Friday, May 18, 2018

අපේ දේශපාලනයේ ඊලග ‘පිම්ම’...


පසුගිය සතියේ මා ලිවූයේ මේ රටේ දේශපාලනයේ පශ්චාත් එජාප සහ පශ්චාත් ශ‍්‍රීලනීප (post UNP-Post SLFP condition) තත්වයක් ගොඩ නැගෙමින් තිබෙන බව ය. මේ සටහනෙන් බලාපොරොත්තු වන්නේ ඒ අදහස තව දුරටත්සා කච්ජා කරන්නටය. විශේෂයෙන්ම මේ අලූත් තත්වය හමුවේ ආණ්ඩුවට විරුද්ධ දේශපාලනය සංවිධානය විය යුත්තේ කෙසේද කියන කාරණ ගැන අදහසක් ගෙන ඒමය. 1977 ජෙ ආර් ජයවර්ධන පාලනයෙන් ආර්ම්භ වූ දේශපාලන ක‍්‍රියාදමයේ අවසානය සටහන් වන්නේ 2015 ජනාධිපතිවරණයෙන් බව කිව හැකි කාරණා ගණනාවක්ම අපට නිරික්ෂණය කළ හැකිය. එක් කාරණයක් වන්නේ ආර්ථික ක්ෂේත‍්‍රයේ අපි යමින් තිබු ගමන් මාර්ගය පිළිබදව බරපතල පසු විමසුමකට මේ ජනාධිපතිවරණය හරහා අපි පැමිණ ඇති බවය.ජේ.ආර්.හදුන්වා දුන් නිදහස් ආර්ථිකය මොඩලය හරහා රටකට ගත හැකි ණය ප‍්‍රමාණය හා ජනතාවට දියහැකි සංවර්ධන පොරොන්දුවල ප‍්‍රමාණය යම් ආකාරයක නිමාවක් සටහන් කිරීමක් හෙවත් කඩයිමකට යාමක් මේ ජනාධිපතිවරණයත් සමග සිදුවී තිබෙන බව මගේ මතයය. දෙවැනි කාරණය වන්නේ පසුගිය ජනාධිපතිවරණයත් සමග දේශපාලන ක්ෂේත‍්‍රයේ ගොඩ නැගී ඇති ගැටලූ ගනනාවය. 1977 පසු හැම ආණ්ඩුවක්ම අඩු හෝ වැඩි වශයෙන් දේශපාලනමය ගැටලූ සදහා පැටලූනේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවත් සමගය. මට හිතෙන ආකාරයට 2015 ජනාධිපතිවරයේ වැදගත් කාරණයක් වන්නේ 1978 ව්‍යවස්ථාව සමග කළ දේශපාලන සෙල්ලම් මීට වඩා කළ නොහැකි ගානට ඒ පැතතත් අවුල් කර ගැනීමක් ය. ඉස්සර වෙනස් කළේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවය. (ඉස්සරහට වෙනස් කරන්න වෙන්නේ එහි 19 සංශෝධනය යලි යලිත් සංශෝධනය කිරිමය). තුන්වෙනුව ශ‍්‍රීලනීපය හා එජාපය අතර ඓතිහාසිකව පැවති න්‍යායාත්මක හා ප‍්‍රායෝගික වෙනස්කම ඒ ජනාධිපතිවරණයත් සමග නිට්ටාවටම නිමා වී තිබීම තවත් වැදගත් පෙන්නුම් කිරීමක්ය. ඒ සියල්ලටමත් වඩා පසුගිය ජනාධිපතිවරණය සමගින් අර්බුදයට ගියේ මේ රටේ ‘ජනප‍්‍රිය දේශපාලනයේ අලංකාරිකවලට’ (political rhetoric) තිබූ දේශපාලන වලංගභාවයය. ඒ ජනාධිපතිවරණයේ දි සහ එතැන් සිට මේ දක්වා ඒ කණ්ඩායමේ අය කියන කරන දේවල් නිසා ආයිත් අලංකාරික පාවිච්චි කරන්නට නොහැකි තැනකට ඒ වැඬේ ‘ජෝක්’ වී තිබෙන බව දැන් හැමෝම වාගේ පිලිගන්නා කාරණයක්ය. තවත් කාටවත් කියන්න බොරුවක් හෝ අලංකාරිකයක් ඉතිරි නොකරන තරමට ඒ තත්වය වර්ධනය වී ඇති බව දැන් හොදටම පැහැදිලිය.

දැන් මේ තත්වය හමුවේ මේ රටේ දේශපාලනය සාම්ප‍්‍රධායික පක්ෂවලින් හා සටන් පාඨවලින් ගැලවී යමින් තිබෙන අතර ඒ තැනට අලූතින් පත්වෙමින් තිබෙන හා පත් වන්නට නියමිත බලවේග ගැන අවබෝධයක් ලබා ගැනීම ඉතාමත් වැදගත්ය. මේ අවකාශය පුරවන්නට එන දේශපාලන ව්‍යාපෘතීන් අලූත් එවා යැයි මා කීවාට ඒවායේ පරණ නායකයින් සම්පූණයෙන්ම නැති බවක් එයින්කි යවෙන්නේ නැත. විද්‍යාවේ ඉතිහාසයේ සුසමාදර්ශ මාරුවීම් (paradigm shift) වෙන අවස්ථාවල පෙන්නුම් කරනවා මෙන් දේ්ශපාලනයේදිත් පෙනෙන්නේ ඕනෑම අලූත් දේශපාලන ව්‍යාපෘතියක් මතුවන්නේ පැරනි සමාජ බලවේගයන් හා පැරනි නායකයින් එහෙමම නැති තත්වයක නොව ඒ අයත් අලූත් ව්‍යාපෘතීන් තුළට ඇතුල්වෙන පරිද්දෙන්ය.

