Tuesday, October 16, 2018
යථාර්ථය හා භාෂාවේ දේශපාලනය
මෙවර ඉන්නිසයෙන් සාකච්ජා කරන්නට බලාපොරොත්තු වන්නේ භාෂාවක් මිනිස් ජීවිතයට සම්බන්ධ වන ආකාරය පිළිබදවයි. වෙනත් ආකාරයකින් කිවහොත් මා බලාපොරොත්තු වන්නේ මිනිසාගේ පැවැත්මට භාෂාවක් සම්බන්ධ වෙන ආකාරයේ තිබෙන දර්ශනික තත්වය හා දේශපාලනමය ස්වරූපය පිළිබදව සාකච්ජා කිරීමට ය. මේ මාතෘකාව දකින විටම සමහරෙකුට මතුවිය හැකි ප්‍රශ්නයක් වන්නේ භාෂාව ගැන එච්චරම බරපතළෙට කියන්නට තියෙන්නේ කුමක්ද කියායි. භාෂාව යනු බරපතලෙට ගත යුතු දෙයක් නොව් යැයි අපට හිතෙන්නේ හේතු දෙකක් නිසාය. ඒ එකපැත්තකින් අපිත් හොද භාෂා කප්පිතන් යැයි සමාජයේ සිටින බොහෝ අය සිතාගෙන සිටින නිසාය. අනෙක් පැත්තෙන් එහෙම හිතෙන්නේ භාෂාව අපේ ජීවිතයට සිදුකරන බලපෑම ගැන හරිහමන් අදහසක් ලබා ගැනීමට තරම් නිහතමානීත්වයක් අපි කාටවත් නැති නිසා ය.
Sunday, October 7, 2018
පුපුරන්නට ආසන්න කුණුු කන්දක් වගේ වුණුු ආණ්ඩුව
මේ දවස්වල අපේ රටේ දේශපාලනයේ ප්‍රධාන ප්රශ්නය කුමක්දැයි කියන්නට කාටවත් හැකියාවක් නැත. එහෙම වෙන්නේ රටේ ප්‍රශ්න නැති නිසා නොව ප්‍රශ්න වැඩි නිසාය. මේ වන විට මේ රටේ ප්‍රධාන ප්‍රශ්න එකක් නොව විශාල ගණනක් එකවිට හැම පැත්තකින්ම පාහේ මෝදු වෙමින් තිබෙන තත්වයකට පත්වී ඇති බව ඉතාමත් පැහැදිලිය.
සාමාන්‍ය ජනතාව පමණන් නොව ආණ්ඩුවේ සිටින බොහෝ නායකයින් පවා කියන්නේ ආර්ථිකයේ තත්වය ඉතාමත් අසාද්‍ය බවය. ලෝකයේ ආර්ථිකය පිළිබදව වැදගත් සගරාවක් වන එකොනොමික්ස්ට් සගරාව විසින් මේ රටේ ආර්ථිකයේ ඇති පසුබෑම ගැන විමර්ෂණයක් කර තිබුනේ මීට සති කීපයකට කළින්ය. සාමාන්‍ය ජනතාවට ආර්ථික පැත්තෙන් ‘පාන්’ කියන්නට වත් බැරි ගානට අර්බුදයකට ගොස් ඇති බව කියන්නේ එකොනොමික්සට් සගරාව ඒ ගැන කියන්නට හුගක් කාලයකට පෙර පටන්ය. රටේ ජනතාව අතර මුදල් සංසරණය බරපතල ආකාරයෙන් අඩුවී ඇතිවා පමණක් නොව පෞද්ගලික අංශයේ රැකියාවල සිටින බොහෝ අයට නිසි පරිදි ගෙවීම් සිදුවන්නේ නැති ගානට මේ මුදල් සංසරණයේ ගැටලූව වර්ධනය වී ඇත. අනෙක් පැත්තෙන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ කඩාවැටීම හැමදාම සිදුවෙමින් පවතින්නේ කිසිම කළමනාකරණයක් නොමැති ආකාරයෙන්ය.
සාමාන්‍ය ජනතාව පමණන් නොව ආණ්ඩුවේ සිටින බොහෝ නායකයින් පවා කියන්නේ ආර්ථිකයේ තත්වය ඉතාමත් අසාද්‍ය බවය. ලෝකයේ ආර්ථිකය පිළිබදව වැදගත් සගරාවක් වන එකොනොමික්ස්ට් සගරාව විසින් මේ රටේ ආර්ථිකයේ ඇති පසුබෑම ගැන විමර්ෂණයක් කර තිබුනේ මීට සති කීපයකට කළින්ය. සාමාන්‍ය ජනතාවට ආර්ථික පැත්තෙන් ‘පාන්’ කියන්නට වත් බැරි ගානට අර්බුදයකට ගොස් ඇති බව කියන්නේ එකොනොමික්සට් සගරාව ඒ ගැන කියන්නට හුගක් කාලයකට පෙර පටන්ය. රටේ ජනතාව අතර මුදල් සංසරණය බරපතල ආකාරයෙන් අඩුවී ඇතිවා පමණක් නොව පෞද්ගලික අංශයේ රැකියාවල සිටින බොහෝ අයට නිසි පරිදි ගෙවීම් සිදුවන්නේ නැති ගානට මේ මුදල් සංසරණයේ ගැටලූව වර්ධනය වී ඇත. අනෙක් පැත්තෙන් ඩොලරයට සාපේක්ෂව රුපියලේ කඩාවැටීම හැමදාම සිදුවෙමින් පවතින්නේ කිසිම කළමනාකරණයක් නොමැති ආකාරයෙන්ය.
අලුත් දේශපාලනයක්
මේ රටේ දේශපාලනය අලූත් විය යුතු යැයි මේ දවස්වල වැඩියෙන්ම කියන්නේ 2015 ජනවාරියේ ආණ්ඩු වෙනසට මුල්වුණුු කණ්ඩායමේ සිවිල් සංවිධාන නායකයෝ ය. මේ කාණ්ඩයට ධම්ම දිසානායක මහතා කියන්නේ ‘ජනවාරිවරු’ කියාය. මේ ජනාධිපතිවරයා හා මේ ආණ්ඩුව හදන්නට මහන්සි වූ මේ සමහර සිවිල් සංවිධාන සාමාජිකයෝ අනිද්දා පත්‍රයේ ලියන ලිපි දෙස බැලූවිට පෙනීයන්නේ ඒ අයට සිදුවී තියෙන්නේ සැත්කම වැරැදී ලෙඩා මරණයට පත් වූ විටෙක දෙස්තර මහතාට මුහුණ දෙන්නට වෙන ආකාරයේ සන්තෑසියකට බව ය. ඒ කෙසේ වෙතත් දැන් රට මුහුණ දෙන්නේ අලූත් නායකයෙකු හදන්නට නොව අලූත් දේශපාලනයක් හදන්නට හැකි ව්‍යාපෘතියක් හදන්නේ කෙසේද කියන කාරණය නිරවුල් කර ගැනීමයට ය.
Friday, August 31, 2018
හුස්ම විතරයි - ඡන්ද නෑ
Thursday, August 16, 2018
පේරාදෙනියේ පහරදීම සහ ‘'පසුගාමී’' දේශපාලනය
පසුගිය සතියක පේරාදෙනිය විශ්වවිද්‍යාලය තුළ සිදුවූවා යැයි කියන පහරදිමක් පිළිබදව විවිධ ආකාරයේ අදහස් සමාජ මාධ්‍යයන් අතර මේ දිනවල හුවමාරු වෙමින් පවතී. ඊට අමතරව ප්‍රධාන මාධ්‍යවල ද, මේ කාරණය පිළිබද ප්‍රවෘත්තිය විවිධ ආකාරයෙන් වාර්තා වී තිබුණි.
මේ සිදුවීමට හේතුව වශයෙන් අපට දැනගන්නට ලැබී ඇත්තේ ගලහ පාරේ හිල්ඩා ඔබේසේකර ශාලාව (හිල්ඩා ගහ අසල) ඉදිරිපිට ස්වකීය කාරය නවතාගෙන දුරකථනයකින් කතාකරමින් සිටි අයෙකු ගේ ඇදුම විශ්ව විද්‍යාලයේ උප සංස්කෘතිය යැයි කියන දෙයට ගැලපෙන්නේ නැති බව කියමින් යම් ශිෂ්‍ය පිරිසක් මේ පුද්ගලයා සමග ගැටුමකට ගොස් ඇති බවය. පසුව දැනගත් පරිදි මේ රථයේ සිට ඇත්තේ වෛද්‍යවරයෙකු වන අතර උපසංස්කෘතියට නොගැලපෙන ඇදුම ලෙසින් ඒ ශිෂ්‍ය කණ්ඩායම අර්ථකථනය කර ඇත්තේ ඔහු කොට කලිසමක් ඇද සිටීමය. මේ සිදුවීම ගැන මා ඇසූ මේ කතාවට වෙනස් දේවල් ද, තිබිය හැකි අතර දැනට පොලිසියෙන් මේ පිළිබදව පරික්ෂණ පවත්වමින් සිටින නිසා ඒ ගැන වැඩි විස්තරයක් පැවසීමේ හැකියාවක් නැත. එහෙත් මේ ‘‘කොට කලිසම සහ උප සංස්කෘතිය සමග නොගැලපීම“ යන සිද්ධිය මේ පහරදිම සහ වෙනත් අවස්ථාවල පුද්ලයින් ගණනාවක් සම්බන්ධයෙනුත් මතුවී තිබෙන හෙයින් මේ ගැන කතා කිරීම ඉතාමත් සුදුසුය. ඉතාමත් වැදගත්ය.
