මේ රටේ මේ මොහොතේ තිබෙන දේශපාලනමය වූ අවුල් සහගත තත්වයට හේතුව වන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මතුවූ තත්වයක් යැයි ජනාධිපති තුමා විසින්ම ප‍්‍රකාශ කළේ පසුගිය සතියේය. එතුමන්ගේ අදහස වන්නේ 18 වන ව්‍යවස්ථා සංශෝධනය සහ 19 යන සංශෝධන යන දෙකම පළල් අර්ථයෙන් රටට නොගැලපෙන ඒවා බවය. ඔහු ප‍්‍රකාශ කරන ආකාරයට 18 වන ව්‍යවස්ථා සංශෙෘ්ධනයෙන් රටේ ඒකාධිපතිත්වයක් නිර්මාණය කළ අතර 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් රට තුළ අරාජතක්වයක් ගොඩ නැගුවේය. මෙහිදි මුළින්ම කිව යුතු කාරණය වන්නේ මේ සංශෝධන දෙකින් පළමු එකට අත ඉස්සූ කෙනෙක් ලෙසින් සහ දෙවන එක ගෙන ඒම ට මුල්වූ අයෙක් ලෙසින් එතුමා කියන්නේ තමා ඇතුලූ අනෙක් කණ්ඩායමටම මේ ව්‍යවස්ථා සංශෝධන දෙකේදිම වැරදුනු බව නම් එය අපි කාටත් පිළිගත හැකි කාරණයක්ය. එහෙත් මට නම් පේන්නේ මේ පසුවිපරම මගින් පෙන්නුම් කරන්නේ එතනින් එහාට ගිය කාරණයක් පිළිබදවය කියාය. එනම් මේ රටේ දේශපාලන ක්ෂේත‍්‍රයේ මතුවී තිබෙන රාජ්‍ය පාලනයේ නුපුහුණු බව පෙන්වීමේ තවත් එක් අවස්ථාවක් කියාය.
මේ සටහනින් මා සාකච්ජා කරන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇතැයි කියන අර්බුද ජනක තත්වය පිලිබදවය. මෙහිදි අපගේ මතකයට නගා ගත යුතු වැදගත් කාරණයක් වන්නේ මේ වැරදුනා යැයි කියන 19 වන සංශෝධන ව්‍යාපෘතියම පටන් ගත්තේ 2015 ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් බවයි. ඒ ජනාධිපතිවරණය සදහා පොදු අපේක්ෂකයෙකු මගින් පොදු වැඩ සටහනක් හරහා තරග කළ යුතුයැයි තර්කයක් මතු කළේම 19 ව්‍යවස්ථා සංශෝධනය එක් පැත්තකිනුත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙසින් අනෙක් පැත්තතෙනුත් ඉදිරියට දමමින් බව අපි හැමෝම දන්නා කාරණයක්ය. ඒ අර්ථයෙන් බලන විට 19 සංශෝධනය හා වර්තමාන ජනාධිපතිතුමා යනු එකම ව්‍යාපෘතියේ කොටස් දෙකක් යැයි සිතීමේ වැරුද්දක් නැත. මේ ව්‍යාපෘති දෙකම පටන් ගත්තේ මේ රටේ දේශපාලනයට බරපතල ආකාරයෙන් විදේශීය කණ්ඩායම්වල මැදිහත්වීම එක්වීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් බවද අපේ මකනයට නගා ගැනීම වැදගත්ය. 2015 ජනවාරි 8 වෙනි දින ජනාධිපතිවරණය පැවැත්වූවාට ඒ වෙනුවෙන් සමහර විදේශීය තානාපති නිලධාරින් සහ අපේ රටේ සමහර දේශපාලඥයින්ගේ ‘ෆැලෑනින් මීටීන්ස්’ පැවැත්වූයේ ඊට සෑහෙන කාලයකට පෙර සිටන්ය” ඒ සමහර රුස්වීම් සංවිධානය වූයේ සිංගප්පුරූවේ යැයි ආරංචියක්ද ඒ දවස්වල තිබුනු අතර මේ කියන 19 වන සංශෝධනයේ මුලික කෙටුම්පත පවා සාකච්ජා කෙරුවේ ඒ රුස්වීම් වලදි යැයි පිළිගැනීමක්ද තිබේ. ඒ අනුව පෙන්නුම් කරන්නේ 2015 ජනවාරි දේශපාලනයත් 19 වන ව්‍යවස්ථා සංශෝධනයත් යනු එකම කාසියේ පැති දෙකක් බවයි. මේ රටේ අද තිබෙන දේශපාලන වියවුලට 19 වන සංශෝධනය සම්බන්ධ යැයි ජනාධිපතිතුමා කියන විට එය අර්ධ සත්‍යයක් වන අතර ඒ කථාව සම්පුර්ණ සත්‍යයක් වන්නට නම් කිව යුත්තේ මේ රටේ අද තිබෙන අවුල් සහගත තත්වය යනු ‘2015 ජනවාරිවරුන්ගේ’ අවුල් සහගත දේශපාලනයේ ප‍්‍රතිඵලයක් ලෙසින් ගොඩ නැගුනු දෙයක් බවයි.
