‘වින්දිත-මනෝභාවය’ නිෂ්පාදනය කිරීම
මා මෙවර සටහන ලියන්නට සිතුවේ තරමක් වෙනස් මාතෘකාවක් ගැනය. එක් අතකින් මේ සටහන ලියන්නේ මගේ විෂය පැත්තෙන් ගැනෙන තරමක් බැරූරුම් දර්ශනික කාරණයක් පැහැදිලි කිරීමටත් එක්කය. මෙය දෘෂ්ඨිවාදය පිළිබදව මාතෘකාව සමග ඝෘජුවම සම්බන්ධ වි තිබෙන බවද මෙහිදි කිව යුතුය. අනෙක් අතට මේ මාතෘකව දේශපාලන මනෝවිද්‍යාව පැත්තෙන් ද බැලිය යුතු කාරණයක් කියා ද අවශ්‍ය නම් කිව හැකිය. මා කථා කරන්නට යන්නේ මෙරට සමාජයේ ප‍්‍රධාන දේශපාලන උත්පේරකයක් ලෙසින් මේ වන විට ගොඩ නැගී තිබෙන ‘වින්දිත මනෝභාවය’ (Victim Psyche) කාරණය පිළිබදවය. සරලවම ගතහොත් මේ කථා කරන්නට යන්නේ ප‍්‍රසිද්ධ ගීතයක කියවෙන අපේ රටේ හුගක් අය තුළ තියෙන ‘අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා’ කියන මානසිකභාවය සමග ගැට ගැසී ඇති දේශපාලනය පිලිබදවය. අපේ රටේ මේ යුගයේ සමාජ හැසිරවීම කෙරෙහි උතුර- දකුනු භේදයකින් තොරව මේ තත්වයේ සම්බන්ධතාවක් තිබෙන බව පෙන්නුම් කරන නිසා එහි බරපතල දේශපාලන වලංගුභාවයක් ද තිබෙන බව මගේ අදහසය.
වින්දිතයා යනුවෙන් අදහස් කරන්නේ යම් කිසි තත්වයක් හමුවේ බලපෑමකට යටත්ව පරාජයට පත්ව හෝ කනගාටුවට පත්ව සිටින පුද්ගලයා ලෙසින් සරළව තේරුම් ගත හැකි වුනත් වින්දිතයාගේ මානසිකභාවය යනු ඊට වඩා තරමක් සංකීර්ණ දෙයක් බව මගේ පිලිගැනීමය. මෙතැන ‘වින්දිතයෙක් සිටිනවා යැයි’ කියන විටම එහි අනෙක් පැත්ත වන ඔහුව වින්දිතයෙක් බවට පත්කළ පුද්ගලයෙක් හෝ හේතුවක් පවතිනවා යැයි පිලි ගැනීමක්ද ඇතිවන බව පැහැදිලිය. තවත් පැහැදිලිව කීවොත් වින්දිතයා යනු වෙන කෙනෙකුගේ හෝ යම්කිසි තත්වයක වින්දනයෙන් පීඩාවට පත්වූ තැනැත්තාය. එසේත් නොමැතිනම් වෙනත් පුද්ගලයෙකුගේ හෝ තත්වයක තියෙන වින්දනයක (සතුටක) විෂය වස්තුව බවට පත්වූ තැනැත්තා වින්දිතයාය. මා මුළින් කී පරිදි ඉංග‍්‍රීසියෙන් එයට කියන්නේ විකටිම් කියාය. දැන් වික්ටිම් කෙනෙක් සිටින්නට නම් (victor) වික්ටර් කෙනෙක් හෙවත් වින්දකයෙක්ද (වින්දනය කරන්නෙක්) සිටිය යුතුම බව පිලිගත හැකිය. නමුත් මෙතැන අද සමජය පැත්තෙන් වැදගත් කාරණයක් වන්නේ මෙවැනි දිර්ඝ කාලයක් පුරාවටම පැවතුනු වින්දිතභාවයේ මානසික තත්වයක් විසින් ගොඩනගන ලද ‘වින්දිත-මනෝභාවයක්’ අපේක්ෂා කිරීමේ තැනකට සමාජය පත්වීමය. එනම් මේ මානසික තත්වය විසින් අද ගොඩ නගා ඇත්තේ ‘වින්දකයෙක් නොමැතිවම වුවද වින්දිතයෙක් ලෙසින් තමාව පවත්වාගෙන යාමේ’ උත්සාහයක් ඇති මානසික ව්‍යාපාරයකට සමාජයේ විශාල කොටසක් හසු වී සිටීමය.
