Friday, June 24, 2016

තොරතුරු ප්‍රාග්ධනයේ යුගයක්...

තොරතුරු ප්‍රාග්ධනයේ යුගයක්...

මේ රජයේ මැතිවරණ පොරොන්දුවක් වූ තොරතුරු දැනගැනීමේ පනත පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් විය. ඒ වගේම මැතිවරණයකදී ජනමාධ්‍යයන් හැසිරිය යුතු ආකාරය පිළිබඳව වූ උපමාන ඇතුළත් රීති මාලාවක් මැතිවරණ කොමසාරිස්තුමා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබිණි. මේ ලේඛන දෙකම රටේ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලනයට අව්‍යශම දේවල් ලෙසින් පිළිගත හැකිය. මෙතෙක් කාලයක් අපේ රටේ තොරතුරු දැන ගැනීමේ පනතක් සම්මත කර ගැනීමට නොහැකි වීම දේශපාලන වශයෙන් ගත යුතු තීරණයක් ඒ ඒ රජයන් විසින් කල් දැමීම හේතුවෙන් සිදු වූ වරදක් බව අප සැම පිළිගත යුතුය. වත්මන් ආණ්ඩුවේ සිටින ඇමැතිවරුන් විශාල සංඛ්‍යාවක් කැබිනට් මණ්ඩලයේ සිටි සහ මාත් නිලධාරියකුව සිටි පසුගිය රජය කාලයේ මේ පනත ඉදිරිපත් කරන්නට හැකි වූවා නම් එහි ගෞරවය ඒ රජයට ලබා ගත හැකිව තිබිණි. එහෙත් ඒ සඳහා එකල දේශපාලන අධිෂ්ඨානය (Political Will) තිබුණේ නැත. එම රජයේ මූලික උත්සාහය තිබුණේ එක් පැත්තකින් රට ගිනි ගනිමින් තිබූ යුද්ධය නැවැත්වීමත් අනෙක් අතින් රටත් ලෙසින් බරපතළ ලෙස අභියෝතයට ලක් වෙමින් තිබූ යටිතල පහසුකම් වර්ධනය කිරීමත්ය. 
යුද්ධය නැවැත්වීම සදහා තිබිය යුතු දේශපාලන අධිෂ්ඨානය 2002 පැවති එජප ආණ්ඩුවට තිබුණේ නැත. එහෙත් තොරතුරු දැනගැනීමේ පනත ගෙන ඒමට ඔවුන්ට අධිෂ්ඨානය තිබිණි. දේශපාලනයේ හැටි එහෙමය. මැතිවරණ කොමසාරිස්තුමා ඉදිරිපත් කර තිබූ මැතිවරණ කාලයක මාධ්‍ය හැසිරිය යුතු ආකාරය ගැන උපමානයන්ද මට හිතෙන අයුරින් ඉතාමත් වැදගත්ය. ආණ්ඩුවක් පාලනය කරන හැමෝම රජයේ මාධ්‍යයන් තමන්ගේ වැඩවලට යොදාගන්නා බැවින් මැතිවරණ කාලයක වුවත් එවා මධ්‍යස්ථව තබන්නට ඒ ඒ ආයතනවල බලධාරීන්ට හැකියාවක් ලැබෙන්නේ නැත. 
මැතිවරණ කාලයක කොමසාරිස්වරයාගේ නියෝග එන තුරු සමහර රාජ්‍ය මාධ්‍ය ප්‍රධානීන් බලා සිටින අවස්ථාද ඇත. ඒ තම-තමන්ගේ දේශපාලන නායකයන්ට ඍජුවම පැහැදිලි කරන්නට අපහසු තැන්වලදී මැකෝගේ නියෝගය දමා ගසා බේරී යන්නට හැකියාව තිබෙන නිසාය. ඒ කෙසේ වෙතත් මේ තත්ත්වය පාලනය කිරීමට නෛතික තත්ත්වයක් නිර්මාණය කිරීම රටක් වශයෙන් ඉතාමත් වැදගත්ය. මේ වැඩේ නීතියක් නැතිව උපදේශනයෙන් පමණක් කරන්නට පුළුවන් වැඩක් නොවන බව මගේ අත්දැකීමෙන්ම මා තේරුම් ගත් දෙයකි. මේ උපදේශයක් 'සැරට' දෙන්නට හැකි වර්තමාන කොමසාරිස්වරයාගේ කාලයේත් උපදේශය හරියට වැඩ කරන්නේ නැති නම් එය වෙන කවර කාලයක වත් එය හරියට වැඩ කරන එකක් නැත. ඒ නිසා මේ පිළිබඳව නීතියකට සමාන දෙයක් එන එක හොඳය.
මෙතැනදී අපගේ අවධානය යොමු විය යුතු කාරණයක් වන්නේ පෞද්ගලීක මාධ්‍යයන්ගේ හැසිරීම කළමනාකරණය කරන්නනේ කෙසේද යන්නය. කළමනාකරනය යනු පාලනය කිරීම නොවන බව විශේෂයෙන් කිව යුතු නැත. මේ උපමාන ගැන පාර්ලිමේනතු විවාදයේ මගේ මිත්‍ර පරණවිතාන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ සංඛ්‍යාත (Frequency) මත පවතින විද්යුත් මාධ්‍යයන් යනු තනිකරම 'පෞද්ගලික' වපසරියක පවතින මාධ්‍යය වර්ගයක් නොවන බවය. මෙය ඉතාමත් නිවැරදි සහ වැදගත් කාරණයකි. රටකට තියෙන්නේ සීමා සහිත සංඛ්‍යාත ගණනකි. විද්යුත් මාධ්‍යයක් විකාශනය වන්නේ මේ සංඛ්‍යාත මත එළාගත් ජාල පද්ධතියක් හරහා ස්වකීය වැඩසටහන් ගමන් කරවමින් බෙදාහැරීමේ ඒකක මගින් අපගේ නිවෙස්වලට එවීමය. දැන් මේ රටටම අයිති