Friday, August 31, 2018
හුස්ම විතරයි - ඡන්ද නෑ
Thursday, August 16, 2018
පේරාදෙනියේ පහරදීම සහ ‘'පසුගාමී’' දේශපාලනය
පසුගිය සතියක පේරාදෙනිය විශ්වවිද්යාලය තුළ සිදුවූවා යැයි කියන පහරදිමක් පිළිබදව විවිධ ආකාරයේ අදහස් සමාජ මාධ්යයන් අතර මේ දිනවල හුවමාරු වෙමින් පවතී. ඊට අමතරව ප්රධාන මාධ්යවල ද, මේ කාරණය පිළිබද ප්රවෘත්තිය විවිධ ආකාරයෙන් වාර්තා වී තිබුණි.
මේ සිදුවීමට හේතුව වශයෙන් අපට දැනගන්නට ලැබී ඇත්තේ ගලහ පාරේ හිල්ඩා ඔබේසේකර ශාලාව (හිල්ඩා ගහ අසල) ඉදිරිපිට ස්වකීය කාරය නවතාගෙන දුරකථනයකින් කතාකරමින් සිටි අයෙකු ගේ ඇදුම විශ්ව විද්යාලයේ උප සංස්කෘතිය යැයි කියන දෙයට ගැලපෙන්නේ නැති බව කියමින් යම් ශිෂ්ය පිරිසක් මේ පුද්ගලයා සමග ගැටුමකට ගොස් ඇති බවය. පසුව දැනගත් පරිදි මේ රථයේ සිට ඇත්තේ වෛද්යවරයෙකු වන අතර උපසංස්කෘතියට නොගැලපෙන ඇදුම ලෙසින් ඒ ශිෂ්ය කණ්ඩායම අර්ථකථනය කර ඇත්තේ ඔහු කොට කලිසමක් ඇද සිටීමය. මේ සිදුවීම ගැන මා ඇසූ මේ කතාවට වෙනස් දේවල් ද, තිබිය හැකි අතර දැනට පොලිසියෙන් මේ පිළිබදව පරික්ෂණ පවත්වමින් සිටින නිසා ඒ ගැන වැඩි විස්තරයක් පැවසීමේ හැකියාවක් නැත. එහෙත් මේ ‘‘කොට කලිසම සහ උප සංස්කෘතිය සමග නොගැලපීම“ යන සිද්ධිය මේ පහරදිම සහ වෙනත් අවස්ථාවල පුද්ලයින් ගණනාවක් සම්බන්ධයෙනුත් මතුවී තිබෙන හෙයින් මේ ගැන කතා කිරීම ඉතාමත් සුදුසුය. ඉතාමත් වැදගත්ය.
මේ සිදුවීමට හේතුව වශයෙන් අපට දැනගන්නට ලැබී ඇත්තේ ගලහ පාරේ හිල්ඩා ඔබේසේකර ශාලාව (හිල්ඩා ගහ අසල) ඉදිරිපිට ස්වකීය කාරය නවතාගෙන දුරකථනයකින් කතාකරමින් සිටි අයෙකු ගේ ඇදුම විශ්ව විද්යාලයේ උප සංස්කෘතිය යැයි කියන දෙයට ගැලපෙන්නේ නැති බව කියමින් යම් ශිෂ්ය පිරිසක් මේ පුද්ගලයා සමග ගැටුමකට ගොස් ඇති බවය. පසුව දැනගත් පරිදි මේ රථයේ සිට ඇත්තේ වෛද්යවරයෙකු වන අතර උපසංස්කෘතියට නොගැලපෙන ඇදුම ලෙසින් ඒ ශිෂ්ය කණ්ඩායම අර්ථකථනය කර ඇත්තේ ඔහු කොට කලිසමක් ඇද සිටීමය. මේ සිදුවීම ගැන මා ඇසූ මේ කතාවට වෙනස් දේවල් ද, තිබිය හැකි අතර දැනට පොලිසියෙන් මේ පිළිබදව පරික්ෂණ පවත්වමින් සිටින නිසා ඒ ගැන වැඩි විස්තරයක් පැවසීමේ හැකියාවක් නැත. එහෙත් මේ ‘‘කොට කලිසම සහ උප සංස්කෘතිය සමග නොගැලපීම“ යන සිද්ධිය මේ පහරදිම සහ වෙනත් අවස්ථාවල පුද්ලයින් ගණනාවක් සම්බන්ධයෙනුත් මතුවී තිබෙන හෙයින් මේ ගැන කතා කිරීම ඉතාමත් සුදුසුය. ඉතාමත් වැදගත්ය.Friday, August 10, 2018
