ඩී බී නිහාල්සිංහ

දෙවනුව ඔහු සමග වැඩ කරන්නට වූ චිත‍්‍රපට සංස්ථා පනත සංශෝධනය සම්බන්ධ කාරනයේදී. මෙ සම්බන්ධව හරියටම නිවැරිදි මතයක ඔහු සිටි බව මගේ අදහසයි. ලංකාවේ සිනමා ශාලා ඩිජිටෙල් කරණය කරන්නට නම් පනතට අලුතින් සංශෝධනයක් එක් කර අපි රටක් විදියට පිළිගන්ගා තාක්ෂණ පරාමිතිය කුමක්දැයි ඇතුලු කළ යුතුව තිබෙනවා. දැනට පනතේ චිත‍්‍රපටයක් යනුවෙන් කිර්වචනය කර තිබෙන්නේ 35 ම්ලී මීටර් (35mm) සැලෝලයිට් පටය ලෙසින්. මේ සදහා ඩිජිටෙල් පරමිතිය වශයෙන් 2K තාක්ෂනික පිරිවිතය පනත තුලට සංශෝධනයක් හරහා එක් කළ යුතුව තිබෙනවා. ඒත් මේ වැඩේ අපි හිතන තරම් පහසු නැහැ. එක පැත්තකින් නීතිපති දෙපාරතමේන්තුවේ පුමාදයන්. අනෙක් පැත්තෙන් අපේ රටේ සිනමා ක්ෂේත‍්‍රයේ අය අතර එකගතාවක් හදාගැනීමට ඇති අපහසුව. අනෙක් අතට ලංකාවේ සිනමා ශාලාවන් අයිති අයගේ ගැටලු. ඒ වගේම බෙදාහැරීමේ මණ්ඩල තනිකරම කීපදෙනෙකුගේ ඒකාකාධිකාරයක්ව තිබීම. මේ සියලු කාරණා නිසා මේ අත්‍යාවශ්‍ය නිති සංශෝධනය කර ගැනීමට නොහැකිව රුසිවීම් ගානේ යන්නට අපට සිදුවුනා. මේ කාරණයේදී නිහාලසිංහ මහතා සුවිශේෂ කැපවීමකින් තමන්ගේ ශ‍්‍රමයත් බුද්ධියත් ඒ සදහා යොමු කළා.
තුන්වෙනුව එතුමා සමග වැඩ කරන්න වුණු කාරණය ලංකාවේ රූපවාහිනි ඩිජිටෙල්කරණය සදහා පිරිවිතරයන් හැදීමේ කටයුත්තයි මේ කාරණයේදී. මුලදී අපේ රටේ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ අය අතර එකගතාවය තිබුනේ යුරෝපියානු ක‍්‍රමය වන DVBT-2 තාක්ෂනයයි. ඒ සදහා විශේෂයේන් හදපු කමිටුවේ සභාපති වුනෙත් නිහාල්සිංහ මහතායි. ඒත් මේ යුරොපියානු තාක්ෂණය සදහා මුල්‍ය ප‍්‍රතිපාදනයන් ප‍්‍රශ්නයක් වුන අවස්ථාවේ ජපානයේ තාක්ෂන ක‍්‍රමවේදය වන ISDB-T සාකච්ජාවන් සදහා එතුමන්ගේ අහස් විමසන්නටත් අපිට හැකි වුනා.(මේ ප‍්‍රශ්නය තවමත් විසදී නොමැති නිසා ඒ ගැන වැඩි විස්තර ලියන එක සුදුසු නැහැ කියායි මම හිතන්නේ).
මගේ රාජකාරී කාලයේ ජනමාධ්‍ය හා ප‍්‍රවෘත්ති අමාත්‍යාංශයේ වැඩ වලදී නිහාල්සිංහයන්ගේ තාක්ෂනික දැනුම රට වෙනුවෙන් ලබා දුන බව මේ මෙහොතේ සදහන් කරන්නේ ලංකාවේ සිනමාවට දක්ෂතාවය වගේම දැනුමත් එක් කළ යුතු යැයි හොදින්ම පෙන්වා දෙන්නට එතුමන්ගේ කැපවීම සාක්ෂියක් වන නිසායි.
//// රන්මිණිතැන්න සිනමා ගම්මානය නිර්මාණය කිරීමෙ කටයුත්තේදී. මෙම කාර්යය ගැන //////
ReplyDeleteඔය විතරක් නෙමේ...තවත් බොහේ දේ පිලිබඳ ලඟ නොව දුර දුටු අති දක්ෂයෙක් බව කිව යුතුයි. ඔහුට නිවන් සුව පතමි!!!