Friday, August 10, 2018
යහපාලනයට ‘වහ කදුරු වූ’ ප්රජාතන්ත්රවාදය
මේ ආණ්ඩුව බලයට පත් වෙන විට කියූ එක ප්‍රධාන තර්කයක් වූයේ පැවැති රාජපක්ෂ ආණ්ඩුවේ පාලනය යහපත් නොවන බවත්, ඒ පාලනය වෙනුවට යහපාලනය නම් වූ අලුත් ආකාරයක පාලන ව්‍යුහයක් මගින් මේ රට පාලනය කළ යුතු බව ය. එයට අමතරව ඒ තර්කයේ තවත් දිගුවක් ලෙසින් පැවසුනේ මේ කියන යහපාලනය පැමිනි විට මේ රටේ පාලනය යම් ආකාරයකට ‘තිබුනාට වඩා වැඩි’ ප්රජාතන්ත්රවාදි ව්‍යුහයකට පරිවර්තනය කරන බව ය. ඒ අදහස වඩාත් සංවිධිතව අගමැතිවරයා විසින් ඉදිරිපත් කරමින් පැවැසුවේ ඔවුන්ගේ අනාගත පාලන ව්‍යුහය හරියටම සමාන වන්නේ ඉන්දියාවේ ‘ලිච්ඡවී’ ජනපදයේ තිබුනා යැයි කියන පළල් ප්රජාතන්ත්රවාදි රාමුවට බවයි.
Monday, August 6, 2018
වසර තුනට ‘තුන් බියක්’
වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් වසර තුනක් සම්පූර්ණ වෙන්නේ මේ මාසයටය. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූයේ 2015 අගෝස්තු මාසයේ වන අතර එජාපයේ හා ශ්රීලනීපයේ ලේකම්වරුන් විසින් ගිවිසුමක් අත්සන් කරමින් ‘සමගි රජයක්’ යැයි කියන මේ ආණ්ඩුව පිහිටවන්නට තීරණය කළේ ඒ මැතිවරණය නිමාවූ විගසමය. ආණ්ඩුවේ අය රටට කීවේ මේ කියන සමගි සන්ධානය හැදුවේ ඒ මැතිවරණයේදි කිසිම පක්ෂයකට පාර්ලිමේන්තුවේ සාමාන්‍ය බහුතරය නොලැබුණු නිසා කියාය. ඒත් ඒ මැතිවරණය පටන් ගන්නටත් පෙර සිටමත් සහ මැතිවරණය පවත්වන කාලයේදිත් ශ්‍රීලනීපය අභ්‍යන්තරයේ සිදු වූ දේවල් දෙස බලන විට පෙනී යන්නේ ‘මහින්දගේ ආණ්ඩුවක් එන එක වළක්වන්නටත් හා රනිල් ගේ ආණ්ඩුවක් එන එක ස්ථීර කරන්නටත්’ සමහරුන් තීරණය කර තිබුණේ මැතිවරණයට එන්නටත් පෙර කාලයේ පටන්ම බවය. මේ අවුරුදු තුනක් සම්පූර්ණ කරන්නේ එහෙම හද ගත් වර්තමාන ආණ්ඩුවටය. මා මේ ලිපියෙන් සාකච්ජා කරන්නේ මේ ආණ්ඩුව සැදිම පසුපස තිබෙන කුමන්ත්‍රණ හා පාවාදිම්වලින් පිරුණු ඒ කථාව නොවේ. මේ ලිපියෙන් අවධානය යොමු කරන්නේ වර්තමාන ආණ්ඩුවේ වසර තුකන පාලන කාලය තුළ රටේ මෝදු වෙමින් පවතින බිය ජනක තත්වයන් කීපයක් පැහැදිලි කරන්නටය. සරළවම කිවහොත් මේ ආණ්ඩුවේ තුන් අවුරුදු පාලනය විසින් මේ රටේ ජනතාවට ප්‍රධාන වශයෙන්ම තුන් බියක් නිර්මාණය කර ඇති බව කීමේ වැරුද්දක් නැත.
Friday, July 27, 2018
දයාන් මොස්කව් යැවීම
ආචාර්ය දයාන් ජයතිලක රුසියාවේ ශ්‍රී ලංකා තානාපතවරයා වශයෙන් වශයෙන් පත් කර ඇති අතර ඒ පත්වීම ස්ථිර කිරීම පිනිස පාර්ලිමේන්තුවේ උසස් නිලතල සදහා වූ කාරක සභාව වෙත මේ වන විට යොමු කර ඇති බව මේ දිනවල ප්‍රසිද්ධියට පත්වී ඇති කාරණයක්ය. මේ පත්කිරීම සම්බන්ධයෙන් ‘කොළඹ සිවිල් සමාජයේ’ කණ්ඩායමක් විසින් විරෝධතාවක් මතු කර තිබූ අතර ඒ විරෝධතාවය පාර්ලිමේන්තුවේ උසස් නිලතල කාරක සභාවේ ද අවධානයට ලක්වී ඇති බව නොනිල ආරංචි මාර්ගවලින් පෙන්නුම් කෙරී ඇත. මේ කාරණය ගැන ලියන්නට හිතුනේ දයාන්ගේ පත්වීම ගැනත් මේ කියන කොළඹ කේන්ද්‍රීයව හැසිරෙන සිවිල් සමා කණ්ඩායම ගැනත් යමක් ලිවීම වැදගත් යැයි සිතෙන නිසාය.
මෙහිදි මුළින්ම කිව යුතු කාරණය වන්නේ දයාන් මේ ආණ්ඩුවේ තනතුරක්ද රන්නට තීරණය කිරීම ගැනම මට ඇත්තේ බරපතල විරෝධයක් බවය. ඇත්තටම මට මේ පත්වීම දයාන් අනුමත කළේ ඇයිදැයි කියා හරියටම තේරෙන්නේවත් නැත. මේ පත්කිරීමෙන් ආණ්ඩුව බලාපොරාත්තු වෙන්නේ මේ කඩා වැටෙන විදේශ සම්බන්ධතා ජාලය යම් ආකාරයකින්වත් ගැටගසා ගැනීමට විය යුතුුය. ඒත් දයාන්ගේ පැත්තෙන් මේ පත්වීම අනුමකතිරීමෙන් වෙන්නේ ඔහුටත් රටටත් අනර්ථයක් ම බව මගේ තේරුම් ගැනීමය. මෙයින් එක් අතකින් සිද්ධ වෙන්නේ අනාගතයේ අපේ ආණ්ඩුවක වැදගත් කාර්යභාරයක් කරන්නට දයාන් තිබූ සදචාර ආධිපත්‍යය අර්බුදයට යාමය. අනෙක් අතින් මේ ආණ්ඩුවේ නායකයින්ටවත් ලිහා ගන්නට නොහැකි රාජකාරිමය පඹගාලක අහක සිටි දයානුත් නිරපරාදයේ පැටලීමය.
Friday, July 20, 2018
‘සිංහයාගේ ජනතාව’ සංවාදය යලි කියවීම
‘පලා බබා’ අපිට එපාද?
රටේ දේශපාලනය ගැන කථා කරන හුගක් අය මේ දවස්වල මුලික වශයෙන්ම අවධානයට ලක් කරන්නේ ආර්ථික තලයේ සිදුවෙමින් පවතින දේවල් පිලිබදවය. ආණ්ඩුවක හැකියාව පිලිබදව සොයා බලන එක් ප්‍රධාන මානයක් වන්නේ ආර්ථික තලයේ සිදුවෙන ජයග්රහන හෝ පරාජයන් විමසා බැලීම යැයි පිළිගත් මතයක් පවතින නිසා බොහෝ අවස්ථාවල සමාජ සංවාද අවකාශයේ බලය අත්පත් කර ගන්නේ ආර්ථිකමය තලයේ සාකච්ජාවන් විිසින් බව සැබෑය.
Friday, July 13, 2018
අලූත් දේශපාලන තත්වයක්
සෑම පැත්තකින්ම පෙනෙන්නට තිබෙන සාධකවලින් තහවුරු කෙරෙන්නේ 2015 ජනවාරි 8 ජනාධිපතිවරණයෙන් පසුව මේ රටේ දේශපාලනය සම්පුර්ණයෙන්ම පාහේ වෙනස් වී ඇති බවය. මේ ‘වෙනස්වීම’ යන වචනය මා කියන්නේ රටේ අනාගතය පැත්තතෙන් කිසිදු කල් පවත්නා සංවර්ධනයක් භෞතිකව හෝ ව්‍යවස්ථාමය වශයෙන් මේ ආණුඩුව එකතු කළා යන අදහස නොවේ. සංවර්ධනය පැත්තතෙන් බැලූවහොත් නම් මේ ගතවෙමින් තිබෙන්නේ නිදහසින් පසුව මේ රටේ තිබූ ඉතාමත් දුර්වලම පාලන කාලය යැයි කීමේ වැරුද්දක්ද නැති බව මගේ මතයය. අනෙක් අතට ව්‍යවස්ථාව පැත්තෙන් කරන ලද කිසිදු ධනාත්මක වෙනසක්ද නැතිබව පැහැදිලිය. මේ ආණ්ඩුව සිදු කළ ආණ්ඩු ක්රමයේ ප්‍රතිසංස්කරණය යැයි කියන්නේ 19 වන ව්‍යවස්ථා සංශෝධනයටය. ඒ සංශෝධනයත් මේ වන විට එකම අවුලක් බවට පත්වී ඇතැයි කියන්නේ අපි නොව ආණ්ඩුවේ නායකයින් විසින්මය. මේ ආණ්ඩුවේ මැතිවරණ ක්රමයන් සංශෝධනය කිරීම යනුම ජන්ද කල් දැමීමට යොද ගන්නා බොරුවලවල් බව දැන් නොදන්නා කෙනෙක් නැති ගානය. ඒත් 2015 පසුව මේ රටේ දේශපාලනය වෙනස් වී ඇතැයි මා කියන්නේ මේ ආණ්ඩුවේ රාජ්‍ය පාලනයේ තියෙන මේ අවුල් සහගතභාවයට වඩා එහාට ගිය කාරණයක් අදහස් කරගෙනය.
Friday, June 29, 2018
‘පළාත් සභා අහෝසිකිරීම’ යහපාලනයද?
