අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන කථාව
යලිත් වතාවක් කරලියට පැමිනියේ මීට සති කීපයකටම පෙර පටන්මය. එය එසේ වුවත්
රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ඉවත් කළ යුතුයැයි යන මතවාදය මේ රටේ
තියෙන්නේ අද ඊයේ සිට නොව මහ බැංකු හොරකම සිදුවූ දිනවල පටන්මය. ඒ කියන්නේ
ඔහු දින සීයේ අගමැතිකම කාලයේ පටන්මය. පසුගිය පළාත් පාලන මැතිවරණ වේදිකාවේ
ශ‍්‍රීලනීපයේ ප‍්‍රධාන පටන් පාඨයක් වූයේ මේ අගමැතිත් එක්ක ඉදිරියට යන්න
බැරි බවත් මැතිවරණයෙන් පසුව ඔහුව ඉවත්කරන්නේ නැතිනම් සමගි සන්ධාන ආණ්ඩුවේ
සිටින ශ‍්‍රීලනීපයේ අය තවදුරටත් ඉන්නේ නැති බවත්ය. ‘කියද්දි එහෙම වුනාට
කරද්දි මෙහෙමයි කියන්නා සේ’ එද එසේ කීවත් පළාත් පාලන මැතිවරණයේන් පස්සේ
අගමැතිව අයින් කරන්නට ශ‍්‍රීලනීපයේ අයට හැකියාවක් තිබුණේ නැති බව නම් දැන්
කාටත් පෙනී ගොස් හමාරය.
මේ පළාත් පාලන ජන්දය තිබුනේ ගමේ ආණ්ඩුව දෙන්නේ කාටදැයි තෝරා ගැනීමට බව සැබෑය. එහෙත් ජන්දයේ ප‍්‍රතිඵලවලින් පෙන්නුම් කළේ ගමේ ආණ්ඩුව කෙසේ වෙතත් කොළඹ මහ ආණ්ඩුව දැන් තියෙන්නේ කාගේ අතේදැයි කියන කාරණය යැයි පැවසීමේ වැරුද්දක් නැත. මේ මැතිවරණය පුරාවටම ආණ්ඩුවේ සිටින ශ‍්‍රීලනීපයේ අය කීවේ ‘එජාපයේ ඉන්නේ හොරු’ බවත් ඒ නිසා ඒ හොරුන්ට විරුද්ධව ශ‍්‍රීලනීපයට ජන්දය ලබා දෙන ලෙසත්ය. ආණ්ඩුවේ සිටින එජාපයේ අය කීවේ ශ‍්‍රීලනීපය කියන්නේ බොරු බවත් ‘එජාපය ඉන්නේ හොරු නොවන’ බවත්ය. දැන් ආණ්ඩුවට තවදුරටත් මේ කියන සමගි සන්ධාන ආණ්ඩුව ලෙසින් පවතින්නට හැකියාවක් තියෙන්නේ දෙගොල්ලෝ එකිනෙකාට හොරු කියමින් සහ එකිනෙකා කියන්නේ බොරු යැයි කියමින් ඒ ඒ පක්ෂ වෙන වෙනම ලබා ගත් ජන්ද ටික එකට එකතු කරන්නට පුලූවන් කමක් තිබෙනවා නම් මිස වෙනත් කිසිම ආකාරයකින් නොවන බව ඉතාමත් පැහැදිලිය. මේ ආණ්ඩුවේ සිටින ප‍්‍රධාන පක්ෂ දෙකම ජනාධිපතිකමත් අගමැතිකමත් පාවිච්චි කරමින් සිදු කළ සියලූ බලපෑම් මධ්‍යයේ අලූතින්ම තරගයට එක්වූ ශ‍්‍රීලංකා පොදු ජන පෙරමුණ සියයට හැත්තෑවක් පමණ පලාත් පාලන ආයතන ජයග‍්‍රහනය කිරීම හරහා රටේ ගොඩ නැගී ඇත්තේ මෛත‍්‍රීට හා රනිල්ට පිටින් මහින්දගේ ආණ්ඩුවක් රටේ තියෙනවා වැනි හැගීමක්ය. ආණ්ඩුවේ දෙගොල්ලෝම ‘දැක්කේ නෑ වගේ හිටියාට ’ රටේ ගොඩ නැගී ඇත්තේ මේ වගේ තත්වයක්ය.
