Sunday, October 7, 2018

පුපුරන්නට ආසන්න කුණුු කන්දක් වගේ වුණුු ආණ්ඩුව

මේ දවස්වල අපේ රටේ දේශපාලනයේ ප‍්‍රධාන ප‍්‍රශ්නය කුමක්දැයි කියන්නට කාටවත් හැකියාවක් නැත. එහෙම වෙන්නේ රටේ ප‍්‍රශ්න නැති නිසා නොව ප‍්‍රශ්න වැඩි නිසාය. මේ වන විට මේ රටේ ප‍්‍රධාන ප‍්‍රශ්න එකක් නොව විශාල ගණනක් එකවිට හැම පැත්තකින්ම පාහේ මෝදු වෙමින් තිබෙන තත්වයකට පත්වී ඇති බව ඉතාමත් පැහැදිලිය.

සාමාන්‍ය ජනතාව පමණන් නොව ආණ්ඩුවේ සිටින බොහෝ නායකයින් පවා කියන්නේ ආර්ථිකයේ තත්වය ඉතාමත් අසාද්‍ය බවය. ලෝකයේ ආර්ථිකය පිළිබදව වැදගත් සගරාවක් වන එකොනොමික්ස්ට් සගරාව විසින් මේ රටේ ආර්ථිකයේ ඇති පසුබෑම ගැන විමර්ෂණයක් කර තිබුනේ මීට සති කීපයකට කළින්ය. සාමාන්‍ය ජනතාවට ආර්ථික පැත්තෙන් ‘පාන්’ කියන්නට වත් බැරි ගානට අර්බුදයකට ගොස් ඇති බව කියන්නේ එකොනොමික්සට් සගරාව ඒ ගැන කියන්නට හුගක් කාලයකට පෙර පටන්ය. රටේ ජනතාව අතර මුදල් සංසරණය බරපතල ආකාරයෙන් අඩුවී ඇතිවා පමණක් නොව පෞද්ගලික අංශයේ රැකියාවල සිටින බොහෝ අයට නිසි පරිදි ගෙවීම් සිදුවන්නේ නැති ගානට මේ මුදල් සංසරණයේ ගැටලූව වර්ධනය වී ඇත. අනෙක් පැත්තෙන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ කඩාවැටීම හැමදාම සිදුවෙමින් පවතින්නේ කිසිම කළමනාකරණයක් නොමැති ආකාරයෙන්ය.
මේ ආණ්ඩුවේ සිටින ආර්ථික බලධාරින් එකිනෙකා කියන්නේ එකිනෙකට නොගැලපෙන කතා නිසා රුපියලේ අවප‍්‍රමාණය වීම ගැන හරිහමන් පැහැදිලි කරගැනීමක්වත් කරන්නට නොහැකි ගානට සංකීර්ණ තත්වයක් ගොඩ නැගී ඇත. ආර්ථිකයේ ඇති මේ තත්වය ගැන සංවේදී බවක් ජනාධිපතිවරයාගේ වැඩවලින් පෙනී යන්නේ නැති අතර අගමැතිවරයාගේ කතාවලින් පේන්නේ මේ තත්වය ගැන ඔහුට ඇත්තේ  ඉතාමත් විහිළු සහගත තේරුම් ගැනීමක් බවය. මුදල් ඇමතිවරයා ගම්පෙරළිය වැනි සංකල්ප ඉදිරිපත් කළාට ඒ සංකල්ප බිමට වැටෙන්නේ නැති ගානට නිලධාරින් බය කර ඇති නිසා ග‍්‍රාමීය ආර්ථිකයට එයින් ප‍්‍රයෝජනයක් ලැබෙන්නේ නැති බව ඉතාමත් පැහැදිලිය. ඒ ඒ අමාත්‍යංවල ඇමතිවරුන් පත්තරවලට දමන විශාල ප‍්‍රමාණයේ දැන්වීම් හැරෙන්නට මාසයකට වියදම් කරන වෙනත් ව්‍යාපෘති නැති තරමට තත්වය බංකොලොත් වී ඇත.