සංඛ්‍යාත ව්‍යාපාරිකයන් කීපදෙනෙකුට හෝ සමාගම් කීපයක ලබා දි එයින් බලාපොරාත්තු වන්නේ ඒ අයගේ ආයෝජනයන්ට සාපේක්ෂක මූල්‍ය ලාභයක් ගනිමින් රටේ යහපතට ඒවා යොදාගනු අතැයි කියාය. මේ බලාපොරාත්තුව ඉටු කිරීම ඔවුන්ගේ යුතුකමය. මේ රටේ මාධ්‍ය අයිතිකාරීත්වය දරන සමාගම් සහ ඒවායේ හිමිකරුවන් බොහෝ අය මගේ මිත්‍රයෝය. මා රාජකාරි කරන කාලයේ එකම සංඛ්‍යාතයක් සඳහා වත් බලපත්‍රයක් ලබා දී නැතත් මේ හැමෝම සමග ඉතාමත් ආසන්න සම්බන්ධයක් තබා ගන්නට මට හැකි විය. පරණවිතාන ඇමැතිතුමාගේ යෝජනාව වන විද්යුත් මාධ්‍යයන් සඳහා යම් ආකාරයක පිළිවෙළක් ගොඩ නැගීම ඉතාමත් වැදගත් බැවින් මාධ්‍ය ආයතනවල හිමිකරුවන් ඒ සදහා ධනාත්මකව මැදිහත් වනු ඇතැයි මම විශ්වාස කරමි.
මේ සංවාදයන් සියල්ලම පදනම් වන්නේ තොරතුරු සම්බන්ධවය. තොරතුරු සන්නිවේදනය යනු ධනේශ්වර සමාජයේ වර්ධනයන් සහ තාක්ෂණයේ ජයග්‍රහණත් සමග බරපතළ ලෙස වෙනස් වූ මානව ක්‍රියාකාරිත්වයකි. මාක්ස්වාදයේ ඉදිරිපත් වන තර්කය වූ මානව කි‍්‍රයාකාරිත්වයේ කේන්ද්‍රීය ගාමක බලවේගය වන්නේ 'නිෂ්පාදනය' බවයි. වෙනත් ලෙසකින් කීවොත් මාක්ස් හඳුනාගත් මානව පැවැත්මේ සහ මානව පරිණාමයේ අනුලංඝනීය (උල්ලංඝනය කළ නොහැකි) අවශ්‍යතාව වන්නේ නිෂ්පාදනය බවයි. මාක්ස්ට අනුව ක්‍රමිකව විකාශනය වූ මානව ඉතිහාසයේ ධනවාදය පදනම් වන්නේ මේ අනුලංඝනීය නිෂ්පාදන සාධකය මත වන අතර, ප්‍රාග්ධනයේ හා ශ්‍රමයේ ගැටුම ලෙස මාක්ස් නම් කළේ මේ තත්ත්වයයි. මාක්ස්ගේ අවධානයට වුවත් ඍජුවම ලක් නොවූ ක්ෂේත්‍රයක් ලෙස මේ
සන්නිවේදනයේ වර්තමාන තත්ත්වය සැලකිය හැකිය. පසුකාලීන විචාර සමාජ න්‍යායධරයන් (Critical Social Theories) පැහැදිලි කරන්නේ මිනිසාගේ අවශ්‍යතා මූලික තර්කනයන් දෙකක් මත පදනම් වන බවයි. එයින් එකක් වන්නේ අපගේ ජීවිතයට ඇති පරිභෝජනමය අවශ්‍යතාවන් වන ආහාර ඇතුළු දේවල් මුල් වන පරිහරණීය තර්කය (InstrumentalReason) මත වන අතර, අනෙක් තර්කනය වන්නේ මූලික මිනිස් අවශ්‍යතාවක් ලෙස පවතින සන්නිවේදන තර්කය (Communicational Reason) මත බවයි. දැන් තවදුරටත් සන්නිවේදනය යනු සරල හුදෙකලා මිනිස් පැවැත්මේ අවශේෂ ක්‍රියාවලියක් නොවේ. එය මිනිස් පැවැත්මේ අනිවාර්ය සාධකයක් බවට තාක්ෂණික සංවර්ධනයේ ප්‍රතිඵලයක් ලෙස ගොඩනැංවී ඇත්තේ ඒ නිසාය. සරලවම ගත්තොත් අපට අද ගෙදරින් එළියට යන විට මුදල් පසුම්බිය රැගෙන යෑමට ඇති වුවමනාව තරමටම අපගේ ජංගම දුරකතනය රැගෙන යෑමට අවශ්‍යතාවක් අපි තුළ ගොඩනැගෙන්නේ මේ නිසාය. 
සමහර විටෙක පර්ස් එක රැගෙන යෑමටත් වඩා ජංගම දුරකතනය රැගෙන යෑමට අප උනන්දු වන්නේ අද වන විට 'සන්නිවේදන සම්බන්ධතාව' ප්‍රාග්ධනයක් බවට පත් වී ඇති නිසාය. මේ සන්නිවේදන ප්‍රාග්ධනය නැති අයට වෙන කුමන ප්‍රාග්ධනයක් තිබුණත් වැඩක් කරගත නොහැකි තැනට සියල්ල වෙනස් වී ඇත. දැන් අපේ රටේ මැතිවරණ ක්‍රියාදමයට අයත් තොරතුරු පිළිබඳවත් සමස්ත රටේ රාජ්‍ය යන්ත්‍රණයේ පසුපස ඇති තොරතුරු පිළිබඳවත් විවෘතභාවය ඇති කිරීම වැදගත් වන්නේ මේ තත්ත්වය තුළය. තොරතුරු විවෘත වීම රටේ ප්‍රගමනයට හේතු වනවා මෙන්ම එය වැරදියට ප්‍රයෝජනයට ගත හොත් ඇති විය හැකි වැරදි විපාකද තිබෙන බව මෙහිදී අවධානයට ගැනීම වැදගත්ය. අනෙක් අතට රාජ්‍යයක තොරතුරු සෙවිය යුත්තේ එහි නිලධාරීන් හෝ බලධාරීන් වැරදිකරුවන්යැයි උපකල්පනය කරගනිමින් නොවේ. තොරතුරු අවශ්‍ය වන්නේ තොරතුරු දැනගැනීම රටේ අයිතිකරුවන් ලෙස ජනතාවට ඇති අයිතියක් වන බැවින් මිස සියලු නිලධාරීන් සැක කිරීමේ හේතුවෙන් නොවේ.

