Saturday, December 19, 2015

බෙනඩික් ඇන්ඩසන් (1936-2015)
(ජාතිය පරිකල්පිත ප්රජාසමාජයක් 
-Imagined Community- ලෙස)

බෙනඩික් ඇන්ඩසන් පසුගිය සතියේ (13 ඉරු දින) ඉන්ඳූනීසියාවේ මලන් ප්රාන්තයේදි මරණයට පත් වු බව වාර්තා විය. ඒ පිළිබද වෝසෝ පොත් ප්රකාශකයන් වෙනුවෙන් සටහනක් ලියූ තාරික් අලී (Tariq Ali) කියා තිබුනේ ඇන්ඩසන්ගේ ශාස්ත්රීය එකතු කිරිම් මගින් අපේ කාලයේ සමාජ සිතීම කෙරෙහි විශාල බලපෑමක් සිඳූ කළ බවයි. ඔහුගේ විශිෂ්ඨතම කෘතිය වශයෙන් සළකන Imagined Communities: Reflections on the Origin and Spread of Nationalism මගින් ජාතිකවාදී කතිකාව කෙරෙහි සිඳූ කරන ලද බලපෑම ද සුලූ පටු නොවේ. ජාතිකවාදය තේරුම් කිරිමේ ප්රධාන  චින්තන මෙවලමක් ලෙසින් බොහෝ වියතුන් සළකනු ලැබුවේත් ඇන්ඩසන්ගේ මෙම කෘතියයි. 

බෙනඩික් ඇන්ඩසන් උපත ලැබුවේ චීනයේ කුන් මින් ප්රාන්තයේය. ඔහු ස්වකීය
අධ්යාපනය ලැබුවේ මුලික ඇමරිකාවේ කැලිපෝනියා ප්රාන්තයේය. ඊට පසුව ඇන්ඩසන් Cambridge විශ්ව විද්යාලයෙන් පළමු උපාධිය ලැබු අතර  තමාගේ ආචාර්ය්ය උපාධිය කෝනෙල් (Cornel) විශ්ව විද්යාලයෙන් ලබා ගත්තේය. ඔහු 2002 වසරේ විශ්රාම ගන්නා තුරු කෝනෙල් විශ්ව විද්යාලයේ ජාත්යන්තර අධ්යයනයන් පිළිබදව මහාචාය්ය පදවිය දැරුවේය. ‘තමාටම හිමි වු රටක්’ සංකල්පයෙන් බැහැර වු ඔහු චීනයේ ඉපිද එංගලන්තයේ ඉගෙන ගෙන ඇමරිකාවේ රුකියාව කර ඉන්ඳූනීසියාවේදි මිය ගියේය. 

බෙනඩික් ඇන්ඩසන්ගේ ශාස්ත්රීය බලපෑම ලංකාවේ ජාතික ගැටලූව තේරුම් ගැනීම හා සම්බන්ධව ඉතාමත් වැදගත් සහ තීරණාත්මක භූමිකාවක් උසුලන බව බොහෝ විට පිළිගනු ලැබේ. මා මෙම ලිපිය මගින් අදහස් කරන්නේ බෙනඩික් ඇන්ඩසන්ගේ න්යායික එකතුකිරිම් පිළිබදව සහ ඒවායෙහි බලපෑම් ශ්රී ලංකාවේ ජාතික ගැටලූව පිළිබද සංවාදය සම්බන්ධ වන කෙටි සටහනක් තැබීමටයි. 

i.

ඇන්ඩසන්ගේ සූත්රගත කිරීම්වලට අනුව ජාතිකවාදය බිහිවන්නේ හේතූන් කීපයක් නිසාය. එෛතිහාසිකව පැවති රාජ්යත්වය සහ ආගමික ආධිපත්යය වියැකීයාම හේතුවෙන් ඉවත්ව යන අතීතයත් සමග අනාගතය බද්ධ කරමින් ගොඩ නගන ‘අමරනීය’ සම්ප්රධායයක් පරිකල්පනය කිරිම Imagined  මගින් වන බවයි-  මෙය තවත් පැහැදිලි කළහොත් ඇන්ඩසන්ට අනුව අද තිබෙන ජාතිකවාදය යනු දහ අට වන සහ දහ නමවන සියවස්වල ආරම්භ වුවකි- මෙම කාළවකවානුවේ මතු වූ බුද්ධිවාදි පුගමනයන් හේතුවෙන් ගොඩ නැගුනු ආර්ථික සහ දේශපාලනික ව්යාපෘතීන් මගින් එතෙක් පැවති ආගමික විශ්වාසයන්ගේ සහ පැරනි රාජ පරම්පරාවන් ගේ ආධිපත්යය විසිරිවා හරිනු ලැබුවේය- එසේ විසුරුවා හැරිමත් සමග එතෙක් ආගමික සමාජයට හා රාජ්යත්වයට පක්ෂපාතී වු මිනිසුන් කෙරෙන් එම ආධිපත්යය තුරන් වීමෙන් නිර්මාණය වු ‘හිඩැස’ පිරවීමට ජනතාවගේ පරිකල්පිත ලෝකය තුළින් ජාතිය සහ ජාතිකවාදය ගොඩ නැගෙන බව ඇන්ඩසන් ජාතිකවාදය පිළිබදවු ස්වකීය තීතිසිය මගින් තර්ක කළේය. මෙසේ ගොඩ නගා ගන්නා ‘ජාතිය’ ධනවාදයේ දියුනුවත් සමග මතු වූ මුදිත මෙවලම් වන පුවත් පත් සගරා නව කථා ආදියෙන් සමාජයේ සියලූ ක්ෂේත්ර තුළ වෙන් වෙන්ව සිටි අය අතර ‘මහා පොඳූ සාධකයක්’ ලෙසින් තමාත් ඇතුලත් ව්යුහයක් නිර්මානය කරයි. මේ අනුව ජාතිකවාදය යනු නුතනවාදි (Modernist)  සමාජ සංසිද්ධියක් වේ. මුදණය කර්මාන්තය හා සම්බන්ධ (Print-Capitalism) දියුණුවීමත් සමග මෙම ‘පරිකල්පිත ජාතිකවාදය පළල් සමාජ පංතියක් දක්වා පොඳූකරණය’ වෙයි. මෙම මතවාදයටම තරමක් ආසන්න තේරුම් කිරිමක් එරික් හොබ්ස්බෝම්ගේ ඉතිහාසකරණය තුළින්ද ඉදිරිපත් වේ. ඔහුගේ The Invention of Tradition කෘතිය තුළින් ද ඉදිරිපත් වන්නේ ජාතිය යනු නුතනවාදය තුළින් මතු වු පරිකල්පිත තත්වයක් බවත් ‘වර්තමානයට අවශ්ය ආකාරයට අතීතය නිර්මාණය කිරිම’ හරහා ‘නිෂ්පාදිත ජාතිකත්වයක්’ අප ගොඩ නගා ගන්නා බවයි. දැන් මෙම ‘නිෂ්පාදිත බව අමකත කර’ ජාතිකත්වය යනු ‘අඛණ්ඩව පැවත එන’ යමක් (thing) බවට පත් කරමින් එය ආරක්ෂා කිරිමට දිවි පරඳූව තබා සටන් කරන තත්වය මෙම නුතනවාදි තර්කණයෙන් ශාස්ත්රීය ලෙසින් අභියෝගයට ලක් විය.
ජාතිකත්වය පිළිබදව මෙම න්යායික ආස්ථානයට එරෙහිව ප්රතිතර්කයක් පශ්චාත් යටත්විජත රාජ්යයන් හි ජාතිකත්වය ආශ්රය කරමින් පාර්තා චැටර්ජ (Prtha Chatterjee) විසින් මතු කරනු ලැබුවේය. ඔහුගේ The Nation and its Fragments කෘතියෙහි දි බෙනඩික් ඇන්ඩසන්ගේ තීසිසය ටැටර්ජ අභියෝගයට ලක් කරනු ලැබේ- ටැටර්ජ ස්වකීය කෘතියේ  “Whose Imagined Community?” පරිච්ජෙදය මගින් පැහැදිලි කරන්නේ ජාතිකවාදය පදනම් වන්නේ එක් එක් ජනවර්ගයන්ට අයත් ‘සුවිශේෂී ව්යුහයන්’ (modular forms) පදනම් කර ගනිමින් බවයි- ඇන්ඩසන් කියන පරිදි ජාතිකත්වය පරිකල්පනයක් නම් එය පරිකල්පනය කරන්නනේ කුමන මූලාශ්ර මතද? කුමන දිසානතියක සිටද? පශ්චාත් යටත් විජත අවකාශයන් වස්තු විෂය ලෙසින් ගත් විට ඇන්ඩසන් මතු කරන පරිකල්පිතය කාගේ පරිකල්පනයක්ද? යනාදි ගැටලූ චැටර්ජ ගේ විවේචනය තුළ විය. 

