Monday, October 7, 2019

ඔසීට අදින ‘මහේශාඛ්‍යලා'

එළඹෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පවතින සාකච්ජා අතරින් මේ දිනවල ඉදිරියට පැමිණ ඇති ප‍්‍රධාන එකක් වන්නේ තුන්වෙනි අපේක්ෂකයෙකු අවශ්‍යද කියන කාරණයයි. මේ පිළිබඳව කතා කරන අය එයින් අදහස් කරන්නේ ප‍්‍රධාන දේශපාලන ධාරාවන් දෙකටම වෙනස් ආකාරයේ අපේක්ෂකයෙකු ඉදිරි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කළ යුතුද යන ප‍්‍රශ්නයයි. මේ සාකච්ජාව අද ඊයේ ආරම්භ වූ එකක් නොව 2015 යහපාලන යැයි කියන මේ ආණ්ඩුව පත්වූ දවස්වල සිටම එක්තරා කණ්ඩායමක් ඉදිරිපත් කළ අදහසක් බව පිළිගැනීම නිවැරැදි බව මගේ අදහසයි. මේ කියන තුන්වෙනි අපේක්ෂකයෙකු පිළිබදව කාරණය පිළිබඳව මෙ සතියේ සටහනින් ලියන්නට අදහස් කළේ ඒ පිළිබඳව මතුකර ගත යුතු වැදගත් කරුණු කීපයක්ම සමාජයේ විවිධ ක්ෂේත‍්‍ර තුළින් මතුවෙමින් පවතින නිසාවෙනි.

ආචාර්ය චරිත හේරත් 
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ ජෙෂ්ඨ කථාකාචාර්ය
මෙතැන තුන්වන අපේක්ෂකයෙකු යනුවෙන් අදහස් කරන්නේ ප‍්‍රධාන ධාරාවන් දෙකේ අපේක්ෂකයින් දෙදනාගෙන් නවතින්නේ නැතිව ඒ දෙකටම විකල්පයක් ලෙසින් වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතුයි යන අදහසයි. මේ කාරණය ලංකාවේ ජනාධිපතිවරණ මැතිවරණවල සමහර අවස්ථාවල අත්හදා බලා තිබූ උපක‍්‍රමයක් වූ බවද මෙහිදි සදහන් කළ යුතුය. විධායක ජනාධිපතිවරයෙකු තෝරා පත් කරගැනීමට පළමුවෙන්ම මැතිවරණයක් පැවතියේ 1982 වර්ෂයේය. ඒ ජනාධිපතිවරණයේදි එජාපයේ ජයවර්ධන මහතාත් ශ‍්‍රීලනීපයේ කොබ්බෑකඩුව මහතාත් යන ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදනාට එරෙහිව ජවිපෙ විජෙවීර මහතාත් සමසමාජයේ කොල්වින් ආර් ද සිල්වා මහතාත් තුන්වෙනි අපේක්ෂකත්වයට තරග කළ බව සමහරුන්ට තවමත් මතකය.
ඒ ජනාධිපතිවරණයේ දි කිසිවෙකු තුන්වෙනි අපෙක්ෂකත්වය හරහා ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදනාගෙන් එක් අයෙකූව පරාජයට පත්කිරීමේ උත්සාහයකින් ඉදිරිපත් වූ බවත් පෙනුනේ නැති බවද මෙහිදි සදහන් කළ යුතුම කාරණයකි. එහෙත් 1988 පැවති දෙවන ජනාධිපතිවරණයේදි ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදනාටම එරෙහිව යැයි කියමින් ඉදිරිපත්වූ ඔසී අබේගුණසේකර මහතා නියම්වත් අනියම්වත් පෙනී සිටියේ එජාපයේ අපේක්ෂකයා වූ පේ‍්‍රමදස මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් බව ඒ කාලයේ දේශපාලනය ගැන දන්නා අය පිළිගන්නා කාරණයක් ය. ජවිපෙ මුල්කරගත් බලවේගය විසින් දියත්කළ බරපතල භීෂනය යටතේ පැවති ඒ ජනාධිපතිවරණයේදි පේ‍්‍රමදස මහතාගේ ජයග‍්‍රහණයට ඔසීට තැඩුණු ඡන්ද ලක්ෂ දෙක විශාල වශයෙන් බලපානු ලැබූ බව පිළිගැනීම ඉතාමත් නිවැරිදිය.

