ මොනතරම් බරපතළ අගාධයකටදැයි තේරුම් ගැනීමට මේ ‘ඡන්දයෙන් වැළකී සිටීමේ’ දේශපාලනය දෙස බැලීම හොඳටම ප්‍රමාණවත්ය. මේ ආකාරයෙන් ඡන්දය දීමට නොඑන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කල්මරන්නේ මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන තුරු පමණක් බව දැන් කාටත් හොඳින්ම පැහැදිලිය. ඡන්දයක් ප්‍රකාශයට පත් කළ විගස මේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් පැදුරටත් නොකියාම එජාපයේ ආසන සංවිධායකයන් බවට පත්වෙන බව මේ කාරණයෙන් ඉතාමත් පැහැදිලිය. එසේ නොයාමේ ඉඩක් ඇත්තේ ඩිලාන්ලා වැනි අතර මැද සිටින (එහාට යන්නත් බැරි මෙහාට එන්නත් බැරි යැයි සිතන) කිහිප දෙනකු පමණක් බව මගේ අදහසය. පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයෙන් අර්බුදයට ගිය ශ්‍රීලනිපයේ කණ්ඩායම්වලට තමන් යා යුත්තේ කුමන පාරේද කියා තේරුම් ගැනීමේ ඉඩක් නොමැතිවීම නිසා ඇතිවී තිබෙන මේ තත්ත්වය මගින් යෝජනා කරන්නේ ශ්‍රීලනිප දේශපාලනයේ අවසානය දැයි කිව නොහැක.

Friday, March 1, 2019

ජනාධිපති ධූරයක් අවශ්‍යද?

විධායක ජනාධිපතිධුරය පිළිබඳව සංවාදය නැවත වතාවක් මෙරට දේශපාලනයේ ප්‍රධාන මාතෘකාවක් බවට පත්වෙමින් තිබෙන බව දැන් කාටත් පැහැදිලිය. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තුනේම නායකයන් පමණක් නොව ඒ ප්‍රධාන පක්ෂවලට සම්බන්ධ වී සිටින කුඩා පක්ෂද මේ දවස්වල පුවත්පත් සාකච්ජා පවත්වමින් කරන්නේ එක්කෝ විධායක ජනාපති ධුරය දිගටම පවත්වා ගෙන යා යුතු බවට තර්ක කිරීමය. එහෙමත් නැති නම් ජනාධිපති ධුරයට විරුද්ධ වෙමින් එය වහාම ඉවත් කළ යුතු යැයි තර්ක කිරීමය. හිටිහැටියේ මතුවූ බව පෙනුණත් ‘විධායකය එපා’ යැයි කියන මේ සංවාදය අලුත් එකක් නොවන බව අප හැමෝම හොඳින් දන්නා කාරණයක්ය. කාලයෙන් කාලයට මතුවෙන නැවතත් යටට යන මේ ප්‍රශ්නය පිළිබඳව සටහනක් ලිවිය යුතු යැයි සිතුණේ ඉදිරි සති කීපයේ රටේ අවධානය මේ කාරණය ගැන මීටත් වඩා වැඩියෙන් යොමුවීමේ ඉඩක් තිබෙන නිසාය.

විධායක ජනාධිපති ධුරයත් ඇතුළත් කර ගනිමින් 1978 එජාප රජය ගෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව පළමු විරෝධතාව මතු වූයේ එවකට රටේ සිටි බරපතළම වාමාංශික නායකයා වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා වෙතින්ය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන පුවත්පතකට ලියූ දිර්ඝ ලිපි මාලාවක් හරහා ඔහු තම විවේචනය ඉදිරිත් කළේය. ‘78 ආණ්ඩුක්‍රමය පිළිබඳ විවේචනයක්’ ලෙසින් පසු කාලයේ පොතක් ලෙසින් පළවූයේ ලෙඩ ඇඳේ සිටිමින් ඔහු ලියූ ඒ ලිපි මාලාවය. ඒ ලිපි මගින් ඇන්.එම්. තර්ක කළේ මේ අලුතින් පටන් ගන්නා විධායක ජනාධිපති ධුරය අපේ රටේ දේශපාලනයේ එතෙක් පැවති බල සිතියම සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු කරන බවය.

උඩරට රජුගෙන් 1815 ඉවත් වූ හා බ්‍රිතාන්‍යයේ රැජිනගෙන් 1972 ඉවත් වූ රාජාණ්ඩුක්‍රමය යළිත් වතාවක් අපේ දේශපාලන ක්‍රමවේදයට ‘ව්‍යවස්ථාපිත රජකු’ හඳුන්වා දෙන බව ඔහුගේ අදහස විය. ලෝකයේ සමහර රටවල්වල ගොඩනැ​ෙඟමින් පැවති නව ලිබරල් ධනවාදයේ ආර්ථික ආකෘතියට ගැළපෙන ආකාරයෙන් අපේ රටේ රාජ්‍ය නැටවීමට නම් රාජ්‍යයේ බලය ‘තනි මිටට’ ගත හැකි ආකාරයේ ශක්තිමත් හා බලවත් තනතුරක් ප්‍රජාතන්ත්‍රවාදයේ සළුපිළි අතරින්ම මතුකර ගත යුතු බව මේ ජනාධිපති ධුරය හඳුන්වා දුන් අයගේ බලාපොරොත්තුව විය.