Friday, July 27, 2018

දයාන් මොස්කව් යැවීම

ආචාර්ය දයාන් ජයතිලක රුසියාවේ ශ‍්‍රී ලංකා තානාපතවරයා වශයෙන් වශයෙන් පත් කර ඇති අතර ඒ පත්වීම ස්ථිර කිරීම පිනිස පාර්ලිමේන්තුවේ උසස් නිලතල සදහා වූ කාරක සභාව වෙත මේ වන විට යොමු කර ඇති බව මේ දිනවල ප‍්‍රසිද්ධියට පත්වී ඇති කාරණයක්ය. මේ පත්කිරීම සම්බන්ධයෙන් ‘කොළඹ සිවිල් සමාජයේ’ කණ්ඩායමක් විසින් විරෝධතාවක් මතු කර තිබූ අතර ඒ විරෝධතාවය පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවේ ද අවධානයට ලක්වී ඇති බව නොනිල ආරංචි මාර්ගවලින් පෙන්නුම් කෙරී ඇත. මේ කාරණය ගැන ලියන්නට හිතුනේ දයාන්ගේ පත්වීම ගැනත් මේ කියන කොළඹ කේන්ද්‍රීයව හැසිරෙන සිවිල් සමා කණ්ඩායම ගැනත් යමක් ලිවීම වැදගත් යැයි සිතෙන නිසාය.

මෙහිදි මුළින්ම කිව යුතු කාරණය වන්නේ දයාන් මේ ආණ්ඩුවේ තනතුරක්ද රන්නට තීරණය කිරීම ගැනම මට ඇත්තේ බරපතල විරෝධයක් බවය. ඇත්තටම මට මේ පත්වීම දයාන් අනුමත කළේ ඇයිදැයි කියා හරියටම තේරෙන්නේවත් නැත. මේ පත්කිරීමෙන් ආණ්ඩුව බලාපොරාත්තු වෙන්නේ මේ කඩා වැටෙන විදේශ සම්බන්ධතා ජාලය යම් ආකාරයකින්වත් ගැටගසා ගැනීමට විය යුතුුය. ඒත් දයාන්ගේ පැත්තෙන් මේ පත්වීම අනුමකතිරීමෙන් වෙන්නේ ඔහුටත් රටටත් අනර්ථයක් ම බව මගේ තේරුම් ගැනීමය. මෙයින් එක් අතකින් සිද්ධ වෙන්නේ අනාගතයේ අපේ ආණ්ඩුවක වැදගත් කාර්යභාරයක් කරන්නට දයාන් තිබූ සදචාර ආධිපත්‍යය අර්බුදයට යාමය. අනෙක් අතින් මේ ආණ්ඩුවේ නායකයින්ටවත් ලිහා ගන්නට නොහැකි රාජකාරිමය පඹගාලක අහක සිටි දයානුත් නිරපරාදයේ පැටලීමය.

Friday, July 20, 2018

‘සිංහයාගේ ජනතාව’ සංවාදය යලි කියවීම


මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන හා මහාචාර්ය කේ.එන්ඕ. ධර්මදස අතර පැවති 80 දශකයේ ලියවුනු සිංහයාගේ ජනතාව’ (The People’s of the Lion-debate) යන මාතෘකාවෙන් පටන් ගත් සංවාදය පිළිබදව නැවත වතාවක් පසු විපරමක් කරන්නට පසුගිය දිනක පේරාදෙනියේ දි අපට හැකියාව ලැබුනි” මේ සාකච්ජාවට මට අමතරව මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතාද අදහස් දක්වනු ලැබුනි” මේ සාකච්ජාව සදහා මවිසින් පිලිවෙල කළ සටහනේ න්‍යායික කරුනු ඇතුලත් කොටසක් මෙවර තීරු ලිපියට එක් කරන්නට සිතුවේ ජාතිකවාදය පිළිබද අපේ රටේ සංවාදය නැවත වතාවක් අලූත් කෝණයකින් පටන් ගන්නට සුදනම් වෙන බවක් පෙනෙන නිසාය” අනෙක් අතට අපි අද සිටින මේ පසු-යුද්ධමය තත්වය වඩාත් හොද සමාජ තත්වයක් කරා වෙනස් කරන්නට නම් ජාතිකවාදය පිළිබදව අලූත් සංවාදයක් මෙරට තුළ සිදුකිරීම අත්‍යාවශ්‍ය කාරණයක් බවද කිව හැකි නිසාය.

‘පලා බබා’ අපිට එපාද?

රටේ දේශපාලනය ගැන කථා කරන හුගක් අය මේ දවස්වල මුලික වශයෙන්ම අවධානයට ලක් කරන්නේ ආර්ථික තලයේ සිදුවෙමින් පවතින දේවල් පිලිබදවය. ආණ්ඩුවක හැකියාව පිලිබදව සොයා බලන එක් ප‍්‍රධාන මානයක් වන්නේ ආර්ථික තලයේ සිදුවෙන ජයග‍්‍රහන හෝ පරාජයන් විමසා බැලීම යැයි පිළිගත් මතයක් පවතින නිසා බොහෝ අවස්ථාවල සමාජ සංවාද අවකාශයේ බලය  අත්පත් කර ගන්නේ ආර්ථිකමය තලයේ සාකච්ජාවන් විිසින් බව සැබෑය.

Friday, July 13, 2018

අලූත් දේශපාලන තත්වයක්

සෑම පැත්තකින්ම පෙනෙන්නට තිබෙන සාධකවලින් තහවුරු කෙරෙන්නේ 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් පසුව මේ රටේ දේශපාලනය සම්පුර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇති බවය.  මේ ‘වෙනස්වීම’  යන වචනය  මා කියන්නේ රටේ අනාගතය පැත්තතෙන් කිසිදු කල් පවත්නා සංවර්ධනයක් භෞතිකව හෝ ව්‍යවස්ථාමය වශයෙන් මේ ආණුඩුව එකතු කළා යන අදහස නොවේ. සංවර්ධනය පැත්තතෙන් බැලූවහොත් නම් මේ ගතවෙමින් තිබෙන්නේ නිදහසින් පසුව මේ රටේ තිබූ ඉතාමත් දුර්වලම පාලන කාලය  යැයි කීමේ වැරුද්දක්ද නැති බව මගේ මතයය. අනෙක් අතට ව්‍යවස්ථාව පැත්තෙන් කරන ලද කිසිදු ධනාත්මක වෙනසක්ද නැතිබව පැහැදිලිය.  මේ ආණ්ඩුව සිදු කළ ආණ්ඩු ක‍්‍රමයේ  ප‍්‍රතිසංස්කරණය යැයි කියන්නේ  19 වන ව්‍යවස්ථා සංශෝධනයටය.  ඒ සංශෝධනයත්  මේ වන විට එකම අවුලක් බවට පත්වී ඇතැයි කියන්නේ අපි නොව ආණ්ඩුවේ නායකයින් විසින්මය. මේ ආණ්ඩුවේ මැතිවරණ ක‍්‍රමයන් සංශෝධනය කිරීම යනුම ජන්ද කල් දැමීමට යොද ගන්නා බොරුවලවල් බව දැන් නොදන්නා කෙනෙක් නැති ගානය.  ඒත් 2015 පසුව මේ රටේ දේශපාලනය වෙනස් වී ඇතැයි මා කියන්නේ මේ ආණ්ඩුවේ රාජ්‍ය පාලනයේ තියෙන මේ අවුල් සහගතභාවයට වඩා එහාට ගිය කාරණයක් අදහස් කරගෙනය.