Sunday, June 19, 2016

අප්පච්චී

දිලෙන තරුමත නැගෙන සදවත
ලොවක අසිරිය මවනු ලැබුවද
සොමිගුණෙන් යුතු එසද අසිරිය
නිබද රුදුනේ අහස් කුස මත
අහස හැරවී ධවල පැහැයට
චමත්කාරය පොවයි සද වෙත
එහෙත් සදකට තිබෙන තැන නැත
කිසිම දවසක අහස් තලයට

ඔබ අහස විය තෙරක් නොපෙනෙන
දරා සිටිමින් පැවැත්මේ ඉඩ
එයින් මතුවී දිලෙන හැම විට
ඔබ තරම් තුටු අයෙක් සිටියෙද
කදුල දුටු කළ එය ඔබේ විය
මා ද ඔබ යැයි සිතෙන තරමට
අහස නැති වූ කලෙක දැනෙනා
හුදකලා බව විදින මොහොතක
පළමු කවියෙන් මම ම කී බස
බොරු කරන්නට දරන්නෙමි තැත
චරිත හේරත්
(මීට මාස තුනකට පෙර මිය ගිය මාගේ ආදරනීය පියාණන්ගේ වෙනුවෙනි)
අප්පච්චී

දිලෙන තරුමත නැගෙන සදවත
ලොවක අසිරිය මවනු ලැබුවද
සොමිගුණෙන් යුතු එසද අසිරිය
නිබද රුදුනේ අහස් කුස මත
අහස හැරවී ධවල පැහැයට
චමත්කාරය පොවයි සද වෙත
එහෙත් සදකට තිබෙන තැන නැත
කිසිම දවසක අහස් තලයට

ඔබ අහස විය තෙරක් නොපෙනෙන
දරා සිටිමින් පැවැත්මේ ඉඩ
එයින් මතුවී දිලෙන හැම විට
ඔබ තරම් තුටු අයෙක් සිටියෙද
කදුල දුටු කළ එය ඔබේ විය
මා ද ඔබ යැයි සිතෙන තරමට
අහස නැති වූ කලෙක දැනෙනා
හුදකලා බව විදින මොහොතක
පළමු කවියෙන් මම ම කී බස
බොරු කරන්නට දරන්නෙමි තැත
චරිත හේරත්
(මීට මාස තුනකට පෙර මිය ගිය මාගේ ආදරනීය පියාණන්ගේ වෙනුවෙනි)

Friday, June 17, 2016

‘ඔබ දුටුවා මා දුටුවා - වළ නොදමා පිලිස්සුවා’



‘ඔබ දුටුවා මා දුටුවා - වළ නොදමා පිලිස්සුවා’ 

මේ සටහනේ මාතෘකාවට මා යොදගත්තේ අපේ පේරාදෙණියේ විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි අංශයේ ඉගැන්වූ ආචාර්යවරයකු වූ 
ගාමිණී හත්තොටුවේගමයන්ගේ ප්‍රසිද්ධ වීදි නාට්‍යයක එන ඉතා ජනප්‍රිය ගීතයක කොටසකි. මේ ගීතය රටේ හුඟක් අය 
දන්නේ නැති වුණාට මේ ගීතයට පාදක වන සමාජ දේශපාලන තත්ත්වය රටේ හුඟක් අය දන්නවා විය හැකිය. මගේ 
තීරු ලිපියට මේ ගීතය එතරම් අදාළත්වයක් නැතත් මා කථා කරන්නට යන මාතෘකාවට ගාමිණී හත්තොටුවේගමයන්ගේ
 ශාස්ත්‍රීයත්වය සහ සාහිත්යික භාවිතාව අදාළ නිසාත්, මේ ගීතයට අපේ කාලයේ මිතුරන් කැමැති නිසාත් එය මාතෘකාවට 
යොදා ගත්තේමි.

