නලීන් සර් පසුගිය ලිපියක සදහන් කර තිබූ තී‍්‍රලක්ෂණය ගැන මට සිතෙන අදහසක් කීමට සිතුනා. "අනිත්‍ය දුක්ඛ අනාත්ම නොදැනීම" කියන කාරණය දැනුමක් විදියට ගැනීමේදී මෙරට බෞද්ධ සම්පදාය තුළ බරපතල අවුලක් තියෙන බව මගේ අදහසයි. මෙතැන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ යම්කිසි "දෙයක්" ලෙසන් ගැනීම හෝ යම් ඉරණම් තුනක් ලෙසින් ගැනීම වගේ අදහසක් ඉදිරිපත් වෙන්නේ. "අපි ඉන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යටතේ කියල කිව්ව" ගමන් ඉබෙම උපකල්පනය වෙන්නේ අපි යම් ස්වභාවයකට යටත් වෙළා ඉන්නේ වගේ අදහසක්. මෙතැන "අපි" කියන එකත්, අනෙක් පැත්තෙන් "තී‍්‍රලක්ෂනයට යටත් කියන" සංකල්පයක් දෙකම බරපතළ අවුලක් නිර්මාණය කරනවා.
මම හිතන්නේ මුල් බුදුසමයේ (නිකාය බුදුසමය/ පාළි බුදුසමය කියාත් මෙය හැදින්විය හැකියි) අනිත්‍ය- දුක්ඛ- අනාත්ම යන වචනයන් තුන එකවගේ අර්ථයකින් ලෝකය හෝ ස්වභාවය තේරුම් කරන වචන තුකත් විදියට ගැනීමම වැරදියි. මෙතැන "අනිත්‍ය" යන වචනයෙන් කියන්නේ ඉන්දීය ගෝචර හෝ අතිනීදීය ගෝචර සංකල්ප හෝ ස්වභාවයන් සියල්ල "ස්ථිතික", "ස්ථාවර" හෝ "නිත්"ය නැත යන තේරුමයි. එසේ ස්ථාවර නොමැති හා/ හෝ නිත්‍ය නොමැති, වෙනස්වන ස්වභාවය යනු නිරපේක්ෂ ලෙසින්ම දුකක් ගෙන දෙන දෙයක් නොවෙයි. (ඇත්තටම පසු කාලීන සංස්කෘත බුදුසමයට අනුව වෙනස්වීම සැපක් මිස දුකක් නොවෙයි). දැන් අනිත්‍ය නිසාම කිසිවක් දුකක් නොවන අතර මෙතැන දුක තේරුම් ගත යුත්තේ "මිනිස් සංකල්පීයකරණයේ ඇති පද්ධතිකරණමය ගතිය හෙවත් මම නිෂ්පාදනය කරගැනීමට" සාපේක්ෂකවයි. වෙනත් ලෙසකින් කිවහොත් අනිත්‍ය දේ දුකක් වන්නේ ආත්ම ලෙසින් ගැනීමෙදී පමණයි. වෙනස්වීම දුකක් වන්නේ එය වෙනස් නොවීම ලෙසින් ගැනීම නිසා (පද්ධතිකරණය නිසා පමණයි). ඒ අර්ථයෙන් ගත් විට "දුක යනු වෙනස්වීම සමග පුද්ගල මනස සම්බන්ධවීමෙන් ගොඩ නැගෙන ව්‍යතිරෙඛයක් මිස වෙනස් වන සියල්ල දුකක් ලෙසින් සැළකීම නිවැරිදි නැති බව" මෙයින් කියන්නේ.
දැන් අනාත්ම වචනය ලෙසින් බුදුසමය යෝජනා කරන්නේ ඉහත සදහන් "වෙනස්වීම - වෙනස් නොවීම ලෙසින් ගැනීමට" ප‍්‍රතිපක්ෂව මනස පිහිටවීම ලෙසින් මිස අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තී‍්‍රලක්ෂණයෙන් මිදීම ලෙසන් නොවෙයි.මෙ අනුව තී‍්‍රලක්ෂනය යනු අනිත්‍යතාව ඒ ලෙසින්ම (අනිත්‍යතාව අනිත්‍යතාව ලෙසින්ම) තේරුම් ගැනීමට යෝජනා කරන "අනිත්‍යාව නිත්‍යාතාව ලෙසින් පද්ධතිකරණයට ලක් කිරීම නිසා දුක (සාපේක්ෂ අර්ථයෙන්) ඇතිවන බව ඉදිරිපත් කරන සහ මේ හේතුව නිසාම මනස පද්ධතිකරණයට එරෙහිව පිහිටවීමට (අනාත්මතාව ගොඩ නැගීම මනස වෙනස් කිරීමට) යෝජනා කරන ඉගැන්වීමක් ලෙසින් ගැනීම නිවැරිසි බව මගේ අදහසයි.
No comments:
Post a Comment