අපේ රටේ දැන් පවතින පළාත් සභා ක්‍රමය පිහිටවූයේ ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රතිඵලයක් ලෙසින් බව අපි හැමෝම දන්නා කාරණයක්ය. ඒ ගිවිසුම අත්සන් කරන්නට ගොස් මුලූ රටම ගිනි ගත්තා යැයි කීමේ වැරුද්දක්ද නැත. ඒ කාලයේ ශ්රීලනීපයත් ජවිපෙයත් පෙනී සිටියේ මේ පලාත් සභා ක්‍රමයට විරුද්ධවය. පළමුවෙන්ම පැවති පලාත් සභා මැතිවරණයට ඒ පක්ෂ දෙකම තරග කෙරුවේද නැත. තරග කෙරුවේ නැතිවා පමණක් නොව එසේ තරග කළ වාමාංෂික පක්ෂවල නායකයින්ට ජවත්වීමේ අයිතිය පවා ‘දේශප්‍රෙමීන්’ යැයි කියු අය විසින් පැහැර ගනිමින් තිබුනි. දැන් තියෙන පළාත් සභා ක්‍රමය හැදුවේ (හැදුනේ) එවැනි ආකාරයෙන් දිවි පුද යැයි කීමේ වැරුද්දක් ද නැත.
උතුරේ ප්‍රශ්නයට පිළිතුර යැයි කියා පලාත් සභා ක්‍රමය ගෙනාවාට උතුරේ පළාත් සභාව හරියට පිහිටවන්නට ඒ කාලයේ සිටි එජාප රජයට හැකියාවක් ලැබුනේ ද නැත. යම්තම් අටවා ගත් වර්ධරාජා පෙරුමාල්ගේ පලාත් සභාව විසුරුවා හරින්නට පේ‍්‍රමදස මහතාට බලකෙරුණු බව අපි හැමෝමට තවමත් මතකය. ඊට පසුව එජාපයෙන් හා ශ්‍රීලනීපය ප්‍රධාන සන්ධානයෙන් ආණ්ඩු හා ජනාධිපතිවරුන් බලයට පැමිනියත් උතුරේ පළාත් සභාවක් පිහිටවන්නට ඒ කාටවත් හැකියාවක් ලැබුනේ නැත. විශේෂයෙන් 1994 පසුව 2005 දක්වා පහලවූ නායකයෝ හැමෝම වගේ තමන්ම තමන්ට සාමයේ දුතයෝ හා දුතිකාවෝ යැයි කියා ගත්තාට ඒ කාටවත් ප්රභාකරන් කැමති දේ මිසක් එයට වෙනස් දේවල් කරන්නට හැකියාවක් තිබුනේත නැත. අද උතුරේ තියෙන්නේ ඒ ප්‍රභාකරන්ව පරාජයට පත් කරමින් දිනාගත් ප්රජාතන්ත්රවාදි අවකාශය මත මහින්ද රාජපක්ෂ විසින් යම්තම් පිහිටවූ පළාත් සභාවය.
උතුරේ ප්‍රශ්නයට පිළිතුර යැයි කියා පලාත් සභා ක්‍රමය ගෙනාවාට උතුරේ පළාත් සභාව හරියට පිහිටවන්නට ඒ කාලයේ සිටි එජාප රජයට හැකියාවක් ලැබුනේ ද නැත. යම්තම් අටවා ගත් වර්ධරාජා පෙරුමාල්ගේ පලාත් සභාව විසුරුවා හරින්නට පේ‍්‍රමදස මහතාට බලකෙරුණු බව අපි හැමෝමට තවමත් මතකය. ඊට පසුව එජාපයෙන් හා ශ්‍රීලනීපය ප්‍රධාන සන්ධානයෙන් ආණ්ඩු හා ජනාධිපතිවරුන් බලයට පැමිනියත් උතුරේ පළාත් සභාවක් පිහිටවන්නට ඒ කාටවත් හැකියාවක් ලැබුනේ නැත. විශේෂයෙන් 1994 පසුව 2005 දක්වා පහලවූ නායකයෝ හැමෝම වගේ තමන්ම තමන්ට සාමයේ දුතයෝ හා දුතිකාවෝ යැයි කියා ගත්තාට ඒ කාටවත් ප්රභාකරන් කැමති දේ මිසක් එයට වෙනස් දේවල් කරන්නට හැකියාවක් තිබුනේත නැත. අද උතුරේ තියෙන්නේ ඒ ප්‍රභාකරන්ව පරාජයට පත් කරමින් දිනාගත් ප්රජාතන්ත්රවාදි අවකාශය මත මහින්ද රාජපක්ෂ විසින් යම්තම් පිහිටවූ පළාත් සභාවය.
Friday, June 15, 2018
ඇලෝසියස්ට ගිය පාර්ලිමේන්තුව
පාර්ලිමන්ට් ජොක්ස් කියා චිත්‍රපටියක් ආවේ මීට වසර කීපයකට පෙරදිය. ඒ චිත්‍රපටියෙන් පෙන්නූයේ මේ රටේ පාර්ලිමේන්තුවේ අද තිබෙන හාස්‍යජනක ස්වරූපය පිළිබදවය. හුගක් දුරට මේ කාලයේ රාත්‍රීයේ රූපවාහිනී නාලිකා වල පෙන්වන ප්රවෘත්තිවල වුනත් ‘හිනායන කෑලී’ ටිකක් ලෙසින් දමන්නේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් කරන විහිලූ සහගත කථා හෝ කුණුහරප කථාවලින් කපා ගත් කොටස් ටිකක්ය. පාර්ලිමේන්තුව යනු අපේ රටේ තිබෙන වැඩියෙන්ම අපයෝජනයට ලක් වූ ආයතනය බවට මේ වන විට පත්වී ඇති බව ඉතාමත් පැහැදිලිය. බිතාන්‍ය යටත් විජතයේ අයිතිකාර සුද්දන් මේ රට හැර ගිය පසු වැඩිම වේගයකින් දරුණුම ආකාරයෙන් කඩා වැටුන ආයතනය වන්නේ පාර්ලිමේන්තුව යැයි සිතෙන තරමට මේ ආයතනය විකාර රූපී පැත්තකට ගමන් කරමින් තිබෙන බවට සාක්ෂි ඕනෑ තරම් මේ දිනවල මතුවෙමින් තිබෙන්නේ ඒ නිසාය. මට මේ කාරනය ගැන ලියන්න හිතුනේ පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රීවරුන් කීප දෙනෙකු පදනම් කරගනිමින් මේ දවස්වල සිදුවූ ප්‍රධාන සිදුවීම් කීපයක් දෙස බැලීමෙන්ය.
Friday, May 25, 2018
ජනරජයක්ද ? කොළනියක්ද ?
අපේ රටේ ජනරජ දිනය යෙදෙන්නේ මැයි මාසයේ 22 දටය. මේ කාලයේ තරුණයින්ට මේ පිළිබදව එච්චර දැනීමක් නැති වුනාට අපේ රටඅපිම පාලනය කරන ජනරජයක් බව පත් වූයේ 1972 මැයි 22 සම්මත වූ දෙවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් සමගය. 1970 මැතිනියගේ ආණ්ඩුව මේ දිනය ජනරජ දිනය ලෙසින් ප්‍රකාශයට පත් කළා පමණක් නොව අපේ රට නිදහස් වූ දිනය ලෙසින් ඒ දිනය සමරන්නටත් පටන් ගත් බව වැඩිහිිටි බොහෝ අය දන්නා කාරණයක්යග 1977 ජේ.ආර් ගේ පාලනය පැමිනි විගසම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්නටත් කලියෙන් ඔහු කළේ ජනරජ දිනයේ නිවාඩුව අහෝසි කිරීමය. එපමණක් නොව වහාම කි‍්‍රයාත්මක වන පරිදි නිදහස සැමරීම නැවතත් පෙබ 4 දිනට (අයිවර් ජෙනිස් ගේ බිරිදගේ උපන් දිනය දවසටම ගෙනාවේය. 1977 එජාප ආණ්ඩුව 1994 අපි පරාජයට පත්කළත් මේ කාරණය ගැන අලූතින් සිතන්නට අලූත් ශ්‍රීලනීප රජයන් එකක්වත් කටයුතු කළේත් නැති බව මෙහිදි පැවසිය යුතුමය.
Saturday, May 19, 2018
‘වින්දිත-මනෝභාවය’ නිෂ්පාදනය කිරීම
මා මෙවර සටහන ලියන්නට සිතුවේ තරමක් වෙනස් මාතෘකාවක් ගැනය. එක් අතකින් මේ සටහන ලියන්නේ මගේ විෂය පැත්තෙන් ගැනෙන තරමක් බැරූරුම් දර්ශනික කාරණයක් පැහැදිලි කිරීමටත් එක්කය. මෙය දෘෂ්ඨිවාදය පිළිබදව මාතෘකාව සමග ඝෘජුවම සම්බන්ධ වි තිබෙන බවද මෙහිදි කිව යුතුය. අනෙක් අතට මේ මාතෘකව දේශපාලන මනෝවිද්‍යාව පැත්තෙන් ද බැලිය යුතු කාරණයක් කියා ද අවශ්‍ය නම් කිව හැකිය. මා කථා කරන්නට යන්නේ මෙරට සමාජයේ ප්‍රධාන දේශපාලන උත්පේරකයක් ලෙසින් මේ වන විට ගොඩ නැගී තිබෙන ‘වින්දිත මනෝභාවය’ (Victim Psyche) පිළිබදවය. සරලවම ගතහොත් මේ කථා කරන්නට යන්නේ ප්‍රසිද්ධ ගීතයක කියවෙන අපේ රටේ හුගක් අය තුළ තියෙන ‘අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා’ කියන මානසිකභාවය සමග ගැට ගැසී ඇති දේශපාලනය පිලිබදවය. අපේ රටේ මේ යුගයේ සමාජ හැසිරවීම කෙරෙහි උතුර- දකුනු භේදයකින් තොරව මේ තත්වයේ සම්බන්ධතාවක් තිබෙන බව පෙන්නුම් කරන නිසා එහි බරපතල දේශපාලන වලංගුභාවයක් ද තිබෙන බව මගේ අදහසය.
Friday, May 18, 2018
අපේ දේශපාලනයේ ඊලග ‘පිම්ම’...
