1. මුළින්ම, මැකියාවලීගේ දේශපාලන කතිකාව ගැන මෙරට සමාජයේත්, අපේ ඇකඩමියාවේත් තිබෙන බැහැරකිරිම්වාදි කියවීම (exclusive reading) ගැන යම් සවිඥානිකවීමක් සහිතව ඔහුගේ දේශපාළන අදහස් සාකච්ජාවට ලක් කිරිම වැදගත්. ලංකාවේ සමහරුන්ගේ තේරුම් ගැනීම අනුව මැකියාවලී කියන්නේ ‘ඉතාමත් භයානක ආකාරයෙන් බලකාමය දේශනා කළ, කපටිකම දෙශපාලනයට එක් කළ අයෙක්’ . මේ නිර්වචනය නිසාම මැකියාවලී ගැන අපි පටන් ගන්නෙම බැහැරකිරිම පදනම් කර ගෙනයි. ඒ නිසා ඔහුගේ දේශපාලන එකතුකිරිම් ගැන සාරවත් සාකච්ජාවක් පවත්වන්නට තරමක් අපහසු වී තිනේනේ. මීට වසර 29 විතර පෙර නිව්ටන් ගුණසිංහ මේ ගැන සාකච්ජා කර තිබුණා. ඉතාලි දේශපාලනය ගැනත් විශේෂයෙන්ම අන්තොනියෝ ග්‍රාම්සිචි ගේ දේශපාලනය හදුන්වාඳීමේ උත්සාහය තුළත් නිව්ටන් මැකියාවලීගේ දේශපාළන අදහස් බැහැරකිරිම් අන්තයකින් තොරව අරගෙන තිබුණා.
2. මැකියාවලිගේ මෙම රචනාවේඳී මුළික වශයෙන් ආමන්ත්‍රරණය කරන්නේ ‘දේශපාළන විනිශ්වයන් (political judgments) යනු සදාචාරමය විනිශ්චයන් (moral judgments) වෙතින් සම්පුර්ණයෙන්ම වෙන්වූ කළාපයක සථානගත කළ යුතු 'භෞතික ක්ෂේත්‍රයක්’ බවට තර්ක කිරීමයි. සාම්ප්‍රධායික ඉතාලියානු සන්ධර්භය තුළ මෙම නව කළාපය යනු ඝෘජුවම පල්ලියට එරෙහිවූ තත්වයක්. ආගම සහ සම්ප්‍රධාය විසින් රාජ්‍ය පාලන ක්ෂෙත්‍රය තුළ සිදුකරණ භූමිකාව ගැන අධිභෞතික නොවූ කළාපයකට සාකච්ජාව රුගෙන යාම මෙහිඳී අපගේ අවධානයට ගත යුතු කාරණයක්. දේශපාළන විනිශ්චයන් යනු ආචාර ධර්මීය වටිනාකම් රහිත (value free), එහෙත් උපයොගීතාමය ගුණය සහිත, භාවිතාමය අගයකින් යුත්, දේශපාලන බලය කේන්දීය සාධකය කරගත් විනිශ්චයක් බව මෙහි නිශ්චිත තේරුමයි.
3. පැරනි රාජ්‍යයන් හි ස්වභාවය ගැන සහ යම් රාජ්‍යයක් අල්ලා ගැනීම සහ පාළනය කිරිම සම්බන්ධව මැකියාවලී ඉඳීරිපත් කරණ වැදගත් කාරණයක් මෙම කෘතියේ හතරවන පරිච්ජෙදයේ තිබෙනවා. එ අනුව රාජ්‍යයක් පාළනය එහි පාලන ස්වභාවයට අනුව වර්ග දෙකකට වෙන් කරන්න පුලූවන්. එක් රාජ්‍යයක් වන්නේ ශක්තිමත් පාලකයෙක් සිටින එහෙත් දුර්වල නිලධාරින් / රාජ්‍ය යානත්‍රරණයක් සහ සමාජ සංස්ථාවන් සහිත රාජ්‍යයන්. අනෙක් රාජ්‍යය වන්නේ දුර්වල පාළකයෙක් සහිත එහෙත් ශක්තිමත් රාජ්‍ය යාන්ත්‍රරණයක් සහ සමාජ සංසථාවන් සහිත රාජ්‍යන්ය. දැන් මැකියාවලීගේ මතය වන්නේ ඉහතින් සදහන් කළ පළමු ගනයේ රාජ්‍යයක බලය අත්පත් කර ගැනීම අපහසු නමුත් එය අත්පත් කර ගත් පසු පවත්වාගෙන යාම ඉතාමත් පහසු බවත් දෙවන ගනයේ රටක බලය අත්පත් කරගැනීම පහසු නමුත් පවත්වාගෙන යාම අපහසු බවත්ය. පසුකාලීන ව රාජ්‍යයේ පරිනාමීය තත්වයන් අධ්‍යයනය කරන අයට මෙම තත්වය හොඳීන් වටහා ගන්න පුල්වන්.
4. අනෙක් කාරණය වන්නේ බල දේශපාලනයේ පාලකයෙකුගේ අවශ්‍යතාව දේශපාලනමය වශයෙන් නිර්මාණය කළ යුතු දෙයක් බවට ගෙනෙන තර්කයයි. පාලකයාගේ අවශ්‍යතාවය ‘ගොඩ නැගිය යුතු‘ තත්වයක් බවයි. භෞතිකමය වූ බල දේශපාළනයෙහි පාලකයා යනු සමාජමය ගැටලූ විසදීමෙ/ ගැටලුකාරි තත්වයකට පිළිතුරක් නිර්මාණය කිරිමේ උත්සාහයක් හරහා නිර්මාණය වන දෙයක් නොව ‘ගැටලූව නිර්මාණය කිරිම සමග බැදුණු‘ දෙයක් වන බවයි. පාලකයා ගොඩනැගීමත් ඔහු විසින් පාලනය කළ යුතු පාලිතයාගේ ගැටලුව නිර්මාණය කිරීමත් එකම ව්‍යාපෘතියෙහි කොටස් බවයි.
No comments:
Post a Comment