1978 පසුව මේ රටේ ව්‍යවස්ථා සංශෝධනය කළ බෙහෝ අවස්ථාවල ඒ වැඬේ කර ඇත්තේ යම් ආකාරයක ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ආකාරයකට යැයි පිළි ගැනීමක් මතුවී ආවේ ඒ කාලයේ සිදුකළ ජෙ ආර් ජයවර්ධන මහතාගේ ව්‍යවස්ථා සංශෝධන ව්‍යාපෘතිය හේතුවෙන්ය. ඉතිහාසයේ විවිධ වාර්තා අපිට පෙන්නුම් කරන්නේ ජයවර්ධන මහතාට සිතුනු ඕනෑම අවස්ථාවක ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ඒමේ ප‍්‍රවනතාවක් ඒ දවස්වල තිබූ බවය. විශේෂයෙන්ම එක් අවස්ථාවක කළවාන මැතිවරණ කොට්ඨාශයේ සරත් මුත්තෙට්ටුවේගම මහතා මන්ත‍්‍රීවරයා ලෙසින් පිලිගැනීමට සිදුවූ විට එම ආසනයෙන් ඉවත්වෙන අබේරත්න පිළපිටිය මහතාටත් පාර්ලිමේන්තුවේ ආසනයක් හිමිවෙන පරිදි ව්‍යවස්ථාව සංශෝධනය කරන්නට පවා ජයවර්ධන රජය උත්සාහ කළ බව අපේ මතකයේ තවමත් රුදි තිබෙන කාරණාය. එවැනි වැනි දේවල්වලින් පෙන්නුම් කරන්නේ ව්‍යවස්ථා පැරනි එජාපයේ කාලයේ ව්‍යවස්ථා සංශෝධනයේ තිබු විකාර රූපී තත්වයේ තරමය. ඒ දවස්වල ව්‍යවස්ථා සංශෝධනය සදහා හේතුපාදක වුයේ පළල් දේශපාලනමය වූ දේවල්ම නොව හුදු පෞද්ගලික කරුණු සහ පක්ෂයකට සම්බන්ධ හේතු වැනි දේවල්ය. දැන් මේ කියන 19 වන ව්‍යවස්ථා සංශෝධනය සිදු කලේ ජයවර්ධන මහතාගේ රජය කාලයේ නොවුනත් ඒ වැඩ සටහන යටන් තිබුනේත් දේශපාලන සමාජයේ තිබෙන පෞද්ගලික කොන්ත‍්‍රයන් ගනනාවක් යැයි කීමේ වැරුද්දක් නැති බව මගේ මතයය.