මගේ සටහනට හත්තොටුවේගම පාදක කර ගන්නේ අපේ රටේ දේශපාලනයට ඉතා වැදගත්
විෂයයක් වන විශ්වවිද්‍යල ආචාර්යවරයකුගේ ශාස්ත්‍රීය භාවිතාව සහ සමාජ වගකීම ගැන 
කථා කරන්නට සිතාගෙනය. වසර කීපයක් පරිපාලන රැකියාවක් සඳහා විශ්වවිද්‍යාලයේදීය. 
1990 සිටම විශ්වවිද්‍යාල ඇසුරේ සිටි මා එතෙක් ලබා තිබූ ‘විශ්වවිද්‍යාල ගැන වූ චිත්‍රය’ 
මගේ දෙවැනි පේරාදෙණි ආගමනය සමඟ බරපතළ ලෙස වෙනස් වන්නට පටන් ගත් නිසා 
මේ වෙනසින් පලා යන්නට මා තුළ සිදු වන අභ්‍යන්තර උත්සාහයක කොටසක් ලෙසද අවශ්‍ය 
නම් මේ සටහන නම් කළ හැකිය. ප්‍රොයිඩ් කීවේ අපේ අවිඥානය තුළ‘වර්තමානයෙන් 
ගැලවෙන්නට අතීතයට ගමන් කිරීමේ’ උත්ප්‍රේරකත්වය තිබෙන බවය. මේක එහි ප්‍රතිඵලයක් 
විය හැකිය. මට සිදු වී ඇති අනෙක් අකරතැබ්බය වන්නේ ඒ කාලයේ වයසට වැඩි අය 
ආශ්‍රය කරන්න යෑමේ පුරුද්ද මේ වන විට වැරදියට වැඩ කර තිබීමය. එදා විශ්වවිද්‍යාලයේ 
සිටි මා ආශ්‍රය කළ බොහෝ මිතුරන් දෙවන වර මා පේරාදෙණියට යන විට එක්කෝ මිය 
ගිහින්ය; නැත් නම් විශ්‍රාම ගිහින්ය. ඒ නිසාම වැඩ කරන්නට සිදු වී තිබෙන්නේ ‘සත්තුවත්තට 
අලුත් සතෙක්’ ගිය ආකාරයේ ‘ඇවැත්’ සිතකින් නිසා ඒ කාන්සිය යන්නත් එක්ක මේ සටහන
 ලියන්නට සිතුවෙමි. 

දැන් විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ කාලය විශාල වශයෙන් ගත වන්නේ මීටින්වලටය. මේ 
මීටින් සමහර විට අත්‍යවශ්‍යම සහ වැදගත්ම ඒවා විය හැකිය. ඒත් ඒවා කොච්චර වැදගත් 
වුනත් දවසම මීටින්වලට හිර වුණෝතින් උගන්වන්නට හා ශාස්ත්‍රීය වැඩවල යෙදෙන්නට 
කැමති අයට එසේ කරන්නට තියෙන කාලය සීමා වන්නේය; සංවාද කරන්නට කැමති අයට
 තියෙන කාලය අඩු වන්නේය; සිතන්නට සිතෙන අයට සිතන්නට තියෙන කාලය අඩුවන්නේය. මම මෙහිදී ‘කැමති අයට’ 
යැයි කීවේ මීටින්වලටම කැමති අයත් සිටිය හැකි නිසාත්, ඒ අයගේ අපේක්ෂාවට කරදර කරන්නට අකමැති නිසාත්ය.

දැන් හත්තොටුවේගමයන් මට මතක් වුණේ මේ සන්දර්භය තුළය. ඔහුට ඉංග්‍රීසි දෙපාර්තමේන්තුවේ අයත් ළඟම මිතුරනුත් 
කීවේ GK කියාය. ඒ ඔහුගේ සම්පූර්ණ නම වූ Gamini Kalyanadarsha Haththotuwegama de Silva යන්නෙහි 
කෙටි යෙදුම වු නිසා විය හැකිය. හත්තෙට්ටුවේගමයන් කතා කළේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ ඉතා වැදගත් පැත්තක් වූ 
අපේ ඥානය සහ මිනිස් අපේක්ෂා අතර සම්බන්ධයක් තියෙන බව විශ්වාශ කරමිනි. අප දර්ශනය උගන්වද්දී කතා කරන 
ප්‍රධාන මාතෘකවක් වන තාර්කික යථානුභූතවාදි (Logical Positivism) ප්‍රවේශය වන්නේ මිනිස් ව්‍යවහාරයෙන් ඈත්ව සිදු 
කරන ඥාන ගවේෂණක් තිබෙන බවය. සමාජය විද්‍යා ඥානය ස්වාභාවික විද්‍යාවේ වගේ විද්‍යාගාරයේ සිදු කරන ඥානය 
පිළිබඳ වූ ගවේෂණයක් බවට ඔවුහු මේ තත්ත්වය වර්ධනය කළෝය. එහෙත් එයට විරුද්ධව මහ හඬක් නැඟුවේ මාක්ස්වාදි 
පදනමකින් ඥානය පිළිබඳ අධ්‍යයනය කළ ෆ්රැන්පර්ඩ් ගුරුකුලයේ චින්තකයන්ය. හර්බර්ට් මාකූස්ගේ One Dimension Man 
සම්පූර්ණයෙන්ම තර්ක කළේ යථානුභූතවාදය හදන ඒක මානීය මිනිසාට එරෙහිවය. දැන් හත්තෙට්ටුවේගමයන් හැම විටම වැඩ 
කළේ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රීය අධ්‍යයනය මේ ඒකමානීය බවෙන් ගලවා ගත යුතුයැයි කියාය. ඔහු කීවේ දැනුම යනු ජනතාවට 
හොරෙන් කරන වියුක්ත දෙයක් නොව, සංයුක්ත මැදිහත් වීමක් කියාය; මිනිස් ඥානය සහ මිනිස් අභිලාෂයන් 
(Human Knowledge and Human Interest) එකට තියෙනවා කියාය; සමාජ අභිලාෂයක් නොමැතිව හදන ඥානය 
හුදු පෞද්ගලික භාණ්ඩයක් වගේ කියාය; තමන්ටම කියවන්න තමන්ම පොත් ලියනවා වැනි වැඩක් කියාය.

