ගුනවර්ධන-ධර්මදස සංවාදය පදනම් වන න්‍යායික ස්ථරයන් දෙස බැලීම මුළික වශයෙන් වැදගත් වන්නේ මෙම සංවාදයේ ප‍්‍රධාන විමර්ෂන විෂය වස්තුව සංකල්පීය පැත්තෙන් තේරුම් ගැනීමට නම් එහි න්‍යායික ස්ථරයන් පිළිබදව අවබෝධයක් තිබිය අවශ්‍ය වන නිසායි” අනෙක් අතට එවැනි න්‍යායික හා සංකල්පීය වශයෙන් තේරුම් ගැනීමක් සිදුකිරිම ජාතිය හා ජාතිකවාදය කියන කාරණය පිළිබදව ඓතිහාසික කරුණු පැත්තෙන් බැලීම තරම්ම වැදගත් දෙයක් ලෙසින්ද සැළකිය හැකියි” ඓතිහාසික දත්තයන් ඉදිරිපත් කිරීම මගින් ගුනවර්ධන හා ධර්මදස තේරුම් කිරීමට උත්සාහ දරන කාරණයක මුල් පදනම තේරුම් ගැනීමට නම් එම කාරණය ගැට ගැසි ඇති න්‍යායික තත්වයන් තේරුම් ගැනීම ඉතාමත් වැදගත්ය.
මෙහිදි අපගේ අවධානය මුළින්ම යොමු විය යුත්තේ ජාතිය යනුවෙන් හැදින්වෙන්නේ කුමක්ද යන ප‍්‍රශ්නයටයි” මේ සදහා විවධ තේරුම් ශබ්ද කෝෂයන්ගේ සහ විශ්වකෝෂයන් වෙතින් ලබා ගත හැකියි” ඒ අතරින් එක්තරා ආකාරයකට විශාල වශයෙන් යොද ගන්නා තේරුමක් ලෙසින් අපට පෙනී යන්නේ ‘සමාන ධර්ම (පිළිගැනීම්) ඇත්තන්ගේ සමුහය’ යන අදහසයි” තවත් පැත්තකින් සිංහල භාෂාවේ යෙදෙන ‘ජාති’ නැමති වචනයට නිරුක්තියක් පාලි භාෂාවෙන් සොයා ගතහොත් කියවෙන්නේ ‘යම් ජන්මයකට අයත්’ යන අර්ථයයි” තවත් පැත්තකින් ‘යම් පොදු විශ්වාසයක් හෝ පොදු විශ්වාස පද්ධතියක්’ පිලිගන්නා සාමුහීකත්වය යන අදහස ජාතිය යන පදය මගින් නියෝජනය වූ බවක්ද තිබෙන බව පිළිගත හැකිය” මහාචාර්ය ධර්මදස ඔහුගේ ජාතිකානුරාගය නම් වූ කෘතියේ දක්වන්නේ ‘තමා යම් යම් කරුනු නිසා එකට බැදි සිටිනවා’ යන අදහස ජාති යන පදයෙන් අදහස් වෙන බවයි” මේ ‘එකට බැදිම’ කුමන කරුණු නිසා සිදුවූ එකක්ද සහ කුමන කරුනු පදනම් කරගනිමින් සිදුවූ දෙයක්ද යන කාරණය යන කාරණය මෙහිදි විමසා බැලී වැදගත්ය” එසේ ‘එකට බැදිම’ සදහා අපි විසින් පිළිගනු ලබන ‘පොදු පිළිගැනීම් පද්ධතිය’ යනු අපි විසින්ම ‘යම් සමාජ දේශපාලන සන්දර්භයක නිර්මාණය කරගත් දෙයක්ද’ එසේත් නැතිනම් ‘යම් සාරයක් සහිතව අඛණ්ඩව ගලාගෙන පවතින්නා වූ දෙයක්ද’ යන කාරණය මේ සමග බැදි ඇති බව අවධානයට ගැනීම වැදගත්ය” ජාතියේ ආර්ම්භය පිළිබදව පසුකාලීනව ඉදිරිපත් වූ අදහස් දෙකක් වන නුතනවාදය (Modernism) හා ආදිකෘතවාදය (Primordialism) පදනම් වන්නේ පිළිවෙළින් මේ අදහස් දෙක මතය.