යහපාලනයට ‘වහ කදුරු වූ’ ප්රජාතන්ත්රවාදය

මේ ආණ්ඩුව බලයට පත් වෙන විට කියූ එක ප්රධාන තර්කයක් වූයේ පැවැති රාජපක්ෂ ආණ්ඩුවේ පාලනය යහපත් නොවන බවත්, ඒ පාලනය වෙනුවට යහපාලනය නම් වූ අලුත් ආකාරයක පාලන ව්යුහයක් මගින් මේ රට පාලනය කළ යුතු බව ය. එයට අමතරව ඒ තර්කයේ තවත් දිගුවක් ලෙසින් පැවසුනේ මේ කියන යහපාලනය පැමිනි විට මේ රටේ පාලනය යම් ආකාරයකට ‘තිබුනාට වඩා වැඩි’ ප්රජාතන්ත්රවාදි ව්යුහයකට පරිවර්තනය කරන බව ය. ඒ අදහස වඩාත් සංවිධිතව අගමැතිවරයා විසින් ඉදිරිපත් කරමින් පැවැසුවේ ඔවුන්ගේ අනාගත පාලන ව්යුහය හරියටම සමාන වන්නේ ඉන්දියාවේ ‘ලිච්ඡවී’ ජනපදයේ තිබුනා යැයි කියන පළල් ප්රජාතන්ත්රවාදි රාමුවට බවයි.
Monday, August 6, 2018
වසර තුනට ‘තුන් බියක්’
වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් වසර තුනක් සම්පූර්ණ වෙන්නේ මේ මාසයටය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ 2015 අගෝස්තු මාසයේ වන අතර එජාපයේ හා ශ්රීලනීපයේ ලේකම්වරුන් විසින් ගිවිසුමක් අත්සන් කරමින් ‘සමගි රජයක්’ යැයි කියන මේ ආණ්ඩුව පිහිටවන්නට තීරණය කළේ ඒ මැතිවරණය නිමාවූ විගසමය. ආණ්ඩුවේ අය රටට කීවේ මේ කියන සමගි සන්ධානය හැදුවේ ඒ මැතිවරණයේදි කිසිම පක්ෂයකට පාර්ලිමේන්තුවේ සාමාන්ය බහුතරය නොලැබුණු නිසා කියාය. ඒත් ඒ මැතිවරණය පටන් ගන්නටත් පෙර සිටමත් සහ මැතිවරණය පවත්වන කාලයේදිත් ශ්රීලනීපය අභ්යන්තරයේ සිදු වූ දේවල් දෙස බලන විට පෙනී යන්නේ ‘මහින්දගේ ආණ්ඩුවක් එන එක වළක්වන්නටත් හා රනිල් ගේ ආණ්ඩුවක් එන එක ස්ථීර කරන්නටත්’ සමහරුන් තීරණය කර තිබුණේ මැතිවරණයට එන්නටත් පෙර කාලයේ පටන්ම බවය. මේ අවුරුදු තුනක් සම්පූර්ණ කරන්නේ එහෙම හද ගත් වර්තමාන ආණ්ඩුවටය. මා මේ ලිපියෙන් සාකච්ජා කරන්නේ මේ ආණ්ඩුව සැදිම පසුපස තිබෙන කුමන්ත්රණ හා පාවාදිම්වලින් පිරුණු ඒ කථාව නොවේ. මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ වර්තමාන ආණ්ඩුවේ වසර තුකන පාලන කාලය තුළ රටේ මෝදු වෙමින් පවතින බිය ජනක තත්වයන් කීපයක් පැහැදිලි කරන්නටය. සරළවම කිවහොත් මේ ආණ්ඩුවේ තුන් අවුරුදු පාලනය විසින් මේ රටේ ජනතාවට ප්රධාන වශයෙන්ම තුන් බියක් නිර්මාණය කර ඇති බව කීමේ වැරුද්දක් නැත.
