අපේ රටේ දැන් පවතින පළාත් සභා ක්රමය පිහිටවූයේ ඉන්දු ලංකා ගිවිසුමේ ප්රතිඵලයක් ලෙසින් බව අපි හැමෝම දන්නා කාරණයක්ය. ඒ ගිවිසුම අත්සන් කරන්නට ගොස් මුලූ රටම ගිනි ගත්තා යැයි කීමේ වැරුද්දක්ද නැත. ඒ කාලයේ ශ්රීලනීපයත් ජවිපෙයත් පෙනී සිටියේ මේ පලාත් සභා ක්රමයට විරුද්ධවය. පළමුවෙන්ම පැවති පලාත් සභා මැතිවරණයට ඒ පක්ෂ දෙකම තරග කෙරුවේද නැත. තරග කෙරුවේ නැතිවා පමණක් නොව එසේ තරග කළ වාමාංෂික පක්ෂවල නායකයින්ට ජවත්වීමේ අයිතිය පවා ‘දේශප්රෙමීන්’ යැයි කියු අය විසින් පැහැර ගනිමින් තිබුනි. දැන් තියෙන පළාත් සභා ක්රමය හැදුවේ (හැදුනේ) එවැනි ආකාරයෙන් දිවි පුද යැයි කීමේ වැරුද්දක් ද නැත.
උතුරේ ප්රශ්නයට පිළිතුර යැයි කියා පලාත් සභා ක්රමය ගෙනාවාට උතුරේ පළාත් සභාව හරියට පිහිටවන්නට ඒ කාලයේ සිටි එජාප රජයට හැකියාවක් ලැබුනේ ද නැත. යම්තම් අටවා ගත් වර්ධරාජා පෙරුමාල්ගේ පලාත් සභාව විසුරුවා හරින්නට පේ්රමදස මහතාට බලකෙරුණු බව අපි හැමෝමට තවමත් මතකය. ඊට පසුව එජාපයෙන් හා ශ්රීලනීපය ප්රධාන සන්ධානයෙන් ආණ්ඩු හා ජනාධිපතිවරුන් බලයට පැමිනියත් උතුරේ පළාත් සභාවක් පිහිටවන්නට ඒ කාටවත් හැකියාවක් ලැබුනේ නැත. විශේෂයෙන් 1994 පසුව 2005 දක්වා පහලවූ නායකයෝ හැමෝම වගේ තමන්ම තමන්ට සාමයේ දුතයෝ හා දුතිකාවෝ යැයි කියා ගත්තාට ඒ කාටවත් ප්රභාකරන් කැමති දේ මිසක් එයට වෙනස් දේවල් කරන්නට හැකියාවක් තිබුනේත නැත. අද උතුරේ තියෙන්නේ ඒ ප්රභාකරන්ව පරාජයට පත් කරමින් දිනාගත් ප්රජාතන්ත්රවාදි අවකාශය මත මහින්ද රාජපක්ෂ විසින් යම්තම් පිහිටවූ පළාත් සභාවය.
Friday, June 29, 2018
Friday, June 15, 2018
ඇලෝසියස්ට ගිය පාර්ලිමේන්තුව
පාර්ලිමන්ට් ජොක්ස් කියා චිත්රපටියක් ආවේ මීට වසර කීපයකට පෙරදිය. ඒ චිත්රපටියෙන් පෙන්නූයේ මේ රටේ පාර්ලිමේන්තුවේ අද තිබෙන හාස්යජනක ස්වරූපය පිළිබදවය. හුගක් දුරට මේ කාලයේ රාත්රීයේ රූපවාහිනී නාලිකා වල පෙන්වන ප්රවෘත්තිවල වුනත් ‘හිනායන කෑලී’ ටිකක් ලෙසින් දමන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්රීවරුන් කරන විහිලූ සහගත කථා හෝ කුණුහරප කථාවලින් කපා ගත් කොටස් ටිකක්ය. පාර්ලිමේන්තුව යනු අපේ රටේ තිබෙන වැඩියෙන්ම අපයෝජනයට ලක් වූ ආයතනය බවට මේ වන විට පත්වී ඇති බව ඉතාමත් පැහැදිලිය. බිතාන්ය යටත් විජතයේ අයිතිකාර සුද්දන් මේ රට හැර ගිය පසු වැඩිම වේගයකින් දරුණුම ආකාරයෙන් කඩා වැටුන ආයතනය වන්නේ පාර්ලිමේන්තුව යැයි සිතෙන තරමට මේ ආයතනය විකාර රූපී පැත්තකට ගමන් කරමින් තිබෙන බවට සාක්ෂි ඕනෑ තරම් මේ දිනවල මතුවෙමින් තිබෙන්නේ ඒ නිසාය. මට මේ කාරනය ගැන ලියන්න හිතුනේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්රීවරුන් කීප දෙනෙකු පදනම් කරගනිමින් මේ දවස්වල සිදුවූ ප්රධාන සිදුවීම් කීපයක් දෙස බැලීමෙන්ය.Friday, May 25, 2018
ජනරජයක්ද ? කොළනියක්ද ?
