අපේ රටේ ජනරජ දිනය යෙදෙන්නේ මැයි මාසයේ 22 දටය. මේ කාලයේ තරුණයින්ට මේ පිළිබදව එච්චර දැනීමක් නැති වුනාට අපේ රටඅපිම පාලනය කරන ජනරජයක් බව පත් වූයේ 1972 මැයි 22 සම්මත වූ දෙවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් සමගය. 1970 මැතිනියගේ ආණ්ඩුව මේ දිනය ජනරජ දිනය ලෙසින් ප්‍රකාශයට පත් කළා පමණක් නොව අපේ රට නිදහස් වූ දිනය ලෙසින් ඒ දිනය සමරන්නටත් පටන් ගත් බව වැඩිහිිටි බොහෝ අය දන්නා කාරණයක්යග 1977 ජේ.ආර් ගේ පාලනය පැමිනි විගසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නටත් කලියෙන් ඔහු කළේ ජනරජ දිනයේ නිවාඩුව අහෝසි කිරීමය. එපමණක් නොව වහාම කි‍්‍රයාත්මක වන පරිදි නිදහස සැමරීම නැවතත් පෙබ 4 දිනට (අයිවර් ජෙනිස් ගේ බිරිදගේ උපන් දිනය දවසටම ගෙනාවේය. 1977 එජාප ආණ්ඩුව 1994 අපි පරාජයට පත්කළත් මේ කාරණය ගැන අලූතින් සිතන්නට අලූත් ශ්‍රීලනීප රජයන් එකක්වත් කටයුතු කළේත් නැති බව මෙහිදි පැවසිය යුතුමය.
Friday, May 25, 2018
Saturday, May 19, 2018
‘වින්දිත-මනෝභාවය’ නිෂ්පාදනය කිරීම
Friday, May 18, 2018
අපේ දේශපාලනයේ ඊලග ‘පිම්ම’...

පසුගිය සතියේ මා ලිවූයේ මේ රටේ දේශපාලනයේ පශ්චාත් එජාප සහ පශ්චාත් ශ්‍රීලනීප (post UNP-Post SLFP condition) තත්වයක් ගොඩ නැගෙමින් තිබෙන බව ය. මේ සටහනෙන් බලාපොරොත්තු වන්නේ ඒ අදහස තව දුරටත්සා කච්ජා කරන්නටය. විශේෂයෙන්ම මේ අලූත් තත්වය හමුවේ ආණ්ඩුවට විරුද්ධ දේශපාලනය සංවිධානය විය යුත්තේ කෙසේද කියන කාරණ ගැන අදහසක් ගෙන ඒමය. 1977 ජෙ ආර් ජයවර්ධන පාලනයෙන් ආර්ම්භ වූ දේශපාලන ක්රියාදමයේ අවසානය සටහන් වන්නේ 2015 ජනාධිපතිවරණයෙන් බව කිව හැකි කාරණා ගණනාවක්ම අපට නිරික්ෂණය කළ හැකිය. එක් කාරණයක් වන්නේ ආර්ථික ක්ෂේත්රයේ අපි යමින් තිබු ගමන් මාර්ගය පිළිබදව බරපතල පසු විමසුමකට මේ ජනාධිපතිවරණය හරහා අපි පැමිණ ඇති බවය.
Friday, May 11, 2018
ලාංකේය දේශපාලනයේ ‘සිව්වෙනි’ යාමය
මේ දිනවල සිදුවෙන දේවල් දෙස බලන විට පෙනී යන ප්‍රධාන කාරණයක් වන්නේ රටේ දේශපාලනය ඉතාමත් සංකීර්ණ තත්වයකට පත් වෙමින් තිබෙන බවය. මෙයින් කියවෙන්නේ පසුගිය 2015 ජනවාරි ජනාධිපතිවරණයත් සමග ආරම්භ වූ යුගය නිශ්චිතවම නිමාවට පත්වෙමින් තිබෙන බව පමණක් නොව මේ රටේ දේශපාලනයේ යුග පෙරලියක් සිදුවීමේ පිඹුරුපත් සකස් වෙමින් තිබෙන බවය. මේ කාරණය පිළිබදව තරමක් පළල් ආකාරයෙන් සළකා බැලීම ඒ නිසාම ඉතාමත් වැදගත්ය.
