Friday, July 27, 2018

දයාන් මොස්කව් යැවීම

ආචාර්ය දයාන් ජයතිලක රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපතවරයා වශයෙන් වශයෙන් පත් කර ඇති අතර ඒ පත්වීම ස්ථිර කිරීම පිනිස පාර්ලිමේන්තුවේ උසස් නිලතල සදහා වූ කාරක සභාව වෙත මේ වන විට යොමු කර ඇති බව මේ දිනවල ප‍්‍රසිද්ධියට පත්වී ඇති කාරණයක්ය. මේ පත්කිරීම සම්බන්ධයෙන් ‘කොළඹ සිවිල් සමාජයේ’ කණ්ඩායමක් විසින් විරෝධතාවක් මතු කර තිබූ අතර ඒ විරෝධතාවය පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවේ ද අවධානයට ලක්වී ඇති බව නොනිල ආරංචි මාර්ගවලින් පෙන්නුම් කෙරී ඇත. මේ කාරණය ගැන ලියන්නට හිතුනේ දයාන්ගේ පත්වීම ගැනත් මේ කියන කොළඹ කේන්ද්‍රීයව හැසිරෙන සිවිල් සමා කණ්ඩායම ගැනත් යමක් ලිවීම වැදගත් යැයි සිතෙන නිසාය.

මෙහිදි මුළින්ම කිව යුතු කාරණය වන්නේ දයාන් මේ ආණ්ඩුවේ තනතුරක්ද රන්නට තීරණය කිරීම ගැනම මට ඇත්තේ බරපතල විරෝධයක් බවය. ඇත්තටම මට මේ පත්වීම දයාන් අනුමත කළේ ඇයිදැයි කියා හරියටම තේරෙන්නේවත් නැත. මේ පත්කිරීමෙන් ආණ්ඩුව බලාපොරාත්තු වෙන්නේ මේ කඩා වැටෙන විදේශ සම්බන්ධතා ජාලය යම් ආකාරයකින්වත් ගැටගසා ගැනීමට විය යුතුුය. ඒත් දයාන්ගේ පැත්තෙන් මේ පත්වීම අනුමකතිරීමෙන් වෙන්නේ ඔහුටත් රටටත් අනර්ථයක් ම බව මගේ තේරුම් ගැනීමය. මෙයින් එක් අතකින් සිද්ධ වෙන්නේ අනාගතයේ අපේ ආණ්ඩුවක වැදගත් කාර්යභාරයක් කරන්නට දයාන් තිබූ සදචාර ආධිපත්‍යය අර්බුදයට යාමය. අනෙක් අතින් මේ ආණ්ඩුවේ නායකයින්ටවත් ලිහා ගන්නට නොහැකි රාජකාරිමය පඹගාලක අහක සිටි දයානුත් නිරපරාදයේ පැටලීමය.
දේශපාලන විද්‍යාව හා අන්තර්ජාතික සබදතා පිළිබදව මේ යුගයේ අපේ රටේ සිටින අතේ ඇගිලි ගනනට ගත හැකි විශේෂඥයින් කීපදෙනා අතර මුලටම ගැනෙන දයාන් වැනි කෙනෙකු කඩා වැටෙන ආණ්ඩුවක කිසිම ආකාරයෙන් කිහිලිකරුවක් නොවිය යුතුයැයි මා සිතන්නේ මේ කාරනා කීපයක්ම නිසාය. ඒත් මේ මොහොතේ මේ තනතුර පිලිගැනීම සම්බන්ධයෙන් මගේ කල්පනා ශක්තියට නොවැටෙන විශාල වැදගත්කමක් දයාන්ට පෙනෙනවා දැයි මා දන්නේ නැති නිසා ඒ පිළිබදව ඊට වඩා කථා කිරීමේ තේරුමක් නැත.