පසුගිය සතියේ මා ලිවූයේ මේ රටේ දේශපාලනයේ පශ්චාත් එජාප සහ පශ්චාත් ශ්‍රීලනීප (post UNP-Post SLFP condition) තත්වයක් ගොඩ නැගෙමින් තිබෙන බව ය. මේ සටහනෙන් බලාපොරොත්තු වන්නේ ඒ අදහස තව දුරටත්සා කච්ජා කරන්නටය. විශේෂයෙන්ම මේ අලූත් තත්වය හමුවේ ආණ්ඩුවට විරුද්ධ දේශපාලනය සංවිධානය විය යුත්තේ කෙසේද කියන කාරණ ගැන අදහසක් ගෙන ඒමය. 1977 ජෙ ආර් ජයවර්ධන පාලනයෙන් ආර්ම්භ වූ දේශපාලන ක්රියාදමයේ අවසානය සටහන් වන්නේ 2015 ජනාධිපතිවරණයෙන් බව කිව හැකි කාරණා ගණනාවක්ම අපට නිරික්ෂණය කළ හැකිය. එක් කාරණයක් වන්නේ ආර්ථික ක්ෂේත්රයේ අපි යමින් තිබු ගමන් මාර්ගය පිළිබදව බරපතල පසු විමසුමකට මේ ජනාධිපතිවරණය හරහා අපි පැමිණ ඇති බවය.
Friday, May 11, 2018
ලාංකේය දේශපාලනයේ ‘සිව්වෙනි’ යාමය
මේ දිනවල සිදුවෙන දේවල් දෙස බලන විට පෙනී යන ප්‍රධාන කාරණයක් වන්නේ රටේ දේශපාලනය ඉතාමත් සංකීර්ණ තත්වයකට පත් වෙමින් තිබෙන බවය. මෙයින් කියවෙන්නේ පසුගිය 2015 ජනවාරි ජනාධිපතිවරණයත් සමග ආරම්භ වූ යුගය නිශ්චිතවම නිමාවට පත්වෙමින් තිබෙන බව පමණක් නොව මේ රටේ දේශපාලනයේ යුග පෙරලියක් සිදුවීමේ පිඹුරුපත් සකස් වෙමින් තිබෙන බවය. මේ කාරණය පිළිබදව තරමක් පළල් ආකාරයෙන් සළකා බැලීම ඒ නිසාම ඉතාමත් වැදගත්ය.
මීට පෙර සටහනක ද මවිසින් ලියූ පරිදි 1948 පසුව මේ රටේ දේශපාලනය පදනම් වන්නේ න්‍යායික පදනම් තුනක් මත යැයි කියා කීමේ වැරුද්දක් නැත. ඒ කියන්නේ ඇඩම් ස්මිත් (ධනවාදය) කාල් මාක්ස් (සමාජවාදය) සහ අනගාරික ධර්මපාල (ජාතිකවාදය) ලෙසින් වූ න්‍යායික පදනම් තුනක් මත මේ රටේ දේශපාලනය පිහිටා තිබූ බවය. අපේ රටේ ප්‍රධාන පක්ෂ විසින් පසුගිය නිදහසින් පසු ගෙවුනු අවුරුදු 70 කාලය පුරා මේ රට සංවිධානය කර ඇත්තේ වෙන වෙනම හෝ එසේත් නැතිනම් එකට මිශ්රකරමින් හෝ මේ කියන න්‍යායක පදනම් තුන මත පදනම් කරගනිමින්ය. අපේ රටේ දේශපාලන පක්ෂ වූ එජාපය වාමාංෂික ව්‍යාපාරය හා ශ්‍රීලනීපය පිළිවෙලින් පෙනී සිටියේ ධනවාදය සමාජවාදය හා ජාතිකවාදය වෙනුවෙන් යැයි කියා කීමේ වැරුද්දක් නැති බවට බොහෝ අය එකග විය හැකිය. (මේ සංකල්පීයකරණය හරහා මා බලාපොරොත්තු වන්නේ මේ තත්වය සරළ ආකාරයෙන් තේරුම් ගැනීමටය. ඒ නිසා මේ සමීකරණයට මෙරට පැවති සියලූම දේශපාලන ව්‍යාපාරයන් හා ජාතිකවාදි ව්‍යාපෘතීන් ඇතුලත් කරන්නේ නැති බව සදහන් කළ යුතුය. දැන් 2015 ජනවාරියේ සිදු වූ දේශපාලන අත්හදා බැලීම අර්බුදයට යාම මගින් පෙන්නුම් කරන්නේ ඉහත සදහන් සියලූම සුසමාදර්ශයන්ගේ දේශපාලන පැවැත්ම ලංකාවේ දේශපාලන සන්දර්භය තුළ නිමාවට පත් වීම සටහන් වූ බවයි. මේ ව්‍යාපෘතීන් තුන 1977 ජයවර්ධන දේශපාලනය විසින් උඩු යටි කුරු කරන්නට ආරම්භ කළ බව සැබෑවක් වුවත් එය ‘නිට්ටාවටම’ නිමාවට පත් වූයේ 2015 ජනවාරියත් සමග බව පිළිගැනීම වඩාත් නිවැරිදිය.
මීට පෙර සටහනක ද මවිසින් ලියූ පරිදි 1948 පසුව මේ රටේ දේශපාලනය පදනම් වන්නේ න්‍යායික පදනම් තුනක් මත යැයි කියා කීමේ වැරුද්දක් නැත. ඒ කියන්නේ ඇඩම් ස්මිත් (ධනවාදය) කාල් මාක්ස් (සමාජවාදය) සහ අනගාරික ධර්මපාල (ජාතිකවාදය) ලෙසින් වූ න්‍යායික පදනම් තුනක් මත මේ රටේ දේශපාලනය පිහිටා තිබූ බවය. අපේ රටේ ප්‍රධාන පක්ෂ විසින් පසුගිය නිදහසින් පසු ගෙවුනු අවුරුදු 70 කාලය පුරා මේ රට සංවිධානය කර ඇත්තේ වෙන වෙනම හෝ එසේත් නැතිනම් එකට මිශ්රකරමින් හෝ මේ කියන න්‍යායක පදනම් තුන මත පදනම් කරගනිමින්ය. අපේ රටේ දේශපාලන පක්ෂ වූ එජාපය වාමාංෂික ව්‍යාපාරය හා ශ්‍රීලනීපය පිළිවෙලින් පෙනී සිටියේ ධනවාදය සමාජවාදය හා ජාතිකවාදය වෙනුවෙන් යැයි කියා කීමේ වැරුද්දක් නැති බවට බොහෝ අය එකග විය හැකිය. (මේ සංකල්පීයකරණය හරහා මා බලාපොරොත්තු වන්නේ මේ තත්වය සරළ ආකාරයෙන් තේරුම් ගැනීමටය. ඒ නිසා මේ සමීකරණයට මෙරට පැවති සියලූම දේශපාලන ව්‍යාපාරයන් හා ජාතිකවාදි ව්‍යාපෘතීන් ඇතුලත් කරන්නේ නැති බව සදහන් කළ යුතුය. දැන් 2015 ජනවාරියේ සිදු වූ දේශපාලන අත්හදා බැලීම අර්බුදයට යාම මගින් පෙන්නුම් කරන්නේ ඉහත සදහන් සියලූම සුසමාදර්ශයන්ගේ දේශපාලන පැවැත්ම ලංකාවේ දේශපාලන සන්දර්භය තුළ නිමාවට පත් වීම සටහන් වූ බවයි. මේ ව්‍යාපෘතීන් තුන 1977 ජයවර්ධන දේශපාලනය විසින් උඩු යටි කුරු කරන්නට ආරම්භ කළ බව සැබෑවක් වුවත් එය ‘නිට්ටාවටම’ නිමාවට පත් වූයේ 2015 ජනවාරියත් සමග බව පිළිගැනීම වඩාත් නිවැරිදිය.
Saturday, April 28, 2018
විප්ලවයද ප්රතිසංස්කරණයද
පසුගිය කාලයේ මවිසින් රාවයට ලියු තීරු ලිපියම යලිත් වරක් ජනරංජන සංස්කරණය කරන අලූත් පුවත් පතට ලියන්නැයි යෝජනාව ආවේ ටික දවසකට පෙරදිය. රාවය පුවත් පතේ සිටි කණ්ඩායම් අතර අභ්‍යන්තර ගැටුම් හේතුවෙන් හා තවත් අපි නොදන්නා කාරණා හේතුවෙන් ජනරංජන රාවයෙන් ඉවත්වීමත් සමගම ඒ පුවත්පතට මා ඇතුලූ කීපදෙනෙකු ලියූ තීරු ලිපි ඇතුලත් පිටුව නවත්වන්නට සිදුවූ බැව් සමහරුන් දන්නා කාරණයක්ය. කොහොමටත් රාවය පාඨකයින්ගේ බහුතරයට ඔවුන්ගේ දේශපාලන සිතීමේ අනෙක් පැත්තේ සිටින මා වැනි අයගේ ලිපි කියවීමේ අවශ්‍යතාවක් හෝ කැමැත්තන්ද නොමැති බවද සත්‍යයක් වුවත් මා ඒ ලිපිය මගින් බලාපොරොත්තු වූයේ සමාජ සංවාදයේ අපේ පසමිතුරන්ගේ පිටියට ගොස් කරන සංවාදයක් කිරීමය. වෙන වෙනම කරන දේශපාලන කෑකෝ ගැසීම් එකිනෙකා අභිමුඛව සිදු කිීමේ වැදගත්කමක් තිබෙන නිසාය. ඒත් රාවයේ බලදේශපාලනය විසින් එකිනෙකා අතර ගැටුමක් හද ගත් නිසා ඒ වැඬේ එතැන දිගටම කරන්නට නොහැකි විය.