1994 ජනාධිපතිවරණයේ සිට මේ දක්වාම පැවති හැම එකකම පාහේ ප‍්‍රධාන අපේක්ෂකයින් දෙදනාට අමතරව වෙනත් අපේක්ෂකයින් ජනාධිපති තරගයට ඉදිරිපත් වූ නමුත් ඒ එක්කෙනක් වත් බරපතල ආකාරයේ බලපෑමක් මුළික ප‍්‍රතිඵලයන් කෙරෙහි සි¥ කළේ නැති බව මගේ නිරීක්ෂණයය. ඒ හැම වතාවකම ජන්දදායක ප‍්‍රවනතාවය දෙකට බෙදි ගිය අතර ප‍්‍රධාන අපෙක්ෂකයින් දෙදනාගේ පරතරය පියවන ආකාරයේ ජන්ද පදනමක් ලැබුණු තුන්වෙනි අපේක්ෂකයෙක් පැමිනියේ නැත. ඒ නිසාම මේ කියන තුන්වන අපේක්ෂක කථාව හුදු ප‍්‍රධාන පක්ෂ දෙකේ අය විසින්ම තමන්ගේ ජන්ද කටයුතු සදහා වැඩි කාර්යාල ගණනක් දැමීමට හා ජන්දපොළ නියෝජතයින් වැඩි කර ගැනීමට යොද ගත් උප්පරවැට්ටියක් පමණක් වූ බව ඉතාමත් පැහැදිලි කාරණයකි.

මා මුලින් කීවාක් මෙන් මෙවර මේ කියන තුන්වෙනි අපෙක්ෂකයෙකු පිළිබදව වන සාකච්ජාව මුළින්ම ආරම්භ වූයේ 2015 ජනවාරිය නිමාවීමත් සමගමය. ඒ ජනාධිපතිවරණයේ යහපාලන කථා කියමින් බලයට පැමිනි ආණඩුව පළමු මාස කීපයේදි ම මහ බැංකුවේ මූල්‍ය ගනුදෙනුව හරහා බරපතල වංචාවකට හසුවීම හේතුවෙන් වික්ෂෝපයට පත් සමහරුන් ඒ දවස්වල සිටම තුන්වෙනු අපෙක්ෂකයෙක් පිළිබදව කථාව සමාජගත කරන්නට පටන් ගත් බව සබෑවක්ය” මේ කාරණයට තවත් උත්තේජනයක් ලැබුනේ ප‍්‍රංශයේ පැවති ජනාධිපතිවරණයෙන් ප‍්‍රධාන පක්ෂ දෙකටම පිටින් තරග කළ අපේක්ෂකයා ජයගැනීම වැනි ජාත්‍යනන්තර තත්වයන්ද හේතුවෙන්ය.