එසේම බෙනඩික් ඇන්ඩසන්ගේ පසුකාලීන නිබන්ධනයක් වූ The Spectre of Comparison කෘතිය තුළින් නව අදහසක් වන ජාතිකවාදය සහ ජාතිය සම්බන්ධ  දේශපාලනය අතර ඇති වෙනස පිළිබදව සාකච්ජා කරයි. මෙහිදි ඇන්ඩසන් මෙම වෙනස දකින්නේ ‘නුතන පරිකල්පිත සමාජයන්’ නිර්මාණයන් ලෙසින් තේරුම් ගත හැකි අනුක්රමික ක්රියාවලීන් දෙකක් පෙන්වා දෙමිනි. එනම් (1) අපගේ දිනපතා ජවිතය සමග නොබැඳූනු එහෙත් විශ්වීය සමාජ සංකල්පයන් වූ ජාතිය පුරවැසිභාවය නිලධාරිවාදය කම්කරුවන් බුද්ධිමතුන් යනාදි පරිකල්පනයන් මත ගොඩ නැගෙන අවකාශයයි- අනෙක වන්නේ (2) අපගේ එදිනෙද වැඩ සහ ක්රියාකාර්ත්වයන් සමග බැඳූනු දේශපාලනභාවයයි. දැන් ඇන්ඩසන්ට අනුව මෙම පළමු පන්නයේ ක්රියාකාරිත්වයන් නිශ්චිත පරිකල්පනමය සාමුහිකත්වයක් ඇති එසේම පුවත්පත් සහ පොත් පත් (මුදිත ධනවාදය Print-Capitalism) මගින් ගොඩ නගන පරිකල්පිත පොඳූ අවකාශයක් නිර්මාණය කෙරේ- එම පරිකල්පිත පොඳූ අවකාශය තුළ ඒ ඒ පුද්ගලයන්ට තමන්ව ස්ථානගත කර ගැනීමේ ‘නිදහස’ තිබේ-  මෙම පරිකල්පිත අවකාශයේ ස්වභාවය යනු ‘තමන්ව යලි නිර්මාණය’ කර ගැනීමේ ‘ඉඩ‘ සහිත තත්වයකි- ඇන්ඩසන් පවසන පරිදි ‘ස්වකීය සහෝදරයින් හා දෙමව්පියන්ගේ කවයෙන් එලියෙහි ඇති නව අවකාශයක’ පරිකල්පිත අනන්යතාවක් සහිත පැවැත්මක් මෙමගින් ප්රතිනිර්මාණය කරනු ලැබේ. මෙය ඇතුලත්වීම්වාදි තත්වයකි-  මෙහි සදහන් වන දෙවන ක්රියාවලිය එනම් ජාතිකත්වය සමග බැඳූනු ජනවර්ග දේශපාලනය තුළින් ඉදිරිපත් වන්නේ වර්ගීකරණය මත ගොඩ නැගුණු බැහැරකිරිම්වාදි අන්තයකි. එහි ඇත්තේ එක්කෝ පිළි ගැනීමකි නැත්නම් ප්රතික්ෂේපයකි- (එක්කෝ මුස්ලිම් ය නැත්නම් මුස්ලිම් විරෝධීය- එක්කෝ සිංහලය නැත්නම් සිංහල විරෝධීය- එක්කෝ දෙමළ ය නැත්නම් දෙමළ විරෝධීය)- යන ආකාරයේ එකිනෙකට එරෙහිව පිහිටන ස්ථාවරයකි.  

ii.

ලංකාවේ ජාතිකවාදය පිළිබදව සිඳූ කෙරුණු සංවාදයන් තුළ විශාල වශයෙන් බෙනඩික් ඇන්ඩසන්ගේ ජාතිකවාදය පිළිබදව  සාකච්ජාවන් භාවිතා කර තිබේ- වෙනත් ලෙසකින් පැවසුවහොත් මෙරට ජනවර්ග ගැටලූව පිළිබද සාකච්ජාවේ ශාස්ත්රිය මැදිහත්වීම කෙරෙහි ඇන්ඩසන්ගේ තීසිසය ඉතාමත් ප්රබල බලපෑමක් සිඳූ කළේය- ලංකාව තුළ සංවාදයේදි ද ‘ජාතිය යනු නිර්මිතයක්ය’ යන ආස්ථානය එක් අතකින් මාක්ස්වාදි ඉතිහාසවේදින්ද අනෙක් අතින් නුතනවාදි ඉතිහාසවේදින්ද මතු කරනු ලැබුවේය- මෙම මැදිහත්වීමට එරෙහිව ඉතිහාසවේදින් සහ භාෂාවේදින් ආදිකෘත (primordial)  ස්ථාවරයෙහි සිට තර්ක කරනු ලැබුවෝය.