කළ යුත්ත නොකළ යුත්ත නොදැනීම
එජාපයට යම්තමින් වත් පණක් ලැබුණේ ඒකාබද්ධයේ පැත්තෙන් යැවුණ ‘වැරැදි පන්දුවක්’ වූ විශ්වාසභංගයෙන් ඒ අය ලැබු ජයග්‍රහණය නිසා බව සැබෑය. එහෙත් ඒ ජයග්‍රහණයවත් ‘මාකට්’ කරගන්නට ඉඩක් නොදෙන තරමට මහින්ද පැත්තේ මාධ්‍ය හැසිරවීම් ශක්තිමත් කරන්නට හැකිවීම ගැන මහින්ද බලවේගයේ හැමෝම සතුටට පත්විය යුතුය. ඒ සියල්ලත් සමගින් දැන් මහින්ද යළිත් දකිමින් සිටින්නේ විශ්වාසභංගය ගේන්න පෙර පටන්ම පැවති ආණ්ඩුවේ අවුල් සහගත තත්ත්වයේම දිගුවක් යැයි කීමේ වැරැද්දක් නැත. රටක රාජ්‍ය පාලනය වසර කීපයක් තුළ මෙච්චර අවුලක් බවට පත් කරන්නේ කෙසේදැයි මුළු ලෝකයටම ටියුෂන් දිය හැකි ගානට ආණ්ඩුවේ කඩා වැටීම හැම පැත්තෙන්ම පෙන්නුම් කර තිබෙන බව පැහැදිලිය. මේ ආණ්ඩුව පැමිණියාට පසුව කඩා වැටෙන්නේ නැතිව ඉහළටම යන්නේ ඩොලරයට සාපේක්ෂකව ඇති රුපියලේ අගය පමණක්ය. එය දිනපතාම ඉහළ යන බව අප හැමෝම දන්නා කාරණයකි. එමගින් ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටෙමින් තිබෙන බවත් ඒ වගේම සැබෑවක්ය.
Friday, April 6, 2018
බස් එක මිස්වීම
අගමැතිවරයාට විරුද්ධව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව පෙරෙද පාරලිමේන්තුවේදි පරාජයට පත්වූ බව දැන් කවුරුත් දන්නා කාරණයක්ය. ආණ්ඩුවට හා අගමැතිවරයාට විරුද්ධව ගෙනෙන ලද විශ්වාසභංග යෝජනාව එක්සත් ජාතික පෙරමුණට සම්බන්ධ පක්ෂ කීපයත් විපක්ෂ නායකයාගේ ටී. එන්. ඒ. පක්ෂයත් එකට එක්වී ජන්දය දිමෙන් පරාජයට පත් කරණ ගානට ‘අමුතු ප්රජාතන්ත්රවාදයක් තියෙන’ රටක් බවට මේ සිද්ධියත් අපේ රට පත්වී ඇති බවත් මෙහිදි අපේ අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය. ඊටත් අමතරව නිළ ශ්රීලනීපයේ කණ්ඩායම් මේ විශ්වාසභංග යෝජනාවට ජන්දය දිමෙන් වැලකී සිටීමෙන් පෙන්නුනම් කළේ ඒ අය පසුගිය පලාත් පාලන මැතිවරණය පුරාම කියූ රනිල්ගේ මහ බැංකු හොරකම පිළිබද කථාව තමන්වත් පිලිනොගන්නා බොරුවක් බව යැයි කීමේ වැරුද්දක්ද නැත. ඒ සියල්ල එසේ තිබියදි අපේ සමහරුන් සිතන්නේ මේ වෙළාවේ අනවශ්‍ය සටනක් කරන්නට ගොස් බලාපොරොත්තු වූ ජයග්‍රහනය ලබා ගන්නට අපට නොහැකි වී ඇති බවය. මේ සටන මේ මොහොතේ නොකළා නම් වඩා හොද යැයි මගේත් අදහසය. මා එසේ කියන්නේ අනවශ්‍ය කඩා වැටීමක් සදහා නොව මේ ආණ්ඩුවට විරුද්ධව කරන ඊලග සටන් සදහා වඩාත් ශක්තියක් නිර්මාණය කර ගැනීමේ පැත්තෙන් මේ ප්රශ්නය දෙස බැලීම හරහාය. අනෙක් අතට ඊලග සටන් මීට වඩා වෙනස් තැනකින් පටන් ගැනීම සුදුසු යැයි යෝජනා කිරීම සදහාය. ඒ නිසාම මේ සටනේ ජයග්රහනයන් මොනවාද පරාජයන් මොනවාද කියා තෝරා ගැනීම මේ ආණ්ඩුවට විරුද්ධව කරන ඊලග සටන් තේරීම සදහා පමණක් නොව ඒවා ජය ගැනීම සදහා විශාල පිටුවහලක් වනු නොඅනුමානය.
Sunday, April 1, 2018
ව්‍යවස්ථා අර්බුදය - දේශපාලන අර්බුදය මැද ලංකා දේශපාලනයේ අද සහ හෙට
http://www.yuthukama.com/2018/04/CharithaHerathInterview.html
මවිසින් සමග #ART #TV සමග කරන ලද ව්‍යවස්ථා අර්බුදය - දේශපාලන අර්බුදය මැද ලංකා දේශපාලනයේ අද සහ හෙට සාකච්ජාව (#Public #Space) පහත ඇති සබැදියාවෙන් ලබා ගත හැක
http://www.yuthukama.com/2018/04/CharithaHerathInterview.html
Wednesday, March 28, 2018
කොළපාට ‘වම’
කොළපාට සමාජය කියා සී ඒ චන්ද්‍රපේම විසින් පොතක් ලීවේ අනුව දශකයේ මුල භාගයේය. ඒ කාලයේ දේශපාලනය කළ අපේ කණ්ඩායම් අතර ඒ පොතට විශේෂ අවධානයක් ලැබුනේ එජාපයේ දේශපාලනය විසින් රටට තුළ ගොඩ නැගූ ‘තත්වය’ (Condition) එම පොත මගින් සංකල්පනාත්මක ව හා තාර්තිකව වෙනස් ආකාරයකින් යුක්තිසහගත කර තිබු නිසාය. 1977 වර්ෂයෙන් පසුව මේ රටේ සිදු වූ දේශපාලන පරිවර්තනය ගැන එයට ප්‍රතිවිරුද්ධ පැත්තෙන් පමණක් බලමින් සිටි කණ්ඩායම්වලට ජෙ. ආර්. ගේ දේශපාලනය වෙනස් ආකාරයකින් හා වෙනස් ආකල්පයකින් (භෞතිකවාදි ආකල්පයකින්) බැලීමට චන්ද්‍රපේම විසින් යෝජනා කළ බව සමහරුන්ගේ මතය විය. එහෙත් එකල මෙරට වැඩ කළ වාමාංෂික බුද්ධිමය කේඩරය සහ ජාතිකවාදි බුද්ධිමය කේඩරය මේ කෘතියේ තිබු ප්‍රධාන තර්කයට තදින් පහර දුන් බව අපට තවමත් හොදින් මතකය. කොළපාට සමාජය මගේ මතකයට හදිසියේ ආවේ මේ දවස්වල දේශපාලනයට අලූතින් එක්වෙමින් තිබෙන එජාප-වාමාංෂික හවුල හෙවත් ‘කොළපාට වාමාංෂය’ ගැන සටහනක් ලියන්නට සිතුන නිසාය.
වාමාංෂිකයින් යැයි තමන් කියා ගන්නා ගමන් එජාපයේ දේශපාලනය ‘කැත නැතිව’ ආරක්ෂා කරන්නට තරම් ‘නිර්භය’ කණ්ඩායමක් වමේ දේශපාලනයෙන් මේ මතුවී තිබෙන්නේ ඉතිහාසයේ පළමු වතාවටය. වමේ පක්ෂවලට සම්බන්ධව සිටි විශාල කණ්ඩායමක් තමන්ගේ යටතට මේ ආකාරයෙන් ගැනීමට එජපයට මේ හැකි වූයේ 2015 ජනාධිපතිවරණයට පිං සිදුවන්නටය. ඊට පෙර හුගක් පැරනි කාලයේ පැවති 1965 මැතිවරණයෙන් පත්වුනු එජාප ආණ්ඩුවේ පිලිප් ගූණවර්ධන වැනි වාමාංෂිකයින් සිටියේ යැයි සමහරෙක් තර්ක කළ හැකි වුනත් මේ සිදුවෙමින් පවතින්නේ එයට වඩා බරපතල ආකාරයකින් වෙනස් දෙයකැයි මගේ අදහසය. අනෙක් අතට එජාපයෙන් බිහිවූ ප්රජාතන්ත්රවාදිම නායකයා යැයි සැළකිය හැකි ඩඞ්ලි සේනානායකගේ 1965 රජයට පිලිප් සම්බන්ධවීම එද වුවත් සැළකූයේ වමේ යැයි කියා ගන්නා ගමන් එජාපයේ දේශපාලන කරන්නට යාමක් ලෙසින් නොවේ. පිලිප් එජපයට ගොස් ‘වමේ’ කථා කීවේ නැති ගානය. එහෙත් අද සිදුවෙමින් පවතින්නේ ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් දෙයක්ය. සමසමාජ හා කොමිනියුස්ට් පක්ෂවල සිටි සමහරුන් සහ නව සමසමාජ පක්ෂයේ සමහර නායකයින්ද ඇතුලත් මේ කණ්ඩායම පසුගිය ජනාධිපතිවරණයෙන් පසුව මේ රටේ දේශපාලනය තුළ හැසිරෙන්නේ ‘ඇන්. ඇම්ටත් වඩා වමේ සහ රනිල්ටත් වඩා එජාපයේ වගේ’ විකාර රංගනයක් පෙන්නවමින් ය.