මේ කාරණය තව ටිකක් එහාට තේරුම් ගැනීම වැදගත්ය” දැන් මෙරට සමාජය තුළ මේ වින්දිකරණය විසින් ඇති කරන ලද මනෝභාවයක් වන්නේ තමාට එරෙහිව ඇති මහා ව්‍යාපෘතියක් විසින් සිදු කරනු ලබන බලපෑමකට හැමවිටම තමන් ගොදුරු වී ඇති බවට වූ හැගීමය. මේ ගොදුරුකරණයේ තත්වය බරපතල ආකාරයෙන් ගොඩ නැගුනු විට ජවත්වීම ලෙසින් හුගක් අය සළකන්නේ ඒ ගොදුරුකරණයෙන් ගැලවීමට හෝ එය ඉවත් කිරීමට දරන උත්සාහයය. මේ තත්වය තවත් සංකීර්ණ වූවහොත් සිදුවන්නේ ‘තමාව ගොදුරක් කරගෙන සිටින මහා ව්‍යාපෘතියේ බලපෑම භෞතිකව ඉවත් වුවත්’ මානසික ව තමන් ඒ ‘මහා බලපෑමෙන්’ ගැලවී ඇතැයි සිතන්නට හැකියාවක් ලැබෙන්නේ නැති ගානට වින්දිතකරණය සමග ගැට ගැහීමය. මේ නිසා සිදුවන්නේ වින්දිතභාවය හා ගොදුරුකරණය භෞතික වස්තුවක් (object එකක්) ලෙසින් ගැලවී ගොස් තිබුනත් එය දෘෂ්ධිවාදයක් (doctrine ලෙසින්) ලෙසින් දිගටම පවත්වා ගෙන යාමට වින්දිතයාම බරපතල උත්සාහයක් දැරීමය.
දැන් රටක් ලෙසින් අද මුහුණ දි සිටින්නේ දෘෂ්ඨවාදිව වින්දිතභාවය පවත්වාගෙන යාමේ උත්සාහය ජවිතය හා දේශපාලනය ලෙසින් ප‍්‍රතිවරනගනය වූ සමාජයකටය. උතුරේ සමාජය ජවත්වීම ලෙසින් තේරුම් ගන්නේ ‘දකුනේ මහා අනෙකා’ ලෙසින් වූ සිංහල සමාජයට තමාට එරෙහිව සිදුකරන්නාවූ වින්දිතකරණය හා ගොදුරුකරණය එරෙහිවීමේ මානසික ‘බිම’ හැදිම ජවත්වීම හා දේශපාලනය ලෙසින් තේරුම් ගැනීමටය. දකුනේ සමාජය විශේෂයෙන්ම ‘යටත්විජත මහා අනෙකා’ විසින් තමන්ව ගොදුරුකරනය කර ගැනීම හා වින්දිතකරණයට ලක් කිරීමට එරෙහිව වැඩ කිරිම දේශපාලනය ලෙසින් තෝරා ගන්නේ මේ සන්දර්භය හමුෙවිමය. මෙතැන තේරුම් ගත යුතු වැදගත්ම කාරණයක් වන්නේ මෙරට වාම දේශපාලනයත් ජාතිකවාදි කණ්ඩායම් මේ කාර්තුවේ දේශපාලනය කියා කරන්නේ වින්දිතමනෝභාවය නිෂ්පාදනය කිරීමේ (manifestation of Victim psyche) පැක්ටරි හැදිම මිස වෙන යමක් නොවන බවය.
චරිත හේරත්
Published on Ravaya 2017 December
No comments:
Post a Comment