ඒ අනුව මෙවර ජනාධිපතිවරණය සදහා ප‍්‍රධාන ධාරාවන් දෙකේ අපේක්ෂකයින්ට හා ඒ බලවේගවලට බරපතල විවේචනයක් ගෙනා චරිත ගනනාවක්ම පසුගිය වසර තුන හතර තුළ මේ රටේ මතු වෙන්නට පටන් ගත්තේය. ඒ අතරින් මුළිකයන් ලෙසින් පෙනී සිටියේ පල්ලේවත්ත නාගානන්ද කොලොන්නේ වින්‍යා ආරියරත්න වැනි මහත්වරුන්ය. ඒ අය ගේ මතවාදයන් මුළදි මතුවූයේ ඒ ඒ පුද්ගයින්ගේ පෞද්ගලික ප‍්‍රකාශනයයේ ලෙසින් වන අතර පසුව ඒ පුද්ගල චරිත කීපයම කණ්ඩායමක් ලෙසින් එකතුවූ බව පසුගිය දවස්වල දක්නට ලැබුනු තත්වයක්ය. දැන් ‘ජාතික ජනතා ව්‍යාපාරය’ ලෙසින් පෙනී ඉන්නේ මේ කණ්ඩායමය. මේ අයගේ මුළිකම යෝජනාව වූයේ මෙරට දේශපාලනයේ ප‍්‍රධාන ධාරා දෙකේම නායකයෝ අඩු වැඩි වශයෙන් වැරදි සහගත අය බවය. මේ කියන වැරදි සහගතභාවය ලෙසින් ඔවුන් හැදින්වූයේ චෝදනා පොකුරක්ය. ඒ චෝදනා අතර තිබූ ප‍්‍රධාන ඒවා කීපයක් මෙසේය. පළමුව දැනට සිටින ප‍්‍රධාන දේශපාලන පක්ෂවල ඉන්නේ එක්කෝ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ගරු නොකරන යුදමය පදනම් තිබෙන දේශපාලඥයින් බවය” දෙවනුව ප‍්‍රධාන ධාරවේ සිටින්නේ මේ කියන ජනතා ව්‍යාපාරයේ අයතරම් ආර්ථිකය ගැන හොදට දන්නේ නැති දේශපාලඥයින්ය. තුන්වෙනුව ප‍්‍රධාන ධාරවේ දේශපාලඥයින්ට මේ කියන ජනතා ව්‍යාපාරයේ අයට තරම් හොද ආකාරයේ පෞද්ගලික අංශයේ පරිපාලන පළපුරුද්ද වැනි දේවල් නොමැතිය. හතරවෙනුව මේ ප‍්‍රධාන ධාරාවේ දේශපාලඥයින් ගැලරියේ ඉල්ලීමට අනුව අපේක්ෂකයෝ මාරු කරන අය වන අතර ජනතා ව්‍යාපාරයේ අය එසේ කරන්නේ නැති අතර ඒ අයගෙන් ඉදිරිපත් වෙන්නේ ස්ථිරසාර පදනමකින් දේශපාලනයට එන විද්වතුන් බවය. 

දැන් තුන්වෙනි අපේක්ෂකයා පිළිබදව සංවාදයට පැමිනි මේ කණ්ඩායම පසුගිය මාස ගණනාවේම මෙරට මාධ්‍ය අවකාශයේ පෙනී සිටිමින් කියා සිටියේ ඒ අයගේ අපේක්ෂකයා තුළින් ඉහත සදහන් දුර්ගුණයන් නැති පුද්ගලයෙක් වන බවයි. ඒ අතරිනුත් විශේෂයේන්ම පෙන්නුම් කළ කාරණයක් වුයේ දැනට ප‍්‍රධාන ධාරවේ නායකයින්ට නොතේරෙන ආර්ථික කළමනාකරණයක් පිළිබදව දන්නා අයෙක් තමන් ඉදිරිපත් කරන බවයි. ඔවුන්ගෙන් සමහරුන් කීවේ තමන්ගේ අපේක්ෂකයා විනෝභා භාවේතුමන් වැනි අයගේ අවිහිංසාවාදයෙන් පෝෂනය වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කිමිදෙන්නෙක් මිස යුදවාදයට හෝ මිලිටරිකරණයට කිසිම ඇයිහොදයිකමක් ඇති අයෙක් නොවන බවයි. 

මේ සියලූ කාරනා මෙසේ තිබෙද්දි පසුගිය දිනවල සිට රටට හෙලිවෙමින් පවතින්නේ මේ කියන තුන්වන අපේක්ෂකයා ලෙසින් ඉදිරිපත් කිරීමට යන්නේ ඔය කියන ආකාරයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පීතෘවරයෙක් නොව හිටපු හමුදා නිලධාරියෙක්ම වන බවයි. විශේෂයෙන් මාස ගනනාවක් තිස්සේ පල්ලේවත්ත මහතා වැනි අය කියු ආකාරයේ ව්‍යවසායකත්වයේ හෝ කළමනාකාරීත්වයේ කිසිදු අත්දැකීමක් ඇති අයෙක් නොව හුදු සාම්ප‍්‍රදායික මිලිටරිකරණයයෙන් පෝෂණය වූ තවත් එක් අයෙක් බවයි. 2015 යහපාලන අලංකාරිකයන්ටත් එහා ගිය ආකාරයේ දේශනා සමුදායක් හරහා විද්වත්භාවයේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පරමාදර්ශයක් යෝජනා කළත් ප‍්‍රායෝගිකව ඉදිරිපත්වීමට යන්නේ තවත් එක් ජෙනරාල්වරයෙක් නම් එය සමාන වන්නේ කටින් බතල කොළ සිටවීමේ පැරනි කියමනට බව මගේ අදහසයි. 

