Saturday, November 19, 2016

මං(තී‍්‍ර) විතරක් ඇති.....

මං(තී‍්‍ර) විතරක් ඇති.....

ලංකාවේ දේශපාලන සස්කෘතියට අදලව සැළකීමේදි ඉතාමත් වැදගත් භූමිකාවක් ගන්නා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ කාර්යභාරය ගැන ලියන රචනයකින් ම මෙම තීරු ලිපිය ආරම්භ කිරීමට අදහස් කළේ විශේෂ හේතුවක් නිසාය. රටේ විධායකය එක් පැත්තකිනුත් ජනතාව අනෙක් පැත්තෙනුත් තබා සළකා බැලීමේ දි හරියටම මැදට ගත හැක්කේ ව්‍යවස්ථාදයකයා හෙවත් මන්ත‍්‍රීවරයායි. නිදහසින් පසු අපේ රටේ ප‍්‍රතිපත්ති සැළසුම් කිරීම සහ ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීම් ක්ෂේත‍්‍රයේත් නීති නිර්මාණය කිරීමේත් ප‍්‍රධානතම තීරක බලවේගය වූයේත් ඔහුය. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු සමප‍්‍රධායේම දිගුවක් ලෙසින් ආරම්භ වූ අපේ පාර්ලිමේන්තුවේ මේ මන්ත‍්‍රී පිළිබද කාරණයේ අපි වැදගත්කම දෙන්නේ තෝරන මන්ත‍්‍රීවරයා කවුද යන්න මිස ඔහුගේ කාර්යභාරය කුමක්ද යන්න නොවේ. සරලවම කීවෝතින් මන්ත‍්‍රීවරයාට ව්‍යවසථාදයකයා කියන්නේ ඔහු ව්‍යවස්ථාව නිර්මාණය කිරීම නිසා බවත් එම ව්‍යවස්ථාවට අනුකූලව නීති සෑදිමෙ සදහා මහජනතාවගේ නියෝජතයා නිසා බවත් බොහෝ මන්ත‍්‍රීවරුන්වත් දන්නේ නැති ගානය. ඇත්තටම අපේ රටේ ව්‍යවස්ථාදයක සභාවේ ඇති වැදගත්කම ගැන ඒ සභාවේ සභිකයින්ටවත් එතරම් වැටහීමත් නොමැති වීම පටන් ගත්තේ 1977 ව්‍යවස්ථාවෙන් තෝරා ගත් මනාප මන්ත‍්‍රීවරුන්ගේ ආගමනයත් සමගය.

මෙම තීරු ලිපියේ ඉදිරි සතිවල ලියන්නට බලාපෙරොත්තු වන්නේ එක් අතකින් මන්ත‍්‍රීවරුන් සමග ජනතාව ගොඩනගා ගන්නා සමාජ සම්මුතියට අදළ කළාපයක දේශපාලනය වන බැවින් මන්ත‍්‍රීවරයා ගැන මුළින්ම කථා කරමින් සාකච්ජාව ආරම්භ කිරීම වඩාත්  සුදුසු ය. 

අනෙක් අතට පසුගිය ජනාධිපතිවරණයේදි සාකච්ජා වූ ප‍්‍රධාන මාතෘකාවක් වන විධායක ජනාධිපතිධුරය වෙනස් කිරීම සම්බන්ධයෙන් ගත්විට ද අපට හමුවන ගැටලූවක් වන්නේ වීධායකත්වයෙන් ඉවත් වන්නට සුදුසු ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කර ගන්නේ කෙසේද යන්නයි. පාර්ලිමේන්තුව ගැන රටේ බරපතළ සාකච්ජාවක් කිරීම හරහා ශක්තිමත් සහ බුද්ධිමත් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ගේ කණ්ඩායමක් හද ගන්නේ නැතිව විධායක ජනාධිපතිධුරය වෙනස් කිරීමට ඉක්මන් නොවිය යුතුය යන්න එහි අනෙක් පැත්තයි.  

මෙරට පාර්ලිමේන්තුව ආරම්භයේදිම එය ආයතනයක් ලෙසින් ගුරු කොට ගත්තේ බි‍්‍රතාන්‍යයේ පාර්ලිමේනතුව වන අතර එහි දි මුලික වශයෙන්ම උපකල්පනය කරනු ලැබුයේ රාජ්‍යය පාලනය අයිති වන්නේ එම රාජයයට අයත් ජනතාවට බවයි. ජනතාවට තමන් සම්බන්ධ තීරණයන් තමන්ටම ගැනීමේ ඉඩ නිර්මාණය කිරීම මෙහි අපේක්ෂිත අරමුණ විය. සරලව කීවහොත් මෙය හරියට මරණාධාර සමිතියක තීරණ ගැනීම වගේය. එහිදි සිªවන්නේ එම මරණාධාර සමිතියට අයත් සියලූ දෙනා එක තැනකට එක්වී හැමොගේම කැමැත්තෙන් තීරණ ගැනීමය. එවිට තමන් අකමැති තීරණයක් වෙතොත් එයට විරුද්ධවීමටත් එහිදි හැකියාව තිබීම මෙහි දි වැදගත් කාරණයකි. එහෙත් රාජ්‍යයක දි මරණාධාර සමිතියකදි මෙන් සියලූ සාමාජකයින් එක තැනක එකට හිදුවා අත උස්සා තීරණ ගත නෙහැකිය. ඒ නිසා එයට විකල්ප වශයෙන් යොද ගත් ක‍්‍රමය වන්නේ රටේ හැමෝම එක තැනකට එක්වන්නේ නැතිව රුටේ හැමෝගේම නියෝජතයෙකු තෝරා එම නියොජතයින් ටික එක තැනකට එකතු වී තීරණ ගැනීමය. දැන් ලංකාවේ මේ නියෝජතයින් ගේ ගණන 225 වෙන අතර අනෙක් සියල්ලෝම වෙනුවෙන් මේ 225 දෙනා වෙත භාර දෙන ලද විශේෂ වගකීමක් තිබේ. මේ විශේෂ වගකීම නීතියක් වශයෙන් ඉදිරිපත් වන්නේ රටේ ව්‍යවස්ථාව තුළින්ය.  ඒ අනුව ව්‍යවස්ථාදයක සභාවේ මන්තී‍්‍රවරුන් යනු ඒ අයගේ හොද නිසා කරන සමාජ සේවයක් නොව රාජ්‍යය පවත්වා ගෙන යාමේ වගකීමක් සහිත භාරධුර රුකියාවකි. එම වගකීම  දරන්නට සුදනමක් සහ සුªසුකමක් තිබීම අනිවාර්ය වන අතර එම වගකීමේ ස්වභාවය අනුවම අධ්‍යනය කිරීම සහ සාකච්ජාව සදහා යම් දැනුමකින් මදිහත්වීමේ හැකියාව  අත්‍යාවශය සාධකයක් වශයෙන් පිළිගැනෙන්නේය.  

මේ ආකාරයේ වගකීම් සහගත නියෝජත මන්ත‍්‍රීධූරයට තෝරා පත්කර ගන්නා ආකාරය පිළිබදව සහ තේරී පත්වන නියෝජතයිනගේ ස්වභාවය ගැනත් කථා කරන්නට මෙරට ජනතාවට විශේෂයෙන් සිදු වූයේ 1978 නව ව්‍යවස්ථාව යටතේ මනාප ජන්දයෙන් තෝරා පත්කර ගන්නා මන්ත‍්‍රීවරුන් ගේ සම්ප‍්‍රාප්තියත් සමගය.  

මේ වන වි අපේ රටේ මන්ත‍්‍රී ධුරය මැනුවල් එක නැතිවූ විද්‍යුත් උපකරණයක් ගානට පත් වී ඇතx මන්තී‍්‍රවරුන් වශයෙන් පත්වන බොහෝ අය එයින් කරන්නේ කුමක්දැ යි දන්නේ නැත. තමන් පත්වූ දිනයේ සිටම ඔවුන් උත්සාහ ගන්නේ ජනතාවත් තමාත් අතර පවතින සමාජ සම්මුතිය තඹ සතේකට මායිම් නොකරණ තත්වයකින් ඉන්නටය. පාක්ෂිකයින්ට බැණ වැදිමේ සිට ඔවුන්ට සියලූ අපහාස සිªකරන්නේ තමා ඒ අයගේ නියෝජතයා ලෙස සිතා නොව ජනතාව තමන්ගේ නියෝජතයින් ලෙස සිතාගෙනය.

අනෙක් අතට බොහෝ මන්ත‍්‍රීවරු ඉන්නා බව පෙනෙන්නේ  ඔවුන් පමණක් සිටියාම ඇති වැනි ආකල්පයකය. මේ තත්වය ආණ්ඩුවටත් විපක්ෂයටත් එක වගේ පොදුය. රටේ ප‍්‍රතිපත්ති හා රෙගුලාසි සම්බන්ධ තීරණයන් ගැනීමේ දි ඔවුන් අහන්නේ තමන්ගේ පක්ෂයේ ඉහල අයගේ අදහස් මිස පාක්ෂිකයින්ගේ හෝ පක්ෂයේ බුද්ධි මණ්ඩලවල අදහස් නොවේ. පක්ෂයෙන් අනෙක් පැත්තට පනින්නට තීරණය කරන විට විමසන්නේ තමන්ගේ බිරිද හා ª දරුවන් වැනි සහලේ නෑයන්ගෙන් පම◊නි. මන්ත‍්‍රීකම යනුම (හරක බාන යාන වාහන වැනි) තම පවුලේ දෙයක් බවට සිතන්නට ඔවුන් පටන් ගන්නා අතර ඔවුන්ගේ බිරින්දැවරු මුල සිටම සිතන්නේ සැමියාගෙන් පසු මේ පවුලේ දෙය තමන්ගේ දුවට හෝ පුතාට අරන් දෙන්නේ කෙසේද කියාය. සංවිධිත තාර්කික ව්‍යවස්ථාදයකයෙකු නිර්මාණය කිරීම වෙනුවෙන් 1948 සොල්බරිසාමි හෝ ජෙනිෂ් වැනි අය පූර්වකතය කළ මන්ත‍්‍රීවරයා දියවන්නාවටවත් පැන්නා දැයි සිතෙන තරමට මේ තත්වය දරුණුය. මේ වන විට  මන්ත‍්‍රී තනතුර  යනු  මැනුවල් එක නැතිවූ විදුළි උපකරණයක් වැනි යැයි මා කීවේ එහෙයිනිx යන්ත‍්‍රය කි‍්‍රයාත්මක කරන හැටි ගෙදර කවුරුවත් දන්නේ නැතx බිරිද කැමති පරිදි තම තම නැණ පමණ සවි කරගත් පවුලේ උපකරණයක් බවට  මන්ත‍්‍රීධුරය බරපතළ වේගයෙන් පත් වෙමින් තිබේ.

දැන් මේ තත්වයෙන් අපි ගොඩ යන්නේ කෙසේදැයි සාකච්ජා කිරීමේ ව්‍යවස්ථාව නිර්මාණයට සූදනම් වන මේ යුගයේ විශේෂ අවධානයකට ගත යුතුය. මෙහිදි කිවයුතුම කාරනයක් වන්නේ මේ කාණ්ඩයට නොවැටෙන විශිෂ්ධ ගනයේ ප‍්‍රතිපත්ති සම්පාදකයෙකු තමන් තුළින් ගොඩ නගා ගන්නට උත්සාහ ගන්නා සුලූතරයක්ද මේ මනත‍්‍රී කණ්ඩායම තුළ සිටින බවය. රමේෂ් උදය සේමසිංහ පරණවිතාන හර්ෂ සහ හර්ෂන වැනි අය මෙහිදි විශේසයෙන් සැළකිය හැකිය. මේ තරුණ මන්තී‍්‍රවරු තමන්ගේ ගොඩ වැඩි කර ගැනීමට පක්ෂ භේදයෙන් තොරව සංවිධානය විය යුතුය. අරගල කළ යුතුය. 

හරවත් යමක් කථා කරණ මන්ත‍්‍රීවරයෙකුල පොතක් කියවන මන්ත‍්‍රීවරයෙකු දකින්නට තමාව නියොජතයා බවට පත් කර ගත් සමාජය අපේක්ෂා කරන බවවත් ගෙදරින් නොඅහා පිළි ගැනීමට අපේ මන්ත‍්‍රීවරු නිහතමානී විය යුතුය. 

අද යුගයේ මන්ත‍්‍රීවරුන්ගේ ප‍්‍රධාන නමට අමතරව හදුන්වා දිමේ අරුම පුදුම නම් සහිත කන්ඩායමක් බවට පත්වී තිබීම මේ වන විට ඉතාමත් ප‍්‍රසිද්ධය. මීට ඉහත කාලයේ ජෙ. ආර්. ට 'යැංකි ඩිකී’ කීවේ හෝ ආර්. ජ. ට 'චීන ඩිකී’ කීවේ අද කාලයේ අයට 'සර්පයා’ හෝ 'චොකා’ කියන අර්ථයෙන් නොව ඒ නායකයින් පිළිගත් ප‍්‍රතිපත්ති හේතුවෙන්ය. නමුත් අද සමාජයේ පහලම තට්ටුවේ (ආර්ථික තත්වය මත නොව) සමාජ විරෝධී අයට ව්‍යවස්ථා සම්පාදනය ගැන කිසිදු උනන්දුවකින් තොරව ව්‍යවස්ථා සම්පාදකයෙකු බවට පත්වී තිබීම ව්‍යවස්ථාවෙන්ම වෙනස් කිරීමට මේ නව ව්‍යවස්ථා ක‍්‍රියාවලිය තුළ උනන්දුවීම රටට ඉතාමත් යහපත්ය.

මගේ මිත‍්‍රයෙකු මා සමග කළ රූපවාහිනී වැඩසටහනකදි කීවේ ඔහු ගේ පැත්තේ සිටින සමාජ විරෝධී අයෙකු ප‍්‍රාදේශීය පළාත් පාලන ආයතනයකට ජන්ද ඉල්ලූ බවත් ඔහුගේිපෝස්ටරයේ 'ටැංකිය ගාව උක්කුංට ජන්දය දෙන්න’ කියා තිබූ බවත්ය. අවසාන වශයෙන් කිව හැක්කේ මේ තත්වය මෙසේ ගියහොත් 'ටැංකිය ගාව උක්කුං' පාර්ලිමේන්තුවට එන දවස වැඩි ඈතක නොවනු ඇති බවය.

Monday, November 7, 2016

තී‍්‍රලක්ෂනය ගැන අදහසක්


නලීන් සර් පසුගිය ලිපියක සදහන් කර තිබූ තී‍්‍රලක්ෂණය ගැන මට සිතෙන අදහසක් කීමට සිතුනා. "අනිත්‍ය දුක්ඛ අනාත්ම නොදැනීම" කියන කාරණය දැනුමක් විදියට ගැනීමේදී මෙරට බෞද්ධ සම්පදාය තුළ බරපතල අවුලක් තියෙන බව මගේ අදහසයි. මෙතැන අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ යම්කිසි "දෙයක්" ලෙසන් ගැනීම හෝ යම් ඉරණම් තුනක් ලෙසින් ගැනීම වගේ අදහසක් ඉදිරිපත් වෙන්නේ. "අපි ඉන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම යටතේ කියල කිව්ව" ගමන් ඉබෙම උපකල්පනය වෙන්නේ අපි යම් ස්වභාවයකට යටත් වෙළා ඉන්නේ වගේ අදහසක්. මෙතැන "අපි" කියන එකත්, අනෙක් පැත්තෙන් "තී‍්‍රලක්ෂනයට යටත් කියන" සංකල්පයක් දෙකම බරපතළ අවුලක් නිර්මාණය කරනවා. 

මම හිතන්නේ මුල් බුදුසමයේ (නිකාය බුදුසමය/ පාළි බුදුසමය කියාත් මෙය හැදින්විය හැකියි) අනිත්‍ය- දුක්ඛ- අනාත්ම යන වචනයන් තුන එකවගේ අර්ථයකින් ලෝකය හෝ ස්වභාවය තේරුම් කරන වචන තුකත් විදියට ගැනීමම වැරදියි. මෙතැන "අනිත්‍ය" යන වචනයෙන් කියන්නේ ඉන්දීය ගෝචර හෝ අතිනීදීය ගෝචර සංකල්ප හෝ ස්වභාවයන් සියල්ල "ස්ථිතික", "ස්ථාවර" හෝ "නිත්‍"ය නැත යන තේරුමයි. එසේ ස්ථාවර නොමැති හා/ හෝ නිත්‍ය නොමැති, වෙනස්වන ස්වභාවය යනු නිරපේක්ෂ ලෙසින්ම දුකක් ගෙන දෙන දෙයක් නොවෙයි. (ඇත්තටම පසු කාලීන සංස්කෘත බුදුසමයට අනුව වෙනස්වීම සැපක් මිස දුකක් නොවෙයි). දැන් අනිත්‍ය නිසාම කිසිවක් දුකක් නොවන අතර මෙතැන දුක තේරුම් ගත යුත්තේ "මිනිස් සංකල්පීයකරණයේ ඇති පද්ධතිකරණමය ගතිය හෙවත් මම නිෂ්පාදනය කරගැනීමට" සාපේක්ෂකවයි. වෙනත් ලෙසකින් කිවහොත් අනිත්‍ය දේ දුකක් වන්නේ ආත්ම ලෙසින් ගැනීමෙදී පමණයි. වෙනස්වීම දුකක් වන්නේ එය වෙනස් නොවීම ලෙසින් ගැනීම නිසා (පද්ධතිකරණය නිසා පමණයි). ඒ අර්ථයෙන් ගත් විට "දුක යනු වෙනස්වීම සමග පුද්ගල මනස සම්බන්ධවීමෙන් ගොඩ නැගෙන ව්‍යතිරෙඛයක් මිස වෙනස් වන සියල්ල දුකක් ලෙසින් සැළකීම නිවැරිදි නැති බව" මෙයින් කියන්නේ.