මීට පෙර සටහනක ද මවිසින් ලියූ පරිදි 1948 පසුව මේ රටේ දේශපාලනය පදනම් වන්නේ න්‍යායික පදනම් තුනක් මත යැයි කියා කීමේ වැරුද්දක් නැත. ඒ කියන්නේ ඇඩම් ස්මිත් (ධනවාදය) කාල් මාක්ස් (සමාජවාදය) සහ අනගාරික ධර්මපාල (ජාතිකවාදය) ලෙසින් වූ න්‍යායික පදනම් තුනක් මත මේ රටේ දේශපාලනය පිහිටා තිබූ බවය. අපේ රටේ ප්‍රධාන පක්ෂ විසින් පසුගිය නිදහසින් පසු ගෙවුනු අවුරුදු 70 කාලය පුරා මේ රට සංවිධානය කර ඇත්තේ වෙන වෙනම හෝ එසේත් නැතිනම් එකට මිශ්රකරමින් හෝ මේ කියන න්‍යායක පදනම් තුන මත පදනම් කරගනිමින්ය. අපේ රටේ දේශපාලන පක්ෂ වූ එජාපය වාමාංෂික ව්‍යාපාරය හා ශ්‍රීලනීපය පිළිවෙලින් පෙනී සිටියේ ධනවාදය සමාජවාදය හා ජාතිකවාදය වෙනුවෙන් යැයි කියා කීමේ වැරුද්දක් නැති බවට බොහෝ අය එකග විය හැකිය. (මේ සංකල්පීයකරණය හරහා මා බලාපොරොත්තු වන්නේ මේ තත්වය සරළ ආකාරයෙන් තේරුම් ගැනීමටය. ඒ නිසා මේ සමීකරණයට මෙරට පැවති සියලූම දේශපාලන ව්‍යාපාරයන් හා ජාතිකවාදි ව්‍යාපෘතීන් ඇතුලත් කරන්නේ නැති බව සදහන් කළ යුතුය. දැන් 2015 ජනවාරියේ සිදු වූ දේශපාලන අත්හදා බැලීම අර්බුදයට යාම මගින් පෙන්නුම් කරන්නේ ඉහත සදහන් සියලූම සුසමාදර්ශයන්ගේ දේශපාලන පැවැත්ම ලංකාවේ දේශපාලන සන්දර්භය තුළ නිමාවට පත් වීම සටහන් වූ බවයි. මේ ව්‍යාපෘතීන් තුන 1977 ජයවර්ධන දේශපාලනය විසින් උඩු යටි කුරු කරන්නට ආරම්භ කළ බව සැබෑවක් වුවත් එය ‘නිට්ටාවටම’ නිමාවට පත් වූයේ 2015 ජනවාරියත් සමග බව පිළිගැනීම වඩාත් නිවැරිදිය.

Saturday, April 28, 2018
විප්ලවයද ප්රතිසංස්කරණයද
පසුගිය කාලයේ මවිසින් රාවයට ලියු තීරු ලිපියම යලිත් වරක් ජනරංජන සංස්කරණය කරන අලූත් පුවත් පතට ලියන්නැයි යෝජනාව ආවේ ටික දවසකට පෙරදිය. රාවය පුවත් පතේ සිටි කණ්ඩායම් අතර අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් හා තවත් අපි නොදන්නා කාරණා හේතුවෙන් ජනරංජන රාවයෙන් ඉවත්වීමත් සමගම ඒ පුවත්පතට මා ඇතුලූ කීපදෙනෙකු ලියූ තීරු ලිපි ඇතුලත් පිටුව නවත්වන්නට සිදුවූ බැව් සමහරුන් දන්නා කාරණයක්ය. කොහොමටත් රාවය පාඨකයින්ගේ බහුතරයට ඔවුන්ගේ දේශපාලන සිතීමේ අනෙක් පැත්තේ සිටින මා වැනි අයගේ ලිපි කියවීමේ අවශ්‍යතාවක් හෝ කැමැත්තන්ද නොමැති බවද සත්‍යයක් වුවත් මා ඒ ලිපිය මගින් බලාපොරොත්තු වූයේ සමාජ සංවාදයේ අපේ පසමිතුරන්ගේ පිටියට ගොස් කරන සංවාදයක් කිරීමය. වෙන වෙනම කරන දේශපාලන කෑකෝ ගැසීම් එකිනෙකා අභිමුඛව සිදු කිීමේ වැදගත්කමක් තිබෙන නිසාය. ඒත් රාවයේ බලදේශපාලනය විසින් එකිනෙකා අතර ගැටුමක් හද ගත් නිසා ඒ වැඬේ එතැන දිගටම කරන්නට නොහැකි විය.