අපේ රටේ ජනරජ දිනය යෙදෙන්නේ මැයි මාසයේ 22 දටය. මේ කාලයේ තරුණයින්ට මේ පිළිබදව එච්චර දැනීමක් නැති වුනාට අපේ රටඅපිම පාලනය කරන ජනරජයක් බව පත් වූයේ 1972 මැයි 22 සම්මත වූ දෙවන ආණ්ඩු ක්රම ව්යවස්ථාවත් සමගය. 1970 මැතිනියගේ ආණ්ඩුව මේ දිනය ජනරජ දිනය ලෙසින් ප්රකාශයට පත් කළා පමණක් නොව අපේ රට නිදහස් වූ දිනය ලෙසින් ඒ දිනය සමරන්නටත් පටන් ගත් බව වැඩිහිිටි බොහෝ අය දන්නා කාරණයක්යග 1977 ජේ.ආර් ගේ පාලනය පැමිනි විගසම ආණ්ඩුක්රම ව්යවස්ථාව වෙනස් කරන්නටත් කලියෙන් ඔහු කළේ ජනරජ දිනයේ නිවාඩුව අහෝසි කිරීමය. එපමණක් නොව වහාම කි්රයාත්මක වන පරිදි නිදහස සැමරීම නැවතත් පෙබ 4 දිනට (අයිවර් ජෙනිස් ගේ බිරිදගේ උපන් දිනය දවසටම ගෙනාවේය. 1977 එජාප ආණ්ඩුව 1994 අපි පරාජයට පත්කළත් මේ කාරණය ගැන අලූතින් සිතන්නට අලූත් ශ්රීලනීප රජයන් එකක්වත් කටයුතු කළේත් නැති බව මෙහිදි පැවසිය යුතුමය.
Saturday, May 19, 2018
‘වින්දිත-මනෝභාවය’ නිෂ්පාදනය කිරීම
Friday, May 18, 2018
අපේ දේශපාලනයේ ඊලග ‘පිම්ම’...

පසුගිය සතියේ මා ලිවූයේ මේ රටේ දේශපාලනයේ පශ්චාත් එජාප සහ පශ්චාත් ශ්රීලනීප (post UNP-Post SLFP condition) තත්වයක් ගොඩ නැගෙමින් තිබෙන බව ය. මේ සටහනෙන් බලාපොරොත්තු වන්නේ ඒ අදහස තව දුරටත්සා කච්ජා කරන්නටය. විශේෂයෙන්ම මේ අලූත් තත්වය හමුවේ ආණ්ඩුවට විරුද්ධ දේශපාලනය සංවිධානය විය යුත්තේ කෙසේද කියන කාරණ ගැන අදහසක් ගෙන ඒමය. 1977 ජෙ ආර් ජයවර්ධන පාලනයෙන් ආර්ම්භ වූ දේශපාලන ක්රියාදමයේ අවසානය සටහන් වන්නේ 2015 ජනාධිපතිවරණයෙන් බව කිව හැකි කාරණා ගණනාවක්ම අපට නිරික්ෂණය කළ හැකිය. එක් කාරණයක් වන්නේ ආර්ථික ක්ෂේත්රයේ අපි යමින් තිබු ගමන් මාර්ගය පිළිබදව බරපතල පසු විමසුමකට මේ ජනාධිපතිවරණය හරහා අපි පැමිණ ඇති බවය.
Friday, May 11, 2018
ලාංකේය දේශපාලනයේ ‘සිව්වෙනි’ යාමය
මේ දිනවල සිදුවෙන දේවල් දෙස බලන විට පෙනී යන ප්රධාන කාරණයක් වන්නේ රටේ දේශපාලනය ඉතාමත් සංකීර්ණ තත්වයකට පත් වෙමින් තිබෙන බවය. මෙයින් කියවෙන්නේ පසුගිය 2015 ජනවාරි ජනාධිපතිවරණයත් සමග ආරම්භ වූ යුගය නිශ්චිතවම නිමාවට පත්වෙමින් තිබෙන බව පමණක් නොව මේ රටේ දේශපාලනයේ යුග පෙරලියක් සිදුවීමේ පිඹුරුපත් සකස් වෙමින් තිබෙන බවය. මේ කාරණය පිළිබදව තරමක් පළල් ආකාරයෙන් සළකා බැලීම ඒ නිසාම ඉතාමත් වැදගත්ය.