දැන් අනාත්ම වචනය ලෙසින් බුදුසමය යෝජනා කරන්නේ ඉහත සදහන් "වෙනස්වීම - වෙනස් නොවීම ලෙසින් ගැනීමට" ප‍්‍රතිපක්ෂව මනස පිහිටවීම ලෙසින් මිස අනිත්‍ය දුක්ඛ අනාත්ම යන තී‍්‍රලක්ෂණයෙන් මිදීම ලෙසන් නොවෙයි.මෙ අනුව තී‍්‍රලක්ෂනය යනු අනිත්‍යතාව ඒ ලෙසින්ම (අනිත්‍යතාව අනිත්‍යතාව ලෙසින්ම) තේරුම් ගැනීමට යෝජනා කරන "අනිත්‍යාව නිත්‍යාතාව ලෙසින් පද්ධතිකරණයට ලක් කිරීම නිසා දුක (සාපේක්ෂ අර්ථයෙන්) ඇතිවන බව ඉදිරිපත් කරන සහ මේ හේතුව නිසාම මනස පද්ධතිකරණයට එරෙහිව පිහිටවීමට (අනාත්මතාව ගොඩ නැගීම මනස වෙනස් කිරීමට) යෝජනා කරන ඉගැන්වීමක් ලෙසින් ගැනීම නිවැරිසි බව මගේ අදහසයි.

Friday, September 23, 2016

සභ්‍යත්ව රාජ්‍යයක් කරා...?

ගුණදාස අමරසේකර මහතා ලියූ සමාජ දේශපාලන විචාරයක් වූ ‘සභ්‍යත්ව රාජ්‍යයක් කරා’ කෘතිය එළි දැක්වීම පසුගියදා සවස කොළඹ සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී පැවැත්විණි. ගෙවිඳු ඇතුළු යුතුකම සංවාද කේන්ද්‍රයේ කණ්ඩායම ඒ වැ‍ෙඩ් ඉතාමත් අගේට සංවිධානය කර තිබුණි. රටේ ජාතික බලවේගයක් හැදෙමින් පවතින බව ඒ රැස්වීම දෙස බැලීමෙන්ම පැහැදිලි වන තරමට ඒ උත්සවය සංවිධානය කර තිබූ බව එහි පැමිණි හැමෝගේම අදහස විය. 
අපේ යුගයේ මේ රටේ සමාජ දේශපාලන චින්තනයට බරපතළ බලපෑමක් අමරසේකර මහතාගෙන් ලැබුණු බව අප කවුරුත් පිළිගන්නා කාරණයකි. 90 දශකයේ විශ්ව විද්‍යාලවලට පැමිණි අපිට අමරසේකර සහ නලීන් ද සිල්වා දෙපොළගේ දේශපාලන ලියවිලි එවකට සිටි මාක්ස්වාදි චින්තකයින් පරදවා ආකර්ෂණය වූයේ 1989 සිට යුරෝපයේ සිදුවෙමින් පැවති නව සමාජ වෙනස්කම් දාර්ශනික කෝණයෙන් මේ සමාජය තුළ සාකච්ඡා කිරීමට ඔවුන්ගේ කෘතීන් හා ලියවිලි මඟින් ලැබුණු බලපෑම නිසාය. අමරසේකරගේ ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදිද’ කෘතියත් නලීන් ද සිල්වාගේ ‘මගේ ලෝකය’ කෘතියත් තුළින් ඒ යුගයේ අප ලැබූ බුද්ධිමය උත්තේජනය ඉමහත්ය. ඒ වගේම ඒ කෘතීන් මත ගොඩ නැගුණු දර්ශනික සාකච්ඡාවන්ට එවකට කොළඹ විශ්ව විද්‍යාලයේ තිබූ ස්වාධීන ශිෂ්‍ය සංගමය සතුව තිබූ බුද්ධිමය ආධිපත්‍යය පරාජය කරන්නට ගෙවිදූ ඇතුළු කණ්ඩායමට (මාලක පැස්කුවෙල් පරණවිතාන වීරසේකර ජානක බණ්ඩාර වරුණ තවත් බොහෝ අයත් ඊට ඇතුළත්ය) හැකිවූයේ ඒ කාලයට සාපේක්ෂව ලෝකය පිළිබඳව න්‍යායික තේරුම් කිරීම අපේ පැත්තට දර්ශනිකවම හරවාගෙන තිබූ නිසාය. විශේෂයෙන්ම වික්‍රමබාහු, සුමනසිරි ලියන‍ගේ, වසන්ත දිසානායක, මහාචාර්ය ශ්‍රියානන්ද වැනි මාක්ස්වාදින් සමඟ ‘දේශපාලන ගනුදෙනු’ බේරා ගැනීමට අපි බො‍හෝ විට යොමු වුණේ මේ බුද්ධිමය ශක්තිය නිසාය. කොළඹ මේ තත්වය මොරටුවේ චම්පික අශෝක ප්‍රියන්ත දයාරත්න වැනි අයත් සහ පේරාදෙණියේ රතන හිමිගේ මූලිකත්වයෙන් මාලින්ද අමරකෝන් ඇතුළු අපේ කණ්ඩායමත් ගොඩ නැඟුණේ මේ සන්දර්භය තුළින්ය. 
මේ දාර්ශනික හා දේශපාලනික ව්‍යාපෘතිය බල දේශපාලනයේ ඓතිහාසික කාර්යභාරයක් දේශපාලන පක්ෂයක් හරහා ගොඩ නැගිය යුතුද එසේත් නැතිනම් ඒ සඳහා පළල් ජාතිකමය වූ ව්‍යාපෘතියක් හරහා අනගාරික ධර්මපාලතුමන් මතු කළ ආකාරයේ ජාතික ආමන්ත්‍රණයක් ගොඩනැගිය යුතුද යන කාරණය ගැන එදත් අපි අතර එකඟතාවක් තිබුණේ නැති ගානය. ජාතික චින්තනය සහ ජනතා මිතුරෝ ව්‍යාපාරය යනුවෙන් බෙදීම හරහා මතු වුණෙත් එක අතකට මේ ප්‍රශ්නයමය. ඒ ඉතිහාසය යළිත් සාකච්ඡා කරන්නට මා යන්නේ නැත. ඒ කෙසේ වෙතත් පක්ෂයක් හරහා එක් පැත්තකිනුත් පක්ෂයකින් තොරව ජාතික මතවාදයක් හරහා තවත් පැත්තකිනුත් ඒ දේශපාලන මතුවීමේ කණ්ඩායම් පසුගිය දශක එකහමාර (1900 - 2015) දක්වා මේ රටේ දේශපාලනයට විශාල බලපෑමක් සිදුකළ බව බොහෝ අයට පිළිගත හැකි කාරණයක් බව මගේ අදහසය. 
රැස්වීමේ නිමිත්ත වශයෙන් නිවේදකයා කීවේ මේ පටන් ගන්නේ ජාතික චින්තන දේශපාලන සංවාදයේ තුන්වන අදියර කියාය. (පළමු අදියර 1989-90 ජවිපෙ මැදිහත්වීමෙන් නිමා වූ අතර දෙවැනි අදියර පසුගිය 2015 ජනාධිපතිවරණයෙන් කෙළවර වූ බව එහි තේරුම් ගැනීම විය යුතුය.) අමරසේකරගේ කෘතිය මතු කරන්නේ මූලික වශයෙන්ම වැදගත් කේන්ද්‍රීය ප්‍රශ්නයකි. එනම් බටහිර යටත් විජිතයක් ලෙසින් සිටි කාලයේ එංගලන්තයෙන් මේ රටට හඳුන්වා දුන් ‘ප්‍රජාතන්ත්‍රවාදය’ යටතේ වූ රාජ්‍ය පාලන ක්‍රමය තවදුරටත් මේ රටට වලංගුද යන ප්‍රශ්නයය. ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය යටතේ අපේ රටේ පාලන යාන්ත්‍රණය පැති කීපයකින්ම අර්බුදයට ලක් වී ඇති බවත් එය යළිත් වැඩකට ගත හැකි මට්ටමටත් වඩා පරිහානියට පත් වී ඇති බවත් ඔහුගේ තර්කය වී තිබේ. ඒ නිසාම ක්‍රමය එහෙමම තියාගෙන මිනිසුන් වෙනස් කරන දේශපාලනයෙන් ඉවත්විය යුතු කාලය පැමිණ ඇති බවත්, මේ ක්‍රමය මෙරටට ගැළපෙන්නේ නැති බව ප්‍රායෝගිකත්වයෙන්ම පෙන්වා දී ඇති බවත් අමරසේකර මහතා පෙන්වා දෙයි. මේ තත්ත්වයෙන් වෙනස් විය යුත්තේ නව රාජ්‍ය ආකෘතියක් වෙතට බව පෙන්වා දෙන ඔහු ඒ නව ආකෘතිය ලෙසින් ‘සභ්‍යත්ව රාජ්‍යය’ යන්න යෝජනා කරයි. මාටින් ජැක් නමැති චින්තකයකු විසින් චීනයේ දේශපාලනය පිළිබඳව 2009 වර්ෂයේ ලියවුණු When China Rules the World: The end of the Western world and the birth of a new global order කෘතිය මත පදනම් වෙමින් අමරසේකර මහතා ඉදිරිපත් කරන්නේ චීනය යනු වෙනම ආකාරයක රාජ්‍යයක් පවත්වාගෙන යන රටක් වශයෙන් ප්‍රජාතන්ත්‍රවාද බටහිර ආකෘතියට පිළිතුරක් සපයා ඇති බවය. චීනයේ රාජ්‍යය එරට සභ්‍යත්වය සමඟ ගැට ගැසී ඇති අතර ඒ ආකෘතියේ ඇති සුවිශේෂ ගුණාංග නිසාම ඒ සමාජය යම් ජයග්‍රහණයක් අත් කරගනිමින් සිටින බව ජැක්ගේ තර්කයේ පදනම ලෙසින් පෙන්වා දී තිබේ. 
දැන් අමරසේකර මහතා තර්ක කරන්නේ මේ රටේ ද පූර්ව යටත්විජිත අවධියේ සිට පැවති සභ්‍යත්ව රාජ්‍යයක් තිබෙන අතර එම සභ්‍යත්ව රාජ්‍ය ආකෘතිය යටපත් කරමින් මෙරටට පැමිණි බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයත් එයින් පසුව පැමිණි ප්‍රජාතන්ත්‍රවාදයත් මෙරට සමාජ දේශපාලන දේහය බරපතළ අර්බුදයකට යවා ඇති බවය. මේ යටත්විජිතවාදයට අපේ සභ්‍යත්ව රාජ්‍යයේ පැත්තෙන් විරුද්ධ වුණේ ධර්මපාලතුමන් බව අමරසේකර මහතාගේ පිළිගැනීමයි. ධර්මපාලතුමන්ට විරුද්ධව මෙරට තුළින්ම මතු වූ විරෝධය හුදු බ්‍රිතාන්‍යයේම ‘ස්වදේශීය’ හඬ වූ අතර, ප්‍රජාතන්ත්‍රවාදය ලෙසින් පසුව අපි භාරගත්තේ යටත්විජිතවාදයේම ‘දේශීය’ ආකෘතිය බව ඒ අනුව පෙන්නුම් කර තිබේ. අමරසේකර මහතාගේ පිළිතුර වන්නේ රටක් ලෙසින් අපට විමුක්තිය උදාකරගත හැක්කේ හුදු චින්තනමය විප්ලවයකින් (ජාතික චින්තන සංවාදයේ පිළිගත් පරිදි) පමණක් නොව නැතිවී ගිය ‘සභ්‍යත්ව’ රාජ්‍යය වෙතට යළි ගමන් කිරීමෙන් බවයි. 
මේ කෘතියේ කේන්ද්‍රීය යෝජනාව ලෙසින් ඉදිරිපත් වී ඇත්තේ මෙරට සභයත්ව රාජ්‍යයේ ස්වභාවය ගැන සංවාදයක් මතුවිය යුතු බවයි. මේ මතය ගැන බරපතළ ලෙසින් සාකච්ඡා කළ යුතු බව මගේත් මතයයි. අපේ රටේ ඉංග්‍රීසීන් එන්නට පෙර පැවති රාජ්‍යයට නැවත යා හැකිද? එසේ යෑමේ කිසිදු සාධනීය පදනමක් තිබේද? රාජ්‍යත්වයක් යළිත් යෝජනා කිරීමක් මේ මඟින් සිදු වන්නේද? විධායක ජනාධිපතිධුරය අපිට සිදුකර ඇති බලපෑම ගැන සාකච්ඡා කරන මේ වැනි කාලයක් නැවතත් එවැනි ආකෘතියක් ගැන සිතිය හැකිද? ධනවාදය සහ වෙළඳපොළ සම්බන්ධතා සහිත සමාජයේ සභ්‍යත්වය ලෙසින් තෝරා ගන්නා කලාපය කවරේද වැනි වැදගත් ප්‍රශ්න ගණනාවක් අමරසේකර මහතා යෝජනා කරන සංවාදයේ මාතෘකා ලෙසින් පවතින බව පෙනී යන කරුණකි. 

Monday, September 19, 2016

ලක් හඩ ගුවන් විදුලිය



ස්වාධීන රූපවාහිනි සේවයේ නම ITN TV කියල වෙනස් වන බවත්
ලක් හඩ ගුවන් විදුලිය ITN FM කියල වෙනස් වන බවත් හගවන පොස්ටරයක් මේ දිනවල කොළඹ තාප්පවල අලවා තියෙනවා. මේ පෝසටරයටම සම්බන්ධයක් පෙනවන පරිදි ජනමාධ්‍ය ලේකම් මහතාත් තමන්ගේ සමාජ මාධ්‍ය පිටුවෙ ස්වකීය අකමැත්ත පෙන්වල තිබුණා. ස්වාධීන රුපවාහිනිය සමග ලගින් වැඩ කළ කෙනෙක් හැටියට මේ ගැන පොඩි සටහනක් දමන්නට සිතුනා.
මම ජනමාධ්‍යයට සම්බන්ධ වෙලා සිටිය පසුගිය ආණ්ඩුව කාලේ තිබුන ප‍්‍රධාන චෝදනාවක් වුනේ රජයේ මාධ්‍යවල 'දේශපාලන සමබරතාවක්' නැහැ කියල. ඒ තර්කයේ බරපතල සත්‍යයක් තිබුණ. ඒ වැරුද්ද නිවැරිදි කරන්න අභ්‍යන්තරව හුගක් වෙහෙස ගත්ත අය සිටිය. ඒත් ඒ කාලේ දේශපාලන තීරණයක් විදියට එහෙම බහුපක්ෂ සහභාගීත්වයකට ඉඩක් නොතිබීමට ඒ ආණ්ඩුවට වන්දි ගෙවන්න සිදුවුනේ ආණ්ඩුවම අර්බුදයකට ගිහින්. ඒත් ස්වාධීන රුපවාහිනි සේවය ඒ දිනවල රටේ වැඩිම ආදායම උපයන නාලිකාව බවටත් රේටින් වලින් පළමුවන නාලිකාව බවටත් ඔසවා තබන්න අපිට හැකි වුනා.(I need to mentioned here then chairmens of ITN, Mr Anura Siriwardan and Mr Rosmund Senaratne). ජනතාව අපේ දේශපාලන වැඩසටහන් අඩුවෙන් බැලුවට අනෙක් වැඩ සටහන් වලින් අපේ ලගට කිටිටුවෙන්නවත් අනෙක් චැනල්වලට බැරි වුනා. ඒවගේ ප‍්‍රතිඵල විදියට අපිට සේවක සුභ සාධන වැඩිකරන්නත්, අලුතින් සුපිරිම ස්ටීඩුයෝ පද්ධතියක් හදන්නත්, යටිතල පහසුකම් වැඩි කරන්නත් අපිට පුලුවන් වුනා. අගමැතිතුමා පසුගිය දවසක විවෘත කළේ ඒ ස්ටුඩියෝ පද්ධතියයි. 
දැන් කියන විදියට දේශපාලන විවෘතභාවය හොදටම තියෙනව කියලයි කියන්නේ. එහෙම තත්වයක නාලිකාව බලන ප‍්‍රමාණය වැඩිවෙන්නේ නැත්තේ ඇයි කියල සෙවීම ඉතාමත් වැදගත්. අනෙක් අතට දැන් ස්වාධින රූපවාහිනිය ලාභ අතින් වත්, රෙටින් අතින්වත් පලමුනි චැනල් තුන අතරවත් නැති එක ගැන විශේෂයෙන් සොයන එක හොදයි කියලයි හිතෙන්නේ. සමන්අතාවුද මහතා මාධ්‍ය ක්ෂේත‍්‍රයේ හොදට අත්දැකීම් තියෙන කෙනෙක් නිසා මේ තත්වය වෙනස් කරන්න හැකිවුනොත් එය රාජ්‍ය නාලිකාවක් විදියට ඉතාමත් හොද තත්වයක්.
ලක්හඩ රේඩියොව වෙනත් නමකට මාරු කරන්නේ ඇයි කියල පැහැදිලි නැහැ. සාමාන්‍ය පුරවැිසයෙක් විදියට බැලුවොත් මේ කරන්නේ ඉතාමත් බරපතල වැඩක්. රජයේ නාලිකාවක් විදියට වසර තිහකට අධික කාලයක් පෝෂණය කරපු Brand name එක එක රුයින් වෙනස් කරනව කියන්නේ එතෙක් එ Brand එක ප‍්‍රමෝට් කරන්න වියදම් කරපුව අහකට දානව කියලයි. මෙක හොද තීරණයක් කියල ආණුඩුවේ අය කියනව නම් මට ඒක තේරෙන්නේ නැහැ. ලක්හඩ තියන්නේ ලාභ හොයන්න බැරි ඒ වුනාට ස්වාධින රුපවාහිනියට විශේෂ ගෞරවටක් ගෙනෙන නාලිකාවක්. ඒක දුවන්න සල්ලි හොයන්න ස්වාධීන රූපවාහිනියට පුලුවන් වුනා. ඒ නිසා සල්ලි සෙවීම පදනම් කරගෙන් රජය ගොඩ නගපු repected brand එකක් වෙනස් කරන එක ගැන ගැඹුරින් කල්පනා කිරීම ඉතාමත් සුදුසුයි. මේක හරියට ලංකා බැංකුවේ නම ආණ්ඩුවෙන් ආණුඩුවට වෙනස් කරනවා වගේ වැඩක්. ව්‍යාපාර කරන රජයේ ආයතනවල Brand name එක ආවාට ගියාට වෙනස් කරන්න ඉඩ දීම හොද නැහැ කියන එකයි මා කියන්නේ. ITN FM කියල අලුත් චැනල් එකක් දැම්මට කමක් නැහැ ඒත් හදපු Brand එකක් වෙනස් කරන එක ගැන සමන් තව පාරක් කල්පනා කළොත් හොදයි කියා යෝජනා කරන්න කැමතියි.
අනෙක් අතට ඔය ලක්හඩට තියන්නේ ITN එකට අයිති සංඛ්‍යාතයකුත්(Frenquency) නෙවෙයි. නිවව්ටන් ගුනරත්න මහතා ගුවන් විදුලියෙ ඉදල එකට එනකොට එයා වැඩ කරපු චැනල් එකත් අරගෙනමයි ආවේ. එකට එදා ගුවන් විදුලියේ හිටිය අය විරුද්ධ වුනා. පසු කාලෙක සුනිල් සරත් පෙරේරා මහතා ගුවන් විදුලි සභාපති කාලේ මේ ප‍්‍රශ්නය මතු කරලත් තිබුනා. එ කෙසේ වෙතත් මෙහෙම නාලිකාවක brand name එක වෙනස් කරන එක ගැන යලිත් කල්පනා කරන්න කියා ඉල්ලීම හැර වෙන කල හැකි දෙයක් මේ වෙලාවේ නැහැ.