මගේ ගනන් බැලීමට අනුව අලූත් දේශපාලන බලවේග හතරක් (4) මෙරට ඉදිරි දේශපාලනයේ තීරනාත්මක පොරබැදිමක් පෙන්නුම් කරන ප‍්‍රධාන බලවේග බවට පත්වෙන බව කිව හැකිය. විශේෂයෙන්ම ඊලග ප‍්‍රධාන ජාතික මැතිවරණයේ (ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය) ප‍්‍රධාන සාධක ලෙසින් ව්‍යාපෘතීන් 04 මතු වන බවයි. එයින් එකක් වන්නේ දැනටමත් ඒ තත්වය පෙන්නුම් කර ඇති පොහොට්ටුව මගින් සංකෙතවත් වන පොදුජන පෙරමුනේ දේශපාලන ව්‍යාපෘතියය. දෙවැනි බලවේගය වන්නේ එජාපයත්, සාම්ප‍්‍රධාක ශ‍්‍රීලනීපයත්, හෙළ උරුමය හා ජවිපෙ වැනි බලවේගවලින් ගොඩ නැගෙන එක ව්‍යාපෘතියක් ලෙසින් පිළිගැනීම නිවැරිදිය. එය එජාපය හෝ වෙනත් දැන් තියෙන පක්ෂයක් නොවන බව චම්පිකලා කියන දේවල්වලින් දැනටමත් පෙන්නුම් කරමින් තිබේ. තුන්වෙනි බලව්‍යාපෘතිය වන්නේ පාරලිමේන්තුවට පිටින් මතුවෙන පෙරටුගාමී ව්‍යාපෘතිය හරහා ගොඩ නැගෙමින් තිබෙන ‘මහජන සටන්’ ව්‍යාපාරයයි. හතරවෙනි බලවේගය ලෙසින් මතුවන්නේ ටීඑන්ඒ සහ ඊපීඞීපී වැනි පක්ෂ පසෙකට තල්ලූකරමින් උතුරේ මතුවෙන විග්නේශ්වරන් මුල් කරගත් දේශපාලන ව්‍යාපෘතියයි.

මට මෙතැන වැදගත් වන්නේ පළමු ව්‍යාපෘතිය නිවැරිදිව හා ශක්තිමත්ව ඉදිරියට ගන්නේ කෙසේද කියන කාරණය මිස අනෙක් අයගේ දේශපාලනය ගෙනියා යුත්තේ කොහාටද කියන කාරණය නොවේ. මා බලන්නේ අනෙක් ව්‍යාපෘතීන් තුනම පරජයට පත්කරන්නේ කෙසේද කියන කාරණයය. ඇත්තටම අපේ ව්‍යාපෘතියේ දේශපාලනය තාක්ෂනික හා සංවිධානමය ක්ෂේත‍්‍රයේ දැනටමත් විශාල වශයෙන් සිදුවී හමාර බව කිව යුත්තේ බැසිල් රාජපක්ෂ මහතාට ස්තුතියක් ද සහිතවය. මේ ව්‍යාපෘතියේ දැනට තිබෙන ගතිකත්වය වන්නේ මහින්ද ජනාධිපතිතුමන්ගේ නායකත්වය, සිංහල ජාතික ව්‍යාපාරයේ සහාය, ගෝඨාභය/ බැසිල්/ දිනේශ් ඇතුලූ නව නායකත්ව කණ්ඩායමක ශක්තිය, බෞද්ධ සංඝ නායකත්වයේ සහයෝගය සහ කොළඹ කේන්දර කරගනිමින් ගොඩනැගෙන නව තාක්ෂනික සමාජයේ (වියත් මග වැනි) සහයෝගය වැනි දේවල්ය.

මේ සියල්ලම සමගින් ගොඩ නැගිය යුතු නව දේශපාලන න්‍යාය පත‍්‍රයක (ආර්ථිකය ව්‍යවස්ථාව ඇතුලූ) අවශ්‍යතාවය මේ ව්‍යාපෘතිය හමුවේ ඇති එක් ප‍්‍රධාන අභියෝගයක් වන අතර දෙවැනි වැදගත් අභියෝගය වන්නේ ග‍්‍රාමීය දේශපාලනයේ උඩ තලයේ දේශපාලනය වෙනුවෙන් වැඩ කරන වෘත්තීය පක්ෂ කේඩරයක් ගොඩ නැගීමය. 1956 බණ්ඩාරනායක ව්‍යාපෘතියේ සහ 1977 ජයවර්ධන ව්‍යාපෘතියේ තිබූ විශේෂත්වය වන්නේ මේ වෘත්තීයම වූ දේශපාලන කේඩරය ස්වකීය ව්‍යාපෘතීන් බලය ලබා ගැනීමට පෙර සිටම ශක්තිමත්ව සුදනම් කර ගෙන තිබීමය.


No comments:

Post a Comment