විශේෂයෙන්ම 80 දශකයේ මෙරට ගොඩ නැගුනු ජාතිකත්ව අධ්යයනය සදහා වු ජාත්යන්තර කේන්දය International  Centre for Ethnic Studies (ICES) මෙරට ජාතික ගැටලූව පිළිබදව වු ශාස්ත්රිය සාකච්ජාවේදි ඉතාමත් වැදගත් කාර්යයක් ඉටු කළේය- මෙම ආයතනයේ ශාඛාවන් දෙකක් කොළඹ සහ මහනුවර නගරවල පිහිටා තිබු අතර එම වකවානුවේ මෙම කාර්යාලයන් දෙක මෙරට ජනවාර්ගික ගැටලූව ගැන මතයන් දෙකක් දැරු බවද පෙනී යන කරුණකි. ICES -කොළඹ කණ්ඩායම ආචාය්ය නීලන් තිරුචෙල්වම්ගේ මුළිකත්වයෙන් ජාතිකත්වය පිළිබදව ඇන්ඩසියානු තිසිසය මත පිහිටා නුතනවාදි ස්ථාවරයක සිට ස්වකීය මැදිහත්වීම සිඳූ කළ අතර ICES - මහනුවර කණ්ඩායම මහාචාය්ය– කිංස්ලි සිල්වා (කේ. එම්. සිල්වා) මුළිකත්වයෙන් ජාතිකත්වය පිළිබද  ආදිකෘත තර්කයක පිහිටා ස්වකීය මැදිහත්වීම සිඳූ කළේය. මෙම ලාංකීය සංවාදය සමහර අවස්ථාවල ගැඹුරු ඓතිහාසික සිද්ධාන්ත පිළිබද යථානුභූතවාදි සාකච්ජාවන් වෙතට ගොඩ නැගුනු නමුත් විධික්රමික අර්ථයෙන් ඉන්දිය ඉතිහාසfවිදින්ගේ වැනි ගැඹුරු විචාරාත්මක මැදිහත්වීමක් සිඳූ නොවුනු බව ඇතෙමෙකුගේ පිළි ගැනීම විය හැකිය- එහෙත් සිංහල ජාතියේ ආරම්භය ගැන ලෙස්ලි ගුණවර්ධන (“The people of the Lion : The Sinhala identity and ideology in History and Histriography”) සහ කේ එන් ඹ් ධර්මදස (“The People of the Lion: Ethnic Identity, Ideology and Historical Revisionism in Contemporary Sri lanka”)  අතර ගොඩ නැගුණු සංවාදය ඉතාමත් වැදගත් එකක් විය.






Thursday, November 26, 2015


Responses to the budget: Markets, capitalism and expenditure

A single tweet from Charitha Herath (former Secretary of the Ministry of Mass Media and Information in Sri Lanka and former Chairman of the Central Environment Authority) in response to the budget presented by the Government to Parliament on 20 November started off a conversation over Twitter that involved Dr. Asanga Welikala, lecturer at the Edinburgh Law School and Anushka Wijesinhe, the Chief Economist & Head of Economic Intelligence Unit (EIU) at the Ceylon Chamber of Commerce.
At the request of Charitha Herath, we are publishing the exchange in full onGroundviews in order to stimulate further reflection and wider discussion amongst reader on aspects touched upon by the interlocutors, and more broadly, comments on the budget.
The full discussion can be read here, and is also embedded below.
Screen Shot 2015-11-21 at 4.12.24 PM
Screen Shot 2015-11-21 at 4.12.32 PM
Screen Shot 2015-11-21 at 4.18.42 PM
Screen Shot 2015-11-21 at 4.12.39 PM
Screen Shot 2015-11-21 at 4.12.45 PM
රටේ උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ විශාල දයුණුවක් මෙම රජය මගින් සිදුවී ඇති බවට කථාවන් ඇසෙමින් පවති. 6% යෝජනාව ගැන ද විවිධ මට්ටමේ සාකච්ජා සිදුවෙන බව පෙනේ. විශ්ව විද්‍යාලවලට ලැබෙන මුදල වගේම එයින් නිර්මාණය වන ‘දැනුම’ ගැනද අපගේ අවධානය තදින් යොමු විය යුතු බව කවුරුත් පිළිගනනා කාරණයකි. එහෙත් එය කරන්නේ කෙසේද? විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ අරමුණු සහ බොහෝ අය කරමින් ඉන්නා කාර්යය අතර වෙනසක් තිබේද? එසේ නම් එම වෙනස සමහන් කරන්නේ කෙසේද?  මෙය තරමක් ගැඹුරන් සාකච්ජා කළ යුතු කාරණයකි. මම මෙම කෙටි සටහනින් අදහස් කරන්නේ එම සංවාදයට අදල වන එක දෙයක් ගැන පමණක් අවධානය යොමු කිරමටය. එනම් ශාස්ත‍්‍රීය විෂය ක්ෂේත‍්‍රය තුළ විචාරාත්මක බව ගැනයි.

විශ්ව විද්‍යාලවලින් ගොඩ නැගෙන ශිෂ්‍යයන් විශේෂයෙන් මානව ශාස්ත‍්‍ර සහ සමාජිය විද්‍යා පීඨවල අධ්‍යාපනය කරනා ශිෂ්‍ය ප‍්‍රජාව වෙතින් බලාපොරොත්තු වන ‘විචාරාත්මක’ බව ගොඩ නගන්නේ කේසේද? ඒ සදහා සුªසු බුද්ධිමය භාවයක් ආචාය්‍ය–වරුන් තුළ ගොඩ නගන්නේ කෙසේද? මේවා බරපතල ලෙසින් ගත යුතු ගැටලූ ලෙසින් අප ඉදිරියේ ඇත. මෙම විචාරාත්මක බව ගොඩනැගීම යනුවෙන් මම අදහස් කරන්නේ යම් ගැටලූවක් ගැන හෝ තත්වයක් ගැන තිබෙන ස්ථාවරයන්(positions and point of views), එම කාරණය පිළිබදව ගොඩ නැගිය හැකි සන්දර්භීය විමර්සනයන් (contextual analysis), එහිදී වැදගත්වන ඓ  තිහාසික තත්වයන් (historical settings), සහ අදාල කාරණය අනෙකුත් කියාවලීන් සමග ගොඩ නගන සම්බන්ධතාවය (relations with other contexts), යනාදියයි.
දැන් මෙම විචාරාත්මක බව ගොඩනගා ගැනීමට ශාස්ත්‍ර පීඨ කළ යුතු කාර්යයන් කවරේද යන්න ගැබුරින් සාකච්ජා කළ යුතු කාලය එලබ ඇති බව පැහැදිලිය.

Thursday, November 12, 2015

රන් තැටියක කදුළු...

රන් තැටියක කදුළු කාව්‍ය පොත මම මුලින්ම බැලුවෙ 1994 වර්ෂයේ. ඒ වෙනකොටත් ඒක පළ කරල අවුරුදු විස්සක් විතර ගිහින්. මෙම පොත දයාසේන ගුණසිංහ විසින් ලියූ විශිෂ්ඨ කෘතියක්. එයට 1974 වර්ෂයේ හොදම කාව්‍ය වෙනුවෙන් සාහිත්‍ය සම්මානයත් ලැබුණා. ඊයේ පේරාදෙණියේ අපේ විශ්ව විද්‍යාලයේ පුස්තකාලයෙන් ආපසු එන විට Lending අංශයේ නැවත බාරදී තවමත් රාක්කවලට නොදැමූ පොත් අතර මෙම පොත ආයෙත් මගේ ඇස ගැටුණා. දැන් 2015 ත් වෙලා. තවත් අවුරුදු විස්සක් පහුවෙලා. මම ආසා කළ කවි පංතිය බ්ලොග් එකේ ලියන්න හිතුණා.

රන් තැටියක කදුළු

මා පමණි ඔබ කැටුව ආවේ
මමද යමි දියණියනි
මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුලින්...

මෙතෙක් ලොව නො ඇසුව
මියුරු නැළවිලි ගී...

ළයට කැටි කොට නිදයි ඔබෙ මව
අවදිවන ඇසිපියෙන්
බිඳී සුන්වන ලොවක.
බිහි නොවූ හෙට දවස
ඇය නොදත් රහස දැන
කාලයේ ගැබ තුළෙහි
ඉකිබිඳියි කම්පාව....

දස එකඩ මසක් ඈ රැකි
සෙනෙහසේ නිධානය
වෙස් මුහුණු තුළට වූ බහිරවයන්
නුහුරු බස් තෙපළමින්
වට වෙමින් අඬු නියෙන්
පැහැර සඟවන අතර
බලා සිටියෙමි කොනක
ගොළු වෙමින් අසරණව...