මේ පත්වීම සම්බන්ධයෙන් ඊලගට සදහන් කළ යුතු වැදගත්ම කාරණය වන්නේ සිවිල් සමාජය යැයි කියන කණ්ඩායමක් මේ පත්කිරීම ගැන කර තිබෙන විරෝධය පිළිබදවය. ඒ විරෝධය එතරම් ගානකට ගත යුතුයැයි මා මුළින් සිතුවේ නැතත් මේ වන විට මේ පත්වීම ගැන පාර්ලිමේන්තු කාරක සභාවේ මතය මෙහෙයවන්නට මේ විරෝධතා ලිපිය පදනම් වී ඇති බව ආරංචි වන නිසා මේ ගැන නොලියාම බැරිය. මේ සිවිල් සංවිධාන කණ්ඩායම් ස්වකීය වඅරෝධතා ලිපියේ මතු කරන්නේ මුළික වශයෙන්ම කරුණු දෙකක්ය. එයින් එකක් වන්නේ දයාන් 2009 ජනීවා මානව හිමිකම් කවුන්සිලයේ සිදුකළ මැදිහත්වීම රටට අහිතකර එකක් බවය. අනෙක් කාරණය වන්නේ දයාන්ගේ මතවාදිමය පදනම 2015 ජනවාරියේ සිට ක‍්‍රියාත්මක වෙන ‘යහපාලන’ මතවාදයට විරුද්ධ බවය. මේ හේතු දෙක නිසා ඔහුව රුසියාවට පත් කිරීම ගැන යලිත් සළකා බැලිය යුතු බව ඔවුන් ගේ අදහසය.

මගේ තේරුම් ගැනීමට අනුව මේ සිවිල් සමාජය යැයි කියන කණ්ඩායම දයාන් ට පහර දෙන්නට අල්ලාගෙන ඇත්තේ දයාන්ගේ රාජකාරි ජවිතයේ තිබෙන ශක්තිමත්ම තැනින්ය. 2009 ජනීවා ජයග‍්‍රහනය යනු අපේ රටට පක්ෂව හා රටට විරුද්ධ බලවේගයන් දුර්වල කළ විශේෂතම කාරණයක් බව මෙරට හා විදේශ රටවල මේ විෂය දන්නා අයගේ පිළි ගැනීමය. මානව හිමිකම් කවුන්සිලිය යනු අදේශපාලනික අහිංසක තැනක් නොව දේශපාලන පොර පිටියක් බව මේ සිවිල් සමාජකාරයෝ දන්නේ නැති ගානය. අමරිකානු රජතාන්ත‍්‍රික භාෂාවෙන් කිවහොත් දේශපාලන යථාවාදයේ (political realism) වැඩකාරයන්ගේ තෝතැන්නකි. රාජ්‍ය තාන්ත‍්‍රික කාරනාවලදි තීරණ ගන්නේ ඒ ක‍්‍රියාදමයට මැදිහත්වී සිටින විට මිස එය නිමාවී ගෙදර පැමිනි විට නොවේ. ෆුට්බෝල් තරගයක ‘ෂොට්‘ එක තේරිය යුත්තේ තරගය තුළ මිස එය නිමා වී ගෙදර පැමිනියාට පසුව නොවේ. රටේ ඒ තරගයට හොදම 11 දෙනා පිටියට යවන්නේ ඒ නිසාය. ඒ අර්ථයෙන් ගත් විට 2009 අපි මුහුණ දෙමින් සිටි තත්වය හමුවේ දයාන් ජනීවා හි සිදුකළ මැදිහත්වීම අපේ වැනි රටකට කළාතුරකින් ලැබෙන ආකාරයේ දේශපාලන යථාවාදයේ මැදිහත්වීමක් බව මගේ තක්සේරුවය. සිවිල් සමාජකාරයන් දයාන්ට පහර දෙන්නට යොදගෙන ඇත්තේ දයාන් රාජකාරි ක‍්‍රියාදමයේ සාර්ථකම වැඬේ බව (ෆුට් බෝල් තරගයේ හොදම ගෝල් එක බව) මා කීවේ ඒ නිසාය.

අනෙක් අතට යහපාලනයේ මතවාදයට දයාන් නොගැලපෙන්නේ යැයි කීම මම දකින්නේ  ‘හොද බොරුවක්’ ලෙසින්ය” එය බොරුවක් යැයි කියන්නේ ‘යහපාලනය’ යැයි කියා නිශ්චිතව තේරුම් කළ හැකි මතවාදයක් එද තිබුනේ වත් අද තිබෙන්නේ වත් නැති නිසාය. එය ‘හොද බොරුවක්’ යැයි කියන්නේ එවැන්නක් සමග දයාන් සම්බන්ධයක් නැතැයි කීම ඔහුගේ පැත්තෙන් හොද දෙයක් නිසාය.

චරිත හේරත් 
Published on 27 July 2018


On 'anidda' news paper

1 comment:

  1. All known people want to satisfy with achievements what help to general public and future generation. Yet, many known and capable people try to expand their own belly disregarding values of the Sri Lankan. It needs to reconsider your comment based on this platform.

    ReplyDelete