Sunday, September 11, 2016

Kant and Environmental Philosophy



working a paper at home.... trying to 'imagine' how Kant's epistemology could be able to link with the current debates in environmental philosophy. Kant, in his systematic intervention to the discussion on nature clearly demarcated the two ways of looking at reality, Noumena and Phenomena . In his three excellent academic works (a) Critique of Pure Reason (b) Critique of Practical Reason (c) Critique of Judgment Kant address three very important issues respectively, (a) Epistemology, (b) Ethics and (c) Aesthetic.
I still remembered the class I took from Prof Gunapala Dharmasiri on Kantian Epistemology at Peradeniya. 
Kant had emphasised the contributions made by subjects (human being) to what they know. For example , we see things around us being spatial relation to each other, but the space is in us, a form of sensibility that we impose on what we sense. (time is also a same type) Like wise, the understanding imposes fundamental conceptual structures on what we know. Kant called these categories of understanding (time/space and four categories, quality/quantity/modality and relations) . For Kant all our knowledge of ourselves and world ultimately depends on sense perception and understanding. 
(just to share this as morning note.... going to stay whole day at my study at home...)

Friday, September 9, 2016

පරිසර සංරක්ෂණය සහ පළාත් සභාව

පරිසර සංරක්ෂණය සහ පළාත් සභාව


මෙවර සටහන ලියන්නට සිතුවේ පරිසරය ගැනය” පරිසර සංරක්ෂණය ගැනය” පරිසරය දේශපාලනයට සම්බන්ධව වැදගත් වන තැන ගැනය” වෙනත් ලෙසකින්  ගත් විට පරිසර ආරක්ෂණය සහ කළමනාකරණය සමග සම්බන්ධ දේශපාලනය ගැනය”

ලංකාවේ පරිසර කළමනාකරණය පිළිබදව ඝෘජුවම බලපැවැත්වෙන නීති රිති ගොඩ නැගුනේ 1981 ජාතික පරිසර පණත හ¥න්වා දිමත් සමගය” ඒ වැදගත් නෛතික රාමුව හ¥න්වා දිමට මුල් වුනේ එවකට නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා වූ ආර් පේ‍්‍රමදස මහතා බව සිහි කළ යුත්තේ ඔහුට ගෞරවයක් පිනිසය”

1981 සිට මෙරට මෙම පරිසර කළමනාකරණය වෙනුවෙන් ගොඩ නැගුණු නෛතික පද්ධතියක් තිබුණ නමුත් එයට අදළ වන ආයතකින ව්‍යුහය වන මධ්‍යම පරිසර අධිකාරිය ගොඩ නැගුනේ ඊටත් ටික කාලයකට පසුවය” 1994 පො¥ පෙරමුණ රජයෙන් පරිසරය විෂය සදහා කැබිනට් අමාත්‍යංශයක් පිහිටවීමත් සමග මේ ක්ෂේත‍්‍රය ගැන තිබු උනන්¥ව රට තුළ වඩා වැඩි විය” එය එතෙක් කාලයක් වෙනත් අමාත්‍යංශ යටතේ හෝ බලයක් නැති රාජ්‍ය අමාත්‍යවරුන්ගේ යටතේ  කුඩම්මාගේ සැළකිලි ලබා සිටි පරිසර විෂයයට  යම් පිළිගැනීමක් ලබා දිමක් වශයෙන් සැළකීම නිවැරිදිය” මේ විෂය එතැන් සිට ශී‍්‍රමනී ඇතුලත්මුදලිල මහින්ද විජෙසේකරල පවුසිල රුක්මන් සේනානායකල මෛතී‍්‍රපාල සිරිසේන සහ චම්පික රණවක වැනි ඇමතිවරුන්ගේ යටතේ කි‍්‍රයාත්මක විය”

අද වන විට මේ තත්වය තවත් වර්ධනය වී ඇති අතර රටේ ජනාධිපතිවරයාම පරිසර ඇමතිවරයා වී සිටීම එහි වැදගත්ම වර්ධනය ලෙසින් පිළිගත හැකිය” මෛතීපාල සිරිසේන ජනාධිපතිතුමන් පරිසර විෂය තමන් යටතට ගැනීම මගින් මේ රටේ ඉදිරි පාලකයින්ට යම් පුර්වාදර්ශයක් ලබා දිය හැකිවීම මෙහිදි වඩාත් වැදගත් කාරණයකි”

2010 සිට 2012 දක්වා පරිසර අධිකාරියේ සභාපතිවරයා වශයෙන් සිටි කාලයේ  මා දැන ගත් කාරණයක් වන්නේ පරිසරය යනු විද්‍යාත්මකව විශ්ලේෂනය කළ යුතු තාක්ෂනිකව විස¥ම් සෙවිය යුතූ සංස්කෘතිකව හා සදචාරාත්මකව තේරුම් ගත යුතු මෙන්ම දේශපාලනිකව තීරණ ගත යුතු අමුතුම ආකාරයේ විෂය ක්ෂේත‍්‍රයක් බවය”

අපේ රටේ පළාත් සභා පාළනය 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව හ¥න්වා දිමත් සමග පැමිණයේ 1987 වර්ෂයේය” 13 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් සමග පරිසරය යන විෂය පලාත් සභාව සහ මධ්‍යම රජය යන දෙඅංශයටම අයිති සමගාමී ලැයිස්තුවට ඇතුලූ කිරීම නිසා  ඇති වු බරපතළ තත්වයන් ගණනාවක්ම මේ වන විටත් නොවිසිදි පවතී”

මුළින්ම කිව යුත්තේ මෙසේ පරිසරය පලාත් සභා සහ මහ ආණ්ඩුව යන දෙපැත්තටම අයිති සමගාමී ලැයිස්තුවට ඇතුලත් කිරීමම බරපතළ ප‍්‍රශ්නයක් බවයි” රටක පරිසර සාධකය යනු එක් පළාතක ඇති අන්‍යතාවන් මත දරා සිටින ක්ෂේත‍්‍රයක් නොවන බව මෙහිදි මුළින්ම තේරුම් ගත යුතු කාරණයකි” පරිසරයේ පවතින ස්වභාවික සම්පත් යනු රටටම අයිති සාමුහික පද්ධතියක් මිස ඒ ඒ පළාත්වලට හිමි දේවල් යැයි සිතීමම වැරදිය” එය හරියට අනුරාධපුරයේ ඇති පුරාවිද්‍යාත්මක සම්පත් උතුරු මැද පළාත් සභාවට අයිති කියා සිතුවා වැනිය” මහනුවර දළද  මාලිගය අයිති මධ්‍යම පලාත් සභාවට කියා සිතුවා වැනිය”

පරිසරයේ පවතින ස්වභාවික සම්පත් වන වායුවල පසල ජල සම්පතල ගංගා වැනි දේවල් කළමනාකරණය කිරීම ඒ ඒ පලාත් සභාවලට අයිති යැයි අපි සිතුවහොත් ඒ මගින් ඇතිවන්නට නියමිත ගැටලූ ඉතාමත් සංකීර්ණ එවාය” උදහරණයක් ලෙසින් ගත්තොත් මහවැලි ගග වැනි ස්වභාවික සම්පතක් පාළනය කරන්න ඉතාමත් අපහසු විය හැකිය” මහවැලි ගග පටන් ගන්නේ සමනොළ කන්දෙන් නිසා පටන් ගැන්මේ අර්ථායෙන් එය අයිති සබරගමු පළාතටය” ඒත් ගග එතැන සිට ගලන්නට පටන් ගන්නේ කොත්මළේ පේරාදෙනිය පැත්තෙන් තෙල්දෙනිය හරහා  නිසා එවිට ගග අයිති වන්නේ මධ්‍යම පළාතටය” තුන්වෙනුව එය මහියංගනය හරහා ගලා යන නිසා එවිට එය අයිති ඌව පළාත් සභාවටය” එතැනින් මහවැලිය පොලොන්නරුව හරහා යන නිසා දැන් ගග අයිත් උතුරු මැද පළාතටය” අවසානයේ මහවැලි ගග මුහුදට වැටෙන්නේ ත‍්‍රිකුණාමළයෙන් නිසා ඒ අර්ථයෙන් ගග අයිති  නැගෙනහිර පළාතටය”  දැන් 13 වන සංශෝධනයේ පරිසර සාධකය සමගාමී ලැයිස්තුවට අයිති නිසා ඒ ඒ පළාත් සභා තම තමන්ගේ පරිසර අධිකාරයන් හැ¥වේ නම් මහවැලි ගගේ අයිතිය සබරලමුවටද මධ්‍යමටද ඌවටද උතුරු මැදටද එසේත් නැතිනම් නැගෙනහිරටද කියන ගැටලූව විසද ගන්නට වෙන්නේ කෙසේ දැයි කාටවත් සොයා ගත නොහැකි වනු ඇත” මේ ගැටලූව තවමත් උද වුනේ නැත්තේ සමගාමී ලැයිස්තුවට අදළ විෂයයන් ගැන පාර්ලිමේන්තුව තරමක් තියුණු ආකාරයෙන් තවමත බලන නිසාය”

එහෙත් මේ පළාත් සභා පනතේ තියෙන පරිසර සමගාමී ලැයිස්තු ගැටලූව නිසා මේ වන විට වයඹ පළාතේ පරිපර කළමනාකරණයට අත් වී තිබෙන ඉරණම බැලූවහොත් තත්වය තේරුම් ගැනීම ඉතාමත් පහසු බව මගේ හැගීමය” වයඹ පළාත් සභාව කියන්නේ ඒ අය ව්‍යවස්ථාවේ තියෙන ආකාරයට සමගාමී විෂයයක් වන පරිසර විෂය සදහා වෙනමම ප‍්‍රඥප්තියක් පළාත් සභාවේ අනුමත කරගෙන  එය මහ ආණ්ඩුවේ පාර්ලිමේන්තුවටද ‘යොමු කර’ නියමාකාරව වෙනමම වූ පරිසර අධීකාරියක් වයඹ පිහිට වා ගත් බවය” ඒ අනුව ඒ පළාතේ පරිසර කළමනාකරණට එම පළාතට අයිති කාරණයක් බව ඒ  අයගේ පිළිගැනීම  වන අතර මේ තත්වය යටතේ මධ්‍යම පරිසර අධිකාරියේ බලයක් වයඹ පලාතට  නොමැති බව ඔවුන්ගේ මතයය” ඒ නිසා ඔවුන් ඒ පළාතේ ජලයල  වායුවල පස වැනි සියලූ ස්වභාවික සම්පත් සදහා නීති රීති කි‍්‍රයාත්මක කරන්නේ වයඹ පළාත් සභා අධිකාරියෙන්ය” ඇත්තටම මේ පරිසර අධිකාරයේ බිහිවීමම බරපතල ගැටලූකාරී තත්වයක් බව මේ කාරණය අධ්‍යයනය කිරීමෙන්ම මා දන්නා කරුණකි”

13 සංශෝධනයේ ආකාරයට වෙනමම පරිසර අධිකාරියක් වයඹ පලාතේ පිහිටුවීමට එකළ පේ‍්‍රමදස රජය කාළයේ උත්සාහයක් ගත් අතර එම ප‍්‍රඥප්තිය පාර්ලිමේනතුවට අදළ එකගතාවය ලබා ගැනීම සදහා ඉදිරිපත් කරනු ලැබ ඇති අතර එය පාර්ලිමේන්තුවේ  කොමිටියකට යොමු කර තිබු◊නි” එම කොමිටිය තීරණය කර ඇත්තේ මේ කාරණය ගැන නෛතික තත්වය දැනගැනීමට ජනාධිපතිතුමන් මගින් නීතිපත්තුමාගෙන් විමසිය යුතු බවයි” ඒ අනුව අදළ ප‍්‍රඥප්තිය එවකට ජනාධිපති පේ‍්‍රමදස මහතා වෙත යොමු කර ඇති අතර එම ලිපිය පසුව සළකා බැලීමට කල් තබන බව ජනාධිපති ලේකම්වරයා විසින් පාරලිමේනතුවට දැනුම් දි ඇත” ඒ ලිපිය තවම තියෙන්නේ එතැනය” දැන් මේ කාරණය තීරණයක් නොමැති තත්වයකින් නිමා වූ නමුත් එවකට වයඹ පළාත් පරිසර අධිකාරියේ ප‍්‍රධානීන් සි¥කළේ මේ තත්වය තමන්ගේ වාසියට ගනිමින් වයඹ පලාත් පරිසර අධිකාරියක් පිහිටවූ බවට පිළි ගන්මින් කටයුතු කිරිමය”

එද සිට මේ දක්වාම වයඹ පරිසර අධිකාරිය කටයුතු කරන්නේ ඒ පළාතේ පරිසරය අනෙක් පළාත්වල පරිසරයට සම්බන්ධයක් නැති ආකාරයෙන්ය” උදහරණයක් ලෙසින් නොරොච්චේලේ වි¥ලි බලාගාරය ගතහොත් එයට අදළ පරිසර ඇගැයුම් වාර්තාව අනුමත කළේ මධ්‍යම පරිසර අධිකාරිය නොව වයඹ පරිසර අධිකාරියය” ක‍්‍රියාදමයේ පසුපස ඇති තර්කය   හරියට සමාන වන්නේ  නොරොච්ලේ වි¥ලි බලාගාරයෙන් වායු ¥ෂනයක් සි¥ වුවහොත් ඒ වායුව අදළ වන්නේ වයඹ පළාතට පමණක් යැයි උලකළ්පනය කිරීමක් වැනි කාරණාවකටය” මේ වගේ ආන්තික වශයෙන් වයඹ ගැන සිතා ගනු ලබන තීරණ හේතුවෙන් ඇති වී ඇති පරිසර තත්වයන් ඉතාමත් සංකීර්ණය”

මට දැන ගන්නට ලැබුනේ පසුගිය දිනක මේ තත්වය ගැන ඉහල පෙළේ සාකච්ජාවක් පැවති බවය” එය ඉතාමත් වැදගත් කාර්යයක් වන අතර පරිසරය යනු රටේ සම්පත් සම්බන්ධ මධ්‍යයේ සිට කරන මැදිහත්වීමක් බවට පත් කිරීම අත්‍යාවශ්‍ය බව මගේ අදහසය” එවැනි මධ්‍යයේ සිට පරිසරය කළමනාකරනය කිරීම නිසා බලතල බෙදිමේ අවුලක් ඇතිවෙතැයි සිතිය යුතු නැත” මන්ද ලෝකයේ කිසිම රටක කේනදූයේ සිට පරිසරය කළමනාකරණය කිරීම ඉවත් කර නැති නිසාය”

මම සිතන්නේ අපේ රටේ පරිසර කළමනාකරණය මේ කළාපයේ අනෙක් රටවලට වඩා හුගක් හොද වන්නට හේතුව ඒ සදහා මධ්‍යම රජයේ ආයතන පද්ධතියක් තිබීමය” ඒ තත්වය තවත් වර්ධනය කිරීම අපගේ වගකීම විය යුතුය”

චරිත හේරත්

Friday, September 2, 2016

ලාබයි ඇපල්

ලාබයි ඇපල් 


මේ සතියේ සටහනින් මා මතු කරන්නේ අපේ රටේ දේශපාලන නායකයන්ට අදළ වැදගත් කාරණයක් පිළිබදවය. එනම් මාධ්‍යයේ ඩිජටෙල් අවකාශය සහ දේශපාලනමය වගවීම පිළිබදවය. මේ ගැන සටහන් ලිවිය යුතු යැයි සිතුණේ අපේ රටේ දේශපාලන නායකයන් ඩිජටෙල් අවකාශය ස්වකීය දේශපාලන භාවිතාවන් සදහා පරිහරණය කිරීම ගැන සාකච්ජා කිරීමවැදගත් නිසාය. මේ යුගයේ සන්නිවේදන තාක්ෂණයේ සිදූවී ඇති දියුණුව නිසාම ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලනමය ක්‍රියාකාරීත්වයන් සදහා එය යොද ගැනීමට බොහෝ රටවල දේශපාලන නායකයන් කටයුතු කරන බව පැහැදිලි කාරණයකි.