තමන්ගේ දේශනාව සහ කෙරුවාව අතර ඇමරිකාව හා ඉතියෝපියාව තර්ම විශාල පරස්පරයක් ගොඩ නැගෙන ආකාරයට මේ කියන තුන්වෙනි පාර්ශවයේ අපේක්ෂකයා පිළිබද සිදුවීම වර්ධනය වන්නේ පොදුජන පෙරමුනේ ජනාධිපති අපේක්ෂකත්වයට ගෝඪාභය රාජපක්ෂ මහතා යෝජනාවීමට සාපේක්ෂකව යැයි සිතීමේ වැරුද්දක් නැති බව තවත් පැත්තකින් මතුකළ හැකි තර්කයයි. ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ හා ආර්ථික කළමනාකරණයේ පාඩම්පොත පසෙකින් තබන්නට මේ අයට බලපෑම් කරන්නේ එජාපයේ අපෙක්ෂකයාට එරෙහිව මතුවෙමින් එන සිංහල බෞද්ධ බලවේගයන් යම් පමණකින් හෝ සීමා කිරිමේ උත්සාහයක් යැයි සමහර විටෙක සිතෙන්නේ මේ කාරණයත් සමග මේ තත්වය සළකා බැලන විටය. මේ රටේ දේශපාලනයට ඝෘජුවම සම්බන්ධ සමහර තානාපති උපාය මාර්ග පෙන්නුම් කරන්නේ සිංහල මහජාතියේ බහුතරය එක් පැත්තකට ජන්දය පාවිච්චි කිරීම මේ ජනාධිපතිවරණයේදි ඉතාමත් විශාල වශයෙන් සිදුවිය හැකි බවයි. එවැනි තත්වයකින් සිදුවන්නේ 2015 ජනවාරිවරුන්ගේ අලංකාරික දේශපාලනය සම්පූර්ණයෙන්ම ප‍්‍රතික්ෂේපවීමේ පැත්තකට රට ගමන් කිරීම බව තේරුම් ගැනීමට විශේෂ ඥානයක් අවශ්‍ය වන්නේ නැත. ජාතික ජනතා ව්‍යාපාර ලෙසින් බහුතීස්ම වූ මේ සමහර තුන්වෙනි බලවේගකරුවන්ගේ විද්වත්භාවයේ හා විශේෂඥභාවයේ පදනම් දෙදරවමින් මිල්ටරිකරණයවූ අපේක්ෂකත්වයක් වෙතට ඔවුන් තල්ලූ කරන්නට ශක්තිය සපයන්නේ එවැනි විදේශිය ආයතනයන්ද යන ගැටලූවත් මේ සංවාදයට සම්බන්ධ කාරණයක් බව මගේ මතයයි. 

තවමත් හරියටම ඉදිරිටය නොපැමිනි තුන්වෙනි බලවේගයේ අපේක්ෂකයා කියන්නේ පළවෙනි හා දෙවැනි බලවේගයටම අදළ කිහිලිකරුවක් වන්නේ නම් එහි ඇති තුවෙනි බලවේගයක් හෝ විකල්පීය පදනමක් හෝ නොමැති බව තේරුම් ගැනීමට විශේෂ ඥානයක් අවශ්‍ය වන්නේ නැත. 1989 ජනාධිපතිවරණයේ අත් හද උපක‍්‍රමය වූයේ මේ කියන ආකාරයේ ගෙල සිද ගත් තුන්වෙනි බලවේගයේ අපේක්ෂකත්වයක් බව මතකයට නගා ගැනීම වැදගත්වන්නේ මේ කාරණය නිසාය. එම ජනාධිපතිවරණයේ තුන්වෙනි බලවේගයේ අපේක්ෂකයා වූ ඔසී අබේගුනසේකර මහතා දේශපාලනය නිමා කළේ එජාපයේ කොළඹ දිස්ත‍්‍රික්කයේ මන්ත‍්‍රීවරයෙක් ලෙසින් යැයි සිහියට නගා ගැනීම මේ කාරණය පැහැදිලි කර ගැනීමට සහාය වන බව මගේ අදහසය. තුන්වෙනි බලවේගයක් හදන්නට යැයි කියමින් සමහරුන් කරන්නේ මහේශ්‍යාක්‍ය ලීලාවෙන් ඔසීට ඇඳීම යැයි කිව හැක්කේ ඒ නිසාය. 


No comments:

Post a Comment