සෙමෙන් තව තව සෙමෙන්
පස් පිඩැලි පෙරලන්න
මවගෙ ඇකයෙහි පහස
නොදත් දැරියකි සිඟිති...

කිරි ගරුඩ කොත් හෙළන
අඳුරු සෙවණැලි අතර
නුහුරු නුපුරුදු ලොවක
සැතපෙන්න දියණියනි...

මොහොතකින් සඳ ඒවි තනියට
රන් තැටිය පුරවා කඳුළින්...

දයාසේන ගුණසිංහ (1936-1996)

Friday, November 6, 2015

එඩ්වඩ් සෝජා (Edward Soja) (1940 - 2015) - 'අවකාශය' පිළිබද පශ්චාත් නූතන චින්තකයෙකුගේ නික්ම යාම

පශ්චාත් නූතන භූගෝල විද්‍යාවේ කේන්ද‍‍්‍ර‍‍්‍රීය චින්තකයෙකු වූ එඩ්වඩ් සෝජාගේ අභාවය මුල් කරගනිමින් සටහනක් ලියන්නට සිතුවෙමි. සෝජාගේ තිරණාත්මක බුද්ධිමය එකතු කිරීම් අතරින් වැදගත් සම්මාදමක් වන්නේ Postmodern Geographies the Reassertion of Space in Critical Social Theory කෘතියයි.  එහිදී ඔහු ඉදිරිපත් කළ අදහස් එම විෂය ගැන ලියවී ඇති විශිෂ්ඨතම ඒවා ලෙස පිළිගනී. සෝජාගේ අභාවය වෙනුවෙන් ඉහත කෘතිය පිළිබදව කරුණු කීපයක් ලිවීම සුදුසු යැයි සිතමි.

විචාර න්‍යාය ලෙසින් දාර්ශනිකව ගොඩ නැගුණු ගුරුකුලය මතු වූයේ ජර්මනියේ Frankfurt විශ්ව විද්‍යාලය ආශ්‍රයෙන් ය. මෙම නිසාම එයට Frankfurt School  කියා ද කියනු ලැබේ. විශ්ලේෂී දර්ශනයේ තර්කනයක් වූ තාර්කික යථානුභූතවාදයට එරෙහිව පුද්ගලයා සහ ඔහුගේ තාර්කික ආධිපත්‍ය වෙනත් ආකෘතියකට යටත් නොවිය යුතුය යන අදහස විචාර ගුරුකුලය මගින් ඉදිරිපත් කර තිබුණි. තාර්කික යථානුභූතවාදයට (logical positivism) එරෙහිව මහාද්වීපික දර්ශනයේ  (continental philosophy) එන critical theory / Hermeneutics  මත සිට විචාරවාදී භූගෝල විද්‍යාවක් (critical geography)  නිර්මාණය කිරීමට සෝජා උනන්දු විය.

හෙන්රි ලැබ්රොයි (Henry Lefebvre) වෙතින් සහ ඩේවිඩ් හාවි (David Harvey) වෙතින් භූගෝල විද්‍යාවේ දර්ශනයට සිදුවූ එකතු කිරිම් හැරැණු විට විචාර භූගෝල විද්‍යාවේ ප‍්‍රධානියා වශයෙන් පිළිගන්නේ සෝජා ය. ඔහුගේ Postmodern Geographies the Reassertion of Space in Critical Social Theory කෘතියේ ඉදිරිපත් වන  අදහස් කිපයක් වෙත අවධානය යොමු කිරීම සුදුසුය.

....[For] at least the past century time and history have occupied a privileged position in the practical and theoretical consciousness of western Marxism and critical Social science. understanding how history is made has been the primary source of emancipatory insight and practical political consciousness, the great variable container for a critical interpretation of social life and practice. Today, however, it may be space more than time that hides consequences from us, the ‘making of geography’ more than the ‘making of history’ that provides the most revealing tactical and theoretical world.. p1

(b)  ඔහු තම කෘතියේ මූලික අභිමථාර්ථය සෝජා හදුන්වන්නේ මෙසේය. ‘my intent is not to erase the historical hermenutics but to open up and recompose the territory of the historical imagination through critical ‘spatialisation’....

(c) සෝජා විසින් මිචෙල් ෆුකො උපුටා දක්වමින් ඉතිහාසය හමුවේ අවකාශය අජීවි වන ආකාරය පෙන්වා දෙයි. ‘space was treated as the dead, the fixed, the undialectical, the immobile. Time, on the contrary was richness, fecundity, life, dialectic’.....

සෝජා පිළිබදව University of Tex as  ලියූ    Annotated Bibliography මෙහි උපුටා දැක්වීම සුදුසු යැයි සිතමි.
.....Postmodern geographer and urban planner Edward Soja has endeavored throughout his career to introduce questions about and problematize notions of geography and spatiality. Soja’s theoretical models have proven to be applicable to an interdisciplinary audience, impacting fields far beyond geography.

Soja began his career with work on modernization in Kenya (1968), as well as the 1971 book, The Political Organization of Space. In 1985 Soja published an essay called “The Spatiality of Social Life” in which he argues that the spatial organization of a society reflects a socio-spatial dialectic. Postmodern Geographies: The Reassertion of Space in Critical Social Theory followed in 1989. Soja’s aim in this book is twofold: it served as a call for equal consideration to be given to spatiality as a theoretical model in scholarship, and also to direct attention to the largely forgotten aspect of space in the work of postmodern historicist thinkers such as Michel Foucault and Fredric Jameson. Soja’s 1996 book, Thirdspace, builds on Postmodern Geographies by elaborating on Henri Lefebvre’s triad of spatial categories. Soja suggests that Lefebvre’s work points toward the possibility of spatial trialectics rather than spatial dialectics. It is through a recontextualization of Lefebvre’s triad that Soja argues for the existence of Thirdspace. He thus renames Lefebvre’s categories Firstspace, Secondspace, and Thirdspace. Using spatial trialectics Soja’s goal is to open up new perspectives on space and spatiality using “a critical strategy of ‘thirding-as-Othering’” to assert the interdependent relationship of sociality, historicity, and spatiality. Postmetropolis (2000) is an in-depth study of urbanity, which applies the concepts developed in Thirdspace to better understand urban expansion and the phenomenon of the megacity. His most recent publication, Seeking Spatial Justice (2010), is an activist work which uses Lefebvre’s concept of the “right to the city” to advance methods of combating injustice through the development of spatial consciousness........



Tuesday, November 3, 2015

I thought to share an abstract of my presentation which i am going to give at the International philosophy Day, 20th November at Peradeniya

Wittgenstein after Habermas
Some thoughts on the later philosophy of Wittgenstein and its influences on ‘Critical theory’ of Habermas

Charitha Herath
Department of Philosophy & Psychology


Ludwig Wittgenstein is considered as one of the outstanding philosopher in the twentieth century who holds two philosophical positions consecutively, one on his early book, Tractates Logico Philosophicus (1924) and other on his later work, Philosophical Investigation (1953). He centered “language” as his object of inquiry which includes its ‘pictorial representation of reality’, ‘nature of its use’ and ‘subjects inner epistemological relation of language and its relations to outer world’. This paper focuses on Philosophical Investigation and The Blue and Brown Books (1958) and examines main contributions of his later philosophy which  subsequently ‘constructs' new theoretical domains in  anti-analytical schools of thoughts, mainly; (a) critical school of social theory and (b) ‘hermeneutics’/ ‘deconstructs’ theorizing projects. In particular, the paper engages critical theory of Habermas in revisiting Wittgenstein’s influences on his ‘theories of communicative reason’ and ‘idea of discursive ethics’. And, more importantly, the paper will go into a detailed study of  the later Wittgenstein’s main inquiries such as notion of ‘meaning as use’, ‘language games’ and ‘The idea of grammatical investigation’; and will examine how these tools are being ‘repositioned’ in Habermas’ critical project.