පසුගිය පලාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල පිටවූ දවසේ සිට අද දක්වාම රටේ දේශපාලනයේ කිසිම ස්ථාවර භාවයක් නොපෙන්වන්නේ ආණ්ඩුවේ සුජාතභාවය පිලිබදව ගොඩ නැගී ඇති මේ ගැටුලුව නිසාමය. මහබැංකුවේ වර්තමාන අධිපතිතුමා මේ සතියේ කියා තිබුනේ දේශපාලන ස්ථාවරභාවයක් රටේ නැති නිසා මුල්‍ය ස්ථාවරභාවයක් ගොඩනගා ගත නොහැකි තත්වයට රට වැටී ඇති බවය. දැන් අගමැතිවරයාට එරෙහිව විශ්වාශභංග යෝජනාවක් ඇවිත් තියෙන්නේ මේ කියන අස්ථාවරභාවයේම තවත් එක් ප‍්‍රකාශයක් ලෙසින් යැයි පැවසීමේ වැරුද්දක් ද නැත. රටේ මහජනතාවගේ පැත්තෙන් බලන විට නම් ආණ්ඩුවේ සිටින ප‍්‍රධාන පක්ෂ දෙක ගැනම ඒ අයගේ තිබූ විශ්වාසය භංග වී ඇති බව පැහැදිලිය. ඒත් දැනට ශ‍්‍රීලනීපයේ අය කරන කියන දේවල්වලින් පෙනී යන්නේ ‘ආණ්ඩුව කියන්නේ රනිල්ට’ වැනි දෙයක් නිසා අගමැතිට එරෙහිව විශ්වාසභංගක් ගෙන ඒම සංකේතාත්මකව කියන්නේ මෙය ආණ්ඩුවටම එරෙහිව එන විශ්වාසභංගයක් යැයි සිතීමේ වැරුද්දක්ද නැත.
මේ අගමැතිවරයා පැමිනි හැම වතාවේම වගේ මෙවරත් ඔහු කටයුතු කරන්නේ විදේශිකයින්ට හා විජාතිකයින්ට ගැලපෙන ආකාරයට බව ශ‍්‍රීලනීපයේ සිටි පැරනි පාක්ෂිකයින්ට හෙවත් පොහොට්ටුවේ වර්තමාන පාක්ෂිකයන්ට නම් කිසිදු සැකයක් තිබුනේ නැත. 2015 ජනාධිපතිවරණයෙන් පසු කාලයේ කවර විටකවත් ඒ ජනතාව රනිල් කවුදැයි කියා රුවටුනේවත් තමන්ව රවට්ටවා ගත්තේවත් නැත්තේ ඒ නිසාය. ඒත් මේ දක්වාම ශ‍්‍රීලනීපයේ ආණ්ඩුවේ ඇත්තෝ නම් ඔහුට දිගටම රුවටුනු බව නොකියාම බැරිය. 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජයට පත්වෙද්දි අපි හිතුවේ දිනන්නේ මෛත‍්‍රී කියාය” ඒත් පසුදින අපි දුටුවේ මෛත‍්‍රී ජනාධිපතිතුමන් දිවුරුම් දෙනවා පමණක් නොව එවකට පාරලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 46 පමණක් සිටි රනිල් වික‍්‍රමසිංහ මහතාද අගමැති ලෙසින් දිවුරුම් දිමය. වැඬේ වරදින්නට පටන් ගත්තේ මෙතැන සිටන්ය. එපමණක් ද නොවේ. 