Saturday, April 28, 2018
විප්ලවයද ප්රතිසංස්කරණයද
පසුගිය කාලයේ මවිසින් රාවයට ලියු තීරු ලිපියම යලිත් වරක් ජනරංජන සංස්කරණය කරන අලූත් පුවත් පතට ලියන්නැයි යෝජනාව ආවේ ටික දවසකට පෙරදිය. රාවය පුවත් පතේ සිටි කණ්ඩායම් අතර අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් හා තවත් අපි නොදන්නා කාරණා හේතුවෙන් ජනරංජන රාවයෙන් ඉවත්වීමත් සමගම ඒ පුවත්පතට මා ඇතුලූ කීපදෙනෙකු ලියූ තීරු ලිපි ඇතුලත් පිටුව නවත්වන්නට සිදුවූ බැව් සමහරුන් දන්නා කාරණයක්ය. කොහොමටත් රාවය පාඨකයින්ගේ බහුතරයට ඔවුන්ගේ දේශපාලන සිතීමේ අනෙක් පැත්තේ සිටින මා වැනි අයගේ ලිපි කියවීමේ අවශ්‍යතාවක් හෝ කැමැත්තන්ද නොමැති බවද සත්‍යයක් වුවත් මා ඒ ලිපිය මගින් බලාපොරොත්තු වූයේ සමාජ සංවාදයේ අපේ පසමිතුරන්ගේ පිටියට ගොස් කරන සංවාදයක් කිරීමය. වෙන වෙනම කරන දේශපාලන කෑකෝ ගැසීම් එකිනෙකා අභිමුඛව සිදු කිීමේ වැදගත්කමක් තිබෙන නිසාය. ඒත් රාවයේ බලදේශපාලනය විසින් එකිනෙකා අතර ගැටුමක් හද ගත් නිසා ඒ වැඬේ එතැන දිගටම කරන්නට නොහැකි විය.
කළ යුත්ත නොකළ යුත්ත නොදැනීම
පසුගිය පෙබරවාරි 10 වැනි දින පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිසා මේ ආණ්ඩුවේ ඇතිවූ ‘පැල්ම’ හෙවත් ‘අර්බුදය’ තවමත් සමහන් වී නැතිවා ගානය. එපමණක් නොව එදිනෙදා සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ ඒ අර්බුදය දිනෙන් දිනම තව තවත් වර්ධනය වන බවය. අනෙක් අතට ආණ්ඩුවේ මේ අර්බුදය හේතුවෙන් රටේ පාලනයේ ඇතිවී තිබෙන කඩා වැටීම සමහන් කරගන්නට ඒ අය යෙදූ කිසිදු උප්පරවැට්ටියක් වත් හරියට වැඩ කළේ නැති බව කාටත් හොඳින් පැහැදිලිය. එජාපයට යම්තමින් වත් පණක් ලැබුණේ ඒකාබද්ධයේ පැත්තෙන් යැවුණ ‘වැරැදි පන්දුවක්’ වූ විශ්වාසභංගයෙන් ඒ අය ලැබු ජයග්‍රහණය නිසා බව සැබෑය. එහෙත් ඒ ජයග්‍රහණයවත් ‘මාකට්’ කරගන්නට ඉඩක් නොදෙන තරමට මහින්ද පැත්තේ මාධ්‍ය හැසිරවීම් ශක්තිමත් කරන්නට හැකිවීම ගැන මහින්ද බලවේගයේ හැමෝම සතුටට පත්විය යුතුය. ඒ සියල්ලත් සමගින් දැන් මහින්ද යළිත් දකිමින් සිටින්නේ විශ්වාසභංගය ගේන්න පෙර පටන්ම පැවති ආණ්ඩුවේ අවුල් සහගත තත්ත්වයේම දිගුවක් යැයි කීමේ වැරැද්දක් නැත. රටක රාජ්‍ය පාලනය වසර කීපයක් තුළ මෙච්චර අවුලක් බවට පත් කරන්නේ කෙසේදැයි මුළු ලෝකයටම ටියුෂන් දිය හැකි ගානට ආණ්ඩුවේ කඩා වැටීම හැම පැත්තෙන්ම පෙන්නුම් කර තිබෙන බව පැහැදිලිය. මේ ආණ්ඩුව පැමිණියාට පසුව කඩා වැටෙන්නේ නැතිව ඉහළටම යන්නේ ඩොලරයට සාපේක්ෂකව ඇති රුපියලේ අගය පමණක්ය. එය දිනපතාම ඉහළ යන බව අප හැමෝම දන්නා කාරණයකි. එමගින් ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙමින් තිබෙන බවත් ඒ වගේම සැබෑවක්ය.