ආචාර්ය චරිත හේරත් |
19 ව්‍යවස්ථා සංශෝධනයේ එක් අරමුණක් වුයේ විධායක ජනාධිපතිධුරයට ලබා දි තිබූ සමහර බලගතයන් එයින් ඉවත් කිරීම වුවත් ඒ වැඩ සටහනේ යටින් දි වු වෙනත් අරම්ණක් වුයේ මහින්ද රාජපක්ෂ මහතාගේ පවුලේ අයගේ දේශපාලනය මේ කාලයට සාපේක්ෂකව යම් ආකාරයකට සීමා කිීරිමය. ජනාධිපතිධුරයට දෙවරකට වඩා කරග කළ නොහැකිය යන වගන්තිය 19 සංශෝනයට ගෙනාවේ මහින්දට යලිත් තරග කරන්නට ඉඩක් නොදිය යුතුය යන අදහසින් වන අතර ජනාධිපති තනතුරේ අවම වයස සීමාව වසර 35 කළේ ත් රාජපක්ෂ පවුලේ දරුවන්ගේ වයස මැන බලා ආසන්න අනාගතයට ඒ අයට සම්බන්ධයක් නොවන ආකාරයට යැයි ද දේශපාලන සමාජයේ පිලිගන්නා කාරණාවක්ය. අනෙක් අතට විදේශ පුරවැසිභාවය තියෙන අයට පාර්ලිමේන්තුවට වත් තරග නොකිීමේ වගන්තිය එල්ල කරගත්තේම බැසිල් සහ ගෝඨාභය වැනි අය පාර්ලිමේන්තුවට ඒවි යැයි සිතා බව ඒ දවස්වල එජාපයේම සමහරුන් කීවේ වහසි බස් ආකාරයෙන්ය. මේ ආකාරයට එක් පැත්තකින් මේ රටේ විධායක පාලනය අවුල් කිරිමත් අනෙක් පැත්තෙන් දුර්වල අගමැතිවරයෙකු වූ වත්මන් අගමැතිවරයාව ශක්තිමත් පාලකයෙකු බවට පත් කිරීමත් සහ තුන්නෙුව රාජපක්ෂ පවුල දේශපාලනයෙන් තාවකාලිකව ඈත් කර තැබීමත් වැනි එකිනෙකට සම්බන්ධ නැති අවශ්‍යතා ගනනාවක්ම වෙනුවෙන් නිර්මාණය වූ ලියවැල්ලක් ගානට 19 වන ව්‍යවස්ථා සංශෝධනය පරල වී ඇති බව මේ වන විට අපි හැමෝම පිලිගන්නා සත්‍යයක්ය. ජනාධිපතිවරයා විසින් තමන්ගේම ව්‍යවස්ථා සංශෝධනයේ අඩුපාඩු ස්වකීය පාලන කාලය ඉවත් වීමට පෙර සිටම දකින්නට පටන් ගැනීම හොද තත්වයක් වුවත් මේ නෛතික ලියවිල්ල අපි කැමති වුවත් නැතත් ඉවත් කිරිමේ හැකියාවක් දැන් නොමැති බවද පිලිගැනීම ද මෙහිදි ඉතාමත් වැදගත්ය. ඒ නිසා 19 සංශෝධනය එසේම තිබියදිම ඉදිරි රාජ්‍ය පාලන කටයුතු සි¥කිරීමට අලූත් ආකෘතියක් සෙවීමේ අවශ්‍යතාවක් මතුවෙනු ඇති බව මගේ උපකල්පනයය.
19 ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කරගැනීමේ ඉඩක් නුදුරු අනාගතයෙහි මට නම් පෙනෙන්නේ නැති අතර මේ ව්‍යවස්ථා සංශෝධනයේ සමහර වගන්ති නිසා ඊලග ජනාධිපතිවරණයේන් පසුව මේ රටේ පාලනය මීටත් වඩා අවුල්වීමේ ඉඩක්ද පවතින බව අපේ අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය. මේ සංශෝධනයේ 45 වගන්තියෙන් කියන්නේ මීලග ජනාධිපතිවරයාගේ සිට ඉදිරියට ඇමතිවරුන් වශයෙන් පත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීධුරයක් ඇති අයෙක් පමණක් බවය. ඒ අර්ථයෙන් අනාගත ජනාධිපතිවරයෙකු වශයෙන් පත්වෙන අයෙකුට පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරයෙකු නොවීම හේතුවෙන් කැබිනට් මණ්ඩලයේ ධුරයක් ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව ඒ වගන්තියේ අභිමත නිර්වචනය විය හැකිය. එමෙන්ම ඉදිරි කාලයේ කැබිනට් මණ්ඩලයේ සංයුතිය ඇමතිවරුන් 30 සීමා වන බවත් එම ඇමතිවරුන් 30 පත් කළ යුත්තේ අගමැතිවරයාගේ නිර්දේශයට අනුව බවත් මේ සංශෝධනය මගින් තීරණය කර තිබෙන බවද අපේ අවධානයට ගැනීම වැදගත්ය. මීට අමතරව මේ සංශෝධනය මගින් යෝජනා කර තිබෙන ඒ ඒ කොමිසන් සභා වැඩ කරන්නේ කෙසේද යන කාරණයත් තවම තිබෙන්නේ අවිනිශ්චිත තැනක්‍ය” හිටපු පොලිස්පතිවරයාගේ තනතුර සම්බන්ධයෙන් ඔහු විසින් ගොනු කර ඇති පෙත්සම සම්බන්ධ අධිකරණමය තීර්ණයන් මගින් කියවෙන්නේ කුමක්දැයි බලා සිටීමද මෙහිදි ඉතාමත් වැදගත් බව මගේ අදහසය.