වාමාංෂික පක්ෂවල සිට 2015 ජනාධිපතිවරණය හරහා මෛත්‍රී වෙතට ගමන් කර එතැනින් රනිල් වෙතට මාරුවී ඇති මේ කණ්ඩායම් මුළින් රටට පෙන්වූයේ ඒ අයගේ අභිලාෂය වී තිබෙන්නේ ව්‍යවස්ථාමය වෙනසක් රටට යෝජනා කිරීම බවය. විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීම බලය බෙදිම වැනි කාරනා පෙරට දමා ගනිමින් ඉදිරියට පැමිනි මේ කණ්ඩායම් මේ වන විට සිටින්නේ එජාපයේ අයවැය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන්නට පුදුම සහගත ආකාරයේ තර්ක ඉදිරිපත් කරමින්ය. තමාගේ වැඩිහිටි කාලය ම පාහේ වෙනත් රටක ජවත්වී මේ දවස්වල රටට පැමින ‘හදිසියේ විප්ලවය කරනවා වැනි වේගයකින් වගේ ලිපි ලියාගෙන ලියාගෙන’ යන කුමාර් ඬේවිඞ් මහතා ඉංග්‍රීසි පුවත්පතකට ලියා කියා තිබුනේ මේ අයවැය ඉතාමත් ඉදිරිගාමී එකක් බවය. අනෙක් අතට ඉතිහාසයේ පළමු වතාවට අලියා ලකුනින් පාරලිමේන්තු ගොස් සිටින සමසමජයේ (බහුතර පිළ යැයි කියාගන්නා පුංචිම කණ්ඩායමේ) නායකයා රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිය ගැන කිසිවක් ප්‍රසිද්ධියේ කියන්නේ කියන්නේ නැත්තේ ඬේවිඞ් මහතා ආකාරයේම ‘ඉදිරිගාමී‘ බවක් මේ අයවැයේ තිබෙන නිසා දැයි මා දන්නේ නැත. හම්බන්තොට වරායෙන් පටන් ගෙන රජයේ සම්පත් විකිනීම ගැන කිසිවක් ඒ ‘වාමාංෂිකයින්’ කථා කරන්නේ නැත්තේ එසේ රජයේ සම්පත් විකිනීමට එහෙිවීම පසුගාමී නිසා දැයි අපි දන්නේ නැත. මහ බැංකු කොල්ලය ගැන සුසිරිපාල සහෝදරයා වැනි පැරනි වෘත්තීය සමිති නායකයින් මතු කර ඇති අභියෝගයන් ගැන කිසිවක් ‘සමසමාජයේ බහුතර කණ්ඩායම’ කියන්නේ නැත්තේ ඒ කථා සුලූතරයකගේ මතවාද නිසාදැයි දැනගත හැකි ක්‍රමයක් ද නැත.
රනිල්ගේ ආණ්ඩුව කියන්නේම රාජ්‍යය හැකි තරම් දිය කරන බවත් වෙලදපොළ හැකිතරම් ශක්තිමත් කරන බවත් ය. සුභසාධන ආර්ථිකය හා සහනාධාර මත ගෙඩ නැගී ඇති සෙසු ක්ෂේත්‍ර අහෝසි කරන බවත්ය. දැනටමත් පොහොර සහනාධාරය වැනි දේවල් වලට කප්පාදු කර අවසන් කර ඇත්තේ මේ නිසාය. එජාපයේ ආර්ථික ප්‍රතිපත්තිය තනිකරම එල්ලකර තිබෙන්නේ සුභසාධන ආර්ථිකය නිමා කරමින් වෙළදපොල මගින් හසුරුවන ආර්ථිකයක් බවට රට පත් කිරීමය. රාජ්‍යය හැකිලවීමේ හා වෙළදපොලට සියල්ල යට කිරීමේ එජාපයේ මේ දේශපාලනය මාක්ස් කියු ආකාරයේ රාජ්‍යය දියකර හැරීමක් මේ ‘කොළපාට වමෙන්’ ඇසෙන දිනය වැඩි ඈතක නොවන බව මගේ හැගීමය.
චරිත හේරත්
Published on Ravaya in Nov 2017
Monday, March 26, 2018
‘වින්දිත-මනෝභාවය’ නිෂ්පාදනය කිරීම
මා මෙවර සටහන ලියන්නට සිතුවේ තරමක් වෙනස් මාතෘකාවක් ගැනය. එක් අතකින් මේ සටහන ලියන්නේ මගේ විෂය පැත්තෙන් ගැනෙන තරමක් බැරූරුම් දර්ශනික කාරණයක් පැහැදිලි කිරීමටත් එක්කය. මෙය දෘෂ්ඨිවාදය පිළිබදව මාතෘකාව සමග ඝෘජුවම සම්බන්ධ වි තිබෙන බවද මෙහිදි කිව යුතුය. අනෙක් අතට මේ මාතෘකව දේශපාලන මනෝවිද්‍යාව පැත්තෙන් ද බැලිය යුතු කාරණයක් කියා ද අවශ්‍ය නම් කිව හැකිය. මා කථා කරන්නට යන්නේ මෙරට සමාජයේ ප්‍රධාන දේශපාලන උත්පේරකයක් ලෙසින් මේ වන විට ගොඩ නැගී තිබෙන ‘වින්දිත මනෝභාවය’ (Victim Psyche) කාරණය පිළිබදවය. සරලවම ගතහොත් මේ කථා කරන්නට යන්නේ ප්‍රසිද්ධ ගීතයක කියවෙන අපේ රටේ හුගක් අය තුළ තියෙන ‘අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා’ කියන මානසිකභාවය සමග ගැට ගැසී ඇති දේශපාලනය පිලිබදවය. අපේ රටේ මේ යුගයේ සමාජ හැසිරවීම කෙරෙහි උතුර- දකුනු භේදයකින් තොරව මේ තත්වයේ සම්බන්ධතාවක් තිබෙන බව පෙන්නුම් කරන නිසා එහි බරපතල දේශපාලන වලංගුභාවයක් ද තිබෙන බව මගේ අදහසය.
වින්දිතයා යනුවෙන් අදහස් කරන්නේ යම් කිසි තත්වයක් හමුවේ බලපෑමකට යටත්ව පරාජයට පත්ව හෝ කනගාටුවට පත්ව සිටින පුද්ගලයා ලෙසින් සරළව තේරුම් ගත හැකි වුනත් වින්දිතයාගේ මානසිකභාවය යනු ඊට වඩා තරමක් සංකීර්ණ දෙයක් බව මගේ පිලිගැනීමය. මෙතැන ‘වින්දිතයෙක් සිටිනවා යැයි’ කියන විටම එහි අනෙක් පැත්ත වන ඔහුව වින්දිතයෙක් බවට පත්කළ පුද්ගලයෙක් හෝ හේතුවක් පවතිනවා යැයි පිලි ගැනීමක්ද ඇතිවන බව පැහැදිලිය. තවත් පැහැදිලිව කීවොත් වින්දිතයා යනු වෙන කෙනෙකුගේ හෝ යම්කිසි තත්වයක වින්දනයෙන් පීඩාවට පත්වූ තැනැත්තාය. එසේත් නොමැතිනම් වෙනත් පුද්ගලයෙකුගේ හෝ තත්වයක තියෙන වින්දනයක (සතුටක) විෂය වස්තුව බවට පත්වූ තැනැත්තා වින්දිතයාය. මා මුළින් කී පරිදි ඉංග්‍රීසියෙන් එයට කියන්නේ විකටිම් කියාය. දැන් වික්ටිම් කෙනෙක් සිටින්නට නම් (victor) වික්ටර් කෙනෙක් හෙවත් වින්දකයෙක්ද (වින්දනය කරන්නෙක්) සිටිය යුතුම බව පිලිගත හැකිය. නමුත් මෙතැන අද සමජය පැත්තෙන් වැදගත් කාරණයක් වන්නේ මෙවැනි දිර්ඝ කාලයක් පුරාවටම පැවතුනු වින්දිතභාවයේ මානසික තත්වයක් විසින් ගොඩනගන ලද ‘වින්දිත-මනෝභාවයක්’ අපේක්ෂා කිරීමේ තැනකට සමාජය පත්වීමය. එනම් මේ මානසික තත්වය විසින් අද ගොඩ නගා ඇත්තේ ‘වින්දකයෙක් නොමැතිවම වුවද වින්දිතයෙක් ලෙසින් තමාව පවත්වාගෙන යාමේ’ උත්සාහයක් ඇති මානසික ව්‍යාපාරයකට සමාජයේ විශාල කොටසක් හසු වී සිටීමය.
මේ කාරණය තව ටිකක් එහාට තේරුම් ගැනීම වැදගත්ය” දැන් මෙරට සමාජය තුළ මේ වින්දිකරණය විසින් ඇති කරන ලද මනෝභාවයක් වන්නේ තමාට එරෙහිව ඇති මහා ව්‍යාපෘතියක් විසින් සිදු කරනු ලබන බලපෑමකට හැමවිටම තමන් ගොදුරු වී ඇති බවට වූ හැගීමය. මේ ගොදුරුකරණයේ තත්වය බරපතල ආකාරයෙන් ගොඩ නැගුනු විට ජවත්වීම ලෙසින් හුගක් අය සළකන්නේ ඒ ගොදුරුකරණයෙන් ගැලවීමට හෝ එය ඉවත් කිරීමට දරන උත්සාහයය. මේ තත්වය තවත් සංකීර්ණ වූවහොත් සිදුවන්නේ ‘තමාව ගොදුරක් කරගෙන සිටින මහා ව්‍යාපෘතියේ බලපෑම භෞතිකව ඉවත් වුවත්’ මානසික ව තමන් ඒ ‘මහා බලපෑමෙන්’ ගැලවී ඇතැයි සිතන්නට හැකියාවක් ලැබෙන්නේ නැති ගානට වින්දිතකරණය සමග ගැට ගැහීමය. මේ නිසා සිදුවන්නේ වින්දිතභාවය හා ගොදුරුකරණය භෞතික වස්තුවක් (object එකක්) ලෙසින් ගැලවී ගොස් තිබුනත් එය දෘෂ්ධිවාදයක් (doctrine ලෙසින්) ලෙසින් දිගටම පවත්වා ගෙන යාමට වින්දිතයාම බරපතල උත්සාහයක් දැරීමය.
දැන් රටක් ලෙසින් අද මුහුණ දි සිටින්නේ දෘෂ්ඨවාදිව වින්දිතභාවය පවත්වාගෙන යාමේ උත්සාහය ජවිතය හා දේශපාලනය ලෙසින් ප්රතිවරනගනය වූ සමාජයකටය. උතුරේ සමාජය ජවත්වීම ලෙසින් තේරුම් ගන්නේ ‘දකුනේ මහා අනෙකා’ ලෙසින් වූ සිංහල සමාජයට තමාට එරෙහිව සිදුකරන්නාවූ වින්දිතකරණය හා ගොදුරුකරණය එරෙහිවීමේ මානසික ‘බිම’ හැදිම ජවත්වීම හා දේශපාලනය ලෙසින් තේරුම් ගැනීමටය. දකුනේ සමාජය විශේෂයෙන්ම ‘යටත්විජත මහා අනෙකා’ විසින් තමන්ව ගොදුරුකරනය කර ගැනීම හා වින්දිතකරණයට ලක් කිරීමට එරෙහිව වැඩ කිරිම දේශපාලනය ලෙසින් තෝරා ගන්නේ මේ සන්දර්භය හමුෙවිමය. මෙතැන තේරුම් ගත යුතු වැදගත්ම කාරණයක් වන්නේ මෙරට වාම දේශපාලනයත් ජාතිකවාදි කණ්ඩායම් මේ කාර්තුවේ දේශපාලනය කියා කරන්නේ වින්දිතමනෝභාවය නිෂ්පාදනය කිරීමේ (manifestation of Victim psyche) පැක්ටරි හැදිම මිස වෙන යමක් නොවන බවය.