කළ යුත්ත නොකළ යුත්ත නොදැනීම
පසුගිය පෙබරවාරි 10 වැනි දින පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිසා මේ ආණ්ඩුවේ ඇතිවූ ‘පැල්ම’ හෙවත් ‘අර්බුදය’ තවමත් සමහන් වී නැතිවා ගානය. එපමණක් නොව එදිනෙදා සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ ඒ අර්බුදය දිනෙන් දිනම තව තවත් වර්ධනය වන බවය. අනෙක් අතට ආණ්ඩුවේ මේ අර්බුදය හේතුවෙන් රටේ පාලනයේ ඇතිවී තිබෙන කඩා වැටීම සමහන් කරගන්නට ඒ අය යෙදූ කිසිදු උප්පරවැට්ටියක් වත් හරියට වැඩ කළේ නැති බව කාටත් හොඳින් පැහැදිලිය. එජාපයට යම්තමින් වත් පණක් ලැබුණේ ඒකාබද්ධයේ පැත්තෙන් යැවුණ ‘වැරැදි පන්දුවක්’ වූ විශ්වාසභංගයෙන් ඒ අය ලැබු ජයග්‍රහණය නිසා බව සැබෑය. එහෙත් ඒ ජයග්‍රහණයවත් ‘මාකට්’ කරගන්නට ඉඩක් නොදෙන තරමට මහින්ද පැත්තේ මාධ්‍ය හැසිරවීම් ශක්තිමත් කරන්නට හැකිවීම ගැන මහින්ද බලවේගයේ හැමෝම සතුටට පත්විය යුතුය. ඒ සියල්ලත් සමගින් දැන් මහින්ද යළිත් දකිමින් සිටින්නේ විශ්වාසභංගය ගේන්න පෙර පටන්ම පැවති ආණ්ඩුවේ අවුල් සහගත තත්ත්වයේම දිගුවක් යැයි කීමේ වැරැද්දක් නැත. රටක රාජ්‍ය පාලනය වසර කීපයක් තුළ මෙච්චර අවුලක් බවට පත් කරන්නේ කෙසේදැයි මුළු ලෝකයටම ටියුෂන් දිය හැකි ගානට ආණ්ඩුවේ කඩා වැටීම හැම පැත්තෙන්ම පෙන්නුම් කර තිබෙන බව පැහැදිලිය. මේ ආණ්ඩුව පැමිණියාට පසුව කඩා වැටෙන්නේ නැතිව ඉහළටම යන්නේ ඩොලරයට සාපේක්ෂකව ඇති රුපියලේ අගය පමණක්ය. එය දිනපතාම ඉහළ යන බව අප හැමෝම දන්නා කාරණයකි. එමගින් ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙමින් තිබෙන බවත් ඒ වගේම සැබෑවක්ය.
Friday, April 6, 2018
බස් එක මිස්වීම
අගමැතිවරයාට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පෙරෙද පාරලිමේන්තුවේදි පරාජයට පත්වූ බව දැන් කවුරුත් දන්නා කාරණයක්ය. ආණ්ඩුවට හා අගමැතිවරයාට විරුද්ධව ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ කීපයත් විපක්ෂ නායකයාගේ ටී. එන්. ඒ. පක්ෂයත් එකට එක්වී ජන්දය දිමෙන් පරාජයට පත් කරණ ගානට ‘අමුතු ප්රජාතන්ත්රවාදයක් තියෙන’ රටක් බවට මේ සිද්ධියත් අපේ රට පත්වී ඇති බවත් මෙහිදි අපේ අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය. ඊටත් අමතරව නිළ ශ්රීලනීපයේ කණ්ඩායම් මේ විශ්වාසභංග යෝජනාවට ජන්දය දිමෙන් වැලකී සිටීමෙන් පෙන්නුනම් කළේ ඒ අය පසුගිය පලාත් පාලන මැතිවරණය පුරාම කියූ රනිල්ගේ මහ බැංකු හොරකම පිළිබද කථාව තමන්වත් පිලිනොගන්නා බොරුවක් බව යැයි කීමේ වැරුද්දක්ද නැත. ඒ සියල්ල එසේ තිබියදි අපේ සමහරුන් සිතන්නේ මේ වෙළාවේ අනවශ්‍ය සටනක් කරන්නට ගොස් බලාපොරොත්තු වූ ජයග්‍රහනය ලබා ගන්නට අපට නොහැකි වී ඇති බවය. මේ සටන මේ මොහොතේ නොකළා නම් වඩා හොද යැයි මගේත් අදහසය. මා එසේ කියන්නේ අනවශ්‍ය කඩා වැටීමක් සදහා නොව මේ ආණ්ඩුවට විරුද්ධව කරන ඊලග සටන් සදහා වඩාත් ශක්තියක් නිර්මාණය කර ගැනීමේ පැත්තෙන් මේ ප්රශ්නය දෙස බැලීම හරහාය. අනෙක් අතට ඊලග සටන් මීට වඩා වෙනස් තැනකින් පටන් ගැනීම සුදුසු යැයි යෝජනා කිරීම සදහාය. ඒ නිසාම මේ සටනේ ජයග්රහනයන් මොනවාද පරාජයන් මොනවාද කියා තෝරා ගැනීම මේ ආණ්ඩුවට විරුද්ධව කරන ඊලග සටන් තේරීම සදහා පමණක් නොව ඒවා ජය ගැනීම සදහා විශාල පිටුවහලක් වනු නොඅනුමානය.
Subscribe to:
Posts (Atom)