එහෙත් අපේ රටේ දේශපාලනඥයන් මේ අවකාශය හරහා ස්වකීය සමාජයේ ජනතාවට තමන් සමග සංවාදයක් ගොඩ නැංවීමට ලබා දෙන ඉඩ ප්‍රමාණය ඉතාම සීමිතය. 
මා මේ ගැන මීට පෙර ලියූ ඉංග්‍රීසි ලිපියක සදහන් කළේ ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්ම වෙනුවෙන් සමාජ මාධ්‍ය යොද ගත හැකි ආකාරය ගැන අපේ රටේ දේශපාලන නායකයන් මීට වඩා සිතිය යුතු බවය.
මේ ප්‍රශ්නය ගැන යළිත් වරක් සිතන්නට මා පෙලඹවූයේ පසුගිය දිනක මෙරට ප්‍රධාන දේශපාලන නායකයෙකුගේ ටුවිටර් ගිණුම ගැන සටහනක් ලියන්නට යෑමේදිය. මා මේ කියන තරුණ දේශපාලන නායකයා අපේ රටේ නායකයා වීමට පවා සිහින දකිමින් සිටින තවමත් රටට දැනෙන ආකාරයේ කිසිදූ දේශපාලන මැදිහත්වීමක සිදූ කර නැති අයෙකි. 
ඔහුගේ ටුවිටර් ගිණුම තූළ පසුගිය වසර පුරාම ඔහු ලියා තිබුණේ එකම ආකාරයේ පණිවිඩයක් බව මගේ නිරික්ෂණය විය. ඔහුගේ ටුවිටර් පණිවුඩ මගින් හැමදාම කියන්නේ ‘තමන්ගේ පේස්බුක් ගිණුමට ජායාරූප මෙච්චර ගණනක් (හතරක්/පහක්) වැනි ගනනක් අප්ලෝඩ් කළා’ කියාය. මේ පණිවිඩය පමණක් හැමදාම නිකුත් කරන්නට ටුවිටර් ගිණුම භාවිතා කරන්නේ ඇයි දැයි මම විමසීමි. ඊටත් ඔහුගෙන් පිළිතුරක් නැති අතර ඊළඟ සතියේ තවත් ෆොටෝ තොගයක් අප්ලෝඩ් කළා යැයි ටුව්ට් කළහොත් පුදූම විය යුතු නැත. 
අපේ රටේ මන්ත්‍රීවරුන් සහ ඇමතිවරුන් සමාජ මාධ්‍යයන් ධනාත්මක ආකාරයෙන් භාවිතා නොකිරීම ළිබදව අපි එළිපිටම කථා කළ යුතු යැයි මට සිතුණේ මේ කාරණයත් සමගය.
අපි සමාජයක් විදියට ඉදිරියට ගමන් කිරීමේදි මහජන නියෝජතයන්ගේ සමාජ වගවීම සදහා සමාජ මාධ්‍යයන් මගින් ලබා ගත හැකි සහාය ගැන පළල් ආකාරයෙන් සිතිය යුතු බව මේ නියෝජතයන්ට තේරුම් කර දිම ඉතා වැදගත්ය.
ලෝකයේ විශාලම ප්‍රජාතන්ත්‍රවාදයේ රට ලෙසින් සලකන ඉන්දියාවේ නම් මේ වන විට සමාජ මාධ්‍යයන් සමග ගනුදෙනු කරන ආකාරය එහි සියලූම දේශපාලනඥයන් හොදින් දන්නා කරුණක් වී ඇත. සමාජ මාධ්‍යය වරද්ද ගතහොත් ඒ දේශපාලනඥයාගේ ඊ්ළඟ මැතිවරණයට එය බරපතළ ආකාරයෙන් බලපෑමත් සිදූ කරන තරමට ඉන්දියාවේ තත්ත්වය දියුණු වී ඇත. 
අද මෙරට ජනතාව හැමෝටම පාහේ ජංගම දූරකථනයක් තියෙන බව සංඛ්‍යා ලේඛන මගින් පෙන්වා දිය හැකි ගානට ජංගම දූරකථන භාවිතය වැඩි වී ඇත. මෙරට දූරකථන සම්බන්ධතාවන්ගේ ගණන මිලියන 20 ඉක්මවා ඇති අතර මේ අය අතරින් ස්මාට් ෆෝන් භාවිතා කරන අයගේ සංඛ්‍යාව ආසන්න වශයෙන් මිලියන 5-6 විතර වන බව පෙන්වා දි ඇත. 
ඒ අනුව තමන්ගේ ජංගම දූරකථනය හරහා වෙබ් අවකාශයට යන සහ සමාජ මාධ්‍යයන් සමග නිතර ගනුදෙනු කරන කාණ්ඩය බරපතළ ආකාරයෙන් වර්ධනය වී ඇත. 
පසුගිය ජනාධිපතිවරණයේ දි පෙනී ගිය ආකාරයට සමාජ මාධ්‍යයන් මගින් මෙරට දේශපාලන සමාජයට වර්තමානයේ සිදූ කරන බලපෑමද ත තීරණාත්මක බව පිළිගත හැකිය.
සමාජයේ බොහෝ අය ස්වකීය ජවිතයේ එක් ප්‍රධාන අංගයක් ලෙසින් ‘සමාජ මාධ්‍යගතවීම’ සිදූ කරන බව පිළිගැනීම නිවැරිදිය. 
එවැනි තත්ත්වයක අපේ මහජන නියෝජතයන් සමාජ මාධ්‍ය යොදගන්නා ආකාරය පළල් ආකාරයෙන් ගත් විට පවතින්නේ ඉතාම පහළ තත්ත්වයකය. බොහෝ මන්ත්‍රීවරුන් හා ඇමතිවරුන්ගේ සමාජ මාධ්‍ය භාවිතය පවතින්නේ තමා යටතේ ඇති නිලධාරියෙකුගේ ආධිපත්‍ය යටතේය. 
අපේ රටේ ඇමති මණ්ඩලයේ කී දෙනෙකුට සක්‍රීය ලෙසින් තමාම සමාජ මාධ්‍යයන් සමග සම්බන්ධ වන්නේද යන්න මුලින්ම බැලිය හැකිය. 
පසුගිය රජය කාලයේ මා ද රජයේ නිලධාරියෙකුව සිටි සමයේ මේ ගැටලූව අපේ දේශපාලන නායකත්වයන් සමග සාකච්ජා කරන්නට අපි උත්සාහ ගත්තෙමු. එහෙත් එදත් එය ධනාත්මකව භාරගත් දේශපාලන නායකයන්ගේ සංඛ්‍යාව ඉතා සීමිතය.
මා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්ධුරය දරන කාලයේ එවකට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකධුරයක් දැරූ අනුරාධා හේරත් මෙනෙවියත් මමත් බොහෝ අවස්ථාවල පේස් බුක් සහ ටුවිටර් රාජකාරී මැදිහත්වීම් සදහා යොද ගැනීමේ වැදගත්කම දේශපාලන අධිකාරියට සහ රාජ්‍ය නිලධාරීන්ට පෙන්වා දූන් අවස්ථා විශාල ගණනක් ඇතත් ඒ බොහෝ අය ඒ සදහා දූන් මැදිහත්වීම මන්දගාමී බව පෙනී ගිය කාරණයකි. 
අපේ මන්ත්‍රීවරුන් හැමෝටම වගේ හොද මිල අධික ජංගම දූරකථන තිබෙන බව බැලු බැල්මටම පෙනී යන කාරණයකි. 
ඇමතිවරුන් සහ නියොජ්‍ය අමාත්‍යවරුන් අමාත්‍යංශ ලේකම්වරුන් සහ සංස්ථා සභාපතිවරුන් වැනි ඉහල නිලධාරීන්ට අත තාක්ෂණික හා මිල අධික ජංගම දූරකථන තිබෙන බවද සත්‍යයකි. 
මේ අයගේ දූරකථනයන් ස්වකීය පෞද්ගලික ඒවා නොව ඒ ඒ අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු හා ආයතනවලින් ඔවුන් වෙනුවෙන් මිලට ගෙන ඇති ඒවාය. දැන් මේ අය තමන්ගේ මේ මිල අධික නවීන ජංගම දූරකථනය හරහා සමාජ මාධ්‍ය අවකාශයේ ස්වකීය මැදිහත්වීම ජනතාවට සේවයක් ලබා දිම හුදූ පෞද්ගලීක කාරණයක් ලෙසින් සලකනවාට වඩා තමන්ගේ වෘත්තීය කටයුත්තක් ලෙසින් තේරුම් ගැනීම නිවැරිදිය. එහෙත් මේ අය අතරින් මෙම මැදිහත්වීම තමන්ගේ වගකීමේ කොටසක් යැයි සිතන අය ඉන්නේ බොහෝම කලාතුරකිනි. 
ලංකාවේ බොහෝ ඇමතිවරුන් සිතන්නේ තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් මගින් ජනතාව සමග සම්මුකවීම තමාගේ වැඩක් නොව තමා යටතේ වැඩ කරන ලේකම්වරුන්ගේ කටයුත්තක් ලෙසිනි. ඒ නිසා මේ ලේකම්වරු තම තම නැණ පමණ අදළ ඇමතිවරයාගේ සමාජ මාධ්‍ය තමන්ගේ කරගන්නා අතර ඒ ඒ ඇමතිවරුන්ගේ රුස්වීම්වල ජායාරූප සමාජගත කිරීමේ කාර්යයේ පමණක් යෙදි සිටිති. 
ජනාධිපති අගමැති වැනි අයගේ සමාජ මාධ්‍යයන් ලේකම්වරුන් කළමනාකරණය කිරීම පිළිගත හැකි වුවත් ඇමතිවරුන් ලෙකම්වරුන් හා ආයතන ප්‍රධානීන්ගේ සමාජ මාධ්‍යයන් සමග ගනුදෙනු කිරීම ඒ අය විසින්ම කළ යුතු බව මගේ අදහසයි. 
දැනට පෙනී යන ආකාරයට ඇමති මණ්ඩලයේ බොහෝ අය අතරින් සමාජ මාධ්‍යයන් හරහා ජනතාවට ‘වගවීම’ පෙන්නුම් කරන කිසිම අයෙකු සිටිනවා යැයි මට නම් පෙනෙන්නේ නැත.
කරු පරණවිතාන සහ හර්ෂ ද සිල්වා වැනි නියෝජ්‍ය ඇමතිවරුන් තමන් විසින්ම ඔවුන්ගේ ටුවිටර ගිණුම සහ පේස් බුක් ගිණුම් යාවත්කාලීන කරන පෙනී යන අතර අනෙක් හැමෝම කරන්නේ කාට හෝ කියා පිංතූර ටිකක් අප් ලෝඩ් කිරීමය. සමාජ මාධ්‍ය භාවිතය කිරීම යනු තමන්ගේ පබ්ලිසිටි වැඩක් ලෙසින් සිතනවා හැර තමන්ගේ රාජකාරිමය වගකීම ඉටු කිරීමට ඇති අවකෘශයක් ලෙසින් ඒ අය සිතන්නේ නැති ගානය. 
නිලධාරීන් හා ආයතන ප්‍රධානීන් සමාජ මාධ්‍ය භාවිතා කරන්නේ තමන්ගේ පෞද්ගලීක ජීවිතයේ දේවල් පෙන්වීමට මිස රාජකාරිමය පැත්තෙන් ජනතාවට සම්මුඛ වීමට නොවීම මගින් පෙන්වන්නේ මෙයය. 
මා සිතන ආකාරයට මේ ප්‍රශ්නය නිරාකරණය කර ගැනීම රටේ ප්‍රජාතන්ත්‍රවාදය පැත්තෙනුත් රටේ රාජ්‍ය සේවය පැත්තෙනුත් ඉතා වැදගත්ය. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් බෝපගේ මහතාත් ප්‍රවෘත්ති අධ්‍යක්ෂක රංග කලංසූරිය මහතාත් ස්වකීය අවධානය මේ සදහා යොමු කිරීම කාලයේ හැටියට ඉතා අවශ්‍යය. මම සිතන අයුරින් සියලූම රාජ්‍ය ලධාරින්ට සමාජ මාධ්‍ය (ටුවිටර් - ලින්ක්ඉන් වැනි) පිළිබද පුහුණුවක් ලබා දිම සුදූසු වන අතර සෑම රජයේ සේවා සපයන ආයතනයකම දිගුවක් සමාජ මාධ්‍ය හරහා ගිණුම් ගත කොට තිබීම ජනයාට ස්වකීය අවශ්‍යතා හා මැදිහත්වීම් සදහා විශාල සහයෝගයක් වනු ඇත. 
ඇපල් කොම්පුටර් හෝ ඇපල් මොබයිල් ෆෝන් සිල්ලරට තමන්ගේ ගෝලයන්ගේ අතේ තියා තමා වෙනුවෙන් සමාජ මාධ්‍ය කරන්නට උත්සාහ කරන ලාබ ඇපල් ව්‍යාපෘතියෙන් අපේ ඇමතිවරුන් ගැලවිය යුතු කාලය පැමිණ ඇති බව මගේ හැගීමය. 

Friday, August 26, 2016

මහ පාරේ දේශපාලනය

මහ පාරේ දේශපාලනය

මෙවර සටහනට මා යොදාගත්තේ තරමක් සරල යැයි බැලු බැල්මට හිතෙන එහෙත් දේශපාලන කෝණයෙන් බැලු විට බරපතළ සංකීර්ණ කාරණයක් ලෙසින් ගත හැකි මාතෘකාවක් ගැන ලිවීමටය. එනම් ‘මහ පාර’ ගැන දේශපාලනමය තේරුම් ගැනීමක් සිදූ කිරීමය. සමහරුන්ට අනුව එතරම් වැදගත්කමක් නැති යැයි අවශ්‍ය නම් සිතිය හැකි මේ ගැටලුව අපේ සමාජයේ දේශපාලන සිතීමේ හා අපගේ එදිනෙද ජවිතයේ අරගල භූමියක් බවට පත් වී ඇති බව මගේ පිළිගැනීමය.
මුලින්ම තෙරුම් ගත යුත්තේ මාවත හෙවත් මහපාර පිළිබදව අපිට අද ඇති අත්දැකීම මෙරටට පැමිණයේම යටත් විජිත ව්‍යාපෘතියේ කොටසක් වශයෙන් බවය. යටත් විජිතකරණයට පෙර මෙරට මිනිසුන්ගේ ගමන් මාර්ගයන් පිළිබදව විවිධ තැන්වල සඳහන් වුවත් ඒ ගමන් මාර්ග සහ අද අපි අත් දකින ‘පාර’ ලෙසින් තේරුම් ගන්නා ප්‍රපංචය අතර විශාල වෙනසක් තිබෙන බව මෙහිදි තේරුම් ගැනීම වැදගත්ය. රොබට් නොක්ස්ගේ සටහන්
වලට අනුව 17 වන සියවසේ රටේ අභ්‍යන්තර මාර්ග පිළිබදව යම් තේරුම් ගැනීමක් එකල ජනතාවට තිබූ නමුත් ඒ කාලයේ මාර්ග යනු නියං කාලයට කැලේ එක පැත්තකින් ගමන් කරමින් එහා ඉමට යන අතර වර්ෂා කාලයේ වෙනත් පැත්තකින් ගමන් කරනා ආකාරයේ ‘ස්ථාවර නොවූ’ එහාට මෙහාට වෙනස් වන එහාට මෙහාට දූවන පාරවල්ය. දැන් අපි පාරේ දූවන නමුත් එකල තිබුණේ දූවන පාරවල්ය. රොබට් නොක්ස් කියන පරිදි ඔහු මෙරට සිරකරුවෙක් බවට පත් වූවාට පසුව ‘සරම් ඇදිමට පුරුදූ වූයේ’ තමන් සතුව තිබූ එකම කලිසම පාවිච්චි නොකළ හැකි ගානට ඉරි ගිය නිසා පමණක්ම නොව ‘ලංකාවේ පාරවල්’ යනු නිශ්චිත ගමන් මාර්ගයක් නොවන හෙයින් හැම ගමනකදිම වතුර ගලායන ඇළවල් හෝ ඔයවල් හරහා ගමන් කරන්නට සිදු වන බැවින් වතුරේ යද්දි උඩට උස්සාගෙන යා හැකි අපූරු ගතියක් සරමේ තිබෙන නිසාත් කියාය. ඒ කෙසේ වෙතත් අද තියෙන ආකෘතියෙන් පාරවල් ලැබුණේ අපට බාන්ස් ආණ්ඩුකාරයාගේ කාලයෙන් පසුව යැයි පිළිගැනීමක්ද වෙයි.
පාරක් යනු එහා ගෙදරින් මෙහා ගෙදරට යන අඩිපාරක ආකෘතියෙන් සිතන විට එවැනි පාරවල් අයිතිවන්නේ ‘පෞද්ගලීක’ අවකාශයේ පවතින දෙවල් වශයෙන්ය. ගෙවල් දෙකක් අතර ඇති එවැනි අඩිපාරක් ඒ ගෙවල් දෙක අතර සම්බන්ධතාවයේ සංඥකාරකය (signification) වශයෙන් පෙන්නුම් කළ හැකි අතර එම අඩිපාර මැකී යන්නේ ඒ ගෙවල් දෙක අතර සම්බන්ධතාව ඈත් වීමේ ක්‍රියාවලියට සාපේක්ෂකවය.
මහ මාවත ලෙසින් අපි අද පිළිගනු ලබන පොදූ භූමිය ගොඩ නැගුණේ නුතනත්වයේ මතු වීමත් සමඟ යැයි පිළිගැනීම මෙහිදි වැදගත් කාරණයකි. හැමෝම එකඟ වන හැමෝටම අයිති හැමෝම පොදූවේ පරිහරණය කරණ පොදූ අවකාශයක් වශයෙන් ගොඩ නැඟෙන ‘මාවත’ සංකල්පයට නෛතික වපසරියකින් ප්‍රතිනිර්මාණය වුණේ නුතනත්ව ව්‍යාපෘතියේ එක් වර්ධනයක් ලෙසින් යැයි පිළි ගැනී නිවැරිදි වන්නේ එවැනි හුදූ එහා ගමින් මෙහා ගමට
නියං කාලයට හෝ වැසි කාලයට ‘ගමන් කරද්දි’ හැදෙන පාරේ සිට නිශ්චිත ස්ථාන යා කරමින් විධිමත්ව ගොඩ නඟන නෛතිකව බැදුණ ‘පොදූ සේවා අවකාශයක්’ වූ නූතන පාරක් හැදිම යනුම බරපතළ දේශපාලනික වෙනස් වීමක් වශයෙන් තේරුම් ගන්නා විටය.
දැන් අපේ රටේ ‘පාර’ යන සංසිද්ධිය/ක්‍රියාවලිය යටත්විජත වැඩසටහනේ ප්‍රතිඑලයක් වශයෙන් මෙරටට පැමිණියාට පාර සම්බන්ධව ඇති දැනුම නිසි පරිදි මෙරටට නොපැමිණිමේ බරපතළ අර්බූදයට රටක් වශයෙන් අපි මුහුණ දෙමින් සිටන බව මෙහිදි තේරුම් ගත යුතු කාරණයය. අපි එදිනෙද ජවිතයේ උදේ හවස පොර බදින ‘අරගලයේ’ එක් කලාපයක් බවට ‘පාර’ පත්වී ඇත්තේ පොදූ අවකාශයක් පිළිබද දැනුම නැතිව එවැනි අවකාශයක් ලැබීම මෙරටට නිසාය. මෙය හරියට සමාන වන්නේ ‘මැනුවල් එක නැතිව
පාවිච්චි කරන ආකාරය නොදන්නා උපකරණයක් ගෙදර ගෙනාවා’ වැනි ක්‍රියාවකටය.
ගෙදර අය තම තම නැණ පමණ එම භාණ්ඩය තමන් කැමති වැඩවලට යොද ගනිමින් සිටිනවා වැනිය. අද මෙරට ‘පාර’ පාවිච්චි වන්නේ එවැනි විකාර රූපී ආකාරයෙන්ය. සමහරු පාරේ රඹුටන් විකුණති. සමහරු තැඹිලි කපති. තවත් සමහරු පාරේ වාහන සෝදති. ත්‍රීවීල් හදති. සෙනඟ එනතුරු විශාල බස් රථ පාර මැද නවත්වා ගෙන ඩ්‍රැයිවර්ලා ළඟ කඩෙන් ප්ලේන්ටී බොමින් සිටිති. මෙවැනි අට අනුවක් රෝග පාරට බෝ වී ඇත්තේ මැනුවල් එක නැතිව ගෙදරට ගෙනා භාණ්ඩයක් අපි කැමති කැමති ආකාරයෙන් පාවිච්චි කරන ආකාරයට අපි මහ මාවත පාවිච්චි කරන තත්ත්වයකට පත් වී ඇති නිසාය.
දැන් මේ තත්ත්වය තේරුම්ගැනීමත් මෙයින් ගොඩ ඒමත් සම්බන්ධ වී ඇත්තේ තනිකරම රාජ්‍යමය වූ දේශපාලනමය මැදිහත් වීමක බව මගේ අදහසය. මා පසුගිය සතියේ සටහනින් මතු කළ කාරණයක් වූ රජයේ දේශපාලන වපසරිය තුළ තීරණාත්මක මැදිහත් වීමක් කරන ක්ෂේත්‍රයක් වශයෙන් මාර්ග කළමනාකරණය හා නියාමනය පැවතිය යුතු බවත් ඒ ක්ෂේත්‍රයට බරපතළ ආකාරයෙන් ආයෝජනය කළ යුතු බවත්ය. මාර්ග නීති කළමනාකරණය සහ නියාමනය වඩාත් විද්‍යාත්මක දත්ත මත පදනම්ව සිදූ කිරීමේ නියාමන අධිකාරියක් පිහිටුවීම වුවත් සුදූසු බව පසුගිය රජය කාලයේ මා ඇතුළත් කණඩායමක් යෝජනාවක්ද කළ බව මතකය. මේ ක්ෂේත්‍රය පිළිබදව පර්යේෂණ කරන මොරටුව විශ්ව විද්‍යාලයේ සහායද මෙහිදි ලබා ගත හැකි බව අපගේ මතය විය.
පසුගිය රජය කාලයේ මාවත් යන පළල් කලාපය තාක්ෂණික ආකාරයෙන් දියණු කළ බව කවුරුත් පිළිගන්නා සත්‍යයකි. ඒ ආකාරයේ යටි තළ පහසුකම් ආකෘතියෙන් පාරවල් හැදිම හොඳ නමුත් පාර යනු හුදු කාපට් දැමීමෙන් නිමාවන ව්‍යාපෘතියක් කර නොගත යුතුය. පාරක් කළමනාකරණය කිරීම යනු විද්‍යාත්මක හා නෛතික ක්‍රියාවලියක් බවට පත් නොවන තුරු මහපාරේ අරගලයක අපි හැමෝටම යෙදෙන්නට සිදූ වීම අනිවාර්යය.
මේ තත්ත්වයෙන් අත් මිදිමට සහ මාවත යනු පොදූ අවකාශයක් ලෙසන් වෙනමම නෛතික පද්ධතියක තබා කටයුතු කරන සහ නව විද්‍යාත්මක ඥනයෙන් සංයුක්ත නියාමන කලාපයක් බවට පත් කිරීම වෙනුවෙන් දේශපාලන සාකච්ජාවක් ගොඩ නැඟීම ඉතාම අවශ්‍ය කාරණයක් ලෙසින් පෙන්වා දිය යුතුය.