රටේ දේශපාලනයද ආර්ථිකයේ තත්වයට නොදෙවෙනි ආකාරයේ කඩා වැටීමකට ගමන් කර තිබෙන බව අනෙක් කාරණය ය. ව්‍යවස්ථාවට අනුව පවත්වන්නට තිබෙන පළාත් සභා ජන්ද දින නියමිකින් තොරවම කල් දමා ඇත්තේ ජන්ද ක‍්‍රමය සංශෝධනය කරනවා යැයි බොරු බේගල් දෙසා බාමින්ය. යහපාලනය ගැන කියා බලයට පැමිනි අය ව්‍යවස්ථාවෙන් හිමි ජන්ද අයිතියවත් ජනතාවට දෙන්නේ නැති ආකාරයෙන් වැඩ කිරීම සාධාරණීකරය කළ හැක්කේ කේසේදැයි මට නම් තේරන්නේ නැත. මේ වැඩවලින් මේ ආණ්ඩුවේ නායකයින් සරදම් කරන්නේ 2015 දී තමන්ට ජන්දය පාවිච්චි කළ ජනතාවට බව නම් ඉතාමත් පැහැදිලිය.

රටේ ආරක්ෂාව පැත්තෙන් බැලූවත් පෙනෙන්නේ මේ ආකරයේම අර්බුදයක්ය. ඒකාබද්ධ ආරක්ෂක සේනා ප‍්‍රධානියාගේ සිට හැමදෙනාගේම ආරක්ෂාව ගැන කාටවත් සහතිකයික් දිය නොහැකි තරමට තත්වය සංකිර්ණ හා භයානක වී ඇත. ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පවා අභියෝගයකට ලක්වී ඇති බව පුවත් පත් වාර්තා කළේ පසුගිය සතියේය. නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අනිවාර්ය නිවාඩු යවන්නට සි¥වී තිබෙන්නේත් මේ හේතුව නිසා බව දැන් ඉතාමත් පැහැදිලිය. අනෙක් පැත්තෙන් හැමදාම වාගේ පාතාලයේ අයගේ වෙඩි හුවමාරු ඇසෙන්නට පටන්ගෙන ඇති අතර ඒ ගැටුම්වලින් දිනපතාම මහමග මිනිසුන්  මරණයට පත්වෙන තැනට මේ තත්වය වර්ධනය වී ඇත.

තවත් පැත්තකින් ආණ්ඩුවේ සිටින පක්ෂ දෙකේ අය කාටවත් එක පොදු න්‍යාය පත‍්‍රයකට අනුව වැඩ කරන්නට නොහැකිවීම හේතුවෙන් රජයේ නිලධාරි තන්ත‍්‍රයෙන් නිශ්චිත සේවයක් ගන්නට හැකියාවක් නොමැති වී ඇත. බොරු යහපාලනයක් දේශනා කරන්නට ගොස් නිලධාරින් බය කර ඇති නිසා මේ තත්වය තවත් නරක දිසාවටම තල්ලූ කර ඇති බව මෙහි ඇති අනෙක් කාරණය ය. කඩදාසි එහාට මෙහාට යාම සහ ෆයිල් එහාට මෙහාට යාම මිස වැඩක් කර ගැනීම හැකි කාර්යාලයක් සොයාගැනීම ඉතාමත් අපහසු තත්වයකට මේ අර්බුදය වර්ධනය වී ඇත.

රටේ පාලනයේ අනෙකුත් ක්ෂේත‍්‍රවල තත්වය ද, මෙයට නොදෙවෙනි ය. හැම තැනම හැම කාරණයකින්ම පෙන්නුම් කරන්නේ පුපුරන්නට යන දේශපාලන අර්බුදයක සේයාවන් බව මගේ නිරීක්ෂණය ය.

පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ 
දර්ශන අංශයේ අංශාධිපති
ආචාර්ය චරිත හේරත්

No comments:

Post a Comment