මේ දිනවල සිදුවෙන දේවල් දෙස බලන විට පෙනී යන ප‍්‍රධාන කාරණයක් වන්නේ රටේ දේශපාලනය ඉතාමත් සංකීර්ණ තත්වයකට පත් වෙමින් තිබෙන බවය. මෙයින් කියවෙන්නේ පසුගිය 2015 ජනවාරි ජනාධිපතිවරණයත් සමග ආරම්භ වූ යුගය නිශ්චිතවම නිමාවට පත්වෙමින් තිබෙන බව පමණක් නොව මේ රටේ දේශපාලනයේ යුග පෙරලියක් සිදුවීමේ පිඹුරුපත් සකස් වෙමින් තිබෙන බවය. මේ කාරණය පිළිබදව තරමක් පළල් ආකාරයෙන් සළකා බැලීම ඒ නිසාම ඉතාමත් වැදගත්ය.
මීට පෙර සටහනක ද මවිසින් ලියූ පරිදි 1948 පසුව මේ රටේ දේශපාලනය පදනම් වන්නේ න්‍යායික පදනම් තුනක් මත යැයි කියා කීමේ වැරුද්දක් නැත. ඒ කියන්නේ ඇඩම් ස්මිත් (ධනවාදය) කාල් මාක්ස් (සමාජවාදය) සහ අනගාරික ධර්මපාල (ජාතිකවාදය) ලෙසින් වූ න්‍යායික පදනම් තුනක් මත මේ රටේ දේශපාලනය පිහිටා තිබූ බවය. අපේ රටේ ප‍්‍රධාන පක්ෂ විසින් පසුගිය නිදහසින් පසු ගෙවුනු අවුරුදු 70 කාලය පුරා මේ රට සංවිධානය කර ඇත්තේ වෙන වෙනම හෝ එසේත් නැතිනම් එකට මිශ‍්‍රකරමින් හෝ මේ කියන න්‍යායක පදනම් තුන මත පදනම් කරගනිමින්ය. අපේ රටේ දේශපාලන පක්ෂ වූ එජාපය වාමාංෂික ව්‍යාපාරය හා ශ‍්‍රීලනීපය පිළිවෙලින් පෙනී සිටියේ ධනවාදය සමාජවාදය හා ජාතිකවාදය වෙනුවෙන් යැයි කියා කීමේ වැරුද්දක් නැති බවට බොහෝ අය එකග විය හැකිය. (මේ සංකල්පීයකරණය හරහා මා බලාපොරොත්තු වන්නේ මේ තත්වය සරළ ආකාරයෙන් තේරුම් ගැනීමටය. ඒ නිසා මේ සමීකරණයට මෙරට පැවති සියලූම දේශපාලන ව්‍යාපාරයන් හා ජාතිකවාදි ව්‍යාපෘතීන් ඇතුලත් කරන්නේ නැති බව සදහන් කළ යුතුය. දැන් 2015 ජනවාරියේ සිදු වූ දේශපාලන අත්හදා බැලීම අර්බුදයට යාම මගින් පෙන්නුම් කරන්නේ ඉහත සදහන් සියලූම සුසමාදර්ශයන්ගේ දේශපාලන පැවැත්ම ලංකාවේ දේශපාලන සන්දර්භය තුළ නිමාවට පත් වීම සටහන් වූ බවයි. මේ ව්‍යාපෘතීන් තුන 1977 ජයවර්ධන දේශපාලනය විසින් උඩු යටි කුරු කරන්නට ආරම්භ කළ බව සැබෑවක් වුවත් එය ‘නිට්ටාවටම’ නිමාවට පත් වූයේ 2015 ජනවාරියත් සමග බව පිළිගැනීම වඩාත් නිවැරිදිය.

ඒ බව සටහන් වන්නේ ප‍්‍රධාන පක්ෂ දෙකේ නායකයින් එහාට මෙහාට පැන ජනාධිපති ජන්දයට ඉදිරිපත්වීම මගින් පමණක් නොවේ. එජාප ශ‍්‍රීලනීප හෙළඋරුමය ජවිපෙය ටීඑන්ඒ සංවිධානය යනාදි සියලූ ‘අනුපානයන්’ එකට දමා ‘පත අට එකට සිදුවා’ එක් ජනාධිපතිවරයෙක් තැනීම තේරුම් ගත යුත්තේ වෙන වෙනම අතහදා බලා අසාර්ථක වූ මේ ව්‍යාපෘතීන් තුන නැවතත් එකට එක්වී සිදුකළ අතහදා බැලීමක් ලෙසින්ය. සරළව ගතහොත් 2015 සිදුවූයේ ඉහත සදහන් කළ ව්‍යාපෘතීන් තුන එකක් බවට පත්කර බැලීමය. ඒ උත්සාහය අන්තිම අසාර්ථක උත්සාහයක් බවට පත් වෙමින් තිබෙන බව දැන් නොපිළිගන්නා කෙනෙක් නැති ගානය. මේ නිසා දැන් අපි රටක් විදිහට මුහුණ දෙමින් සිටින්නේ අලූත්ම තත්වයකට යැයි මා කීවේ ඒ අර්ථයෙන්ය. මේ කාරණය ශාස්ත‍්‍රීය භාෂාවෙන් කිවහොත් කිව හැක්කේ අපි මුහුණදෙමින් සිටින්නේ ලංකාවේ දේශපාලනයේ පශ්චාත් එජාප පශ්චාත් වාමාංෂික හා පශ්චාත් ශ‍්‍රීලනීප තත්වයකට (Post-UNP, post-Left and post-SLFP condition) බවය.