Friday, August 19, 2016

ආශාව කළමනාකරණය කළ යුත්තේ රාජ්‍යයද? වෙ‍ෙළඳපොළද?

ආශාව කළමනාකරණය කළ යුත්තේ රාජ්‍යයද? වෙ‍ෙළඳපොළද?


දර්ශන අධ්‍යයන සමුළුවක් සඳහා විදේශගත වන්නට සිදූවූ නිසා පසුගිය සතියේ මෙම තීරු ලිපිය ලිවීමට මා හට නොහැකි විය. රටේ සමාජ දේශපාලනික තත්ත්වයන් පැති කීපයකින්ම මේ කාලයේ වෙනස් වෙමින් තිබෙන බව බැලූ බැල්මටම පෙනී යයි. මෙහිදි ප්‍රධාන වශයෙන් ඉස්මතු වී ඇති ගැටලූවක් වන්නේ රජයේ සම්පත් පෞද්ගලීකකරණය කිරීමට සහ රාජ්‍යයේ සුබසාධන වපරිසිය හකුළුවන්නට මේ රජය වැඩ කරන්නේ යැයි මතු කෙරෙන තර්කයන්ය. එක් අතකින් මාලඹේ සයිටම් ප්‍රශ්නය සම්බන්ධයෙන් සිදූ වන සාකච්ජාවේ කේන්ද්‍රීය කාරණය වන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් රාජ්‍යයේ පංගුකාරීත්වය පිළිබඳවය.
මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් පෙරටුගාමී සමාජවාදි පක්ෂය වැනි වාමාංශික පක්ෂ තරමක් ආන්තික වූ පිළිගැනීමක සිටින බව පෙනී යන අතර අනෙකුත් සාම්ප්‍රදායික පක්ෂ සිටින්නේ ප්‍රශ්නය හරියට තේරුම් ගත නොහැකි ආකාරයෙන්ය.

වෙළෙඳපොළ මුල්කර ගත් ආර්ථිකයක් සමඟ කටයුතු කිරීමේදී මතු කරගත යුතු වැදගත් සාකච්ජාවක් මේ ගැටලුව සමඟ ගැට ගැසී ඇති බැවින් මේ ගැන ඍජුවම කතා කිරීම සුදූසුය. අනෙක් අතට අපේ රටේ සමහර කණ්ඩායම් වෙළෙඳපොළ ධනවාදයට එරෙහි වීමේ තාර්කික පදනම් ලෙසින් තරමක් පැරැණි සහ අසංගත ආකාරයේ තර්කයන් ඉදිරිපත් කිරීම නිසා තරුණ දේශපාලනයේ පැරැණි අතාර්කිකත්වයම නැවතත් මතුවීමේ විභවතාවක් ද පෙන්නුම් කරමින් තිබීම මෙහිදී අපගේ අවධානයට ලක්විය යුතු කාරණාය.
වෙළෙඳපොළ ධනවාදය යනු මානව සමාජයේ ස්වභාවික ආශාවේ යාන්ත්‍රණයට හරියටම ගැළපෙන සහ මානව ආශාව නිසි ලෙසින් සමහන් කරන ක්‍රමවේදයක් යැයි තර්කය ප්‍රැන්සිස් පුකුයාමා විසින් මතු කරනු ලැබුයේ ශීතල යුද්ධය නිමා වීමත් සමඟය. පුකුයාමාගේ තර්කය එහෙම පිටින්ම මා පිළිගන්නේ නැති වුණත් ඒ මඟින් ඔහු ඉදිරිපත් කළ අදහස ඉතාමත් වැදගත් දර්ශනික කාරණයක් මතු කළ බව අපි පිළිගත යුතුය. මෙම මතය රැගත් ඔහුගේ කෘතිය වූ The End of History and the Last Man පළ වූයේ 1992 තරම් ඈතදීය.

එම කෘතියේ තුන්වැනි කොටසේ මතු කරන මිනිසාගේ ආශාවේ ස්වභාවය සහ ධනවාදය සමඟ මිනිස් ආශාවේ ඇති සම්බන්ධතාවය හුදූ සරල දෙයක් නොවන බවට ගෙනෙන තර්කය මෙහිදි ඉතාමත් වැදගත්ය. හේගල්ගේ දර්ශනයේ එන ‘විශ්වීය වූ ඉතිහාසයක්’ පිළිබඳ තීසිසය මත පදනම් වෙමින් පුකුයාමා තර්ක කරන්නේ මිනිස් ආශාවේ ඇති ඉතාම සංවේදි කලාපයක් පිළිබඳවය. හේගල් ස්වකීය ‘මනසේ ප්‍රපංඥවාදය’ (Phenomenology of Mind) කෘතියේ දැක්වෙන පරිදි මිනිස් ආශාව මූලික වශයෙන් තුන් ආකාරයකින් යුක්තය. එනම් (1) කායිකමය හා ලිංගිකමය වු මිනිස් ආශාව (sensual & sexual desire) (2) ‘පුද්ගත්වය’ ගොඩ නඟා ගැනීම සඳහා වූ ආශාව(identity desire) සහ (3) භෞතිකත්වයේ සීමාවෙන් ඔබ්බෙහි ඇති ‘විභවවාත්මක’ පැවැත්මක් පිළිබඳව ඇති ආශාව (desire of thymos)කියාය.

මෙහි පළමු සහ දෙවැනි ආශාවන් සරල අර්ථයෙන්ම පැහැදිලි වුණත් තුන්වැනි කාරණය තරමක් අපැහැදිලිය. විභවාත්මක ආශාව මඟින් හඳුන්වන්නේ මූලික මිනිස් ස්වභාවයේ ඇති තරමක් සංකීර්ණ එහෙත් ඉතාම තීරණාත්මක කලාපයක් වූ ‘භෞතික අවශ්‍යතාමය වූ සීමාවෙන් ඔබ්බෙහි ඇති’ එහෙත් මිනිස් හැසිරීම් මෙහෙයවන ගාමක බලවේගයක් වශයෙන් සැලකිය හැකි ආශාවක් මිනිසාට ඇති බවය. අපි මූලික මිනිස් අවශ්‍යතා වන භෞතිකමය වූ දේවල් (ගෙවල් වාහන වැනි) සහ පුද්ගලිකත්වයට එහා යන ‘ඉමක් නොපෙනෙන’ නොදූටු නිම්නයක් ලෙසින් සැලකිය හැකි ‘ආශාවේ’ කලාපයක් මිනිසාට ඇති බවය. පළමු මිනිසාගේ සිට මේ දක්වා මිනිස් ස්වභාවය වෙනස් වීම කෙරෙහි බලපාන ලද මූලිකම සාධකය මෙම විභව ආශාව බව ඒ අනුව හේගල් තර්ක කළේය. 
දැන් පුකුයාමාගේ තර්කය වූයේ වෙළෙඳපොළ ධනවාදය යනු මේ විභව ආශාව සන්තර්පණය කරන්නට හැකි මෙතෙක් බිහි වූ හොඳම ආර්ථික හා දේශපාලනමය ආකෘතිය බවය. නව සොයා ගැනීම් සහ නව ආයෝජනයන් සහිත ‘භෞතික හා බුද්ධිමය ව්‍යවසායකත්වයක්’ සඳහා මිනිසා සතු නෛසර්ගික වූ ආශාව සන්සින්දවන්නට හැකි එකම ක්‍රමවේදය වෙළෙඳපොළ ධනවාදය ලෙසින්ය. (මේ තර්කය ගැන තීරු ලිපියක සම්පුර්ණ සාකච්ජාවක් සිදූ කළ නොහැකිය). එසේම මේ පිළිබඳව මාක්ස්වාදි ප්‍රතිචාරය සහ පරිසර සාධකයන් මඟින් ධනවාදයට එල්ල කර ඇති අභියෝගයන් පිළිබඳව සාකච්ජා කිරීම වැදගත් වුවත් පුකුයාමා ඉදිරිපත් කළ මේ සංගත තර්කය පළල් ආකාරයෙන් තවමත් අභියෝගයට ලක් වී ඇත්තේ හුදූ ආන්තික වාමාංශික කවයන්වල මිස පොදු අවකාසයේ නොවන බව මගේ පිළිගැනීමය.

අපේ රටේ වෙ‍ෙළඳපොළ ධනවාදය ගැන ප්‍රධාන පක්ෂ දෙක අතර තිබුණේ ඉතාමත් වැදගත් පරස්පරතාවයකි. එක් අතකින් ‘රාජ්‍යය මගින් වෙ‍ෙළඳපොළ කළමනාකරණය කළ යුතු යැයි’ සාම්ප්‍රදායිකව ශ්‍රීලනීපය කල්පනා කළ අතර එජාපය වැඩ කළේ ‘වෙළෙඳපොළට ඉඩ දි රාජ්‍යය සංවර්ධන වපසරියෙන් ඉවත් විය යුතු’ බවටය. ශ්‍රීලනීපය සමාජ ප්‍රජාතන්ත්‍රවාදි යැයි ද එජාපය ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදි යැයි ද කියන්නේ මේ අර්ථයෙනි. එහෙත් පළමු වතාවට මේ පක්ෂ දෙක තමන් අතර කිසිදූ මුලධාර්මික වෙනසක් නැති ආකාරයට ඒකාබද්ධ වීමත් සමඟ බරපතළ ලෙසින් මතු වී ඇති ගැටලුව වන්නේ ද රාජ්‍යයේ සීමාව කොතැනද එසේම වෙ‍ෙළඳපොළේ සීමාව කොතැනද යන කාරණය.

මා විශ්වාස කරන ආකාරයට වෙළෙඳපොළ ධනවාදය යනු මානව ඉතිහාසයේ හැමදාම තිබූ තත්ත්වයක් නොවුණත් මෙතෙක් බිහි වූ මානව සංවිධාන ව්‍යුහයන් අතරින් ඉතාම වෙනස් හා තීරණාත්මක මෙන්ම සංකීර්ණ දර්ශනික / භාවිතාත්මක ක්‍රමවේදයකි. එහි තීරණාත්මක භාවයට එක් හේතුවක් වන්නේ මූලික මිනිස් ස්වභාවයක් වූ ‘ආශාවේ යාන්ත්‍රණය’ ආමන්ත්‍රණය කිරීමට එහි ඇති ගතික නම්‍යතාවය නිසාය. දැන් එවැනි සමාජ ක්‍රමයක් වෙනුවට වෙනත් විකල්ප සමාජ ක්‍රමයන් (මාක්ස්වාදය ආගමික විමුක්තිවාද පරිසරවාදය නාසිවාදය ජාතිකවාදය වැනි) යෝජනා කරන වැඩ සටහන් පැවතුණත් ඉතිහාසයේ ගමන් මඟ පෙන්නුම් කරන්නනේ අර්බුදයට යමින් ඇත්තේ එම වැඩ සටහන් මිස වෙළෙඳපොළ ධනවාදය නොවන බවය.

මේ තත්ත්වය තුළ අපි මිනිස් ආශාව සහ වෙළෙඳපොළ ධනවාදය අතර ඇති අනුලංගනීය සම්බන්ධතාව කළමනාකරණය කිරීමේ දේශපාලනමය වූ වැඩ සටහනක් වෙත ගමන් කිරීම හැර වෙනත් ‘විප්ලවීය’ ගමනක් තාර්කිකව පිළිගැන්වීමේ බරපතළ නොහැකියාවක් සමාජයේ ගොඩ නැගී ඇති බව මගේ පිළිගැනීමය. මෙය කියු විගස එවැනි විසඳුමක් ගැන බලාපොරොත්තු ඇතිව වැඩ කරන මාගේ සමහර මාක්ස්වාදි මිතුරන් කෝපයට පත් විය හැකිය. මා කියන්නේ ඔවුන්ගේ වැඩ සටහන් අතාර්කික හෝ ප්‍රයෝජනයට ගත නොහැකි බව නොව ඒවා සංගත හා ප්‍රායෝගික වපසරියක් දක්වා ගෙන යාමේ බරපතළ අර්බුදයක් පවතින බවය. ඒ වෙනුවෙන් සම්පූර්ණයෙන්ම කැපවන අයගේ මහන්සියට මාගේ ගෞරවයක් ඇති නමුත් එවැනි වැඩසටහන්වලින් වෙළෙඳපොළ ධනවාදයේ ප්‍රතිසංස්කරණයන් මිස විප්ලවීය වෙනස් තත්ත්වයක් ගොඩ නැගීම හැකි වෙතැයි විශේෂයෙන් මා සිතන්නේ නැත.
දැන් නැවතත් මෙරට දේශපාලනය ගැන බැලූවහොත් රාජ්‍යයේ මැදිහත්වීම හරහා වෙළෙඳපොළ ධනවාදය කළමනාකරණය කිරීම සඳහා වූ සීමාව තේරුම් ගැනීමත් වෙළෙඳපොළේ ධනාත්මක ප්‍රසාරණයක් සඳහා නියාමනය අවම කළ යුතු සීමා තේරුම් ගැනීමත් ඉතාමත් වැදගත්ය. 

මා කල්පනා කරන ආකාරයට ප්‍රාථමික අධ්‍යාපනය සෞඛ්‍යය ගමනාගමනය රාජ්‍ය ආරක්ෂාව හා ප්‍රතිපත්තිය සම්පාදනය වැනි ක්ෂේත්‍රයන්හි රාජ්‍යයේ මැදිහත්වීම තීරණාත්මකව වැඩි කළ යුතු අතර අනෙකුත් ක්ෂේත්‍රයන්හි වෙළෙඳපොළ ප්‍රසාරණය සඳහා ඇති ඉඩ නොඇහිරිය යුතුය. 
මේ අර්ථයෙන් සමාජමය වූ අවකාශයක වෙළෙඳපොළ ස්ථානගත වන අතර රාජ්‍යයේ පංගුකාරීත්වය මඟින් අසමානයන් ආරක්ෂා කරමින් ඒ අයගේ පැවැත්ම ආරක්ෂා කිරීම සිදූ වන ඇත.
මේ කාරණය ගැන පළල් සංවාදයක් නිර්මාණය කිරීම මේ කාලයේ ඉතාමත් වැදගත් ශාස්ත්‍රීය ව්‍යායාමක් බවද මෙහිදි නොකියාම බැරිය.

