චීන පටස් ආර්ථිකය

පසුගිය ජනාධිපතිවරණයේදි මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව මතු වූ එක් ප්‍රධාන කාරණයක් වූයේ රටේ මුදල් අයථා අයුරින් තම තමාගේ අවශ්‍යතාවන් සදහා පාවිච්චි කරන බවය. රටේ සම්පත් වටේ සිටින අය අතර බෙද දෙන බවය. ඒ නිසා එජාපය ඇතුලූ අය කල්පනා කළේ (කල්පනා කරන බව පෙනී ගියේ) රටේ මුදල් නම් ඕනෑතරම් තිබෙන බවත් ප්රශ්නය තියෙන්නේ ඒවා හරියට බෙදන්නේ නැති බවත් වගේ හැගීමකි. මෙය හරියට එළදෙනගේ කිරි ඕනෑ තරම් තිබෙන නමුත් කිරි දෙවන්නා ඔක්කොම කිරි ටික තමන්ගේ පවුළේ අය අතර බෙදගන්නා බවත් අලූතින් කවුරු හෝ පැමින මේ කිරි ටික සාධාරනව බෙදිය යුතුය වගේ හැගීමකි. දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරු හිතන්නේ එළදෙනට ඕනෑ තරම් කිරි තිබෙන බැවින් රනිල් වික්‍රමසිංහ මහතා කළ යුත්තේ කිරි ටික හැමෝටම හරියට සාධාරනව බෙදිම කියාය. එහෙත් බෙදන්නට කිරි නැති බව දන්නේ කිරි දෙවන්නා පමනි. එළදෙනට කෑම නැති බව දන්නේ කිරි දෙවන්නා පමනි. අගමැතිතුමා චීනයට යනවා ඇත්තේ මේ නිසාය. කිරි ගන්න ආපු අය නොදන්නා අගමැතිතුමා පමණක් දන්නා කාරණය මෙයය. දැන් මේ තත්වය අවබෝධ කර ගැනීමට අනෙක් අයට බැරි වන්නේ බරපතල දේශපාලන න්‍යායික ගැටලූවක් නිසාය.
නුතන කුමාරයා ලෙසින් මා මේ තීරු ලිපිය නම් කළේම මතුපිටින් පේන දේවල්වපට යටින් තිබෙන දේශපාලන න්‍යායික කාරණා සාකච්ජා කිරීම අද දවසේ දේශපාලනය කිරීම පැත්තෙන් අත්‍යාවශ්‍ය තත්වයක් නිසාය.
රටේ ආර්ථිකයේ මේ තත්වය ආණඩුවේ ඇමතිවරුන්ට හරියට නොතේරෙන්නේ මේ අය පසුගිය මැතිවරණ දෙකෙහි ඉදිරිපත් කළ අලංකාරික දේශපාලනය (Political Retoric) මැතිවරනයෙන් පසුවත් යථාර්ථ දේශපාලන (Real politic) ලෙසින් පවත්වා ගෙන යාම නිසාය. දේශපාලන අලංකාරිකයන් යනු දේශපාලන කථා විශ්වය තුළ ගොඩ නගන නිර්මාණයන්ය. මෙම නිර්මාණයන් දේශපාලන සංදර්භයන් තුළ ගොඩ නැගෙන අතර මේවා විවාදයේ කරුණු ලෙසින් පවතින ඒවා මිසක සත්‍ය වශයෙන්ම තියෙන ඒවා නොවන බව මුළික වශයෙන්ම පිළිගත යුතු කාරණයකි. මෙවැනි අලංකාරිකයන් බොරු බවට පත්වන්නේ හෝ සත්‍ය ලෙසින් ජනතාව පිළිගන්නේ ඒ ඒ ආණ්ඩුවලට තිබෙන මතවාදි ආධිපතය්යයේ තරම අනුවය. සමහර සංදර්භයන් තුළ ආණ්ඩුවට ශක්තිමත් මතවාදි ආධිපත්‍යයක් පවතින විට සත්‍යයන් ලෙසින් පිළිගැනවිය නොහැති අලංකාරිකයන් සමාජයෙන් ඉවත්වී ආණ්ඩුවේ පැවැත්මට හානියක් නොවන