Friday, April 6, 2018
බස් එක මිස්වීම
අගමැතිවරයාට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පෙරෙද පාරලිමේන්තුවේදි පරාජයට පත්වූ බව දැන් කවුරුත් දන්නා කාරණයක්ය. ආණ්ඩුවට හා අගමැතිවරයාට විරුද්ධව ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ කීපයත් විපක්ෂ නායකයාගේ ටී. එන්. ඒ. පක්ෂයත් එකට එක්වී ජන්දය දිමෙන් පරාජයට පත් කරණ ගානට ‘අමුතු ප්රජාතන්ත්රවාදයක් තියෙන’ රටක් බවට මේ සිද්ධියත් අපේ රට පත්වී ඇති බවත් මෙහිදි අපේ අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය. ඊටත් අමතරව නිළ ශ්රීලනීපයේ කණ්ඩායම් මේ විශ්වාසභංග යෝජනාවට ජන්දය දිමෙන් වැලකී සිටීමෙන් පෙන්නුනම් කළේ ඒ අය පසුගිය පලාත් පාලන මැතිවරණය පුරාම කියූ රනිල්ගේ මහ බැංකු හොරකම පිළිබද කථාව තමන්වත් පිලිනොගන්නා බොරුවක් බව යැයි කීමේ වැරුද්දක්ද නැත. ඒ සියල්ල එසේ තිබියදි අපේ සමහරුන් සිතන්නේ මේ වෙළාවේ අනවශ්‍ය සටනක් කරන්නට ගොස් බලාපොරොත්තු වූ ජයග්‍රහනය ලබා ගන්නට අපට නොහැකි වී ඇති බවය. මේ සටන මේ මොහොතේ නොකළා නම් වඩා හොද යැයි මගේත් අදහසය. මා එසේ කියන්නේ අනවශ්‍ය කඩා වැටීමක් සදහා නොව මේ ආණ්ඩුවට විරුද්ධව කරන ඊලග සටන් සදහා වඩාත් ශක්තියක් නිර්මාණය කර ගැනීමේ පැත්තෙන් මේ ප්රශ්නය දෙස බැලීම හරහාය. අනෙක් අතට ඊලග සටන් මීට වඩා වෙනස් තැනකින් පටන් ගැනීම සුදුසු යැයි යෝජනා කිරීම සදහාය. ඒ නිසාම මේ සටනේ ජයග්රහනයන් මොනවාද පරාජයන් මොනවාද කියා තෝරා ගැනීම මේ ආණ්ඩුවට විරුද්ධව කරන ඊලග සටන් තේරීම සදහා පමණක් නොව ඒවා ජය ගැනීම සදහා විශාල පිටුවහලක් වනු නොඅනුමානය.Sunday, April 1, 2018
ව්‍යවස්ථා අර්බුදය - දේශපාලන අර්බුදය මැද ලංකා දේශපාලනයේ අද සහ හෙට
http://www.yuthukama.com/2018/04/CharithaHerathInterview.html
මවිසින් සමග #ART #TV සමග කරන ලද ව්‍යවස්ථා අර්බුදය - දේශපාලන අර්බුදය මැද ලංකා දේශපාලනයේ අද සහ හෙට සාකච්ජාව (#Public #Space) පහත ඇති සබැදියාවෙන් ලබා ගත හැක
http://www.yuthukama.com/2018/04/CharithaHerathInterview.html
Wednesday, March 28, 2018
කොළපාට ‘වම’
කොළපාට සමාජය කියා සී ඒ චන්ද්‍රපේම විසින් පොතක් ලීවේ අනුව දශකයේ මුල භාගයේය. ඒ කාලයේ දේශපාලනය කළ අපේ කණ්ඩායම් අතර ඒ පොතට විශේෂ අවධානයක් ලැබුනේ එජාපයේ දේශපාලනය විසින් රටට තුළ ගොඩ නැගූ ‘තත්වය’ (Condition) එම පොත මගින් සංකල්පනාත්මක ව හා තාර්තිකව වෙනස් ආකාරයකින් යුක්තිසහගත කර තිබු නිසාය. 1977 වර්ෂයෙන් පසුව මේ රටේ සිදු වූ දේශපාලන පරිවර්තනය ගැන එයට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් පමණක් බලමින් සිටි කණ්ඩායම්වලට ජෙ. ආර්. ගේ දේශපාලනය වෙනස් ආකාරයකින් හා වෙනස් ආකල්පයකින් (භෞතිකවාදි ආකල්පයකින්) බැලීමට චන්ද්‍රපේම විසින් යෝජනා කළ බව සමහරුන්ගේ මතය විය. එහෙත් එකල මෙරට වැඩ කළ වාමාංෂික බුද්ධිමය කේඩරය සහ ජාතිකවාදි බුද්ධිමය කේඩරය මේ කෘතියේ තිබු ප්‍රධාන තර්කයට තදින් පහර දුන් බව අපට තවමත් හොදින් මතකය. කොළපාට සමාජය මගේ මතකයට හදිසියේ ආවේ මේ දවස්වල දේශපාලනයට අලූතින් එක්වෙමින් තිබෙන එජාප-වාමාංෂික හවුල හෙවත් ‘කොළපාට වාමාංෂය’ ගැන සටහනක් ලියන්නට සිතුන නිසාය.
වාමාංෂිකයින් යැයි තමන් කියා ගන්නා ගමන් එජාපයේ දේශපාලනය ‘කැත නැතිව’ ආරක්ෂා කරන්නට තරම් ‘නිර්භය’ කණ්ඩායමක් වමේ දේශපාලනයෙන් මේ මතුවී තිබෙන්නේ ඉතිහාසයේ පළමු වතාවටය. වමේ පක්ෂවලට සම්බන්ධව සිටි විශාල කණ්ඩායමක් තමන්ගේ යටතට මේ ආකාරයෙන් ගැනීමට එජපයට මේ හැකි වූයේ 2015 ජනාධිපතිවරණයට පිං සිදුවන්නටය. ඊට පෙර හුගක් පැරනි කාලයේ පැවති 1965 මැතිවරණයෙන් පත්වුනු එජාප ආණ්ඩුවේ පිලිප් ගූණවර්ධන වැනි වාමාංෂිකයින් සිටියේ යැයි සමහරෙක් තර්ක කළ හැකි වුනත් මේ සිදුවෙමින් පවතින්නේ එයට වඩා බරපතල ආකාරයකින් වෙනස් දෙයකැයි මගේ අදහසය. අනෙක් අතට එජාපයෙන් බිහිවූ ප්රජාතන්ත්රවාදිම නායකයා යැයි සැළකිය හැකි ඩඞ්ලි සේනානායකගේ 1965 රජයට පිලිප් සම්බන්ධවීම එද වුවත් සැළකූයේ වමේ යැයි කියා ගන්නා ගමන් එජාපයේ දේශපාලන කරන්නට යාමක් ලෙසින් නොවේ. පිලිප් එජපයට ගොස් ‘වමේ’ කථා කීවේ නැති ගානය. එහෙත් අද සිදුවෙමින් පවතින්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්ය. සමසමාජ හා කොමිනියුස්ට් පක්ෂවල සිටි සමහරුන් සහ නව සමසමාජ පක්ෂයේ සමහර නායකයින්ද ඇතුලත් මේ කණ්ඩායම පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව මේ රටේ දේශපාලනය තුළ හැසිරෙන්නේ ‘ඇන්. ඇම්ටත් වඩා වමේ සහ රනිල්ටත් වඩා එජාපයේ වගේ’ විකාර රංගනයක් පෙන්නවමින් ය.