මෙසේ එකට බැදි සිටීම යනුම ‘යම් අභියෝගයක් හමුවේ පොදු අරමුනක් හරහා එකතුකිරීමක්’ නම් එසේ එකතු කිරීම සදහා එක් මහා පොදු සාධකයක් (කොන්දේසියක්) අනෙක් සාධකවලට ඉහලින් (එකිනෙකා වෙන් කරන කුලය පලාත වැනි සාධකවලට ඉහලින් තිබෙනවාද කියන කාරණය විමසීමටත් මේ විෂය ගැන උනන්දු වන අය උත්සාහ ගෙන ඇති බව පෙනී යයි” මුළින් ඇසූ ප‍්‍රශ්නයම වෙනත් ආකාරයකින් ඇසුවහොත් එසේ පොදු අරමුණක් සදහා එකට ගැට ගසා තබන ‘දෙය’ ^nation as a thing) මතවාදිමය වූ නිර්මිතයක් ද එසේත් නොමැතිනම් ඓතිහාසිකමය වූ දත්තමය වූ සොයා ගැනීමක්ද යන කාරණය විමසීම ජාතිකවාදය පිළිබදව සිදුකරන අධ්‍යයනයන් මගින් තේරුම් ගැනීමය උත්සාහ ගන්නා ප‍්‍රධාන කරුණු දෙකක් ලෙසින් සදහන් කළ හැකිය”
ජාතිකවාදය සම්බන්ධයෙන් කෙරෙන සංවාදවල සාකච්ජාවට ගු ලබන බෙනඩික් ඇන්ඩර්සන්ගේ Imagined Communities: Reflections on the Origins and Spread of Nationalism කෘතිය මෙහිදි ඉතාමත් වැදගත් සම්ප‍්‍රධානයක් සිදු කර ඇත” ඒ කෘතිය මගින් ඇන්ඩර්සන් මතු කරන්නේ ජාතිකත්වය යනු යුරෝපයේ ප‍්‍රංශ විප්ලවයෙන් පසු කාලයේ මතුවූ සංසිද්ධියක් ලෙසින් සහ එය යම් ආකාරයකට ‘මවාගත් සංසිද්ධියක්’ කියායි” 18 හා 19 වන සියවස් වල යුරෝපයේ මතුවූ තාර්කිකත්වය (rationalization) හා සමාජ දේශපාලන ආර්ථික තත්වයන්ගේ වර්ධනයන් මගින් එක් පැත්තකින් පැරනි ආගමික විශ්වාස දෙදරා යාමත් අනෙක් පැත්තෙන් පැරනි රාජ පරම්පරාවන්හි ආධිපත්‍ය ඉවත දමා ජනසම්මතවාදය මතුවීමත් නිසා ඇති වූ හිදැස ‘මතවාදිමය ආකාරයෙන්’පිරවීමට ජාතිකවාදය නැමති දෘෂ්ටිව මතුවූ බව ඇන්ඩසන්ගේ තීසිසයයි” එතෙක් කාලයක් සිටි ‘දෙවියන්’ සහ ‘රජුන්’ නිශ්ප‍්‍රභාකිරීම මගින් ඇතිකරන ලද ‘හුදකලාබව’ වසා තබන පොදු කල්පනාවන් හා පොදු පිලිගැනීම් මාලාවක් මුද්‍රණ ධනවාදයේ මතුවීත් සමග ගොඩනැගුනු බවට ඔහු තර්ක කරන්නේ මේ පදනම මත සිටිමින් වීම වැදගත් කාරණයක්” මෙම පොදු පිළිගැනීම් පද්ධතිය කල්පිතමය (imagination) වූ තත්වයක් බවත් එම කල්පිතය නිර්මානය වීම කෙරෙහි බලපාන සාධක අතර එකක් ලෙසින් ඉතිහාසය තේරුම් ගත හැකි බවත් ඔහුගේ අදහසයි” ජාතිකවාදය පිළිබදව වූ මේ නිර්වචනයට ආසන්න න්‍යායික සම්බන්ධතාවක් තිබෙන තීසිසයක් ඉදිරිපත් කළ තවත් ඉතිහාසඥයෙකු වන්නේ එරික් හොබ්ස්බෝම්ය” ඔහු විසින් රචිත The Invention of Traditions කෘතිය තුළින් හොබ්ස්බෝම් කියන්නේ ජාතිකවාදය, ජාතික රාජ්‍යය, ජාතික සංකේත සහ ජාතික ඉතිහාසය යනු ජාතිය යන සංකල්පය සමග මෑතදි නිෂ්පාදනය වූ දේවල් බවයි” මෙයින් කියන්නේ අද අපි තේරුම් ගන්නා ඓතිහාසිකමය වූ ජාතිය සම්බන්ධ සංකේත පද්ධතිය යනු යුරොපයේ මෑතකදි ගොඩ නැගුනු සංකල්පීය ව්‍යුහයක් තුළ ප‍්‍රතිනිර්මිණය කරගත් දේවල් පද්ධතියක් බවයි” ඒ අර්ථියෙන් හොබ්ස්බෝම් දකින්නේ ජාතිකත්වය යනු ජනතාවක් සදහා නිෂ්පාදනය කරන ‘පසු’ දෙයක් බවයි” සම්ප‍්‍රදය යනු ‘සොයාගන්නා’ හෝ ‘හදගන්නා’ දෙයක් බවට ඔහු ගෙනෙන තර්කය ඔහු ඉතිහාසය සම්බන්ධ කරයි”
‘සිංහයාගේ ජනතාව’ සංවාදයේ න්‍යායික පදනම සකස් වන්නේ ගුනවර්ධන විසින් ඔහුගේ පත‍්‍රිකාවේ සිංහල ජාතියේ ආරම්භය පිලිබදව නුතනවාදයේ ආභාෂයෙන් මතුකළ ‘මැතකදි හදගත් දෙයක්’ බවට ගෙනෙන ලද තර්කයයි” මේ පිලිබදව ධර්මදස ඉදිරිපත් කළ පිළිතුර නියෝජනය වන්නේ ජාතිකත්වය පිළිබදව ආදිකෘත පදනම නියෝජනය කරන තර්කයකි” මේ ගැන ඉදිරියේදි ලියන්නට අදහස් කරමි”
- චරිත හේරත් -
No comments:
Post a Comment