As a second task, this study deals with the theoretically accepted claim of  Habermasian theory which reads individual as an active, reflective and interpretative agents and inquires whether such ‘ontological’ picture of human being would create counter-position of Wittgenstein’s ‘use- value epistemological foundation’.

Key wards: Investigations, ostensive definition, private language, language game, contextual reading, praxis, communicative reason




Friday, October 30, 2015

දේශපාලනය තුළ ‘අවශ්‍යතාව’ නිර්මාණය කිරිම (manufacturing the ‘need’ in politics)

මේ සතියේ මගේ දේශපාලන දර්ශනය පන්තියේ සාකච්ජාව සදහා නියමිතව තිබුණේ මැකියාවලීගේ කේන්දිය රචනාවක් වු the Prince පිළිබදවයි. ලෝක දේශපාලන ඉතිහාසයේ ඉතාමත් බලපෑම් සහගත බුද්ධිමය සම්ප්‍රධානයක් වූ මෙම කෘතිය ගැන  මගේ සාකච්ජාවට අදාල වු  කරුණු  කරුණක් දෙකක් මෙම බ්ලොග් අඩවියේ ලියන්න හිතුණා.

1.  මුළින්ම, මැකියාවලීගේ දේශපාලන කතිකාව ගැන මෙරට සමාජයේත්, අපේ ඇකඩමියාවේත් තිබෙන බැහැරකිරිම්වාදි කියවීම (exclusive reading) ගැන යම් සවිඥානිකවීමක් සහිතව ඔහුගේ දේශපාළන අදහස් සාකච්ජාවට ලක් කිරිම වැදගත්.  ලංකාවේ සමහරුන්ගේ තේරුම් ගැනීම අනුව මැකියාවලී කියන්නේ ‘ඉතාමත් භයානක ආකාරයෙන් බලකාමය දේශනා කළ, කපටිකම දෙශපාලනයට එක් කළ අයෙක්’ .  මේ නිර්වචනය නිසාම මැකියාවලී ගැන අපි පටන් ගන්නෙම බැහැරකිරිම පදනම් කර ගෙනයි.  ඒ නිසා ඔහුගේ දේශපාලන එකතුකිරිම්  ගැන සාරවත් සාකච්ජාවක් පවත්වන්නට තරමක් අපහසු වී තිනේනේ. මීට වසර 29 විතර පෙර නිව්ටන් ගුණසිංහ මේ ගැන සාකච්ජා කර තිබුණා. ඉතාලි දේශපාලනය ගැනත්  විශේෂයෙන්ම අන්තොනියෝ ග්‍රාම්සිචි ගේ දේශපාලනය හදුන්වාඳීමේ උත්සාහය තුළත්  නිව්ටන් මැකියාවලීගේ දේශපාළන අදහස්  බැහැරකිරිම් අන්තයකින් තොරව අරගෙන තිබුණා.
 
2. මැකියාවලිගේ මෙම රචනාවේඳී මුළික වශයෙන් ආමන්ත්‍රරණය කරන්නේ ‘දේශපාළන විනිශ්වයන් (political judgments) යනු සදාචාරමය විනිශ්චයන් (moral judgments) වෙතින් සම්පුර්ණයෙන්ම වෙන්වූ කළාපයක සථානගත කළ යුතු 'භෞතික ක්ෂේත්‍රයක්’ බවට තර්ක කිරීමයි. සාම්ප්‍රධායික ඉතාලියානු සන්ධර්භය තුළ මෙම නව කළාපය යනු ඝෘජුවම පල්ලියට එරෙහිවූ තත්වයක්. ආගම සහ සම්ප්‍රධාය විසින් රාජ්‍ය පාලන ක්ෂෙත්‍රය තුළ සිදුකරණ භූමිකාව ගැන අධිභෞතික නොවූ කළාපයකට සාකච්ජාව රුගෙන යාම මෙහිඳී අපගේ අවධානයට ගත යුතු කාරණයක්. දේශපාළන විනිශ්චයන් යනු ආචාර ධර්මීය වටිනාකම් රහිත (value free), එහෙත් උපයොගීතාමය ගුණය සහිත, භාවිතාමය අගයකින් යුත්, දේශපාලන බලය කේන්දීය සාධකය කරගත් විනිශ්චයක් බව මෙහි නිශ්චිත තේරුමයි.

3. පැරනි රාජ්‍යයන් හි ස්වභාවය ගැන සහ යම් රාජ්‍යයක් අල්ලා ගැනීම සහ පාළනය කිරිම සම්බන්ධව මැකියාවලී ඉඳීරිපත් කරණ වැදගත් කාරණයක් මෙම කෘතියේ හතරවන පරිච්ජෙදයේ තිබෙනවා. එ අනුව රාජ්‍යයක් පාළනය එහි පාලන ස්වභාවයට අනුව වර්ග දෙකකට වෙන් කරන්න පුලූවන්. එක් රාජ්‍යයක් වන්නේ ශක්තිමත් පාලකයෙක් සිටින එහෙත් දුර්වල  නිලධාරින් / රාජ්‍ය යානත්‍රරණයක් සහ සමාජ සංස්ථාවන් සහිත රාජ්‍යයන්. අනෙක්  රාජ්‍යය වන්නේ  දුර්වල පාළකයෙක් සහිත එහෙත් ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රරණයක් සහ සමාජ සංසථාවන් සහිත රාජ්‍යන්ය. දැන් මැකියාවලීගේ මතය වන්නේ ඉහතින් සදහන් කළ පළමු ගනයේ රාජ්‍යයක බලය අත්පත් කර ගැනීම අපහසු නමුත් එය අත්පත් කර ගත් පසු පවත්වාගෙන යාම ඉතාමත් පහසු බවත් දෙවන ගනයේ රටක බලය අත්පත් කරගැනීම පහසු නමුත් පවත්වාගෙන යාම අපහසු බවත්ය. පසුකාලීන ව රාජ්‍යයේ පරිනාමීය තත්වයන් අධ්‍යයනය කරන අයට මෙම තත්වය හොඳීන් වටහා ගන්න පුල්වන්.

 4. අනෙක් කාරණය වන්නේ බල දේශපාලනයේ පාලකයෙකුගේ අවශ්‍යතාව දේශපාලනමය වශයෙන් නිර්මාණය කළ යුතු දෙයක් බවට ගෙනෙන තර්කයයි.  පාලකයාගේ අවශ්‍යතාවය  ‘ගොඩ නැගිය යුතු‘ තත්වයක් බවයි. භෞතිකමය වූ බල දේශපාළනයෙහි පාලකයා යනු සමාජමය ගැටලූ විසදීමෙ/ ගැටලුකාරි තත්වයකට පිළිතුරක් නිර්මාණය කිරිමේ උත්සාහයක් හරහා නිර්මාණය වන දෙයක් නොව ‘ගැටලූව නිර්මාණය කිරිම සමග බැදුණු‘ දෙයක් වන බවයි. පාලකයා ගොඩනැගීමත් ඔහු විසින් පාලනය කළ යුතු පාලිතයාගේ ගැටලුව නිර්මාණය කිරීමත් එකම ව්‍යාපෘතියෙහි කොටස් බවයි.