වාමාංෂික පක්ෂවල සිට 2015 ජනාධිපතිවරණය හරහා මෛත්‍රී වෙතට ගමන් කර එතැනින් රනිල් වෙතට මාරුවී ඇති මේ කණ්ඩායම් මුළින් රටට පෙන්වූයේ ඒ අයගේ අභිලාෂය වී තිබෙන්නේ ව්‍යවස්ථාමය වෙනසක් රටට යෝජනා කිරීම බවය. විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම බලය බෙදිම වැනි කාරනා පෙරට දමා ගනිමින් ඉදිරියට පැමිනි මේ කණ්ඩායම් මේ වන විට සිටින්නේ එජාපයේ අයවැය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන්නට පුදුම සහගත ආකාරයේ තර්ක ඉදිරිපත් කරමින්ය. තමාගේ වැඩිහිටි කාලය ම පාහේ වෙනත් රටක ජවත්වී මේ දවස්වල රටට පැමින ‘හදිසියේ විප්ලවය කරනවා වැනි වේගයකින් වගේ ලිපි ලියාගෙන ලියාගෙන’ යන කුමාර් ඬේවිඞ් මහතා ඉංග්‍රීසි පුවත්පතකට ලියා කියා තිබුනේ මේ අයවැය ඉතාමත් ඉදිරිගාමී එකක් බවය. අනෙක් අතට ඉතිහාසයේ පළමු වතාවට අලියා ලකුනින් පාරලිමේන්තු ගොස් සිටින සමසමජයේ (බහුතර පිළ යැයි කියාගන්නා පුංචිම කණ්ඩායමේ) නායකයා රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන කිසිවක් ප්‍රසිද්ධියේ කියන්නේ කියන්නේ නැත්තේ ඬේවිඞ් මහතා ආකාරයේම ‘ඉදිරිගාමී‘ බවක් මේ අයවැයේ තිබෙන නිසා දැයි මා දන්නේ නැත. හම්බන්තොට වරායෙන් පටන් ගෙන රජයේ සම්පත් විකිනීම ගැන කිසිවක් ඒ ‘වාමාංෂිකයින්’ කථා කරන්නේ නැත්තේ එසේ රජයේ සම්පත් විකිනීමට එහෙිවීම පසුගාමී නිසා දැයි අපි දන්නේ නැත. මහ බැංකු කොල්ලය ගැන සුසිරිපාල සහෝදරයා වැනි පැරනි වෘත්තීය සමිති නායකයින් මතු කර ඇති අභියෝගයන් ගැන කිසිවක් ‘සමසමාජයේ බහුතර කණ්ඩායම’ කියන්නේ නැත්තේ ඒ කථා සුලූතරයකගේ මතවාද නිසාදැයි දැනගත හැකි ක්‍රමයක් ද නැත.
රනිල්ගේ ආණ්ඩුව කියන්නේම රාජ්‍යය හැකි තරම් දිය කරන බවත් වෙලදපොළ හැකිතරම් ශක්තිමත් කරන බවත් ය. සුභසාධන ආර්ථිකය හා සහනාධාර මත ගෙඩ නැගී ඇති සෙසු ක්ෂේත්‍ර අහෝසි කරන බවත්ය. දැනටමත් පොහොර සහනාධාරය වැනි දේවල් වලට කප්පාදු කර අවසන් කර ඇත්තේ මේ නිසාය. එජාපයේ ආර්ථික ප්‍රතිපත්තිය තනිකරම එල්ලකර තිබෙන්නේ සුභසාධන ආර්ථිකය නිමා කරමින් වෙළදපොල මගින් හසුරුවන ආර්ථිකයක් බවට රට පත් කිරීමය. රාජ්‍යය හැකිලවීමේ හා වෙළදපොලට සියල්ල යට කිරීමේ එජාපයේ මේ දේශපාලනය මාක්ස් කියු ආකාරයේ රාජ්‍යය දියකර හැරීමක් මේ ‘කොළපාට වමෙන්’ ඇසෙන දිනය වැඩි ඈතක නොවන බව මගේ හැගීමය.