චරිත හේරත්
Published on Ravaya 2017 December
මා මෙවර සටහන ලියන්නට සිතුවේ තරමක් වෙනස් මාතෘකාවක් ගැනය. එක් අතකින් මේ සටහන ලියන්නේ මගේ විෂය පැත්තෙන් ගැනෙන තරමක් බැරූරුම් දර්ශනික කාරණයක් පැහැදිලි කිරීමටත් එක්කය. මෙය දෘෂ්ඨිවාදය පිළිබදව මාතෘකාව සමග ඝෘජුවම සම්බන්ධ වි තිබෙන බවද මෙහිදි කිව යුතුය. අනෙක් අතට මේ මාතෘකව දේශපාලන මනෝවිද්‍යාව පැත්තෙන් ද බැලිය යුතු කාරණයක් කියා ද අවශ්‍ය නම් කිව හැකිය. මා කථා කරන්නට යන්නේ මෙරට සමාජයේ ප්‍රධාන දේශපාලන උත්පේරකයක් ලෙසින් මේ වන විට ගොඩ නැගී තිබෙන ‘වින්දිත මනෝභාවය’ (Victim Psyche) කාරණය පිළිබදවය. සරලවම ගතහොත් මේ කථා කරන්නට යන්නේ ප්‍රසිද්ධ ගීතයක කියවෙන අපේ රටේ හුගක් අය තුළ තියෙන ‘අපි අසරන වෙලා වගේ හිතට දැනෙනවා’ කියන මානසිකභාවය සමග ගැට ගැසී ඇති දේශපාලනය පිලිබදවය. අපේ රටේ මේ යුගයේ සමාජ හැසිරවීම කෙරෙහි උතුර- දකුනු භේදයකින් තොරව මේ තත්වයේ සම්බන්ධතාවක් තිබෙන බව පෙන්නුම් කරන නිසා එහි බරපතල දේශපාලන වලංගුභාවයක් ද තිබෙන බව මගේ අදහසය.
වින්දිතයා යනුවෙන් අදහස් කරන්නේ යම් කිසි තත්වයක් හමුවේ බලපෑමකට යටත්ව පරාජයට පත්ව හෝ කනගාටුවට පත්ව සිටින පුද්ගලයා ලෙසින් සරළව තේරුම් ගත හැකි වුනත් වින්දිතයාගේ මානසිකභාවය යනු ඊට වඩා තරමක් සංකීර්ණ දෙයක් බව මගේ පිලිගැනීමය. මෙතැන ‘වින්දිතයෙක් සිටිනවා යැයි’ කියන විටම එහි අනෙක් පැත්ත වන ඔහුව වින්දිතයෙක් බවට පත්කළ පුද්ගලයෙක් හෝ හේතුවක් පවතිනවා යැයි පිලි ගැනීමක්ද ඇතිවන බව පැහැදිලිය. තවත් පැහැදිලිව කීවොත් වින්දිතයා යනු වෙන කෙනෙකුගේ හෝ යම්කිසි තත්වයක වින්දනයෙන් පීඩාවට පත්වූ තැනැත්තාය. එසේත් නොමැතිනම් වෙනත් පුද්ගලයෙකුගේ හෝ තත්වයක තියෙන වින්දනයක (සතුටක) විෂය වස්තුව බවට පත්වූ තැනැත්තා වින්දිතයාය. මා මුළින් කී පරිදි ඉංග්‍රීසියෙන් එයට කියන්නේ විකටිම් කියාය. දැන් වික්ටිම් කෙනෙක් සිටින්නට නම් (victor) වික්ටර් කෙනෙක් හෙවත් වින්දකයෙක්ද (වින්දනය කරන්නෙක්) සිටිය යුතුම බව පිලිගත හැකිය. නමුත් මෙතැන අද සමජය පැත්තෙන් වැදගත් කාරණයක් වන්නේ මෙවැනි දිර්ඝ කාලයක් පුරාවටම පැවතුනු වින්දිතභාවයේ මානසික තත්වයක් විසින් ගොඩනගන ලද ‘වින්දිත-මනෝභාවයක්’ අපේක්ෂා කිරීමේ තැනකට සමාජය පත්වීමය. එනම් මේ මානසික තත්වය විසින් අද ගොඩ නගා ඇත්තේ ‘වින්දකයෙක් නොමැතිවම වුවද වින්දිතයෙක් ලෙසින් තමාව පවත්වාගෙන යාමේ’ උත්සාහයක් ඇති මානසික ව්‍යාපාරයකට සමාජයේ විශාල කොටසක් හසු වී සිටීමය.
මේ කාරණය තව ටිකක් එහාට තේරුම් ගැනීම වැදගත්ය” දැන් මෙරට සමාජය තුළ මේ වින්දිකරණය විසින් ඇති කරන ලද මනෝභාවයක් වන්නේ තමාට එරෙහිව ඇති මහා ව්‍යාපෘතියක් විසින් සිදු කරනු ලබන බලපෑමකට හැමවිටම තමන් ගොදුරු වී ඇති බවට වූ හැගීමය. මේ ගොදුරුකරණයේ තත්වය බරපතල ආකාරයෙන් ගොඩ නැගුනු විට ජවත්වීම ලෙසින් හුගක් අය සළකන්නේ ඒ ගොදුරුකරණයෙන් ගැලවීමට හෝ එය ඉවත් කිරීමට දරන උත්සාහයය. මේ තත්වය තවත් සංකීර්ණ වූවහොත් සිදුවන්නේ ‘තමාව ගොදුරක් කරගෙන සිටින මහා ව්‍යාපෘතියේ බලපෑම භෞතිකව ඉවත් වුවත්’ මානසික ව තමන් ඒ ‘මහා බලපෑමෙන්’ ගැලවී ඇතැයි සිතන්නට හැකියාවක් ලැබෙන්නේ නැති ගානට වින්දිතකරණය සමග ගැට ගැහීමය. මේ නිසා සිදුවන්නේ වින්දිතභාවය හා ගොදුරුකරණය භෞතික වස්තුවක් (object එකක්) ලෙසින් ගැලවී ගොස් තිබුනත් එය දෘෂ්ධිවාදයක් (doctrine ලෙසින්) ලෙසින් දිගටම පවත්වා ගෙන යාමට වින්දිතයාම බරපතල උත්සාහයක් දැරීමය.
දැන් රටක් ලෙසින් අද මුහුණ දි සිටින්නේ දෘෂ්ඨවාදිව වින්දිතභාවය පවත්වාගෙන යාමේ උත්සාහය ජවිතය හා දේශපාලනය ලෙසින් ප්රතිවරනගනය වූ සමාජයකටය. උතුරේ සමාජය ජවත්වීම ලෙසින් තේරුම් ගන්නේ ‘දකුනේ මහා අනෙකා’ ලෙසින් වූ සිංහල සමාජයට තමාට එරෙහිව සිදුකරන්නාවූ වින්දිතකරණය හා ගොදුරුකරණය එරෙහිවීමේ මානසික ‘බිම’ හැදිම ජවත්වීම හා දේශපාලනය ලෙසින් තේරුම් ගැනීමටය. දකුනේ සමාජය විශේෂයෙන්ම ‘යටත්විජත මහා අනෙකා’ විසින් තමන්ව ගොදුරුකරනය කර ගැනීම හා වින්දිතකරණයට ලක් කිරීමට එරෙහිව වැඩ කිරිම දේශපාලනය ලෙසින් තෝරා ගන්නේ මේ සන්දර්භය හමුෙවිමය. මෙතැන තේරුම් ගත යුතු වැදගත්ම කාරණයක් වන්නේ මෙරට වාම දේශපාලනයත් ජාතිකවාදි කණ්ඩායම් මේ කාර්තුවේ දේශපාලනය කියා කරන්නේ වින්දිතමනෝභාවය නිෂ්පාදනය කිරීමේ (manifestation of Victim psyche) පැක්ටරි හැදිම මිස වෙන යමක් නොවන බවය.
චරිත හේරත්
Published on Ravaya 2017 December
Sunday, March 25, 2018
Yahapalanaya is an undefinable concept thrown in for election purpose
Head of the Department of Philosophy at University of Peradeniya, Dr. Charitha Herath speaks to Daily Mirror about the current political trends and the future. Dr. Herath also served as the Media Ministry Secretary during the former rule and as the Chairman of the Central Environment Authority.
The excerpts:-
It is nothing but name-throwing!
Pooling votes polled by all at LG Polls to show as a majority against SLPP is wrongful argument
It is similar to Grade 5 student ranked fourth trying to be first by staking a claim for marks received by others
Only this government held ministry officials answerable to implementing Cabinet decisions
How do you look at the current political situation?
It is a complex situation. It is a sad situation we are facing now. Politically, what happened at these local government elections is that the so-called 2015 mandate for the government has been challenged and defeated.To me, that mandate is gone now. It is not the number of votes that matter here. The 2015 mandate has been challenged ideologically as well.
There is no atmosphere for that ideology to prevail now. The government is functioning without a mandate from an ideological point of view. As a result, the government is confronted with an internal struggle to get out of the mess it is entangled in. This is the drama we see ever since the results of the local elections were put in the public domain. People cannot see real governance today.
Those who govern tend to forget what happened at the elections on February 10, 2018. It is the second episode of the political drama we see today. Only those within the government believe that there is a government. Others do not believe in it.