Monday, October 26, 2015

අපේ සදාචාරය සහ කොළඹ සිවිල් සමාජයේ දේශපාලනය

නිර්මාල් රංජිත් දේවසිරි මහතා සමාජ වෙබි අඩවියකට ලියා තිබු දේශපාලන කාරණයක් ගැන මම ලියු සටහනකට ඔහු විසින් පෙරළා ප‍්‍රතිචාරයක් දක්වා තිබුනි. එම ප‍්‍රතිචාරයේ හරය වූයේ “මේ රජයේ යහපාලනය ගැන ප‍්‍රශ්න කිරිමට පසුගිය රජයේ නිළධාරීන් / හෝ සහායකයින් වූ මා වැන්නවුන් සදාචාර අයිතියක් නොමැති’ බවයි. නිර්මාල්ගේ සටහනේ කෙටි අර්ථය එය වුවත් අවශ්‍ය නම් විස්ථීර්ණ නිර්වචනයක් දක්වා වර්ධනය කළ හැකිය. ඔහු කියන්නේ මෙවැනි අදහසකි. ‘පසුගිය රජය වැරදි වැඩ රාශියක් සිදු කර තිබේ. ඒවාට එරෙහිව හොද වැඩ රාශියක් සිදු කිමට අවශ්‍ය ‘යහපත් සමාජයක්/සාධාරණ සමාජයක්/මෛත‍්‍රී සමාජයක් සැකසසී සදහා’ නිර්මාල් ද ඇතුලත් කණ්ඩායමක් විසින් අලූත් ජනාධීපතිවරයෙක් සහ රජයක් පිහිටුවා ගෙන තිබේ. දැන් (නිර්මාල් සිතන පරිදි) මේ පරණ පාළනය නරක නිසාත් අලූත් පාළනය හොද නිසාත් ඒ නරක පාළනයට සමරිබන්ධ අය මේ හොද පාළනය ගැන ප‍්‍රශ්න කිරීම​ නොකළ යුතුය’ වැනි අදහසකි. මෙය ඔහුගේ කෙටි සටහනට මාගේ අවධාරණයක් මිස නිර්මාල්ගේම වචන නොවුනත් මෙම ප‍්‍රශ්නය මීට පෙරදීද අඩු වැඩි ආකාරයෙන් ඔහු (ශිරාල් සමග මා/ධමිම සහභාගී වූ රූපවාහිනී වැඩ සටහනක ත්) ඉදිරිපත් කළා මතකය. එසේම පසුගිය දිනක​ කොළඔ විශ්ව විද්‍යාලයේ කළාගාරය ඉදිරිපිටදී නැවතත් ‘මේ සදාචාර ප‍්‍රශ්නය’ දමා ගැසූ හෙයින් මේ ගැන සාකචිජා කිරීම සුදුසු යැයි සිතුවෙමි. එනිසා මෙම ලිපියෙන් මා අදහස් කරන්නේ අපේ සදාචාරය පිළිබද නිර්මාල් මතු කරන ප‍්‍රශ්නය ගැනත් එසේම ඔහු නියොජනය කරන කොළඔ සිවිල් සමාජ කණ්ඩායමේ දේශපාළනය ගැනත් කරුණු කීපයක් සාකච්ඡා කිරීමටයි.
(1)
මෙහිදී මුළින්ම නිර්මාල්ට මතක් කළ යුත්තේ දේශපාළනයේ සදාචාරය පිළිබද ප‍්‍රශ්නය ඔහු සිතන තරම් සරල නිරපේක්‍ෂ විනිශ්ෂයක් නොවන බවයි. එය සංකීර්ණ සාපේක්‍ෂ තේරුම් ගැනීමකි. දේශපාළනයේ ‘හොද-නරක’ සහ ‘යහපත-අයහපත’ ගැන වේගයෙන් සිල්ලරට තීරණ ගැනීමට නිර්මාල්ට අයිතියක් ඇතත් එම තීරණ තමන්ගේ මතයන් (opinion) මිස හැමෝම පිළිගතයුතු දත්තයක් (data) ලෙසින් පිළිගැන්වීමේ කිසිදු ශාස්ත‍්‍රීය හෝ සදාචාරමය පදනමක් ඔහුට නොමැත. දැන් නිර්මාල්ගේ ‘සාධාරණ සමාජය’ ‘යහ පාළනය’ වැනි අදහස් යනු පවතින සහ පැවතුණු තත්ත්වයන්ට එරෙහිවී ගොඩනගා ගත් මතයන් මිස රටේ සියල්ලන් විසින් පිළිගත යුතු පරම සත්‍යයන් නොවේ. අනෙක් අතට මෙවැනි සංකල්ප මගින් සිදුවන්නේ නිශ්චිත කරුණක් විස්තර කිරීමේ (explantion) ක‍්‍රියාවලියක් නොව අපේක්‍ෂිත කරුණක් නිෂ්පාදනය කිරීමේ (production) සහ අර්ථකථනය කිරීමේ (interpretation) භාෂාත්මක ගොඩනැංවීමකි. එනිසාම එය දේශපාලනමය වු කථිකා අවකාශයක්/ කථිකාමය කියවීමක් (discursive reading) තුළ ගොඩ නගා ගන්නා සාපේක්‍ෂ පිළිගැනීම් වේ. මෙම සමහර පිළිගැනීම් වල සිට පෙරළාඑදි නෙදා ක්‍රියාකාරිත්වය​ දක්වා ගමන් කරන විට සමහර තැනක දත්තමය කාරණයක් මතු කර ගැනීමේ ඉඩක් පැවතුනත් අපි ගණුදෙණු කරමින් සිටින දේශපාළන අවකාශය කරුණු මත නොව මතවාද/අර්ථකථන මත පදනම් වන ක්ෂේත‍්‍රයක් බව යෝජනා කිරීමට කැමැත්තෙමි. තවත් පැහැදිලිව කිවහොත් යහපාලනය යන ජත්‍ර​පදය (umbrella term) යටතේ සිට සංවාදය කරන විට එය අලංකාරිකයක් වන අතර එයින් ව්‍යුත්පන්නව නිශ්චිත කාරණයක් දක්වා ගමන් කළ විට පෙරළා ගොඩ නැගෙන්නනේ අලංකාරිකය සහ නිශ්චිත කාරණය අතර ඇති ගැලපීම සහ නොගැලපීම අතර ගැටුමයි. මෙම නොගැලපුම මතු කිරීම කුමන ආණ්ඩුවක් සමිබන්ධයෙන් වුවද සිදුකළ හැකි වුවත් බල දේශපාලන ක්ෂේත‍්‍රයේ වැදගත් වන්නේ එය නොව එවැනි පදනමක් ඇතිව හෝ නැතිව ගොඩ නගන අලංකාරිකයන් (යහපාලනය වැනි) මතට සමාජ සම්මුතිය ලබා ගැනීම සදහා කරන්නාවූ අරගලයයි. දැන් පසුගිය ජනවාරී 8 දින අප පසු කරනු ලැබුවේ එවැනි ක්‍රියාදාමයක් වන අතර නිර්මාල්ලාගේ අලංකාරිකය රටේ ජනතාවගෙන් 50%කට වැඩි පිරිසකගේ සමිමුතිය ලැබුනු අතර අප ඉදිරිපත් කළ අදහසට 45% ක් ලබා ගනිමින් පරාජයට පත්වුයේය. මෙම අලංකරිකයන්ගෙන් එහාට වු ‘බිම‘ තත්ත්වය සමග එය කරුණුමය වශයෙන් එකගවීම හෝ එකගනොවීම සහ මෙම අලංකාරිකයන් ගැන වූ දේශපාලන සංවාද ක්ෂේත‍්‍රය යනු එකක් නොව දෙකකි. එනිසාම නිර්මාල්ගේ හොද යහපත් සමාජය ගැන හෝ යහපාළනයක් ගැන එකගත්වයක් නොමැති මට එම අලංකාරිකයට එරෙහිවීමට ඔහුගෙන් සදාචාර බලපත‍්‍රයක් අවශ්‍ය වන්නේ නැත.