චරිත හේරත්
Published on Ravaya in Nov 2017
Monday, March 26, 2018
‘වින්දිත-මනෝභාවය’ නිෂ්පාදනය කිරීමමා මෙවර සටහන ලියන්නට සිතුවේ තරමක් වෙනස් මාතෘකාවක් ගැනය. එක් අතකින් මේ සටහන ලියන්නේ මගේ විෂය පැත්තෙන් ගැනෙන තරමක් බැරූරුම් දර්ශනික කාරණයක් පැහැදිලි කිරීමටත් එක්කය. මෙය දෘෂ්ඨිවාදය පිළිබදව මාතෘකාව සමග ඝෘජුවම සම්බන්ධ වි තිබෙන බවද මෙහිදි කිව යුතුය. අනෙක් අතට මේ මාතෘකව දේශපාලන මනෝවිද්‍යාව පැත්තෙන් ද බැලිය යුතු කාරණයක් කියා ද අවශ්‍ය නම් කිව හැකිය. මා කථා කරන්නට යන්නේ මෙරට සමාජයේ ප්‍රධාන දේශපාලන උත්පේරකයක් ලෙසින් මේ වන විට ගොඩ නැගී තිබෙන ‘වින්දිත මනෝභාවය’ (Victim Psyche) කාරණය පිළිබදවය. සරලවම ගතහොත් මේ කථා කරන්නට යන්නේ ප්‍රසිද්ධ ගීතයක කියවෙන අපේ රටේ හුගක් අය තුළ තියෙන ‘අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා’ කියන මානසිකභාවය සමග ගැට ගැසී ඇති දේශපාලනය පිලිබදවය. අපේ රටේ මේ යුගයේ සමාජ හැසිරවීම කෙරෙහි උතුර- දකුනු භේදයකින් තොරව මේ තත්වයේ සම්බන්ධතාවක් තිබෙන බව පෙන්නුම් කරන නිසා එහි බරපතල දේශපාලන වලංගුභාවයක් ද තිබෙන බව මගේ අදහසය.
වින්දිතයා යනුවෙන් අදහස් කරන්නේ යම් කිසි තත්වයක් හමුවේ බලපෑමකට යටත්ව පරාජයට පත්ව හෝ කනගාටුවට පත්ව සිටින පුද්ගලයා ලෙසින් සරළව තේරුම් ගත හැකි වුනත් වින්දිතයාගේ මානසිකභාවය යනු ඊට වඩා තරමක් සංකීර්ණ දෙයක් බව මගේ පිලිගැනීමය. මෙතැන ‘වින්දිතයෙක් සිටිනවා යැයි’ කියන විටම එහි අනෙක් පැත්ත වන ඔහුව වින්දිතයෙක් බවට පත්කළ පුද්ගලයෙක් හෝ හේතුවක් පවතිනවා යැයි පිලි ගැනීමක්ද ඇතිවන බව පැහැදිලිය. තවත් පැහැදිලිව කීවොත් වින්දිතයා යනු වෙන කෙනෙකුගේ හෝ යම්කිසි තත්වයක වින්දනයෙන් පීඩාවට පත්වූ තැනැත්තාය. එසේත් නොමැතිනම් වෙනත් පුද්ගලයෙකුගේ හෝ තත්වයක තියෙන වින්දනයක (සතුටක) විෂය වස්තුව බවට පත්වූ තැනැත්තා වින්දිතයාය. මා මුළින් කී පරිදි ඉංග්‍රීසියෙන් එයට කියන්නේ විකටිම් කියාය. දැන් වික්ටිම් කෙනෙක් සිටින්නට නම් (victor) වික්ටර් කෙනෙක් හෙවත් වින්දකයෙක්ද (වින්දනය කරන්නෙක්) සිටිය යුතුම බව පිලිගත හැකිය. නමුත් මෙතැන අද සමජය පැත්තෙන් වැදගත් කාරණයක් වන්නේ මෙවැනි දිර්ඝ කාලයක් පුරාවටම පැවතුනු වින්දිතභාවයේ මානසික තත්වයක් විසින් ගොඩනගන ලද ‘වින්දිත-මනෝභාවයක්’ අපේක්ෂා කිරීමේ තැනකට සමාජය පත්වීමය. එනම් මේ මානසික තත්වය විසින් අද ගොඩ නගා ඇත්තේ ‘වින්දකයෙක් නොමැතිවම වුවද වින්දිතයෙක් ලෙසින් තමාව පවත්වාගෙන යාමේ’ උත්සාහයක් ඇති මානසික ව්‍යාපාරයකට සමාජයේ විශාල කොටසක් හසු වී සිටීමය.