මේ රටේ ඊලග වටයේ දේශපාලනය කියන්නේ මේ අලූත් තත්වය තේරුම් ගන්නා හා ඒ තත්වයට නායකත්වය දිය හැකි අලූත් දේශපාලනයක ආරම්භය සටහන් කරන කාලය ලෙසින් ගැනීමේ වැරුද්දක් ද නැත. දැන් මේ සදහා සාම්ප‍්‍රධායික සිංහල ග‍්‍රාමීය මැද පන්තිය හා පීඩිත පන්තිය සමාජ කණ්ඩායම් එක පැත්තකිනුත්, රටේ උගත් තරුණ සමාජය තව පැත්තකිනුත් ගොඩ මතු කරමින් ඉන්නේ මේ අලූත් තත්වයට ගැලපෙන දේශපාලනයක් ගොඩ නැගීමේ උත්සාහය ලෙසින් තේරුම් ගැනීමේ වැරුද්දක් නැත. විශේෂයෙන්ම පසුගිය පළාත් පාලන මැතිවරණයේදි පොහොට්ටුවට ජන්දය පාවිච්චි කළ සිංහල ග‍්‍රාමීය සමාජය හා නාගරික උගත් සමාජය පෙන්නුම් කරන්නේ මේ නව තත්වය ඉදිරියට රුගෙන එ් මේ උත්සාහයක් යැයි කීමේ වැරුද්දක් නැත.
තවත් පැත්තකින් මේ දේශපාලන අවකාශය මගින් ලාංකේය සමාජයේ මෙතෙක් තිබූ දේශපාලන හා ආර්ථික ස්ථාවරයන්ගේ මීලග ඉසව්වට රැගෙන යාමේ ඉඩක් ගොඩ නැගෙන බව මගේ තේරුම් ගැනීමය. 1948-1970 දක්වා කාර්තුව මේ රටේ දේශාලනයේ පළමු යාමය ලෙසින් නම්කළ හැකි අතර ඒ කාලයේ දේශපාලනය සම්පූර්ණයෙන්ම පදනම් වූයේ කුමාරි ජයවර්ධනගේ වචනයකින් කිව හොත් ‘නිකමුන් සමහරුන් වීමේ’ (No bodies to Some body) දේශපාලනයයි. 1970-1977 දක්වා කාලය මේ රටේ දේශපාලනයේ දෙවන යාමය යැයි මා නම් කරන අතර එය මධ්‍යගත සමාජවාදයේ දේශපාලනය අතහදා බැලීමේ කටුක උත්සාහයක් ලෙසින් තේරුම් ගැනීමේ වැරුද්දක් නැත. 1977 සිට 2015 කාලය මේ ගමන් මගේ තුන්වන යාමය ලෙසින් පිළිගැනීම නිවැරිදිය. ජයවර්ධන මහතාගේ ආර්ථික ව්‍යාපෘතියෙන් හා දේශපාලනමය (1978 ව්‍යවස්ථාවට ගැට ගැසුණු) ව්‍යාපෘතියෙන් මිදෙන්නට නොහැකි වූ කාර්තුව ලෙසින් මේ කාලය තේරුම් ගැනීම වඩාත් නිවැරිදිය. චන්දපේ‍්‍රමගේ වචනයකින් කීවොත් මේ අපි ගෙවා දමන්නේ ඒ ‘කොළපාට සමාජයේ’ අවසාන කාර්තුවය.
මේ සියල්ලෙන් පෙන්නුම් කරන්නේ අපේ රටේ දේශපාලනයේ සිව්වන යාමයට විවිධ බලවේග සූදනම් වෙන සටන් කලාපයකට අපි අවතීර්ණ වෙමින් සිටින බවය. ඒ පිළිබද මගේ නිරික්ෂණයන් ඊලග සතියේ සටහනින් ලියන්නට බලාපොරාත්තු වෙමි.
- ආචාර්ය චරිත හේරත් -
No comments:
Post a Comment