අනෙක් අතට නිර්මාල් ද ඇතුලත් කොළඔ සිවිල් සමාජයේ අයගේ දේශපාළනය පැත්තෙන් පමණක් ම මෙම තර්කය තේරුම් ගත්තත් ඔවුන්ගේ අදහසේ ඇති බංකොලොත් බව හොදින්ම පෙන්වා දිය හැකිය. මෙය නිදර්ශනයක් මගින් තේරුම් ගැනීම තරමක් පහසුවේ. මේ දේශපාලනය හරියට උස පැනීමේ තරගයක් වැනිය. කොළඔ සිවිල් සමාජය තර්ක කළේ එතෙක් උස පනිමින් සිටි ක‍්‍රීඩකයා පනින උස (ප‍්‍රජාතන්ත‍්‍රවාදය, මාධ්‍ය නිදහස, විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම) මදි බවත් සමහර අවස්ථාවල ඔහු ‘උඩින් පනිනවා යැයි පෙන්වමින් යටින් රිංගා එහා පැත්තට යන බවත්’ තවත් සමහර අවස්ථාවල ‘තමන්ගේ දිනුම තම පවුලේ දිනුම’ ලෙසින් සළකන බවත් වැනි චෝදනා නිසා ඔහු වෙනුවට වෙනත් කී‍්‍රඩකයෙකු සොයා ගතයුතු බවත්ය. දැන් සිවිල් සමාජයට අනුව මේ ‘නරකට උස පනින‘ ‘හරියට උස නොපනින’ සහ ‘සමහර අවස්ථාවල පනිනවා යැයි පෙන්වමින් හොරෙන් එහා පැත්තට පනින’ කී‍්‍රඩකයාට එරෙහිව අලූත් කී‍්‍රඩකයෙකු තරගයට කැදවා තිබේ. එහෙත් දැන් කී‍්‍රඩා පිටිය සුදානම් විය යුත්තේ සහ පේ‍්‍රක්‍ෂකයින් වශයෙන් අප බළාපොරොත්තු විය යුත්තේ පරණ “කී‍්‍රඩකයාට වඩා ‘උඩින් පනින’ / උඩින් පනිනවා යැයි පෙන්වමින් යටින් ‘රිංගා නොයන’/ තමාගේ ජය පවුලේ ජයක් ලෙසින් කොසලකන කී‍්‍රඩකයෙකු සහ කණ්ඩායමක් “වෙනුවෙන්ය.
එසේම සිවිල් සමාජය ලෙසින් තමාව හදුන්වා ගන්නා ‘බස් සංගම්වල අය‘ ‘හෙද සංගම්වල අය’ සහ ‘ආචාර්ය සංගම්වල අය’ දැන් ඇහැ ගහගෙන සිටිය යුත්තේ අලූත් කී‍්‍රඩකයින් පරණ අයට වඩා උඩින් පනිනවාදැයි බැලීමටයි. පැන්නා වගේ ගොස් හොරෙන් රිංගනවාදැයි බැලීමටයි. උස පැනීමෙන් ලද ජය පවුලේ අයගේ ජයක් ලෙසින් සකනවාදැයි බැලීමටයි. එහෙත් සිදුවෙමින් පවතින්නේ පරණ කී‍්‍රඩයින් ගැන හැගීමීබරව කථා කිරීම සහ පරණ චෝදනා මිටියම යලි යලිත් ඉදිරිපත් කිරීම මිස අලූත් තත්වයන් ගැන විමසිලි ඇසින් බැලීම නොවේ. කොළඹ සිවිල් සමාජයේ හුගක් අය සිතා ඉන්නේ ‘තරගයේ සියලූ නීති රීති අදාළ වන්නේ’ පරණ සිටි අයට පමණක් බවයි. මහ බැංකුවේ මූල්‍ය වංචාවක් සිදුවී ඇත්දැයි මේ අයගෙන් ඇසුවහොත් කියන්නේ ‘ඕක මොකක්ද ඉස්සර ඔය වගේ දේවල් කොචිචර වුනාද’ කියාය. නිර්මාල් අසනු ඇත්තේ ‘ඔය ප‍්‍රශ්නය අහන්න ඔයාට තියෙන සදාචාර අයිතිය කුමක්ද‘ කියාය. නිර්මාල්ට අනුව පරණ තරගයට සුභ පැතුවෝ හෝ එයට සහභාගී වූවෝ අලූත් තරගයේ නීති රීති ගැන ප‍්‍රශ්න නොඇසිය යුත්තෝය. එසේ බලාපොරොත්තු වන ගමන් ඔවුන් අලූත් තරගකරුවන් ‘උස පනිනවායැයි පෙන්වමින් හොරෙන් යටින් රිංගා ගිය විට’ ශාස්ත‍්‍රීයභාවය පෙන්වීමට නොයෙක් තර්ක ගෙන එන්නේ එය ‘දැක්කේ නැති’ ගානටය.
(2)
රටක බල දේශපාලනය සදහා ඝෘජු මැදිහත්වන දේශපාලන පක්‍ෂ සහ දේශපාලනඥයන් එක් අතකිනුත් ජන්දායකයින් අනෙක් අතිනුත් වශයෙන් ප‍්‍රධාන ප‍්‍රවාහයන් දෙකක් ලෙස ස්ථාන ගත කළ විට ඒ දෙකට මැදින් වූ අවකාශය තුළ ඒ දෙපැත්තටම විවිධ ආකාරයේ සමිබන්ධතා හා බළපෑමි සහිත කළාපයක් ලෙසින් සිවිල් සමාජය ස්ථානගත වේ. ඒ නිසාම එක් අර්ථයකින් සිවිල් සමාජය ඝෘජු බල දේශපාලනයේ අවශ්‍යතාව වෙනුවෙන් කෙලින්ම පෙනී නොසිටින ‘දේශපාලන සමාජයට‘ එරෙහිව පිහිටන භූමිකාවක් ලෙසින් පිළිගනු ලබන අතර අනෙක් අතින් සාමාන්‍ය පොදු සමාජ අවකාශයේ ගැටලූ හා අවස්ථා (issues and conditions) වෙනුවෙන් පෙනී සිටින හෙයින් වක‍්‍ර ලෙසින් වූ බල දේශපාලනයටම අයිති කලාපයක් බවට ද පිළිගනු ලැබේ. එය තවත් පැහැදිලිව කිවහොත් සිවිල් සමාජය කි‍්‍රයාත්මක වන්නේ ඝෘජු බල දේශපාලනයේ සහභාගිත්ව අරමුණුවලින් මිදුණු එහෙත් වක‍්‍ර ලෙසින් වූ බල දේශපාලනයේ ව්‍යුහාත්මක වෙනස් කිරීම් සම්බන්ධ ක්ෂේත‍්‍රයක් තුළය. මෙම තත්වය ප‍්‍රජාතනත‍්‍රවාදය සම්බන්ධ න්‍යායාත්මක කාරණයක් හරහාද තේරුම් ගත හැකිය. න්‍යායාත්මක