මේ තත්වය තුළ 19 වන ව්‍යවස්ථා සංශෝධනය එසේම තිබියදිම ඒ අස්සෙන් රිංගා යාමේ ඉඩ පාද ගැනීම ඉදිරි පාලනයන් සදහා අවශ්‍යම දෙයක් බවට පත්වීම නොවැලැක්විය හැකි තත්වයක්ය. මගේ යෝජනාව වන්නේ එවැනි රිංගා යාමේ ඉඩ කීප තැනකින්ම මේ ව්‍යවස්ථා සංශෝධනය තුළ තිබෙන බවය. එක් උදහරණයක් ගතහොත් ජනාධිපතිවරයාට ඇමතිවරුන්ගේ ගනන තීරණය කිරීමේ ඉඩ අවුරා තිබුනාට ඇමතිවරුගේ විෂයයන් හා වගකීම් ගැසට් කිරීමේ සම්පුර්ණ බලය තවමත් ඇත්තේ ජනාධිපතිවරයා වීමත් ඇමතිධුර 30 සදහා සියලූම ආයතන ගැසට් කිරිමේ නියෝගයක් ව්‍යවස්ථාව තුළ නොමැතිවීමත් යන කරුණු දෙකම මත පදනම්ව ඇමති ධුර 30ට අමතරව පවතින රාජ්‍ය ආයතන පද්ධතියක් පැවතීමේ ඉඩක් මේ ව්‍යවස්ථා සංශෝධනය තුළින්ම වුවත් නිර්මාණය වන බව මගේ එක් නිරික්ෂණයක්ය. ඒ අර්ථයෙන් ජනාධිපති ලේකම්වරයා යටතේ පාර්ලිමේන්තුවට වාර්තාවෙන හා ඇමති මණ්ඩල ලේකම්වරයා යටතේ විගණනයට පාත‍්‍ර වෙන ශක්තිමත් ආයතන පද්ධතියක් මේ ක‍්‍රමය යටතේම ඇති කිීමේ ඉඩක් පවතින බව පෙනී යන අතර එවැනි පද්ධතියක් සදහා දේශපාලනමය නොවන හා කුෂලතාවය මත ප‍්‍රධානීන් පත්කරමින් ඉතාමත් පළදයී රාජ්‍ය සේවයක් සදහා අලූත් මාවතක් මේ තියෙන ආකෘතියෙන්ම නිර්මාණය කළ හැකි බව මේ තර්කයේ වඩාත් සංවර්ධිත මට්ටමය.
අනෙක් අතට මේ රටේ පසුගිය කාලයේ තිබු එක් අවුල් සහගත තත්වයක් වුයේ විධායක බලය ජනාධිපතිවරයා වෙතින් ඇමතිවරුන් වෙත මාරු වීම හරහා ඇමතිවරුන් විධායකයේ නියෝජතයින් බවට පත්වීමෙන් ඒ අයගේ ව්‍යවස්ථාදයක කාර්යභාර්ය අත්හැරී යාමය. හොදට පාලම් හදන ඇමතිවරුන් මිස හොදට පනතක් හැදිම සදහා මහන්සි වෙන මන්ත‍්‍රීවරුන් අපට නොසිටියේ මේ විධායක බලයට පෙම් බැදිමේ උවමනාව නිසාය. 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව පිහිටවන ඊලග පාර්ලිමේන්තුව තුළ ඇමතිවරයාගේ භූමිකාව වර්ධනය නොවන පරිද්දෙන් සහ මන්ත‍්‍රීවරයාගේ භූමිකාව වර්ධනය වන පරිද්දෙන් ව්‍යවස්ථාදයක මණ්ඩලය ලෙසින් පාර්ලිමේන්තුව ඉහලට ගෙනයාමේ ඉඩක් මේ සංශෝධනයම පාවිච්චි කරමින් මතුකර ගැනීම වැදගත් බව මෙහි ඇති දෙවන වැදගත් කාරණයය.
19 වන සංශෝධනය ගෙනෙන්නට පෙර දැකිය යුතු සමහර කරුණු එය ගෙනාවාට පසුව දැකීමෙන් එච්චර ප‍්‍රතිඵලයක් නොමැති බව තේරුම් ගැනීමත් දහනවයේ දෝෂය කලමනාකරණය කරගනිමින් ඉදිරි පාලනයට සූදනම්වීම පිලිබදව අලූත් සිතීමකට යාමත් හැර අන් මගක් මේ මොහොතේ අප ඉදිරියේ නැති බව මගේ යෝජනාවය.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ ජෙෂ්ඨ කථිකාචාර්ය
ආචාර්ය චරිත හේරත්
No comments:
Post a Comment