මිය යන තුරුම යම් ආකාරයක බොහීමියන් වර්ගයේ ජීවිතයක් ගත කළ හත්තෙටුවේගම ලංකාවේ වීදි නාට්‍ය සම්ප්‍රදාය ගොඩ 
නැගූ පුරෝගාමියා විය. ඒ කාලයේ විශ්වවිද්‍යාලයේ ඥාන ගවේෂණය යනු තමන් උගන්වන විෂයය පමණක් කියවන එක 
නොවන බවට හොඳම නිදර්ශනය හත්තෙට්ටුවේගම විය. පේරාදෙණියේ අපේ ශාස්ත්‍රීය සම්ප්‍රදායම වුණේ එක තැනක කොටු 
නොවී ස්වකීය අධ්‍යයනයන් පළල් කලාපයක ගෙන යෑමය. සරත්චන්ද්‍ර සිංහල ඉගැන්වූවාට පශ්චාද් උපාධිය කළේ සංජානනය 
පිළිබඳ බෞද්ධ සංකල්පය ගැනය. සිරි ගුනසිංහ සංස්කෘත ඉගැන්වූවාට සත් සමුදුර චිත්‍රපටිය හැදුවේය. සරත්චන්ද්‍ර වික්‍රමසූරිය 
ඉංග්‍රීසි මහාචාර්ය වූවාට ලියුවේ සිංහල නවකතාවේ නැගීම ගැනය. මේ සම්ප්‍රදායේ වැදගත්ම පුරුකක් වශයෙන් හතාගේ මැදිහත් 
වීම සැලකිය හැක්කේ ඔහු තුළ තිබූ විචාරාත්මක ශාස්ත්‍රීයභාවය නිසාය.

හත්තොටුවේගම ගැන මගේ මතකයන් දෙකක් මෙහි සටහන් කිරිම සුදුසුයැයි සිතුවේ ඒවා වාර්තා කර තිබීමම වැදගත් යැයි 
සිතුණ නිසාත් අපිට වර්තමාන විශ්වවිද්‍යාල ආචාර්යවරයකුගේ ක්‍රියා කලාපය ගොඩ නගා ගන්නට ඒවා සමහර විට දයක 
වන්නට ඉඩ තිබෙනවා යැයි සිතන නිසාය. දිනක් අපේ මිතුරකු වූ රංජිත් විජේකෝන් (ඔවුත් දැන් විශ්‍රාමිකය) සහ මාත් 
හත්තෙට්ටුවේගමත් ජ්‍යෙෂ්ඨ පොදු කාමරයේ කථා කරමින් සිටින අතර රංජිත් තමාගේ දියණිය පේරාදෙණිය විශ්වවිද්‍යාලය 
තේරී ඇති බව පවසා, තව මාස 8ක් යන තුරු නවක ශිෂ්‍යයන් බඳවා නොගන්නා බැවින් මේ මාස කීපයේම ඇයට කියවන්න 
දෙන්න සුදුසු පොත් මොනවාදැයි හත්තෙට්ටුවේගම වෙතින් ඇසුවේය. හත්තෙටුටුවේගම ගත් කටටම කීවේ ‘රංජිත් දුව එන්නේ 
ආට්ස් ෆැකල්ටියට නම් මේ භූමියේදී මග හැර යන්න බැරි තුන්දෙනෙක් ඉන්නව. ඒ කාල් මාක්ස්, මැක්ස් වේබර් සහ සීග්මන් ප්‍රොයිඩ්.
ඒ තුන්දෙනා මග හැරල මේ ෆැකල්ටියේ මුකුත් හරියට ඉගෙන ගන්න බැහැ නේ. දුවට ඒ අය කියවන්න දෙන්න’ කියාය.
මේ කියමන අදට එදටත් වඩා ගැළපෙන බව මගේ අදහසයි. මාගේ දෙවන නිරීක්ෂණය වන්නේ අපේ විශ්වවිද්‍යාලයේ සමහරුන්
විශ්වාස කළ විශ්වවිද්‍යාල ආචාරවරයකුගේ ‘හැසිරීම’ ගැන තිබූ අධිභෞතික මතයන් හත්තොටුවේගමගේ හැසිරීමෙන්
අභියෝගයට ලක් වීම ගැන සිදු වූ සාකච්ජාවක්ය. දිනක් හත්තෙට්ටුවේගම සමග අපි කීපදෙනකු එක් වී කථා කරමින් සිටින
තැනකට යම් දෙපාර්තුමේනතුවක ටිකක් උසස් විදියට තමන්ගේ ‘ස්ටේටස්’පවත්වා ගන්න උත්සාහ ගන්නා ආකාරයේ
කථිකාචාරවරියක් (ඇයත් දැන් විශාමිකය) පැමිණ කීවේ ‘GK! ඔයාව හුගක් දවසකට පස්සේ අද දැක්කේ. ඔයා ඔය ළමයි
එක්ක නාට්‍ය කෙරුවට අද උදේ කරපු වැඩේ නම් එච්චර හොඳ නැහැ’ කියාය. එවිට ඔහු පෙරළා ඇයගෙන් ‘මොන වැඩේද ඔය
කියන නරක වැඩේ?’ ඇසු විට ඇය කීවේ ‘නෑ GK, අද මම විශ්වවිද්‍යාලයට එද්දි ඔයා ගලහ හන්දියේ තියෙන බස් හෝල්ට් එක
ළඟ ගහේ මුලක් උඩ ඉදගෙන තැඹිලි ගෙඩියක් බොනව මම දැක්ක. ඒක නම් GK ගුරුවරු විදියට අපිට තියෙන ස්ටේටස්වලට
හොඳ නැහැ නේද?’ කියාය. හත්තෙට්ටුවේගම සිනා සෙමින් කීවේ ‘මොන නරකක්ද? අපූරු තැඹිලි ගෙඩිය! මම ඒක බීව විතරක් නෙවී පළාගෙන මදත් කාලයි ආවේ. ඔයත් නැවතුණා නම් දෙන්න තිබුණා’ කියාය.