මීට පෙර සටහනක ද මවිසින් ලියූ පරිදි 1948 පසුව මේ රටේ දේශපාලනය පදනම් වන්නේ න්යායික පදනම් තුනක් මත යැයි කියා කීමේ වැරුද්දක් නැත. ඒ කියන්නේ ඇඩම් ස්මිත් (ධනවාදය) කාල් මාක්ස් (සමාජවාදය) සහ අනගාරික ධර්මපාල (ජාතිකවාදය) ලෙසින් වූ න්යායික පදනම් තුනක් මත මේ රටේ දේශපාලනය පිහිටා තිබූ බවය. අපේ රටේ ප්රධාන පක්ෂ විසින් පසුගිය නිදහසින් පසු ගෙවුනු අවුරුදු 70 කාලය පුරා මේ රට සංවිධානය කර ඇත්තේ වෙන වෙනම හෝ එසේත් නැතිනම් එකට මිශ්රකරමින් හෝ මේ කියන න්යායක පදනම් තුන මත පදනම් කරගනිමින්ය. අපේ රටේ දේශපාලන පක්ෂ වූ එජාපය වාමාංෂික ව්යාපාරය හා ශ්රීලනීපය පිළිවෙලින් පෙනී සිටියේ ධනවාදය සමාජවාදය හා ජාතිකවාදය වෙනුවෙන් යැයි කියා කීමේ වැරුද්දක් නැති බවට බොහෝ අය එකග විය හැකිය. (මේ සංකල්පීයකරණය හරහා මා බලාපොරොත්තු වන්නේ මේ තත්වය සරළ ආකාරයෙන් තේරුම් ගැනීමටය. ඒ නිසා මේ සමීකරණයට මෙරට පැවති සියලූම දේශපාලන ව්යාපාරයන් හා ජාතිකවාදි ව්යාපෘතීන් ඇතුලත් කරන්නේ නැති බව සදහන් කළ යුතුය. දැන් 2015 ජනවාරියේ සිදු වූ දේශපාලන අත්හදා බැලීම අර්බුදයට යාම මගින් පෙන්නුම් කරන්නේ ඉහත සදහන් සියලූම සුසමාදර්ශයන්ගේ දේශපාලන පැවැත්ම ලංකාවේ දේශපාලන සන්දර්භය තුළ නිමාවට පත් වීම සටහන් වූ බවයි. මේ ව්යාපෘතීන් තුන 1977 ජයවර්ධන දේශපාලනය විසින් උඩු යටි කුරු කරන්නට ආරම්භ කළ බව සැබෑවක් වුවත් එය ‘නිට්ටාවටම’ නිමාවට පත් වූයේ 2015 ජනවාරියත් සමග බව පිළිගැනීම වඩාත් නිවැරිදිය.

Saturday, April 28, 2018
විප්ලවයද ප්රතිසංස්කරණයද
පසුගිය කාලයේ මවිසින් රාවයට ලියු තීරු ලිපියම යලිත් වරක් ජනරංජන සංස්කරණය කරන අලූත් පුවත් පතට ලියන්නැයි යෝජනාව ආවේ ටික දවසකට පෙරදිය. රාවය පුවත් පතේ සිටි කණ්ඩායම් අතර අභ්යන්තර ගැටුම් හේතුවෙන් හා තවත් අපි නොදන්නා කාරණා හේතුවෙන් ජනරංජන රාවයෙන් ඉවත්වීමත් සමගම ඒ පුවත්පතට මා ඇතුලූ කීපදෙනෙකු ලියූ තීරු ලිපි ඇතුලත් පිටුව නවත්වන්නට සිදුවූ බැව් සමහරුන් දන්නා කාරණයක්ය. කොහොමටත් රාවය පාඨකයින්ගේ බහුතරයට ඔවුන්ගේ දේශපාලන සිතීමේ අනෙක් පැත්තේ සිටින මා වැනි අයගේ ලිපි කියවීමේ අවශ්යතාවක් හෝ කැමැත්තන්ද නොමැති බවද සත්යයක් වුවත් මා ඒ ලිපිය මගින් බලාපොරොත්තු වූයේ සමාජ සංවාදයේ අපේ පසමිතුරන්ගේ පිටියට ගොස් කරන සංවාදයක් කිරීමය. වෙන වෙනම කරන දේශපාලන කෑකෝ ගැසීම් එකිනෙකා අභිමුඛව සිදු කිීමේ වැදගත්කමක් තිබෙන නිසාය. ඒත් රාවයේ බලදේශපාලනය විසින් එකිනෙකා අතර ගැටුමක් හද ගත් නිසා ඒ වැඬේ එතැන දිගටම කරන්නට නොහැකි විය.
Subscribe to:
Posts (Atom)