රටේ උසස් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ විශාල දයුණුවක් මෙම රජය මගින් සිදුවී ඇති බවට කථාවන් ඇසෙමින් පවති. 6% යෝජනාව ගැන ද විවිධ මට්ටමේ සාකච්ජා සිදුවෙන බව පෙනේ. විශ්ව විද්‍යාලවලට ලැබෙන මුදල වගේම එයින් නිර්මාණය වන ‘දැනුම’ ගැනද අපගේ අවධානය තදින් යොමු විය යුතු බව කවුරුත් පිළිගනනා කාරණයකි. එහෙත් එය කරන්නේ කෙසේද? විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ අරමුණු සහ බොහෝ අය කරමින් ඉන්නා කාර්යය අතර වෙනසක් තිබේද? එසේ නම් එම වෙනස සමහන් කරන්නේ කෙසේද? මෙය තරමක් ගැඹුරන් සාකච්ජා කළ යුතු කාරණයකි. මම මෙම කෙටි සටහනින් අදහස් කරන්නේ එම සංවාදයට අදල වන එක දෙයක් ගැන පමණක් අවධානය යොමු කිරමටය. එනම් ශාස්ත‍්‍රීය විෂය ක්ෂේත‍්‍රය තුළ විචාරාත්මක බව ගැනයි.
විශ්ව විද්‍යාලවලින් ගොඩ නැගෙන ශිෂ්‍යයන් විශේෂයෙන් මානව ශාස්ත‍්‍ර සහ සමාජිය විද්‍යා පීඨවල අධ්‍යාපනය කරනා ශිෂ්‍ය ප‍්‍රජාව වෙතින් බලාපොරොත්තු වන ‘විචාරාත්මක’ බව ගොඩ නගන්නේ කේසේද? ඒ සදහා සුªසු බුද්ධිමය භාවයක් ආචාය්‍ය–වරුන් තුළ ගොඩ නගන්නේ කෙසේද? මේවා බරපතල ලෙසින් ගත යුතු ගැටලූ ලෙසින් අප ඉදිරියේ ඇත. මෙම විචාරාත්මක බව ගොඩනැගීම යනුවෙන් මම අදහස් කරන්නේ යම් ගැටලූවක් ගැන හෝ තත්වයක් ගැන තිබෙන ස්ථාවරයන්(positions and point of views), එම කාරණය පිළිබදව ගොඩ නැගිය හැකි සන්දර්භීය විමර්සනයන් (contextual analysis), එහිදී වැදගත්වන ඓ තිහාසික තත්වයන් (historical settings), සහ අදාල කාරණය අනෙකුත් කියාවලීන් සමග ගොඩ නගන සම්බන්ධතාවය (relations with other contexts), යනාදියයි.
දැන් මෙම විචාරාත්මක බව ගොඩනගා ගැනීමට ශාස්ත්‍ර පීඨ කළ යුතු කාර්යයන් කවරේද යන්න ගැබුරින් සාකච්ජා කළ යුතු කාලය එලබ ඇති බව පැහැදිලිය.
No comments:
Post a Comment