GKගේ ශිෂ්‍ය කේන්ද්‍රීය පැවැත්ම නිසාම ඔහුට මිත්‍රයකු තරමේ ඇසුරක් බොහෝ ශිෂ්‍යයන් තුළ තිබූ අතර ශාස්ත්‍රීයත්වය හා 
සමාජ මැදිහත් වීම ගැන ඔහු විශ්වාස කළ දේවල් සමාජයෙන් විශ්වවිද්‍යාලය ඈත් වෙමින් තිබෙන මේ කාලයේ අපේ අවධානයට
 ගැනීම වැදගත් බව මගේ අදහසයි. පසුගිය සතියේ අපේ නව පීඨාධිපතිතුමා සමග කථා කළ විටෙක ඔහු සඳහන් කළ 
කාරණයක් වූ පේරාදෙණියේ අන්‍යතාව වන්නේ අපේ මානව ශෘස්ත්‍ර අංශයේ නැගිටීම බවත් ඒ අංශ බබළන විට අපේ 
ශාස්ත්‍රීයභාවය රට තුළත් ලෝකය තුළත් පෙන්නුම් කරන බවත්ය. 90 දශකයේ අපේ ශිෂ්‍ය සටන් සගයකු වූ ඔහුගේ අදහස 
ඉතා නිවැරදි වන අතර, මේ වෙනුවෙන් උත්සාහ දැරීම අපේ වර්තමාන ‘මීටින් කල්චර් එකෙන්’ මිදීමට ඇති එක මග විය හැකිය.

ප්‍රධාන පිටුවකතුවැකියවිශේෂාංගසත්මඬලව්‍යාපාරිකසිත් මල් යායතීරු ලිපිරසඳුනඅභාවයන්







Saturday, June 11, 2016

හතර වැනි ආණ්ඩුව පහේ පන්තියෙන් ඔබ්බට

හතර වැනි ආණ්ඩුව පහේ පන්තියෙන් ඔබ්බට

මෙවර සටහන ලියන්නට සිතාගෙන සිටියේ රටේ ආර්ථිකයේ අද පවතින තත්ත්වය ගැනය. එහෙත් පසුගිය සති කීපයක සිට රටේ ඇතිවෙමින් පවතින ස්වභාවික විපත් සහ ඒවා පිළිබඳව සමාජ මාධ්‍යයන් තුළ ඉදිරිපත් වෙන දේවල් දෙස බැලු විට පෙනී ගියේ අපේ රටේ මාධ්‍ය අවකාශය ගැන කථා කිරීම ආර්ථිකයට වඩා වැදගත් බවය.ජනමාධ්‍ය හඳුන්වන්නේ රටක තියෙන හතර වැනි ආණ්ඩුව ලෙසින්ය. ව්‍යවස්ථාදායකය විධායකය සහ අධිකරණය හැරුණු විට වැදගත් සමාජ සංචරකය ලෙසින් මාධ්‍ය හඳුන්වන්නේ එහි ඇති බලපෑම් සහගතභාවයේ ඇති බරපතළකම නිසාය. සමාජයක ඉදිරිගාමී සිතන්නා වන්නේ ජනමාධ්‍යය යැයි පිළිගැනීමක්ද මේ සමඟ ගැට ගැසී තිබේ. මාධ්‍ය හැසිරිය යුත්තේ 'අනාගතය පෙනෙන වැහිලිහිණියෙකු ලෙසින් මිස කුණු ගොඩවල් පමණක් පෙනෙන කපුටෙකු ලෙසින් නොවේ යැයි කියමනක්ද තිබේ. මේ අදහස මඟින් කියවෙන්නේ මාධ්‍යයට අයිතිකාරිය වන්නේ සමාජයේ වැසීගිය ගැටලු (දුෂණ) මතු කිරීමෙන් ඉවත්වීම යන්න නොවේ. මාධ්‍යය කුණු ඇවිස්සීමත් කළ යුතුය. නමුත් එය කළ යුත්තේ වෙන කරන්නට දෙයක් නැති නිසා හෝ කුණු ඇවිස්සීම යනුම යැපීම් ආර්ථිකයක් යැයි සිතා නොවේ. වැරදි මතු කළ යුත්තේ එම විසමාචාර තත්ත්වයන් මතු කිරීම හරහා සමාජයෙන් ඒවා තුරන් කිරීමටය.