Sunday, August 14, 2016

ERNST MACH


ERNST MACH 



When i was visiting Vienna University for an academic conference this week, have just captured the photograph of Prof Ernst Mach (1838-1919) which is at the university garden (City Hall Park). Mach was one of the founding father of theoretical physics in late 19th and early 20th century. His was creating a 'space' for new thinking in philosophy science and speacially in arguing for a differen
t kind of phenomenology which based on "sensationalism". He was well taken by then two main worldly known figures, Lenin and Einstein and responded in different ways. Lenin criticised Mach intervention into the philosophy of science as 'kind of absolute form". Lenin wrote one of the interesting text on this matter, "Materialism and Empirio-Criticism" in 1909. Einstein mentioned Mach's works in his studies and argued that Mach was one of influential figure who should be considered as "the precursor of the general theory of relativity". 

Philip Frank, who has done his doctoral studies under Einstein's supervision and who was the successor of Einstein as the professor of Physics at the University of Prague claimed that Mach's theoretical contributions were heavily influenced on the group of scholars who formed VIENNA CIRCLE in early 20th century. Logical positivism was a kind of philosophy Vienna circle introduced in among to eradicate metaphysical involvement's into the subject of philosophy.

Friday, August 5, 2016

සංවර්ධනය යනු නිදහස ‘නිෂ්පාදනය’ කිරීමය

සංවර්ධනය යනු නිදහස ‘නිෂ්පාදනය’ කිරීමය 

මගේ අද සටහනේ මාතෘකාවට යොදගත්තේ නොබෙල් ත්‍යාගලාභී අමාත්‍ය සෙන්ගේ ප්‍රසිද්ධ තීසිසයකින් උපුටාගත් කොටසකි. මහාචාර්ය අමාත්‍ය සෙන් ඉන්දියාවේ ඉපිද එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලබා ඇ‍මෙරිකාවේ හාවඩ් විශ්ව විද්‍යාලයේ උගන්වන අපේ කාලයේ සිටින විශිෂ්ටතම විද්වතෙකි. සංවර්ධන ආර්ථික විද්‍යාව පිළිබඳව ඔහුගේ ශාස්ත්‍රීය එකතු කිරීම් නිසාම අමාත්‍ය සෙන්ට 1998 නොබෙල් ත්‍යාගය හිමි වූ අතර ඒ සඳහා මූලික වශයෙන්ම පදනම් කර ගෙන තිබුණේ සංවර්ධනය හා නිදහස අතර සම්බන්ධතාව ගැන ඔහු ඉදිරිපත් කළ මතවාදයන්ය. ඔහු ලියු විශිෂ්ටතම කෘතියක් වූ Development As Freedom මඟින් තර්ක කරන්නේ සංවර්ධනය පිළිබඳව ඇති අපේක්ෂාවන් ප්‍රධාන ධාරාවේ චින්තකයන් විසින් එය නිර්වචනය ඉදිරිපත් කරන නිර්වචනයන්ට වඩා බෙහෙවින් වෙනස් විය යුතු බවය. 
දැන් සංවර්ධනය යනුවෙන් අපි අදහස් කරන්නේ කුමක්ද යන මේ කාරණය ගැන සාකච්ජා කිරීමට මා සිතුවේ අපේ රටේ පසු කර්තුවේම (විශේෂයෙන්ම 2009 උතුරේ ගැටුම පරාජය කිරීමෙන් පසු කාලයේ) සංවර්ධනය පිළිබඳව සාකච්ජාව යළි විමර්ශනය කිරීම අත්‍යවශ්‍ය බව පෙනී යන නිසාය. අපේ රටේ දේශපාලන නායකයින් බොහෝ විට කල්පනා කරන්නේ රටේ සංවර්ධනය යනු තමාගේ හිතේ තියෙන හැටියට එක එක දේවල් කිරීම බවය. මේ තත්ත්වය හිටපු ආණ්ඩුවේ ‘සිල්ලරට’ තිබු අතර මේ ආණ්ඩුවේ 'තොග' ගානට තියෙන බව බැලු බැල්මටම පෙනී යන කාරණයකි. සමහර ඇමතිවරුන්ගේ හැසිරීමෙන් පෙනී යන්නේ ‘රටේ ප්‍රශ්නයක් තියෙන බවත්’ තමන්ගේ 'බ්‍රීෆ්කේස් එකේ' ඒකට උත්තරය තියෙන බවත් ඒ අය සිතා සිටිනවා වගේය. 
විශේෂඥ මතයන් හෝ උපදේශක සේවා හෝ ලංකාවේ දේශපාලනඥයන්ට එතරම් අදාළත්වයක් නැති කලාපයක් වන්නේ ඒ නිසාය. බොහෝ අවස්ථාවල උපදෙස් දෙන්නට ඇමතිවරුන් හමු වීමට යන විශේෂඥයන්ට සිදූවන්නේ මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැති අමාත්‍යවරයා තමන්ට දෙන උපදෙස් සාවධානව අසා සිට සතුටින් විසිර යාමටය. 
අමාත්‍ය සෙන්ගේ අධ්‍යයනයන් මඟින් සිදූ කෙරෙන්නේ රටක සංවර්ධනය යනු කුමක්ද කියා ඉදිරිපත් වන ප්‍රධාන ධාරාවේ තර්කයට (main stream argument of development) අභියෝග කිරීමය. අපේ රටේ පැත්තෙන් මේ කාරණය බැලූවහොත් අපි 1977 ආර්ථික ප්‍රතිසංස්කරණයන්ගෙන් ආරම්භ වී මේ දක්වාම ගමන් කරමින් සිටින්නේ සෙන් මතු කරන සංවර්ධනය පිළිබඳ ප්‍රධාන ධාරාවේ නිර්වචනයන් සමඟය. මේ නිර්වචනයේ මූලික පැති තුනක් තිබේ. පළමුව ප්‍රධාන ධාරාවේ සංවර්ධනය පිළිබඳ නිර්වචනය පදනම් වන්නේ දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය කාර්මිකකරණයේ හා යටිතල පහසුකම්වල මට්ටම මතය. දෙවනුව මේ තර්කය පදනම් වන්නේ ජනතාවගේ ආදයම වැඩි කිරීම පිළිබඳ තීසිසය මතය. තුන්වැනුව සංවර්ධනයේ අනුලංගනීය අංශයක් ලෙසින් වෙ‍ළෙඳපොළට නිදහසේ හැසිරීමට ඇති අවස්ථාව පුළුල් කිරීම මතය. දැන් 77 පසු කොයි ආණ්ඩුවත් අඩු වැඩි වශයෙන් උත්සාහ කළේ මේ ‘සංවර්ධනය’ හැකි තරම් වැඩියෙන් කරන්නටය. 
සංවර්ධනය යනුවෙන් තුන්වන ලෝකයේ රටවල් තේරුම් ගන්නේ පළමුවැනි ලෝකයේ රටවලින් ලැබෙන මුදලින් අපිට ණය අධාර දෙන ජාත්‍යන්තර ආයතනවල කොන්දේසි මිස අන් යමක් නොවන බවට අපේ රටේ තියෙන දේශපාලන කථිකාවට අර්ථයක් එන්නේත් මේ ඉහතින් සඳහන් කළ ප්‍රධාන ධාරාවේ සංවර්ධන තර්කය අපේ රටේ ක්‍රියාත්මක කිරීමට හැම ආණ්ඩුවක්ම උත්සාහ කළ නිසා යැයි පිළිගැනීම ද නිවැරැදිය. 
සංවර්ධනය පිළිබඳ සෙන්ගේ අර්ථකථනය වන්නේ අපි එය තේරුම් ගත යුත්තේ 'ජනතාවගේ සැබෑ නිදහස වඩාත් පළල් කරන ව්‍යාපෘතියක්' (Process of expanding the real freedom that people enjoy) ලෙසින් බවය. රටක දළ දේශීය නිෂ්පාදනයේ වර්ධනය යටිතල පහසුකම් වර්ධනය සහ ආදායම වැඩි කිරීම වැනි දේවල් ජනතාවගේ නිදහස පළල් කිරීමේ මෙම සංවර්ධන ක්‍රියාවලියේ අවශ්‍ය සාධන වන නමුත් ‘නිදහස’ ස්ථානගත වන්නේ ඒවාට එහා ගිය පදනම් රාශියකය. පළමුවෙන්ම පිළිගත යුතු කාරණය වන්නේ ඉහත සඳහන් මෙවලම් රටක සංවර්ධනය පිළිබඳව මාධ්‍යයක් (means) මිස නිෂ්ටාවන් නොවන බවයි. වෙනත් ලෙසකින් පවසතොත් මේ ක්‍රියාමාර්ගයන් හරහා ගොඩ නගන සංවර්ධනයයේ නිෂ්ටාව (end) විය යුත්තේ මෙම මාධ්‍යයන්ට එහායින් පවතින මානව සමාජයේ නිදහස පළල් කිරීමේ මූලික අවශ්‍යතාව මතය. දෙවනුව තේරුම් ගත යුතු කාරණය වන්නේ සමාජය තුළ ගොඩ නගා ඇති සමාජ දේශපාලනික ආයතනික ව්‍යුහයන් පිළිබඳව ඇති පිළිගැනීම හා ඒවා සමාජමය අවකාශය තුළ හැමට ‘පාවිච්චි කිරීමට ඇති ඉඩ’ වෙනත් බලවේගයකින් සීමා කිරීමට ඉඩ නොදිමය. මෙතැන ඇත්තේ තරමක් සංකීර්ණ කාරණයකි. සමහරුන් මේ කාරණය තේරුම් ගන්නේ කිසිදූ බලවේගයකට ‘දේශපාලන අවකාශය’ සීමා කිරීමට ඉඩ නොදිම යනු ‘නිදහස සීමා කිරීමට රාජ්‍යයට නොදිය යුතු ය නමුත් වෙ‍ළෙඳපොළට ඉඩ දිය යුතු ය’ යන නව ලිබරල්වාදි අර්ථයෙනි. සෙන් සඳහන් කරන පරිදිත් මෙය වැරදි තේරුම් ගැනීමකි. මෙහි තේරුම වන්නේ අධ්‍යාපනය සෞඛ්‍යය වැනි මූලික කාරණාවන් පැවැත්මේ මූලික අවශ්‍යතා ලෙසින් වෙළෙඳපොළට එහායින් තැබිය යුතු දේවල් ලෙසින් පිළිගැනීමය. රටක සංවර්ධනයේ පදනම ඒ රටේ ජනතාවට ස්වකීය පැවැත්ම (සෞඛ්‍යය) හා මානසික ගොඩ නැගීම (අධ්‍යාපනය) ඇති නිදහසේ මූලිකාංග ලෙසින් තේරුම් ගැනීමත් අනෙක් අතින් භාෂණයේ නිදහස සථාපිත කිරීමත් රාජ්‍යයේ මැදිහත් වීම ධනාත්මකව හා ප්‍රයෝජනවත් ආකාරයෙන් යොදා ගැනීමට ඇති ආකාරයක් බවය. එසේම (public sphere) තුළ දේශපාලනමය මැදිහත් වීම් සඳහා ඇති නිදහස් අවකාශය සංවර්ධනයේ කේනද්‍රීය තත්ත්වයක් වශයෙන් සලකනු ලැබීමය. මෙහිදී තේරුම් ගත යුතු විශේෂ කාරණයක් වන්නේ මේ පොදූ මහජන පරිමණ්ඩලය අපේ රටේ තියෙන ආකාරයට තෝරා ගත් කීප දෙනෙකුගේ ‘සීමාසහිත සිවිල් සමාජයක්’ පැවැත්ම පමණක් පිළිගැනීම නොවන බවය. 
රාජ්‍යයේ සීමාව සහ වෙළෙඳපොළේ සීමාව පිළිබඳව සාකච්ජාව අපේ රටේ දේශපාලනයේ ඉතාමත් වැදගත් කාරණයක් ලෙසින් තේරුම් ගැනීම අවශ්‍යතාව වැදගත් බව පෙනී යන්නේ මේ රජයේ ‘රාජ්‍යය දිය කර හැරීමේ’ පන්නයේ ප්‍රතිසංස්කරණයන් දෙස බැලීමේදිය.
සංවර්ධනය යනු නිදහස සීමා කරන මූලික අවහිරතා ඉවත් කිරීම ලෙසින් සෙන්ගේ තර්කය ඉතාම වැදගත් වන තවත් කාරණයක් වන්නේ මූලික මිනිස් ස්වභාවයක් ලෙසින් හෙවත් සත්භාවාත්මකව පිළිගනු ලබන සන්නිවේදනමය වූ මානව මැදිහත් වීමට සංවර්ධනයේ විශාල ඉඩක් පවතින නිසාය. දූප්පත්කම යනු තොරතුරුමය මැදිහත් වීමේ අවකාශය ලෙසින් තේරුම් ගැනීමේ සාකච්ජාවක්ද මේ වන විට ලෝකයේ ගොඩ නැගෙමින් තිබීම මෙහිදි වැදගත් කාරණයක්ය. 

Friday, July 29, 2016

අනගාරික ධර්මපාල සමාජවිද්‍යාවෙන් ගලවමු

අනගාරික ධර්මපාල සමාජවිද්‍යාවෙන් ගලවමු 


අනගාරික ධර්මපාලතුමන් පිළිබඳව ලියන්නට තීරණය කළේ ආචාර්ය සරත් අමුණුගම විසින් ධර්මපාල පිළිබඳව ලියූ කෘතිය ප්‍රකාශයට පත්වූ බව කියවෙන ටුවිටර් පණිවිඩය ලැබීමත් සමඟය. ආචාර්ය අමුණුගමගේ වර්තමාන දේශපාලන චර්යාව ගැන එතරම් පැහැදීමක් මට නැති වුවත් ඔහුගේ ශාස්ත්‍රීය මැදිහත්වීම් සහ ඒ සඳහා ඇති ඔහු තුළ ඇති උනන්දුවට මාගේ විශාල ගෞරවයක් ඇත. මීට වසර ගණනාවකම සිටම අපි කවුරුත් දැනගෙන සිටි අමුණුගමගේ මේ කෘතිය කියවීමට තිබූ බලාපොරොත්තුව සෑහෙන කාලයක් අල්ලාගෙන සිටින්නට සිදු වුණේ කෘතිය එක දිගටම ප්‍රමාද වූ නිසාය. මේ ප්‍රමාදයට හේතුව කුමක්දැයි පැහැදිලි සිංහලෙන් කියනවා කියන්නට වන්නේ අපි කාටත් වගේම අමුණුගමටත් තියෙන බල දේශපාලන උත්ෙප්‍ර­්රකත්වය නිසා මේ වැඩේ ප්‍රමාද වී ඇති බවය. අමුණුගම‍යන් ජේ.ආර්. ප්‍රේමදාස, ලලිත්-ගාමිණී, විජේතුංග, රනිල්, චන්ද්‍රිකා, මහින්ද හරහා මෛත්‍රී දක්වා රවුමේ ගොස් එන තුරු මේ කෘතිය කියවන්නට අපිට බලා සිටින්නට වූයේ ඒ නිසාය. මා මෙහෙම කීවේ ඔහුට අමනාපයෙන් හෝ අපහාසයක් ලෙසින් නොව අපි කාටත් වෙන දේවල් ගැන මෙනෙහි කිරීමක් ලෙසින්ය. 

එහෙත් තරමක් ප්‍රමාද වී හෝ කෘතිය නිකුත් කළ බව අසන්නට ලැබීම සතුටට කාරණයක් වූ අතර එය වෙළෙඳපොළට මුදාහළ දිනයේ ම එහි පිටපතක් මිලදී ගත්තේ එක් අතකින් මේ අධ්‍යයනය පිළිබඳව මා තුළ ඇති ශාස්ත්‍රීය කුතුහලය නිසාත් අනෙක් අතින් ධර්මපාල පිළිබඳව මා විසින් 2003 නිමා කරන ලද අධ්‍යයනය මුද්‍රණය කිරීමට මේ දිනවල මා සූදානම් කරමින් සිටින නිසා අමුණුගමගේ අධ්‍යයනය කියවීම වැදගත් වන නිසාත්ය.

අනගාරික ධර්මපාල (1864 - 1933) මේ රටේ පසුගිය සියවස් දෙක අතරතුර (එනම් 19 සියවසේ අගභාගයේ 20 සියවසේ මුල්භාගයේත්) ජීවත්වූ බරපතළම ශ්‍රී ලාංකික දේශපාලන චරිතය වූ ලෙසින් පිළිගැනීම නිවැරදිය. බ්‍රිතාන්‍ය යටත්විජිතකරණ වැඩසටහන තුළ එවකට මෙරට ජනතාව මුහුණ දුන් තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීමට ඔහු උත්සුක වූවා යැයි සරලව තේරුම් ගැනීම නිවැරදි වුවත් එසේ සිතීම ඔහුගේ දේශපාලන බලපෑම හා එකතුකිරීම් (influences and contributions) ගැන පාර්ශ්වීය තේරුම් ගැනීමක් පමණකි. ධර්මපාල අභියෝග කරමින් සිටියේ තමාගේ අනෙකා වූ (the other) බ්‍රිතාන්‍ය යටත්විජිතවාදයේ එවකට සිදුවෙමින් පැවති දේශපාලන කාරණාවන්ට පමණක් නොවේ. එම කාලය වන විට රටින් පිටව ගොස් සිටි එහෙත් ඊට පෙර කාලයේ මෙරට පාලනය කළ විදේශිකයන් වූ පෘතුගීසි සහ ලන්දේසි පාලනයන් වෙතින් මෙරට සමාජය සිදුවී තිබූ බරපතළ ව්‍යුහාත්මක හා චර්යාත්මක බලපෑම (structural and behavioral influences) හේතුවෙන් ඒ වන විට මෙරට සමාජයේ සිදුවෙමින් තිබූ බරපතළ වෙනස්කම්වලට ප්‍රතිචාර දැක්වීමත් ධර්මපාල ව්‍යාපෘතියේ ප්‍රධාන කාරණයක් ලෙසින් අන්තර්ගතව තිබිණි. 