2015 අප‍්‍රියෙල් මාසයේ ඒ පැරනි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබූ මහින්ද කණ්ඩායම විසින් වික‍්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව ජයග‍්‍රහනය කරන්නට නොහැකි වූයේ ජනාධිපතිතුමන් විසින් හදිස්සියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරිම නිසාය. දෙවැනි වරට අපි කාටත් වැරදුනේ ඒ වෙලාවේය. මේ වැරුද්ද එතැනින් නිමා වුයේ ද නැත. මෛත‍්‍රී මහින්ද එකතු කර ඒ අප‍්‍රියෙල් මහ මැතිවරණය තරග කරන්නට (සමහරුන්ගේ විරෝධතාවන් මැද වුවත්) අපි පෙරට ආවේ ඒ හරහාවත් වික‍්‍රමසිංහ මහතාව පරාජයට පත් කරන්නට හැකිවේයැයි සිතූ නිසාය. ඒ ආකාරයෙන්වත් ඔහුගේ අගමැතිකම ගලවන්නට හැකියාවක් ලැබෙවි යැයි අප සිතු නිසාය. රනිල්ව අගමැතිකමෙන් ගලවන්නට අපි ගත් ඒ උත්සාහයත් නිමා වූයේ ඔහුව යලිත් වරක් ඒ පුටුවේ වාඩිකරවමින් පමණක් නෙෙවේ. ඒ වැඬේ කෙළවර වූනේ අපේ පක්ෂයේ ලේකම් හා සන්ධානයේ ලේකම්ගේ පට්ටම් ගැලවී යාමෙන් බව මතක් කරන්නේ පසුගිය වැරදි යලි කියවමින් මෙවරවත් ඔහු පරදවන්නට හැකියාවක් වෙතොත් එය වලක්වන්නට නොව මේ වැඬේ බොරුවට කරන්නට නොයා යුතු බව පැහැදිලි කරන්නටය. තුන්වෙනි වතාවටත් අපි පරාජයට පත්වූ අතර රනිල් වික‍්‍රමසිංහ මහතා යලිත් අගමැති විය. ඒ නිකම්ම නොව නිමල් සිරිපාලලා සුසිල් ප්‍රෙමජන්ත්ලා මහින්ද අමරවීරලා ඇමති මණ්ඩලය ලෙසින් දෙපැත්තෙන් පිරිවරාගෙනය” තුන්වෙනි වතාවටත් අපි පැර¥නේ ඒ ආකාරයෙන්ය.
දැන් යලිත් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් භාරදි තිබෙන අතර ඒ සදහා ඒකාබද්ධ විපක්ෂයේ හැමෝම පාහේ මේ වනවිටත් අත්සන් යොද ඇති බව ආරංචිය. මේ විශ්වාසභංගය ජයගන්නට නම් ඒකාබද්ධ විපක්ෂයේ අයට අමතරව ආන්ඩුවේ සිටින ශ‍්‍රීලනීපයේ අයත් එජාපයේ හෝ වෙනත් පක්ෂයක කීපදෙනෙකුත් ජන්දය ලබාදිය යුතුව ඇත. ඒ සියල්ල ඒ ආකාරයෙන් සිදුවෙනවාදැයි මා දන්නේ නැත. එසේ සිදුවේවා යැයි පැතීම හැර අපිට කළ හැකි වෙනත් දෙයක්ද මට පෙනෙන්නේ නැත.
දැන් මේ විශ්වාසභංගය ජයගැනීමට නම් කළමනාකරණය කරගත යුතු සාධක අතර වැදගත්ම එකක් වන්නේ මේ කාරණය පිළිබදව ජනාධිපතිතුමන් සිතන්නේ කෙසේදැයි හරියට තක්සේරු කරගැනීමය. එතුමන්ගේ සහාය නොලැබෙන යෝජනාවකින් මේ රජයේ අගමැති මේ මොහොතේ අස්කළ හැකි යැයි මා සිතන්නේ නැත. එතුමන් මේ යෝජනාවට පක්ෂ වන්නේ යැයි සිතුවහොත් ඒ පක්ෂ වන්නේ දැන් සිටින අගමැති අයින් කර එජාපයෙන් වෙනත් කෙනෙක් පත්කර ගැනීමටද එසේත් නැතිනම් ශ‍්‍රීලනීපයේ කෙනෙක් සුලූතර ආණ්ඩුවක් ලෙසින් පත්කර ගැනීමටද කියන කාරණයද තවම පැහැදිලි නැත. ජනාධිපතිතුමන් විසින් මේ දෙකෙන් කොයි එක කළත් ඒ වැඬේට ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධ විය යුත්තේ කෙසේද යන කාරණය මෙහිදි කළමනාකරණය කර ගත යුතු දෙවැනි කාරණයය. මම නම් සිතන්නේ ඒකාබද්ධයේ අය මේ මොහොතේ සිතිය යුත්තේ එලියේ සමාජයේ පොරකමින් තමන්ට සහයෝගය පළකරන පෙහොට්ටුවේ පාක්ෂිකයින්ගේ අභිලාෂයන් හොදට කිරා මැන බැලීමෙන් පසුව බවය. මට තේරෙන දේශපාලනයට අනුව නම් අපේ පාක්ෂිකයින් රනිල්ට වගේම රනිල්ගේ කැබිනට් එකේ ඇමතිකම් දරන ශ‍්‍රීලනීපයේ කණ්ඩායමටත් එකවගේම විරුද්ධය. ඒ අර්ථයෙන් නිමල් සිරිපාල අගමැති කිරීමෙන් හෝ කරු ජයසූරිය අගමැති කිරීමෙන් පොහොට්ටුවේ පාක්ෂිකයන්ගේ අභිලාෂයට කිසිදු පිලිගැනීමක් ලැබෙන්නේ නැති බව සැබෑය. එහෙත් රනිල් ඉවත් කිරීමෙන් ලැබිය හැකි ජයග‍්‍රනයන් රටේ පැත්තෙන් වඩාත් පළදයක වන්නේ රනිල් නොවන අලුත් අගමැකි යටතේ ඉක්මන් ජන්දයක් ලබා ගැනීමේ එකගතාවයක්වත් ගොඩනගා ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට හැකියාව ලැබුනෝතින් පමණක් ය. අපි මේ විශ්වාසභංගයෙන් ලැබිය යුතු ජයග‍්‍රහනය වන්නේ මහ මැතිවරණයක් ලබා ගැනීමේ සටනට ශක්තියක් ලබා ගැනීමය.
අනෙක් අතට එජාපයේ නිල නායකත්වයත් (රනිල්) සහ පොහොට්ටුවේ නොනිල නායකත්වය (මහින්ද) එළියේ තියාගෙන ආණ්ඩුවක් කිරීම මේ පාර්ලිමේන්තුවේ යථාර්ථයක් වන්නේ පරිවාස කාලයකට පමණක්ම බව තේරුම් ගැනීමත් මෙතැනදි ඉතාමත් වැදගත්ය. එසේ නොවන්නේ යැයි කියන්නෝ කරන්නේ දේශපාලන විහිලූ සැපයීම පමණක් බව මගේ අදහසය.
ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවට අනුව මීලගට යෙදෙන ජාතික මැතිවරණය වන්නේ ජනාධිපතිවරණයක් බව කවුරුත් දන්නා කාරණයක්ය. එහෙත් පොහොට්ටුවට (ඒකාබද්ධයට) වඩාත් වැදගත් වන්නේ ඒ පටිපාටයේ තියෙන ජනාධිපතිවරණය නොව එයට පෙර මහ මැතිවරණයක් කැදවා ගැනීමය. අනෙක් අතින් ශ‍්‍රීලනීපයේ දැන් ඉන්න ඇමතිවරුන්ට කෙසේ වෙතත් මෛත‍්‍රී ජනාධිපතිතුමන් වුවත් කෙළින්ම ජනාධිපතිවරණයකට ගමන් කිරිමට නොව මහ මැතිවරණයකට පසුව එන ජනාධිපතිවරණයකට මුහුණදිමට කැමති විය හැකි බව මගේ අදහසය. මහින්ද ජනාධිපතිතුමන්ගේ පැත්තෙන් සහ පොහොට්ටුවේ පාක්ෂිකයින්ගේ පැත්තෙන් නම් දේශපාලනය න්‍යාය පත‍්‍රයේ පළමුවත් දෙවනුවත් තෙවනුවත් තිබෙන්නේ මහ මැතිවරණයක් දක්වා බලවේග මෙහෙයවීමය. ඒ සදහා ව්‍යවස්ථාවේ ඉඩක් නැතැයි කියා කල් මැරිමෙන් සිදුවෙන දේශපාලන යහපතක් නැත. ඒ සදහා