ඒත් අපේ රටේ සම්මත ප්‍රධාන මාධ්‍යයන් සහ වෙබ් මාධ්‍ය තරගයට කරන්නේ විසමාචාර ඇදිම මත ගොඩ නඟාගත් ආර්ථිකයක් ගෙන යාමය. අපේ රටේ මාධ්‍යයේ වෘත්තීයභාවය පිළිබදව මතු වී ඇත්තේ කනගාටුදයක තත්ත්වයක්ය. මේ තත්ත්වයට රටේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති සම්පාදකයන් වගකිව යුතු යැයි ලාබෙට කියා දැමිය හැකිය. එසේ කී විට ඒ චෝදනාවට මමත් අල්ලාගත හැකි යැයි සමහරෙකුට සිතෙන්නට පුළුවන. ඒත් මේ තත්ත්වය එසේ ආණ්ඩුවක හෝ පුද්ගලයෙකුට පවරා අපි කාටවත් ඇඟ බේරාගත නොහැකිය.
ජනමාධ්‍යයේ අපේ රටේ පැවති පැරණි සම්ප්‍රදායයන් සහ වෘත්තීය බව යළිත් ඒ තුළට කැඳවන්නේ කෙසේද යන ප්‍රශ්නය ඉදිරි කාලයේ ප්‍රධානතම දේශපාලන මාතෘකාවක් වීම අනිවාර්ය බව මගේ හැගීමයි. ඒ වගේම දැනුම ආධිපත්‍යය දරන සහ දැනුම මත පදනම් වූ ජනමාධ්‍යවේදයක් ගොඩනඟන්නේ කෙසේද යන්න දේශපාලන මාතෘකාවක් බවට පත්වීම අත්‍යවශ්‍යය. මේ සියල්ල රජයේ වැඩ යැයි කීම ප්‍රශ්නය හරියට නොතේරෙන නිසා කියන දෙයක්ය.
රජයේ පැත්තෙන් මේ සඳහා කෙරෙන්නට තියෙන දේවල් තිබෙන නමුත් වගකීම ඇත්තේ මේ පෞද්ගලික අවකාශයේ බහුතර බලයක් තියෙන මාධ්‍ය ක්ෂේත්‍රයේය. මේ සඳහා සුදනමක් මාධ්‍ය අයිතිකරුවන් තුළ තිබේද යන්න තම තමන්ම විමසා බැලිය යුතු කාරණයකි. චොකලට් හදන කොම්පැනියක් මාධ්‍ය හදන්න තීරණය කිරීම හොද නමුත් හොඳ චොකලට් එකක් හැදිමට තමන් දරන මහන්සිය සහ වියදම (වැටුප් නව දැනුම් පර්යේෂණ සහ සේවක පුහුණුව) ඒ වගේම තමන් හදන මාධ්‍ය වෙනුවෙනුත් වියදම් කරන්නට පෙලඹෙන්නේ දැයි සිතීම වැදගත්ය. මේ කාරණය අනෙක් හැම මාධ්‍ය කොම්පැනියකටම එක වගේම සමානය.
මාධ්‍යයේ වෘත්තීයභාවය සහ දැනුම සම්බන්ධ තවත් බලපෑමක් සිදු කරන්නනේ වෙබ් මාධ්‍ය සහ සමාජ මාධ්‍යයන්ය. වෙබ් අවකාශයන්ටත් වඩා සමාජ මාධ්‍යයන් මේ රටේ මාධ්‍ය ක්ෂේත්‍රයේ බරපතළ මැදිහත්වීමක් සිදු කරමින් පවතින බව කවුරුත් පිළිගන්නා කාරණයකි. එක් අතකින් පසු ගිය ජනාධිපතිවරණයෙන් පසුව ලංකාවේ මැතිවරණ දේශපාලනය පාලනය කරන මාධ්‍ය වන්නේ සාම්ප්‍රයික පුවත් පත් හෝ විද්‍යුත් මාධ්‍යයන් නොව සමාජ මාධ්‍ය යැයි තර්කයක් වුවද මතු කළ හැකිය. මා සිතන ආකාරයට ඉදිරි මැතිවරණව තීරණාත්මක සාධකයක් වන්නේ ඒ ඒ අපේක්ෂකයන් සහ පක්ෂ ඩිජිටෙල් අවකාශය තුළ කොපමණ දරිතාවයන් පෙනී සිටින්නේද යන්න ඒ අයගේ ජයග්‍රහණයට සෘජුවම බලපානු ඇති බව මගේ හැඟීමයි. 
සමාජ මාධ්‍ය යනු ඉතාම තීරණාත්මක බලයක් සහිත මාධ්‍යයක් වන අතර ඒවා මඟින් සමාජයට සිදු කරන බලපෑම ඉතාම තීරණාත්මකය. පසුගිය සතියේ සාලාව හමුද කඳවුරේ පිපිරීම ගැන වැරදි වාර්තා නොකරන්නැයි පරණවිතාන ඇමතිතුමාට විශේෂ පනිවිඩයකින් කියන්නට සිදු වුණේ ඒ නිසා විය යුතුය. සමාජ මාධ්‍යයන් නියාමනය කරන්නට නොහැකි විශේෂ කාණ්ඩයක මාධ්‍යයන් බව මෙහිදි අපගේ අවධානයට ලක්විය යුතුය. එය නියාමනය විය යුත්තේම ආචාර ධර්මීය පදනමක සිටය. 

සමාජ මාධ්‍යයන් හැමෝගේම මොබයිල් ෆෝන් එකේ තිබීම යනු එය මඟින් තමන්ගේ කාන්සිය මඟ හරවාගැනීමට තම තම පෞද්ගලික අසනීපයන් සමාජගත කරන ලැබුණු උපකරණයක් බවට පත් කර ගැනීම කනගාටුද­ායකය. මේ තත්වය වෙනස් කළ හැක්කේ ශක්තිමත් අධ්‍යාපන හා දැනුවත් කිරීම් මාලාවක් හරහාය. අනෙක් අතට මාධ්‍යයේ නව ජයග්‍රහණයක් වශයෙන් සැලකිය හැකි 'හැමෝම මාධ්‍යවේදින්' බවට පත් වීමේ මෙම සමාජ මාධ්‍යයන් යනු උපකරණයක් හා සම්බන්ධතාවක් ජාලයක් තමන් අතව පත්වීමක් ලෙස පමණක් සැලකීමෙන් ඉවත් වී එය වගකීමක් ලැබීම ලෙසින් තේරුම් ගැනීම දක්වා මේ සමාජය පරිවර්තනය කිරීම කළ හැක්කේ එවැනි අධ්‍යාපන කාර්යයක් මගින්ය.