මේ කාරණය තව ටිකක් එහාට තේරුම් ගැනීම වැදගත්ය” දැන් මෙරට සමාජය තුළ මේ වින්දිකරණය විසින් ඇති කරන ලද මනෝභාවයක් වන්නේ තමාට එරෙහිව ඇති මහා ව්‍යාපෘතියක් විසින් සිදු කරනු ලබන බලපෑමකට හැමවිටම තමන් ගොදුරු වී ඇති බවට වූ හැගීමය. මේ ගොදුරුකරණයේ තත්වය බරපතල ආකාරයෙන් ගොඩ නැගුනු විට ජවත්වීම ලෙසින් හුගක් අය සළකන්නේ ඒ ගොදුරුකරණයෙන් ගැලවීමට හෝ එය ඉවත් කිරීමට දරන උත්සාහයය. මේ තත්වය තවත් සංකීර්ණ වූවහොත් සිදුවන්නේ ‘තමාව ගොදුරක් කරගෙන සිටින මහා ව්‍යාපෘතියේ බලපෑම භෞතිකව ඉවත් වුවත්’ මානසික ව තමන් ඒ ‘මහා බලපෑමෙන්’ ගැලවී ඇතැයි සිතන්නට හැකියාවක් ලැබෙන්නේ නැති ගානට වින්දිතකරණය සමග ගැට ගැහීමය. මේ නිසා සිදුවන්නේ වින්දිතභාවය හා ගොදුරුකරණය භෞතික වස්තුවක් (object එකක්) ලෙසින් ගැලවී ගොස් තිබුනත් එය දෘෂ්ධිවාදයක් (doctrine ලෙසින්) ලෙසින් දිගටම පවත්වා ගෙන යාමට වින්දිතයාම බරපතල උත්සාහයක් දැරීමය.
දැන් රටක් ලෙසින් අද මුහුණ දි සිටින්නේ දෘෂ්ඨවාදිව වින්දිතභාවය පවත්වාගෙන යාමේ උත්සාහය ජවිතය හා දේශපාලනය ලෙසින් ප්රතිවරනගනය වූ සමාජයකටය. උතුරේ සමාජය ජවත්වීම ලෙසින් තේරුම් ගන්නේ ‘දකුනේ මහා අනෙකා’ ලෙසින් වූ සිංහල සමාජයට තමාට එරෙහිව සිදුකරන්නාවූ වින්දිතකරණය හා ගොදුරුකරණය එරෙහිවීමේ මානසික ‘බිම’ හැදිම ජවත්වීම හා දේශපාලනය ලෙසින් තේරුම් ගැනීමටය. දකුනේ සමාජය විශේෂයෙන්ම ‘යටත්විජත මහා අනෙකා’ විසින් තමන්ව ගොදුරුකරනය කර ගැනීම හා වින්දිතකරණයට ලක් කිරීමට එරෙහිව වැඩ කිරිම දේශපාලනය ලෙසින් තෝරා ගන්නේ මේ සන්දර්භය හමුෙවිමය. මෙතැන තේරුම් ගත යුතු වැදගත්ම කාරණයක් වන්නේ මෙරට වාම දේශපාලනයත් ජාතිකවාදි කණ්ඩායම් මේ කාර්තුවේ දේශපාලනය කියා කරන්නේ වින්දිතමනෝභාවය නිෂ්පාදනය කිරීමේ (manifestation of Victim psyche) පැක්ටරි හැදිම මිස වෙන යමක් නොවන බවය.
චරිත හේරත්
Published on Ravaya 2017 December
Subscribe to:
Posts (Atom)