ආකාරයෙන් ඉවතට විසිවී යයි. ඒත් සමහර සංදර්භයන්හිදි ආණ්ඩුවල මතවාදි ආධිපත්‍යය දුර්වල වී තිබෙන අවස්ථාවලදි මෙවැනි අලංකාරිකයන් සත්‍යයන් ලෙසින් මතුවී ආණ්ඩු කඩා වැටෙන අවස්ථාවන් තිබේ. එහෙත් එසේ අලංකාරිකයන් යොද ගනිමින් ආණ්ඩු වෙනස් කර ගැනීමෙන් පසුවත් තමන්ම හැදු අලංකාරිකය සත්‍යය යැයි රුවටී එයට අනුව කටයුතු කරන්නට යාම නම් මහා මෝඩ කමක්ය. අද සිදුවෙමින් පවතින්නේ ඒ ආකාරයේ දෙයක්ය. දැන් මේ තත්වය ලංකාවේ දේශපාලනයෙන්ම උදහරණ දක්වමින් පෙන්වා දිය හැකිය. 1994 මහ මැතිවරණට පෙර පේ‍්‍රමදස මහතා සිටින කාලයේ විපක්ෂයෙන් හැදු දේශපාලන අලංකාරිකයක් වූයේ පේ‍්‍රමදස ජනාධිපතිතුමන් කන්‍යාවියන් හත්දෙනෙකු ලවා කිරිකළ හතක් නාවා ගත් බවය. මෙය එකළ මතවාදි ආධිපත්‍යය කඩා වැටෙමින් තිබු එජප රජය වැට්ටවීමට ඉතාමත් සේවයක් කළ අසත්‍ය දේශපාලන අලංකාරිකයක් විය. 1994 රාජ්‍ය බලය ලබාගත් පොදු පෙරමුණු රජය පසුව මෙම අලංකාරිය විශ්වාස කරමින් කිරි කල සොයන්නට හෝ කන්‍යාවියන් සොයන්නට ගියේ නැත. මෙම දේශපාලන අලංකාරිකය එහෙමම තිබියදි ආණ්ඩුව වැඩ කළේ පැවති දේශපාලන යථාර්ථයන් සමගිනිx පසුගිය මැතිවරණයේදි පැවති රජයට විරුද්ධව එජපය යොදගත් ලැම්බුගිනි අලංකාරියත් හරියට මේ වගේය. ලැම්බුගිනි යනු දේශපාලන අලංකාරිකයක් මිස ඇත්ත යමක් නොවන බව අවබෝධ කර නොගෙන ඒවා සෙවීම යථාරථවත් දේශපාලනයෙන් පිටත යාමක් වන්නේ එනිසාය. මේ රජයේ සමහරුන් තවමත් ලැම්බුගිනී සොයන්නට උත්සාහ ගැනීම හරියට සමාන වෙන්නේ 94 ජයග්රහනයෙන් පසුව කිරි කල සෙවීමට හෝ කන්‍යාවියන් සෙවීමට උත්සාහ දැරීම වැනි දේකටය.
දැන් චීනයට ඕන නිසා අපිට ය දෙනවා වැනි විහිලූ කථා ඇසෙන්නේ යථාර්ථය සහ අලංකාකය අතර තිබෙන වෙනස ආණ්ඩුවේ සමහරුන් නොදන්නා නිසාය. චීන විරෝධය යනු පසුගිය මැතිවරණ දෙකේදි ම මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව යොදගත් අලංකාරිකයක් මිස ඇත්ත යමක් නොවන බව ආණ්ඩුවේ ඇමතිවරුන් තේරුම් නොගන්නා නිසාය.
අපි කැමතිවුවත් අකමැති වුවත් ලෝකයේ ආර්ථිකය ගැන සැළකිලිමත් වීමේදි චීනයේ ශක්තිය නොසලකා හැරීමට කාටවත් මේ සන්දර්භයේ නොහැකිය. ඇමරිකාව හෝ යුරෝපය ආණ්ඩු වෙනස් කරන උපදෙස් දුන්නාට සල්ලි දිමට තරම් හැකියාවක් මේ සන්දර්භයේදි නැත. ඒ නිසා අපේ ආර්ථිකයේ චීනයේ මැදිහත්වීම ගැන අලංකාරිකයන්ගෙන් මිදි වැඩකිරීමේ කාලය පැමිණ ඇති බව තේරුම් ගැනීම රට පැත්තෙන් ඉතාමත් වැදගත්ය.