තළයේදී ප‍්‍රජාතන්ත‍්‍රවාදය සම්බන්ධ භාවිතාවන් දෙකක් පවතින බව පිළිගනු ලැබේ. එයින් එක් භාවිතාවක් වන්නේ පටිපාටිගත ප‍්‍රජාතන්ත‍්‍රවාදයයි (procedural democracy). එනම් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයක පවතින නිශ්චිත ක‍්‍රියාකාරකම් හා පටිපාටීන් විධිමත් ලෙසින් පවත්වා ගෙන යාමයි. මැතිවරණ පැවැත්වීමල දේශපාළන පක්‍ෂ යාන්ත‍්‍රණයල පාර්ලිමේන්තුව යනාදිය පරිහරණීය සාධක ලෙසින් පවත්වා ගෙන යාම ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පටිපාටිගත භාවිතාවට අයත් වේ. එහි දෙවන භාවිතාව වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ඇති සාංගමික භාවිතාවයි. Associational democracy ලෙසින් ඉංගී‍්‍රසියෙන් එය හදුන්වනු ලැබේ. ප‍්‍රජාතනත‍්‍රවාදී සමාජයක පටිපාටීන් කොතරම් හොදින් පවත්වාගෙන ගියත් එයින් එහි ආකෘතිකමය වු (forms) පැවැත්මක් මිස අභ්‍යයන්තරික අන්තර්ගතයන් (contents) ගොඩ නැගෙන්නේ නැති බැවින් මෙම සාංගමික භාවිතාව ඉතාමත් අත්‍යාවශ්‍ය කාර්යයක් සිදු කරන බව පිළිගනු ලැබේ. දැන් සිවිල් සමාජයේ / පුරවැසි සමාජයේ දේශපාලනය ස්ථානගත වන්නේ මෙම සාංගමික භාවිතාවේ අවකාශය තුළය. ජනමාධ්‍ය /සිවිල් සංවිධාන/බුද්ධිමතුන් (වෘත්තීය සමිති නොවේ) මෙහිදී විශේෂයෙන් හදුනාගත හැකි සිවිල් සංචරකයන් වේ. මෙම භාවිතාවන් දෙකෙහි ඇති විශේෂත්වය නමි පටිපාටිගත ප‍්‍රජාතනත‍්‍රවාදී භාවිතාවේ ඇති බලය ඉල්ලීම / බලය වෙනුවෙන් ඒකරාශීවීම සහ ඒ වෙනුවෙන් අලංකාරිකයන් හරහා ඇත්ත හෝ බොරු කීම වැනි කි‍්‍රයාමාර්ග වලින් වෙන්වු භූමිකාවක් සාංගමික ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ක්ෂෙත‍්‍රය මගින් නිරූපනය විය යුතු වීමයි. සාංගමික මැදිහත්වීම බල පිරමීඩයේ ඉහල තළයට සමිබන්ධ නොවිය යුත්තාසේම එහිම යටි ස්ථරය වූ ජනතා කාණ්ඩ (තම සාංගමික අභිමතාර්ථයන්ට අයත් ජනතා කණ්ඩායම්) ස්වකීය මැදිහත්වීම තුලින් නියෝජනය කිරීම සහ දේශපාලන අවකාශයේ පවතින ව්‍යුහාත්මක වෙනස්වීම් නියොජනය කිරීම බලාපොරොත්තුවේ. සිවිල් සමාජය පිළිබද හේගල් ගේ ඉදිරිපත් කිරීම්වල සිට සියලූ ඉදිරිපත් කිරීම් විධිමත්ව සාකචිජා කළත් මෙම තත්වය පැහැදිලි කළ හැකිය.
දැන් අපේ රෙටි සිවිල් සමාජය ගැන සුමනසිරි ලියනගේ වරක් කියු පරිදි කොළඹ සිවිල් සමාජය හැසිරෙන්නේ නාමිකව සිවිල් වෙන ගමන් කායිකව බල දේශපාලනයේ හොදම මුරකරුවා ලෙසින්ය. නාමිකව සාංගමික වන ගමන් කායිකව ආණ්ඩුවටත් එහායින් එයට චරිත සහතික දෙමින්ය. අනෙක් අතට මෙම සිවිල් සමාජකරුවන්ගෙන් සමහරුන් ආණ්ඩුවත් සමග හැසිරෙන්නේ බල දේශපාලනයේ තමන්ට අහිමි වූ ‘යමක්’ ලැබී එය ආරක්‍ෂා කරන්නට තැත් කරණ කණ්ඩායමක් ලෙසින්ය. කොටින්ම කණ්ඩායමට අලූත් සාමාජිකයෙක් ඇතුලූවීමවත් නොරුස්සන අයුරින්ය. නලීන් සිල්වා මහතා වරක් කියුවේ කොළඹ සිවිල් සමාජය ‘හරියට හැව්ලොක් කී‍්‍රඩා සමාජය’ වගේ කියාය. මෙම කියමනෙහි විශාල සත්‍යයක් එකළට කෙසේ වෙතත් මෙකළට නමි තිබේ. එකම ක‍්‍රීඩකයා තරග කීපයකටම පෙනී ඉන්න තරමටම අද එය ‘සමාජය’ හැකිලෙමින් තිබේ. උදාහරණයක් ලෙසින් සිවිල් සමාජයේ නායකයෙකු ලෙස හදුන්වන සමන් රත්නප‍්‍රිය මහතා සැළකිය හැකිය. ඔහු හෙද සංගමයේ සභාපතිය. රාජ්‍ය නොවන සංවිධාන එකමුතුවේ කැදවුම්කරුය. පුරවැසි බලයේ සම කැදවුම්කරුය. තවත් අපි නොදන්න සංවිධානවල තනතුරු දරනවාද විය හැකිය. කොළඔ සිවිල් බලය යනු ‘අපි කීපදෙනෙකුගේ බලය’ බවට පරමාණුකරණය වෙමින් තිබේ.
මැතිවරණ ඉලක්ක කර ගනිමින් කොළඔ කේන්‍ද්‍රියව ගොඩ නැගෙන මෙම බොහෝ සිවිල් සංවිධාන එක්කෝ මැතිවරණ ජයග‍්‍රහනයන් සමග සහාය දුන් පක්‍ෂයේ ඇතුලටම ගමන් කරමින් ‘සිවිල් බලය BOI-කරණය කරයි. නැත්නමි එම ආණ්ඩුවේ consultantලා බවට පත්වෙමින් මිලියන ගණනන් උපදේශක ගාස්තු ලබන කණ්ඩායමක් බවට පත්වේ. තවත් සමහරු තමන් කිසිම දේශපාලන කන්ඩායමකට අයිති නැති මධ්‍යස්ථභාවයක් පෙන්වන ගමන් ‘ආණ්ඩුවට එරෙහිව විවේචනයක් ගෙනෙන විට සදාචාර අයිතිය’ ප‍්‍රශ්නයකින් ආරක්‍ෂාවක් සපයයි. නිර්මාල්ගේ ප‍්‍රශ්නයෙහි නියම පාට පෙනෙනනේ එවැනි සන්දර්භයකදීය.