ව්‍යවස්ථාවේ ඇති ඉඩ පාවිච්චි කරමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක යෝජනා සම්මතයක් හරහා මෙ වැඬේ කරන්නට දේශපාලනමය මැදිහත්වීමක් කිරීම අත්‍යාවශ්‍යය. අද මුලු රටම අක‍්‍රීය කරන කුප‍්‍රකට 19 ව්‍යවස්ථා සංශෝධනයට පාරල්මේන්තුවේ තුනෙන් දෙකක බලයක් ගත්තේ ඒ ආන්ඩුවේ අගමැතිට හෝ ජනාධිපතිට තුනෙන් දෙකක ජනවරමක් පාරලිමේන්තුවේ තිබී නොවන බව අපගේ මතකයේ තබා ගැනීම මෙහිදි ඉතාමත් වැදගත්ය. බලවේග මෙහෙයවන ආකාරයට අනුව මිස නිශ්චිතව තියෙන තුනෙන් දෙකක ජනවරමක් මේ කාලයේ කාටවත් ලැබෙන්නේ නැත. සෝභිත හිමිගේ කුඩා බලවේගය දෙතුන් සියයක ජනතාවක් සමග පාර්ලිමේන්තු වට රවුමේ සිටියා පමණය. නැති තුනෙන් දෙකක් පාරලිමේන්තුව ඇතුළේ අපුරුවට ගොඩ නැගුනේය. ඒ නිසා මේ විශ්වාසභංගය ජයගන්නේ නම් ඒ ජයග‍්‍රහනයෙන් ජනතාවට ලබා දිය යුතු කොටස වන්නේ ඒ අයගේ කැමැත්තට ගැලපෙන ආණ්ඩුවක් හා අගමැතිවරයෙක් තෝරා ගැනීමට ඉඩ ලබා දිමය.
මේ එකක්වත් වෙන්නේ නැතිව මේ විශ්වාසභංගය පරාජයට පත්වී හෝ අවසාන මෙහොතේ ශ‍්‍රීලනීපයේ සහාය නොලැබී යාමේ ඉඩක්ද මේ තුළ තිබෙන බව අපි අමතක කළ යුතු නැත. එවැනි තත්වයක් නිසා නැවත වරක් රනිල්ගේ එජාපයත් ජනාධිපතිතුමන්ගේ ශ‍්‍රීලනීපයත් අතර භංගවී ඇති විශ්වාසය අලූතින් හදගැනීමටද ඒ අය මෙය පාවිච්චි කරන්නට ඉඩ ඇත. එවැනි දෙයකට ‘පාවිච්චිවීමට’ හෝ යන එනමං නැතිව සිටින ශ‍්‍රීලනීපයේ නායකයෝ කීපදෙනෙකු යලිත් අපේ ජන්දයෙන් පාරලිමේන්තු යැවිමකට මේ විශ්වාසභංගය යොද ගැනීමේ කිසිදු ඉඩක් අපි දිය යුතු නැත.
අවසාන වශයෙන් කිව යුත්තේ ‘දුවන මුවන් දැක නොදමව් නෙලූ පලා’ කියා කීවාක් මෙන් කොහේවත් නැති විහ්වාසභංගයක් නිසා ඒකාබද්ධය හා පොදුජන පක්ෂය සතු ජනතා ශක්තිය බිම දැමිය යුතු නැති බවය. අපේ සටන ඇත්තේ මේ ආණ්ඩුව ගෙදර යැවීමට මිස ඒ වැඩෙන් ‘එක කෑල්ලක් ගලවන්නට ගොස් අපේ ලොකු කෑල්ලක් ගලවා ගැනීමට’ නොවන බව තේරුම් ගැනීම ඉතාමත් වැදගත්ය. මේ විශ්වාසභංගය යනු දිනේශ් විමල් වාසු උදය ඩලස් වැනි ඒකාබද්ධයේ නායකයින් සහ බැසිල් රාජපක්ෂ වැනි පොදුජන පක්ෂයේ නායකියන් කරන අවසාන සටන නොවිය යුතු බව කියන්නේ ඒ සියලූ දෙනාගේ මැදිහත් විම්වලට ගරු කිරිමක් ද වශයෙනි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ අංශාධිපති
ආචාර්ය චරිත හේරත්
No comments:
Post a Comment