මාධ්‍යය ක්ෂේත්‍රයේ පුහුණුව සහ ආචාර ධර්ම එකිනෙකට පලපෑම් කරන වැදගත් අවශ්‍යතා දෙකක් වශයෙන් පිළිගැනීම අවශය වන්නේ ඒ මඟින් මාධ්‍යයේ ස්වයං නියාමනයක් කෙරෙන නිසාය. මාධ්‍ය අධ්‍යාපනය පැත්තෙන් අපේ රටේ උසස් අධ්‍යාපන ආයතනවල සිට සියලූ ක්ෂේත්‍රයන්හි තිබෙන බුද්ධිමය සීමාසහිතකම් පරාජය කිරීමද මෙහිදි ඉතාම වැදගත්ය. ලෝකයේ දියුණු රටවල මාධ්‍ය අධ්‍යාපනයන් අපේ රටේ මාධ්‍ය අධ්‍යයනයන්ට සහාය කර ගැනීමට අවශ්‍ය දැනීම ලබා දිම මෙහිදි වැදගත්ය.
මෙහිදි තේරුම් ගත යුතු තවත් කාරණයක් වන්නේ හතරවන ආණ්ඩුවේ හෙවත් මාධ්‍යය ක්ෂේත්‍රයේ විශිෂ්ට ගණයේ අයද තවමත් අපේ රටේ මාධ්‍යයන් අතර සිටින බවය. මගේ මේ සටහනින් ආමන්ත්‍රණය කරන්නේ එවැනි මාධ්‍යවේදීන්ගේ තත්ත්වයට අනෙක් අයත් ගෙන ඒමේ අවශ්‍යතාවයය. මාධ්‍යවේදියෙකු ලෙසින් දිනමිණ පුවත්පතේ වැඩ කළ මහා ගත් කතුවරයෙකු වූ මාර්ටින් වික්‍රමසිංහයන් එක් වරක් තම පුවත් පතේ අයිතිකරුවා වූ විජයවර්ධන මහතා විසින් කළ සාකච්ජාවක් සඳගෝමි කෝපරහේවා වික්‍රමසිංහගේ මාධ්‍ය කලාව ගැන පළ කළ පොතක සඳහන් කර තිබේ. මාක්ස්වාදය ජනප්‍රිය වෙමින් ආ ඒ කාලය තූළ හෝමාගම පැත්තේ එක් මාක්ස්වාදි ගැරුවරයෙකු ස්වකීය දරුවෙකු දුෂණය කිරීමේ සිදුවීමක් පුවත්පතේ ලිපියක් ලෙසින් දැම්මොතින් එය මාක්ස්වාදයට හොඳ පහරක් විය හැකි බැවින් එසේ කරන මෙන් විජයවර්ධන මහතා වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා ඇත. එහෙත් වික්‍රමසිංහයන්ගේ ක්ෂණික ප්‍රතිචාරය වී ඇත්තේ එවැනි ලිපියකින් සමාජයට වැරදි බලපෑමක් ඇති කරන බැවින් එය කෙසේවත් ඉටු කළ නොහැකි බවය. වැඩේ එතැනින්ම නැවතිණි. විජයවර්ධන මහතාද කාරණය තේරුම් ගත් බැවින් මාධ්‍යයේ සදචාරය එද සුරැකිණි. අද ප්‍රශ්නය වී ඇත්තේ විජයවර්ධන මහතාගේ වැනි ඉල්ලීම් අදත් තිබෙන නමුත් වික්‍රමසිංහ මහතාගේ වැනි ප්‍රතික්ෂේප කිරීම් නොමැති වීමය.

Friday, June 3, 2016

ජපන් මැන්ඩලින් අරගෙන.........


Text ViewImage ViewPrint
 |  | 

Nexus thinking


This is the abstract of my paper that I am going to present in at the conference in London this september.

Theme: Nexus thinking
30 August to 2 September, at the Royal Geographical Society (with IBG) in London  


Philosophical approaches to place and space
TimetableThursday 01 September 2016, Session 3 (14:40 - 16:20)
Contact the conference organisers to request a change to session or paper details:  AC2016@rgs.org
‘Meanings Crisis’ in the context of environment: A philosophical analysis
Charitha Herath (University of Peradeniya, Sri Lanka)
There is not any fixed meaning in any concepts in the subjects related to social sciences and humanities. Meaning for any concept will be given or found according to the context where the given concept is discussed. Phenomenological methods, Wittgenstein Language Philosophy, Deconstructive Schools discuss the crisis of meanings and impacts of it. The phenomenon, process and states of being related to the studies of environment have been developed within the complex contexts. Similarly, the meanings of the context of environment too have gone into a problematic situation. This leads to a dispute among environmentalist and philosophers within same school of philosophers and among different schools such as western and eastern thoughts. This has led to cripple the both national and international programs and plans that have applied to solve environmental problems and conserve the environment. The broad objective of this paper is to inquire the meaning crisis in the context of environment and to locate these issues to a practical and realistic domain for searching solution for the said crisis. Secondary data from literature review was the main source for this study. Technique of conceptual analysis used in the subject of Philosophy was employed to analysis the data. Complexity of the meanings in the concepts of environment can be reduced from this study by introducing universally acceptable meaning. These unique meanings will help to solve burning environmental issues in the contemporary world.