පෘතුගීසි බලපෑමේ ප්‍රතිඵලයක් ලෙසින් ක්‍රිස්තියානිකරණයට හසුවූ මෙරට වෙරළබඩ තීරය සහ ලන්දේසි බලපෑමේ ප්‍රතිඵලයක් ලෙසින් වර්ධනය වූ මත්පැන් පානය එක් අතකිනුත් මේ දෙඅංශයේම බලපෑම හේතුවෙන් හුදු ‘උපන්නාට මේ ලොව වැනෙනවා විනා’ ආකාරයෙන් කල් ගෙවූ මෙරට බෞද්ධයාගේ ජීවිතය ප්‍රතිනිර්මාණය කිරීම අනෙක් අතිනුත් මේ ව්‍යාපෘතියේ ඇතුළත්ව තිබුණි. මෙය එක්තරා දුරකට බෙලභීනත්වයට හා දුගීකරණයට පත්ව සිටි මෙරට සිංහල සමාජය යම් ආකෘතියකට ගෙන ඒමට දරන බරපතළ උත්සාහයක් යැයි පිළිගැනීම නිවැරදිය. 

මෙරට බෞද්ධ සමාජයේ පැවති ආචීර්ණ කල්පිත පිළිගැනීම් හා අන්ත පසුගාමීත්වයන් පරාජය කිරීම එක් අතකිනුත් බුදුසමය තුළ ඇති හරයාත්මක භාවිතාවන් ‘යළි කියවීමකට’ ලක් කරමින් ‘නවීකරණය හා ප්‍රතිසංස්කරණය’ පිළිබඳ අලුත් න්‍යායක් ගොඩනැඟීම අනෙක් අතනුත් තමාගේ දේශපාලන ව්‍යාපෘතිය බවට ධර්මපාල පත් කරගන්නේ ඒ නිසාය. මේ තත්වයන් හේතුවෙන් තමාගේ වැඩ සටහන හුදු ‘විවේචනයක් සමාජගත කිරීමකින් නොනැවතී සම්පූර්ණ ‘සමා සංශෝධනමය’ වැඩ සටහනක් බවට පත් කිරීමටට ඓතිහාසික තත්වයන් විසින් සහ තමාගේ තාර්කික බුද්ධිය විසින් ධර්මපාල වෙත බලකරනු ලැබුණු බව පිළිගැනීම නිවැරදිය. 
ඒ නිසාම ඔහුට සිදුවූයේ අරගල ගණනාවක්ම එකවිට සිදුකිරීමටය. පෙරමුණු ගණනාවක එකවිට සටන් කිරීමටය. මේ සියල්ල එකවර සිදුකරනවා යනු මේ කපේ කළ හැකි වැඩක් නොවේ යැයි සමහර අයෙකුට සිතෙන්නේ නම් එය පුදුමයට කාරණයක් නොවේ. එක පැත්තකින් බලන විට එහෙම සිතීම නිවැරැදි යැයි සිතෙන්නේ ධර්මපාල ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් ම පාහේ නොනිමි අරගලයක් බවට පත්වූ නිසාය. ධර්මපාලගේ උත්සාහය හරියටම සමාන වන්නේ ‘මහ කැ‍ෙල්ක අතරමං වූ මිනිසෙකු හේනක් කරන්නට සිතා කැලේ කැපීමට අවශ්‍ය උපකරණ තනියෙන්ම තමන්ම හදාගෙන කරන්නට යන ගොවිතැන ගැන දැනුමත් තමන්ම නිර්මාණය කරගෙන හේනේ වපුරන බීජ තනියෙන්ම තමන්ම හොයාගෙන හේන අන් සතුන්ගෙන් බේරා ගැනීමට හේනේ පැළේ තනියෙන්ම පැල් රකින්නට සිදුවන හුදකලා මිනිසෙකුට අත්වන ඉරණම වගේ දෙයකටය. මේ නිදර්ශනය සරල සාම්‍යයක් මිස ධර්මපාලගේ ව්‍යාපෘතිය තනුක කිරීමට ගත් උත්සාහයක් නොවන බව මෙහිදි විශේෂයෙන් කිව යුත්තේ සමහර ධර්මපාලවාදින් මේ වගේ කාරණයක් ගැන කලබල විය හැකි නිසාය.

ධර්මපාල බලපෑම ගැන අපේ රටේ වැඩියෙන්ම සාකච්ඡා කර ඇත්තේ සමාජ විද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන් විසින්ය. ඇත්තටම අපේ රටෙන් ලෝක පරිමාණව බිහිවී ඇති උගතුන් ඉන්නේ බෞද්ධ චින්තනය පිළිබඳ ක්ෂේත්‍රයේත් සමාජ විද්‍යා ක්ෂේත්‍රයේත්ය. ලංකාවෙන් ඇමරිකාවට හා ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ සමාජ විද්‍යාඥයන් වන ගනනාත් ඔබේසේකර, ස්ටැන්ලි තම්බයියා, එච් ජේ සෙනෙවිරත්න කිත්සිරි මලල්ගොඩ වැනි අය තම තමන්ගේ අධ්‍යයන් ස්ථානගත කරන්නේම ‘ධර්මපාල’ එක පැත්තකින් තබා ගෙනය. එක්කෝ මේ අධ්‍යයනයන් ධර්මපාලව ‘ප්‍රශ්න’ කරති. නැත්නම් ධර්මපාල ‘ප්‍රශ්නය’ බවට පත් කරති. එක්කෝ ධර්මපාලව ‘සංයෝජනය’ කරති. නැත්නම් ‘විසංයෝජනය’ කරති. දැන් අමුණුගමගේ මේ අධ්‍යයනය ස්ථානගත වන්නේද සමාජ විද්‍යාඥයන්ගේ ධර්මපාල කතිකාව තුළ වන අතර ඒ අතින් අනෙක් බො‍හෝ අයට එහා ගිය ‘මූලාශ්‍රමය’ පදනමකින් ස්වකීය තර්කයන් ගෙන ඒමට අමුණුගම උත්සාහ කරන බව පොත යන්තමින් පෙරළා බලන විටම පෙනී යන කාරණයකි. 
මා සිතන ආකාරයට ධර්මපාලගේ මැදිහත්වීම පිළිබඳව අපේ රටේ ඉතිහාසකරණය පැත්තෙන් සහ දාර්ශනික විමර්ශනයන්ගේ පැත්තෙන් සිදු වී ඇති අධ්‍යයනයන් ඉතාම සීමා සහිත බවය. ජනවාර්ගික ගැටලුව සහ මෙරට දේශපාලනයේ ශ්‍රීලනිප හා ජවිපෙ විභවය පිළිබඳව සාකච්ඡාව පැත්තෙන් ධර්මපාල මැදිහත්වීම සාකච්ඡා කර තිබුණත් එයින් ඔබ්බට යන ශාස්ත්‍රීය විමසා බැලීමක් අපේ රටේ සිදුවී නැතිවා වැනිය. අමරසේකර මහතාගේ ‘අනගාරික ධර්මපාල මාක්ස්වාදිද’ යන නිබන්ධනයත්, නලීන් සිල්වා මහතාගේ ලිපි මඟින් මතුකරන දේවල්වලින් එහාට ගිය ධර්මපාල අධ්‍යයනයන් අපේ රටේ විශ්වවිද්‍යාල මඟින් සිදු නොවීම කනගාටුදායකය. 

මවිසින් 2003 ඇමරිකාවේ ඔහායෝ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය සඳහා සිදු කළ අධ්‍යයනය වූ Modern Anagarika: Dharmapala’s Buddhist Moderism in Sri Lanka මඟින් සාකච්ඡා කළේ ධර්මපාල ව්‍යාපෘතියේ ඇති නූතනවාදි දර්ශනික මූලයන් මතු කරගනිමින් ආසියාතික මානයකින් මැනිය හැකි නූතනත්ව ව්‍යාපෘතියක් ධර්මපාල - ලේඛන මඟින් ගොඩනැඟිය හැකි බවට තර්ක කිරීමය. ආගම යනු නූතනත්වයට එරෙහි බලවේගයක් වශයෙන් පිළිගන්නා සාම්ප්‍රදායික අර්ථකරණය තුළ සිටින අයෙකුට එකවරම ප්‍රශ්නයක් ලෙසින් මතුවිය හැක්කේ බෞද්ධ ආගමික චින්තනය මත ගොඩ නැගුණු ධර්මපාලගේ ඉදිරිපත් කිරීම් නෛසර්ගික වශයෙන්ම නූතනත්වයට එරෙහි ව්‍යාපෘතියක් විය යුතු බවය. එහෙත් ආගම හා නූතනත්වය ගැන සාම්ප්‍රදායික තේරුම්ගැනීම භෞතිකවත් ශාස්ත්‍රීයවත් අභියෝගයට ලක්ව ඇති මේ කාලයේ එවැනි පදනමකින් ඉදිරිපත් වන තර්කයන් ඉතාම ලේසියෙන් පිළිතුරු දිය හැකි බව මෙහිදී සඳහන් කළ යුතුය. මාර්සල් බර්මන්ගෙන් පටන් ගෙන බටහිර සමාජයේ නූතනත්වය පිළිබඳව ගෙතුණු දීර්ඝ කතාවේ එක් වැදගත් කාරණයක් වන්නේ නූතනත්ව ව්‍යාපෘතිය මඟින් ‘අපගේ ජීවිතත් ලෝකයත් තුළ පවතින සියල්ල හා දන්නා සියල්ලත් සහ අපි කවරුන්ද යන්නත් ඇතුළත් සියලු තත්වයන් විනාශ කිරීම පිළිබඳ අභියෝගයට ලක් කරමින් සිදු වන වෙනස (transforming of ourselves and the world threatens to destroy everything we have everything we know and everything we are) හරහා බලය ප්‍රමෝදය හා නවමුභාවය (adventure) වෙත අප රැගෙන යන ව්‍යාපෘතියක් ලෙසින් දේශපාලනමය හා දාර්ශනික තේරුම් ගැනීමක් නූතනත්වයට ගෙන ඒමයි. 

මෙම අර්ථකථනය මත පදනම්ව පුද්ගල නිදහස, සංවර්ධනය, වෙනස, තාර්කිකත්වය සහ නව්‍යයත්වය පිළිබඳ ධර්මපාලගේ ඉදිරිපත් කිරීම ගැඹුරින් සාකච්ඡා කිරීම අවශ්‍ය බව මගේ හැඟීමයි. 

Saturday, July 23, 2016

යාපනයේ සිදුවීම සහ අපේ අනාගතය


යාපනයේ සිදුවීම සහ අපේ අනාගතය 

යාපනය විශ්වවිද්‍යාලයේ සිදූවූ ගැටුම මේ වන විට නිමා වී තිබුණත් ඒ හරහා ඇතිවූ සමාජමය තිගැස්ම සහ එයින් මතුවූ දේශපාලන සාකච්ඡාව තවමත් නිමා නැත. සංවාදයේ සමහරුන් මේ කාරණය කිසිදූ වැදගත්කමක් නොමැති සිදූවීමක් ලෙසින් නොසලකා හැර යන්නට උත්සාහ කරන අතර තවත් සමහරුන් මේ සිද්ධිය බරකළ අගයකින් උඩට ගන්නට උත්සාහ කරන බව බැලූ බැල්මට පෙනී යයි. (අවතක්සේරුව එක් පැත්තකිනුත් අධිතක්සේරුව අනෙක් පසෙනුත් මතු වෙමින් පවතියි). මෙම සිද්ධිය ගැන ලිවීම සුදූසු යැයි සිතුණේ කාරණා කිපයක්ම නිසාය. මූලික වශයෙන්ම මේ සිදූවීම වැරදියට කළමනා කෙරුවහොත් අනාගතයේදි ඇතිවිය හැකි බරපතළ ප්‍රතිවිපාක ගැන සමාජය තුළ ශක්තිමත් සාකච්ඡාවක් ඇතිවීම ඉතාමත් අවශ්‍යය යැයි මම සිතන නිසාය. අනෙක් අතට දෙමළ දේශපාලන සමාජය මේ කාරණය ගැන තරමක් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ප්‍රශ්න කළ යුතු යැයි දැනෙන නිසාය. එවැනි නිහඬතාවක් දෙමළ සමාජයේ දේශපාලනය තුළින් මතු වන්නේ ඇයි දැයි විමසීම අත්‍යාවශ්‍යම කාරණයක් වන්නේ මේ ආකාරයේ නිහඬතාවක් 1975 සිට දෙමළ දේශපාලනයේ මතු වී ආ ආකාරයත් එය 1976 වඩුක්කොඩෙයි සම්මේලනය හරහා රට බෙදීමේ දේශපාලනයක් දක්වාම ගොඩ නැඟුණු ආකාරය ඉතිහාසය තුළින් පෙන්නුම් කරන නිසාය. තුන්වනුව දකුණේ සිටින අධි වාමාංශික පන්නයේ අයත් එජාපයේ ප්‍රධාන ශාඛාවක් යැයි සිතිය හැකි කොළඹ සිවිල් සමාජයේ අයත් මේ සිද්ධියට සුදූ හුනුගාමින් සිංහල සිසුන් යාපනයේ ඉගෙන ගැනීම 'උතුරේ සිංහලකරණය කිරීමක්' ලෙසින් කියන්නට පටන් ගෙන තිබීම ප්‍රශ්න කළ යුතු නිසාය. හතරවනුව මේ ප්‍රශ්නය සාකච්ඡා කළ යුතු යැයි මට සිතුණේ ඇත්ත වශයෙන්ම යළිත් වරක් උතුර දකුණ ගිනිගන්නා පරිසරයක් ගොඩනැඟීම යනු අපේ රටේ අනාගතයට පමණක් නොව මගේ අනාගතයට බරපතළ ගැටලුවක් නිර්මාණය වන නිසාය. සිංහල-දෙමළ සහජීවනය සමහරුන්ට හුදූ කයිවාරුවක් වූවාට මගේ ආසන්නම මිතුරන් දන්නා පරිදි මා හට එය එදිනෙදා ජීවන අත්දැකීමක් වන බැවින් පසුගිය කාලයේ අප ගත කළ ආකාරයේ අවිනිශ්චිත තත්ත්වයක් යළිත් උදාවීමට කොහොමටවත් දිය නොහැකි නිසා මේ සිද්ධිය ගැන ලියන්නට සිතුණි. 

මේ සිද්ධිය හරහා මුලින්ම පෙනී යන්නේ පසුගිය කාලයේ අපි භෞතිකව සිදූකළ සංවර්ධනයන් සහ ප්‍රතිසන්ධානයන් මඟින් ලැබී ඇති පශ්චාත් යුද සමාජයේ ජයග්‍රහණයන් පිළිබඳව දකුණේ අපගේ කියවීම සහ දෙමළ සමාජයේ පහළ කොටස්වල කියවීම අතර බරපතළ වෙනසක් ඇති බවය. අනෙක් අතට මේ සිද්ධියෙන් පෙනී යන්නේ යුද්ධයෙන් පසුව ගතවූ වසර හය හත තූළ මේ ජන කණ්ඩායම් දෙක එකිනෙකා ගැන විශ්වාශයකින් සිටින බව මතු පිටින් පෙන්නුම් කළත් දෙමළ සමාජයේ පහළ තට්ටුව තවමත් ඉන්නේ වෙනම අදහසක බවය. තමන්ගේ පැවැත්මේ අයිතිය සිංහල සමාජය පැහැර ගන්නේ යැයි දෙමළ සමාජයේ පහළ තීරුව කල්පනා කරන්නට පටන් ගත්තේ එසේ කල්පනා කරන්නට දෙමළ දේශපාලන නායකයින් ඉගැන්වූ නිසා යැයි අපි ඒ කාලයේ කීවෙමු. මෙතැන පෙන්නුම් කරන්නේ ඒ ඉගැන්වීම තවමත් ඒ ආකාරයෙන්ම පවතින බවදැයි අවශ්‍ය නම් ප්‍රශ්නයක් මතු කළ හැකිය. තවමත් දෙමළ සිසුන් සිතන්නේ 'තමන්ගේ මඟ හැරුණු වසන්තය'ට හේතුව සිංහල ජනතාව බවය. සිංහල සමාජය සිතන්නේ මේ තත්ත්වයේම අනෙක් පැත්තෙන්ය. ඔවුන්ට අනුව 'සියලු කැප කිරීම්' සිංහල ජාතිය සිදූ කරමින් දෙමළ ජාතිය සමඟ සමගිව වැඩ කරන්නට උත්සාහ කළත් ඒ අය කරන්නේ මිත්‍රත්වයේ දෑත සපා කෑම බවය. 
ජාතිය සම්බන්ධ ශාස්ත්‍රීය අධ්‍යයනයන් මඟින් කියන එක් වැදගත් අදහසක් වන්නේ 'ජාතිය' යනු ඇගැයුම් පද්ධතියක හා නිශ්චිත ජීවිතාකාරයක පරිකල්පනාත්මක පිහිටීමක් (imaginative existence of values system and a particular forms of life) ලෙසින් ආරම්භ වී එය 'ජාතික දෙයක්' (nation a 'thing') බවට පත් වන බවයි. දැන් යාපනයේ දෙමළ සිසුන් සිතන්නේ මේ තමන්ගේ 'ජාතික දෙය' විනාශ කිරීමට දකුණෙන් වෙනත් 'ජාතික දෙයක්' පැමිණ ඇති බවය. තමන්ගේ 'දෙය' රැකගන්නට විරුද්ධවාදියාගේ 'දෙයට' එරෙහි වන්නට හදන්නේ ඒ නිසාය. දකුණේ සිංහල සිසුන්ගේ වෙස් නැටුම (වෙස් නැටුමට දමිළ සම්බන්ධයක් නුවර අවසාන රජවරුන්ගේ කාලයේ සිටම පවතින බව මගේ මිතුරෙක් මා සමඟ කීවේය. මෙය සැබෑවක් නම් වැඩේ තවත් අපූරුය) යනු 'දෙමළ දෙයට' විරුද්ධව එන 'සිංහල දෙය' බවට පත්වන්නේ ඒ නිසාය. දැන් මේ තත්වය හරහා පරිකල්පිත යථාර්ථයක් සිද්ධිවාචකමය තත්වයක් බවට පත් කරගනිමින් ඒ කියන්නේ ජාතිය ලෙසින් අපි පිළිගන්නා ඇගැයුම් පද්ධතියක් කල්පනා ලෝකයක සිට භෞතික ලෝකයේ පවත්නා 'දෙයක්' බවට පත් කරගනිමින් ඒ මත විනිශ්චයන් තබා තීරණ ගැනීමේ ක්‍රියාවලියකට යාපනය විශ්ව විද්‍යාලයේ දෙමළ ශිෂ්‍යයන් පෙලඹෙන්නේ මේ තර්කය හරහාය. 1970 දශකයේ ආරම්භ වූ තත්වයත් මෙයටම සමාන බවක් දක්වන අතර එහිදි සිදූ වූයේ මේ තත්ත්වයට තවත් සාහිත්‍ය සහ ශාස්ත්‍රීයත්වය එක් වීමත් එයට දේශපාලන වැඩ සටහනක් නිර්මාණය වීම හරහා'ජාතික දෙය රැක ගැනීමේ' දේශපාලන ව්‍යාපෘතිය ආරම්භ විමත් ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන්නට සිතෙන තරමේ කණ්ඩායමක් නිර්මාණය වීමත්ය. 
අපේ රටේ ජාතික ගැටලුව සම්බන්ධව වැඩ කරන බොහෝ අය මේ ප්‍රශ්නයේ දේශපාලන විද්‍යාමය කලාපය හෝ ඉතිහාසමය කලාපය ගැන උනන්දූ වූවාට එහි ඇති දාර්ශනික පදනම ගැන සංවේදි වන බවක් පෙනෙන්නේ නැත. මීට පෙර මවිසින් මෙම තීරු ලිපියෙන් පැහැදිලි කළ පරිදි සමාජය සම්බන්ධ ප්‍රශ්නවලට උත්තරයක් සොයන තරමටම වැදගත් වෙනත් කාරණයක් වන්නේ තමන් පිළිතුරු සොයන්නට උත්සාහ කරන ප්‍රශ්නය පැහැදිලි කර ගැනීමට මහන්සි වීමය. විසි වන සියවසේ සුවිශේෂ දාර්ශනිකයකු වූ විට්ගන්ස්ටෛයින් වරක් පැවසූවේ සමාජමය වූ ක්ෂේත්‍රයන් හි ගොඩ නැඟෙන ගැටලු සම්බන්ධව තාර්කික වූ පිළිතුරු සෙවිය නොහැකි බවය. ඇගැයුම්ශීලි හෝ ප්‍රතීයමාන ක්ෂේත්‍රයන්හි (value based and normative) එකඟතාවන් යනු තාර්කික එකඟතාවන් නොව සමාජමය වූ එකඟතාවන් බවය. මෙම ක්ෂේත්‍රයේ නිගමනයන් යනු තාර්කික වශයෙන් අර්ථශුන්‍ය එහෙත් යම් ප්‍රයොජනයක් තිබිය හැකි ප්‍රකාශයන් (logically meaningless but socially useful) බව ඔහුගේ අදහස විය. මේ කාරණය තවත් පැහැදිලිව කිවහොත් ජාතිය පිළිබඳ සංවාදය රැගත් කලාපය තුළ ගොඩ නැඟෙන විනිශ්චයන් අපිට පැවැත්මට අවශ්‍ය දේවල් විය හැකි වුවත් ඒවා තාර්කික වශයෙන් ඒ ඒ සංස්කෘතික ජීවිත ආකාරයන්ට අදාළව මිස සමස්ත වශයෙන් අර්ථයක් ගොඩ නගන්නේ නැති බව ඔහුගේ අදහස විය. උඩරට නැටුම ඒක සන්දර්භයක ජීවිත ආකාරයක් ලෙසින් වැදගත් වන අතර දෙමළ නැටුම තවත් සන්දර්භයක ජීවිත ආකාරයක් ලෙසින් වැදගත් දෙයක් ලෙසින් සැලකිය හැකිය. මේ දෙකින් හොඳ නැටුම කුමක්දැයි ඇසීමේ අර්ථයක් නැත්තේ එම ප්‍රශ්නයට ලබා දෙන පිළිතුර නියෝජනය කරන්නේ පිළිතුර දෙන්නා අයත් වන සන්දර්භයට මිස තාර්කිකව අර්ථය සම්බන්ධ සාකච්ඡාවකට නොවන බවය. 
දැන් මේ කාරණය පිළිබදව ගොඩ නැඟෙන සාකච්ජාවේ දී ජාතියේ පැරැණිම සංරචකය දෙමළද නැතහොත් සිංහලද යන ආදිකෘත තර්කයට (Primordial argument) හෝ ජාතිය යනු නූතනත්ව ව්‍යාපෘතියේම ප්‍රකාශනයක් ය යන නුතනවාදි (modernist) පිළිගැනීමටත් පමණක් ලඝු වන්නේ නැතිව මේ ප්‍රශ්නය දෙස බැලීම වැදගත් බව මෙහිදි පෙන්වා දිය යුතුය.

