Sunday, February 28, 2016

අප්පච්චී

අප්පච්චී


ජීවිතේ දිදුලන්න්නේ
එකතු කළ අගයකින්
එපා පාවා දෙන්න
පුතේ එය කිසිදාක
ජීවිතේ පුරාවට
ඔබ අපට කිය දුන් 
නිමනොකල පාඩමයි

ගමේකම අපේකම
පරපුරේ ගොවරවය
බලයකට නිලයකට
හෙට්ටුකල නොහෑකි බව
ඔබ තරම් හොදින් දත් 
වෙන අයෙක් නොසිටියෙහිය..

දිනුම හෝ පරාජය
ජීවිතේ තරගයේ 
තවත් එක් 'දෙයක්' මිස
එකම දෙය එය නොවේ..
අපිරිමිත ජවයකින්
තරගයට පිවිසෙන්න
නීතියේ යුක්තියේ 
තරගකරුවා වන්න
ජීවිතේ පුරාවට 
ඔබ අපට කියාදුන් 
නිම නොකල පාඩමයි

මුදල මත ගොඩනෑගුනු
අප වෙසෙන සමාජය
අගය ලෙස පිලිගන්න
බොහෝ දේ
ගුණය මත වෑඩ කරන
ඔබ සිතන සමාජය
අතර ඈත්තේ 
කල්පයක දුරක්මය
එදුර පිය මන් කරන
ගමන දිගටම යන්න
ජීවිතේ පුරාවට
ඔබ අපට කියාදුන් 
නිම නොකළ පාඩමයි




No comments:

Post a Comment