Friday, July 27, 2018
දයාන් මොස්කව් යැවීම
ආචාර්ය දයාන් ජයතිලක රුසියාවේ ශ්රී ලංකා තානාපතවරයා වශයෙන් වශයෙන් පත් කර ඇති අතර ඒ පත්වීම ස්ථිර කිරීම පිනිස පාර්ලිමේන්තුවේ උසස් නිලතල සදහා වූ කාරක සභාව වෙත මේ වන විට යොමු කර ඇති බව මේ දිනවල ප්රසිද්ධියට පත්වී ඇති කාරණයක්ය. මේ පත්කිරීම සම්බන්ධයෙන් ‘කොළඹ සිවිල් සමාජයේ’ කණ්ඩායමක් විසින් විරෝධතාවක් මතු කර තිබූ අතර ඒ විරෝධතාවය පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවේ ද අවධානයට ලක්වී ඇති බව නොනිල ආරංචි මාර්ගවලින් පෙන්නුම් කෙරී ඇත. මේ කාරණය ගැන ලියන්නට හිතුනේ දයාන්ගේ පත්වීම ගැනත් මේ කියන කොළඹ කේන්ද්රීයව හැසිරෙන සිවිල් සමා කණ්ඩායම ගැනත් යමක් ලිවීම වැදගත් යැයි සිතෙන නිසාය.
මෙහිදි මුළින්ම කිව යුතු කාරණය වන්නේ දයාන් මේ ආණ්ඩුවේ තනතුරක්ද රන්නට තීරණය කිරීම ගැනම මට ඇත්තේ බරපතල විරෝධයක් බවය. ඇත්තටම මට මේ පත්වීම දයාන් අනුමත කළේ ඇයිදැයි කියා හරියටම තේරෙන්නේවත් නැත. මේ පත්කිරීමෙන් ආණ්ඩුව බලාපොරාත්තු වෙන්නේ මේ කඩා වැටෙන විදේශ සම්බන්ධතා ජාලය යම් ආකාරයකින්වත් ගැටගසා ගැනීමට විය යුතුුය. ඒත් දයාන්ගේ පැත්තෙන් මේ පත්වීම අනුමකතිරීමෙන් වෙන්නේ ඔහුටත් රටටත් අනර්ථයක් ම බව මගේ තේරුම් ගැනීමය. මෙයින් එක් අතකින් සිද්ධ වෙන්නේ අනාගතයේ අපේ ආණ්ඩුවක වැදගත් කාර්යභාරයක් කරන්නට දයාන් තිබූ සදචාර ආධිපත්යය අර්බුදයට යාමය. අනෙක් අතින් මේ ආණ්ඩුවේ නායකයින්ටවත් ලිහා ගන්නට නොහැකි රාජකාරිමය පඹගාලක අහක සිටි දයානුත් නිරපරාදයේ පැටලීමය.
Friday, July 20, 2018
‘සිංහයාගේ ජනතාව’ සංවාදය යලි කියවීම
‘පලා බබා’ අපිට එපාද?
රටේ දේශපාලනය ගැන කථා කරන හුගක් අය මේ දවස්වල මුලික වශයෙන්ම අවධානයට ලක් කරන්නේ ආර්ථික තලයේ සිදුවෙමින් පවතින දේවල් පිලිබදවය. ආණ්ඩුවක හැකියාව පිලිබදව සොයා බලන එක් ප්රධාන මානයක් වන්නේ ආර්ථික තලයේ සිදුවෙන ජයග්රහන හෝ පරාජයන් විමසා බැලීම යැයි පිළිගත් මතයක් පවතින නිසා බොහෝ අවස්ථාවල සමාජ සංවාද අවකාශයේ බලය අත්පත් කර ගන්නේ ආර්ථිකමය තලයේ සාකච්ජාවන් විිසින් බව සැබෑය.
Subscribe to:
Posts (Atom)