Saturday, July 16, 2016

යාපනය විශ්ව විද්‍යාලයේ සිදු වු අවාසනාවන්ත සිදුවීම

අද දින යාපනය විශ්ව විද්‍යාලයේ සිදු වු අවාසනාවන්ත සිදුවීම කල්පනාවෙන් කලමනානරනය කල යුතුයි . වැරදිකරුවන්ට දඩුවම්දීම වහාම කිරීමත් බරපතල අවධාරනයක් එම විශ්ව විද්‍යාලයේ පාලක සභාවට යවමින් උතුරෙ සිංහල සිසුන්ට ඉගෙනගැනීමට ඇති අයිතියත් දකුනේ දෙමල සිසුන්ට ඉගෙන ගැනීඹට ඇති අයිතියත් නැති කිරීමෙ උත්සාහයක් දක්වා මෙම සිදුවීම ගෙනයාමට කාටවත් ඉඩ නොදිය යුතුයි.

Friday, July 15, 2016

භාෂාව සහ ආශාව

භාෂාව සහ ආශාව 


පසුගිය සති කීපය පුරාම මගේ මේ සටහනට පදනම් කරගත්තේ රටේ එදිනෙදා දේශපාලනයේ සිදුවන සිදුවීම්ය” දේශපාලනමය කියවීම් හුදු සිදුවීම් මත පමණක් තබා විස්තර කිරීමෙන් ඔබ්බට යා යුතු බවත් එම දේශපාලන සිදුවීම් පසුපස තිබෙන දෘෂ්ටිවාදි තත්ත්වයන් මතු කරගනිමින් සිදුකරන විෂ්්ලේශණයන් අවශ්‍ය බවත් අපේ රටේ ‘දේශපාලන සාකච්ඡාවන්’ දෙස බැලීමෙන් කදිමට පැහැදිලි වේ. මේ සතියේ මගේ සටහනින් තරමක දාර්ශනික කාරණයක් කථා කළ යුතු යැයි සිතුණේ ඒ නිසාය. එහෙත් සරල සිංහලෙන් හැමෝම දන්න සිද්ධියක් ගැන ලියන දේවල් වුණත් සමහරුන් කියන්නේ ඒ අයට ‘තේරෙන්නේ නැති’ බවය. තවත් සරලව ලිවිය යුතු බවය. එවැනි තත්ත්වයක දර්ශනික කාරණා තේරෙන සිංහලෙන් කියන්නට ගොස් තත්ත්වය තවත් සංකීර්ණ වන්නටත් පුළුවන . රටේ හුඟක් අයට හුඟක් දේවල් තේරෙන්නේ නැති සන්දර්භයක සිටින අපිට සංකීර්ණ යමක් සරලව කියන්නට උත්සාහ කිරීමම අභියෝගයක් බව පිළිගනිමින්ම මේ සටහන ලියන්නට සිතුවෙමි. 


තොරණක් ඉස්සරහ පැත්තෙන් බලන විට පෙනෙන්නේ සරලව සුන්දරව හා පැහැදිලිව වුවත් එම තොරණේ පසුපස ඇත්තේ සංකීර්ණ පටලැවුණු හා විසිරුණු තත්ත්වයක් බව තොරණ නොගැසුවත් බොහෝ අය දන්නා කාරණයකි. ඒ වගේම අපි අපගේ එදිනෙදා ජීවිතයේ ගනුදෙනු කරන 'සිද්ධිමය ලෝකය’ අත් විඳින්නේ සරලව සුන්දරව සහ පැහැදිලිව විය හැකි වුවත් එය පසුපස ඇති තත්ත්වයන් ඥානවිභාගාත්මකව තේරුම් ගන්නා විට පෙනෙන්නේ සංකීර්ණ පටලැවුණු සහ විසිරුණු ආකාරයෙන්ය. මෙම පටලවිලි සහගත තත්ත්වයන් තේරුම් ගැනීම සහ විමර්ශනය කිරීමම දාර්ශනික සහ දේශපාලනික ක්‍රියාදමයක් බව මෙහිදී පැහැදිලි කළ යුතුය. 

මවිසින් මීට පෙර සටහනක ලියූ පරිදි අපේ රටේ අපි මුහුණ දෙමින් සිටින ප්‍රධාන අභියෝගයක් වන්නේ 'ප්‍රශ්නවලට පිළිතුරු’ නැති වීමට වඩා 'ප්‍රශ්නය විමර්ශනය කර ගැනීමේ හැකියාව නොමැති’ නිසාම ඇති කරගත් තත්ත්වයක්ය. අපි කරමින් ඉන්නේ ප්‍රශ්නයක් විමර්ශනය කරගන්නේ නැතිව එයට තම තමන්ගේ හැඟීම් හා ප්‍රඥප්තීමය නිර්වචනයන් (normative interpretations) තවරමින් ප්‍රශ්නය 'මඩ කරගන්නා' තත්ත්වයක් ගොඩනැගීමයි. එසේ තම තම නැණ පමණ ප්‍රතිනිර්මාණය කරගත් (මඩ කරගත්) ප්‍රශ්න විසඳන්නට දේශපාලනඥයාගේ සිට ආගමික නායකයා දක්වා හැමෝම උත්සාහ දරමින් සිටිති. විසඳලා ඉවර වෙන විට විසඳී ඇත්තේ තිබුණු ප්‍රශ්නය නොවන බව තේරුම් ගන්නා අපි යළිත් පළමු වටයෙන්ම ගැටලුව 'මඩකරන්නට’ පටන් ගන්නෙමූ. (අපි කවුරුත් විසඳන්නට උත්සාහ කරන ජාතික ගැටලුව මෙයට කදිම නිදසුනකි). නිදහසින් පසුව අපේ රටේ දේශපාලනයේත් ශාස්ත්‍රීය සාකච්ජාවේත් ඇති මේ ස්වභාවය පරාජය කළ හැක්කේ ජන්දයෙන් නොව විධික්‍රමික සහ විමර්ශනය මැදිහත් වීමකින්ය .

භාෂාව යනු අපේ පැවැත්මේ අනුලංගනීය ස්වභාවකි. මිනිසා ස්වභාවයෙන්ම භාෂාත්මකභාවයකින් යුක්ත වන නිසා එම භාෂාත්මකත්වය යනු සත්භාවාත්මක (ontological) තත්ත්වයක් වන අතර එම තත්ත්වය පාවිච්චි කරමින් අපි කථා කරන භාෂාවන් අපි විසින්ම නිර්මාණය කරගන්නෙමු. ඒ අනුව කථාකරන භාෂාව යනු සංස්කෘතික (cultural) නිර්මාණයක් වේ. වඩාත් සරලව ගතහොත් භාෂාව රූපකයන් දෙකක් එකවිට නියෝජනය කරයි. එකක් ස්වභාවිකව අපිට ඇති (වෙනස් කළ නොහැකි) භාෂාත්මකභාවය වන අතර අනෙක වන්නේ එම තත්ත්වය පාවිච්චි කරමින් අපි සංස්කෘතිකව නිර්මාණය කරගන්නා (වෙනස් කළ හැකි) භාෂාවයි. මනෝවිද්‍යාව සහ දර්ශනයේදි බරපතළ ආකාරයෙන් සැළකිලිමත් වන්නේ මා පළමුවෙන් සඳහන් කළ මිනිසා සතුව ඇති මෙම භාෂාත්මකභාවය පිළිබඳවය. විසිවන සියවසේ ක්‍රේම්බ්‍රිජ් හා ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයන් මුල්කරගත් භාෂාත්මක දර්ශනවාදින් එක් විටෙක තර්ක කළේ භාෂාව සහ යථාර්ථය යනු දෙකක් නොව එකක් බවය. එයට හේතුව වූයේ මිනිස් ඥානය සම්පූර්ණයෙන්ම පදනම්වන්නේ භාෂාත්මකභාවය මිනිස් විඥානය සමඟ ගොඩනගන සම්බන්ධතාවය මත බවට ඇති පිළිගැනීමයි. වෙනත් ලෙසකින් කීවොත් ඔවුන් තර්ක කළේ භාෂාත්මකභාවය මකා දැමුවහොත් (delete කළහොත්)ඥානය සම්බන්ධ සාකච්ජාව නිමා වන බවයි. දැන් භාෂාව මඟින් අප ඍජුව ඉදිරිපත් කරන අදහස් පමණක් මත අර්ථය පිළිබඳව හෝ යථාර්ථය පිළිබඳව තීරණ ගැනීම නිවැරැද යන ගැටලූව මේ සමඟ මතුවන්නේ එක් විශේෂ හේතුවක් නිසාය. එනම් භාෂාත්මකභාවය ස්වාභාවික වී කථාකරන භාෂාව සංස්කෘතික වන තත්ත්වයක් තුළ එම සංස්කෘතික භාෂාවේ අර්ථයන් ස්වභාවිකව කාටත් පොදු ඒවාද යන්න ගැටලුවයි. මේ නිසාම යම් දෙයක් පිළිබඳව එක් අයෙකු දෙන නිගමනයක් යනු නිශ්චිතව හැමෝටම එකඟ විය හැකි (හෝ එකඟ විය යුතූ) දෙයක්ද නැතහොත් ඒ ඒ නිගමනයන් යනු විවිධ සන්දර්භයන්ට අනුව ගොඩනැගෙන සමාජමය නිෂ්පාදනයන්ද යන ගැටලුව බරපතළ අයුරින් මතුවන නිසාය. (ඇ‍ෙමරිකාව 'ත්‍රස්තවාදය’ ලෙසින් කඟවන දෙය තවත් රටක 'විමුක්තිවාදය’ ලෙසින් අර්ථ දක්වන්නේ නම් පිළිගත යුත්තේ කුමන නිගමනයද යන ගැටලුව මේ සඳහා උදාහරණයක් ලෙසින් දැක්විය හැකිය). දැන් භාෂාවේ ඇති මේ බරපතළ අර්බුදකාරි සහ වාදභරිත තත්ත්වය තුළ නිශ්චිතව පිළිගත හැකි නිගමනය පිළිබඳව සංවාදය අපේ රටේ සමාජ සිතීමේ විශාල කලාපයක්ය. 
අනෙක් අතට භාෂාව සහ ආශාව අතර ඇති සම්බන්ධය හා වෙනසද මෙහිදි තවත් වැදගත් කාරණයකි. අපගේ භාෂාත්මක හැසිරවීමේ (විශේෂයෙන් කථනයේ) ඇති 'බලපෑම් සහගත බලය' යනු සීග්මන් ප්‍රොයිඩ් සාකච්ජා කළ මුලික කරුණකි. මනෝ විශ්ලේෂණයේදි මුලික වශයෙන් සිදු කෙරෙන්නේ මෙම කාරණයෙන් ආරම්භ වන භාෂාවේ ගැටලු සාකච්ජා කිරීමයි. භාෂාත්මකාශාව (desire in language) ලෙසින් හැඳින්විය හැකි 'භාෂාව මඟින් මතුවන ආශාව' මඟින් සිදුකරන බලපෑම පිළිබඳව තේරුම් ගැනීමත් එසේම සමස්තයක් ලෙසින් මිනිසාගේ සියලුම ආකාරයේ සංකේතාත්මක අන්තර් සම්බන්ධතාවන් පිළිබඳව හැදැරීමත් ප්‍රොයිඩ්ගේ අවධානය යොමු වූ ක්ෂේත්‍රයන්ය. භාෂාව මඟින් මතු කෙරෙන ආශාව අනෙකුත් ආශාවන් මෙන් නොව ඍජුවම නොපෙන්වන සුලු ‘වසාගත්’ එකකි. එම ආශාවේ ඇති නොපෙන්වන සුළු හැසිරීම සහ එම හැසිරීම්වලින් අප වෙත සිදුවන බලපෑම තේරුම් ගැනීම පහසු දෙයක් නොවේ. එසේ වන්නේ ඇයි? මෙහි ඇති ගැටලුව කුමක්ද? යන්න විමසා බැලීම මනෝ විශ්ලේෂණයේ ප්‍රමුඛ කාර්යයක් බවට පත් වූ ඒ නිසාය . 

අපගේ ශරීරයේ අවශ්‍යතාවන් (ආශාවන්) ක්‍රියාත්මකවීමේදි ඒවා ඍජුවම අපේ ආශාවන්ට අනුවම ක්‍රියාත්මක කිරීමට නොහැකිය. ඒවා ක්‍රියාත්මක කිරීමේදි සංස්කෘතියේ අණ පණත් වලට (භාෂාවට) යටත්වීමට සිදු වන අතර 'සංස්කෘතික' අණ පණත්වලට 'ආශාව’ යටත්වීමේදී ඇතිවන තත්ත්වය සාකච්ඡා කිරීමත් මිනිසාගේ පූර්ව මිනිස් ආශාවන් ඒ ආකාරයෙන් මුදා හැරීමට නොහැකිව ඒවා සමාජමය වූ අරමුණුවලට අනුව හැසිරවීමට සිදුවන අවස්ථාවලදී මතුවන තත්ත්වය සාකච්ඡා කිරීමත් මෙහිදී ඉතාමත් වැදගත් කාරණාය. 
සමස්තයක් ලෙසින් ගත් විට භාෂාව මඟින් සිදුවන්නේ මිනිස් ආශාව යම් නීතියකට යටත් කිරීම වන අතර එසේ වුවත් මිනිස් ආශාව යටතේ ක්‍රියාත්මක වන සියලු අපේක්ෂාවන් ඒ ආකාරයෙන්ම නොවෙනස්ව කියා පෑමට භාෂාවට නොහැකි වන තත්ත්වයකදී සිදුවන්නේ කුමක්ද යන කාරණය විශ්ලේෂණාත්මකව බැලීමත් එසේ භාෂාව මඟින් (භාෂාවේ නීති රිතීන් මඟින්) මඟ හරිනු ලබන මිනිස් ආශාවේ ක්ෂේත්‍රය හැදැරීමත් දේශපාලනික කාරණයක් බවට පත් වන බව පිළිගත යුතුම සත්‍යයකි .