Friday, March 23, 2018
විශ්වාසභංගය
අගමැතිවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනෙන කථාව
යලිත් වතාවක් කරලියට පැමිනියේ මීට සති කීපයකටම පෙර පටන්මය. එය එසේ වුවත්
රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ඉවත් කළ යුතුයැයි යන මතවාදය මේ රටේ
තියෙන්නේ අද ඊයේ සිට නොව මහ බැංකු හොරකම සිදුවූ දිනවල පටන්මය. ඒ කියන්නේ
ඔහු දින සීයේ අගමැතිකම කාලයේ පටන්මය. පසුගිය පළාත් පාලන මැතිවරණ වේදිකාවේ
ශ්රීලනීපයේ ප්‍රධාන පටන් පාඨයක් වූයේ මේ අගමැතිත් එක්ක ඉදිරියට යන්න
බැරි බවත් මැතිවරණයෙන් පසුව ඔහුව ඉවත්කරන්නේ නැතිනම් සමගි සන්ධාන ආණ්ඩුවේ
සිටින ශ්රීලනීපයේ අය තවදුරටත් ඉන්නේ නැති බවත්ය. ‘කියද්දි එහෙම වුනාට
කරද්දි මෙහෙමයි කියන්නා සේ’ එද එසේ කීවත් පළාත් පාලන මැතිවරණයේන් පස්සේ
අගමැතිව අයින් කරන්නට ශ්රීලනීපයේ අයට හැකියාවක් තිබුණේ නැති බව නම් දැන්
කාටත් පෙනී ගොස් හමාරය.
මේ පළාත් පාලන ජන්දය තිබුනේ ගමේ ආණ්ඩුව දෙන්නේ කාටදැයි තෝරා ගැනීමට බව සැබෑය. එහෙත් ජන්දයේ ප්‍රතිඵලවලින් පෙන්නුම් කළේ ගමේ ආණ්ඩුව කෙසේ වෙතත් කොළඹ මහ ආණ්ඩුව දැන් තියෙන්නේ කාගේ අතේදැයි කියන කාරණය යැයි පැවසීමේ වැරුද්දක් නැත. මේ මැතිවරණය පුරාවටම ආණ්ඩුවේ සිටින ශ්රීලනීපයේ අය කීවේ ‘එජාපයේ ඉන්නේ හොරු’ බවත් ඒ නිසා ඒ හොරුන්ට විරුද්ධව ශ්රීලනීපයට ජන්දය ලබා දෙන ලෙසත්ය. ආණ්ඩුවේ සිටින එජාපයේ අය කීවේ ශ්‍රීලනීපය කියන්නේ බොරු බවත් ‘එජාපය ඉන්නේ හොරු නොවන’ බවත්ය. දැන් ආණ්ඩුවට තවදුරටත් මේ කියන සමගි සන්ධාන ආණ්ඩුව ලෙසින් පවතින්නට හැකියාවක් තියෙන්නේ දෙගොල්ලෝ එකිනෙකාට හොරු කියමින් සහ එකිනෙකා කියන්නේ බොරු යැයි කියමින් ඒ ඒ පක්ෂ වෙන වෙනම ලබා ගත් ජන්ද ටික එකට එකතු කරන්නට පුලූවන් කමක් තිබෙනවා නම් මිස වෙනත් කිසිම ආකාරයකින් නොවන බව ඉතාමත් පැහැදිලිය. මේ ආණ්ඩුවේ සිටින ප්‍රධාන පක්ෂ දෙකම ජනාධිපතිකමත් අගමැතිකමත් පාවිච්චි කරමින් සිදු කළ සියලූ බලපෑම් මධ්‍යයේ අලූතින්ම තරගයට එක්වූ ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ සියයට හැත්තෑවක් පමණ පලාත් පාලන ආයතන ජයග්‍රහනය කිරීම හරහා රටේ ගොඩ නැගී ඇත්තේ මෛත්‍රීට හා රනිල්ට පිටින් මහින්දගේ ආණ්ඩුවක් රටේ තියෙනවා වැනි හැගීමක්ය. ආණ්ඩුවේ දෙගොල්ලෝම ‘දැක්කේ නෑ වගේ හිටියාට ’ රටේ ගොඩ නැගී ඇත්තේ මේ වගේ තත්වයක්ය.
පසුගිය පලාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල පිටවූ දවසේ සිට අද දක්වාම රටේ දේශපාලනයේ කිසිම ස්ථාවර භාවයක් නොපෙන්වන්නේ ආණ්ඩුවේ සුජාතභාවය පිලිබදව ගොඩ නැගී ඇති මේ ගැටුලුව නිසාමය. මහබැංකුවේ වර්තමාන අධිපතිතුමා මේ සතියේ කියා තිබුනේ දේශපාලන ස්ථාවරභාවයක් රටේ නැති නිසා මුල්‍ය ස්ථාවරභාවයක් ගොඩනගා ගත නොහැකි තත්වයට රට වැටී ඇති බවය. දැන් අගමැතිවරයාට එරෙහිව විශ්වාශභංග යෝජනාවක් ඇවිත් තියෙන්නේ මේ කියන අස්ථාවරභාවයේම තවත් එක් ප්‍රකාශයක් ලෙසින් යැයි පැවසීමේ වැරුද්දක් ද නැත. රටේ මහජනතාවගේ පැත්තෙන් බලන විට නම් ආණ්ඩුවේ සිටින ප්‍රධාන පක්ෂ දෙක ගැනම ඒ අයගේ තිබූ විශ්වාසය භංග වී ඇති බව පැහැදිලිය. ඒත් දැනට ශ්රීලනීපයේ අය කරන කියන දේවල්වලින් පෙනී යන්නේ ‘ආණ්ඩුව කියන්නේ රනිල්ට’ වැනි දෙයක් නිසා අගමැතිට එරෙහිව විශ්වාසභංගක් ගෙන ඒම සංකේතාත්මකව කියන්නේ මෙය ආණ්ඩුවටම එරෙහිව එන විශ්වාසභංගයක් යැයි සිතීමේ වැරුද්දක්ද නැත.
මේ අගමැතිවරයා පැමිනි හැම වතාවේම වගේ මෙවරත් ඔහු කටයුතු කරන්නේ විදේශිකයින්ට හා විජාතිකයින්ට ගැලපෙන ආකාරයට බව ශ්රීලනීපයේ සිටි පැරනි පාක්ෂිකයින්ට හෙවත් පොහොට්ටුවේ වර්තමාන පාක්ෂිකයන්ට නම් කිසිදු සැකයක් තිබුනේ නැත. 2015 ජනාධිපතිවරණයෙන් පසු කාලයේ කවර විටකවත් ඒ ජනතාව රනිල් කවුදැයි කියා රුවටුනේවත් තමන්ව රවට්ටවා ගත්තේවත් නැත්තේ ඒ නිසාය. ඒත් මේ දක්වාම ශ්රීලනීපයේ ආණ්ඩුවේ ඇත්තෝ නම් ඔහුට දිගටම රුවටුනු බව නොකියාම බැරිය. 2015 ජනාධිපතිවරණයෙන් මහින්ද පරාජයට පත්වෙද්දි අපි හිතුවේ දිනන්නේ මෛත්‍රී කියාය” ඒත් පසුදින අපි දුටුවේ මෛත්‍රී ජනාධිපතිතුමන් දිවුරුම් දෙනවා පමණක් නොව එවකට පාරලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 46 පමණක් සිටි රනිල් වික්‍රමසිංහ මහතාද අගමැති ලෙසින් දිවුරුම් දිමය. වැඬේ වරදින්නට පටන් ගත්තේ මෙතැන සිටන්ය. එපමණක් ද නොවේ. 2015 අප්‍රියෙල් මාසයේ ඒ පැරනි පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් තිබූ මහින්ද කණ්ඩායම විසින් වික්‍රමසිංහ අගමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාසභංග යෝජනාව ජයග්‍රහනය කරන්නට නොහැකි වූයේ ජනාධිපතිතුමන් විසින් හදිස්සියේම පාර්ලිමේන්තුව විසුරුවා හැරිම නිසාය. දෙවැනි වරට අපි කාටත් වැරදුනේ ඒ වෙලාවේය. මේ වැරුද්ද එතැනින් නිමා වුයේ ද නැත. මෛත්‍රී මහින්ද එකතු කර ඒ අප්‍රියෙල් මහ මැතිවරණය තරග කරන්නට (සමහරුන්ගේ විරෝධතාවන් මැද වුවත්) අපි පෙරට ආවේ ඒ හරහාවත් වික්‍රමසිංහ මහතාව පරාජයට පත් කරන්නට හැකිවේයැයි සිතූ නිසාය. ඒ ආකාරයෙන්වත් ඔහුගේ අගමැතිකම ගලවන්නට හැකියාවක් ලැබෙවි යැයි අප සිතු නිසාය. රනිල්ව අගමැතිකමෙන් ගලවන්නට අපි ගත් ඒ උත්සාහයත් නිමා වූයේ ඔහුව යලිත් වරක් ඒ පුටුවේ වාඩිකරවමින් පමණක් නෙෙවේ. ඒ වැඬේ කෙළවර වූනේ අපේ පක්ෂයේ ලේකම් හා සන්ධානයේ ලේකම්ගේ පට්ටම් ගැලවී යාමෙන් බව මතක් කරන්නේ පසුගිය වැරදි යලි කියවමින් මෙවරවත් ඔහු පරදවන්නට හැකියාවක් වෙතොත් එය වලක්වන්නට නොව මේ වැඬේ බොරුවට කරන්නට නොයා යුතු බව පැහැදිලි කරන්නටය. තුන්වෙනි වතාවටත් අපි පරාජයට පත්වූ අතර රනිල් වික්‍රමසිංහ මහතා යලිත් අගමැති විය. ඒ නිකම්ම නොව නිමල් සිරිපාලලා සුසිල් ප්රෙමජන්ත්ලා මහින්ද අමරවීරලා ඇමති මණ්ඩලය ලෙසින් දෙපැත්තෙන් පිරිවරාගෙනය” තුන්වෙනි වතාවටත් අපි පැර¥නේ ඒ ආකාරයෙන්ය.
දැන් යලිත් අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් භාරදි තිබෙන අතර ඒ සදහා ඒකාබද්ධ විපක්ෂයේ හැමෝම පාහේ මේ වනවිටත් අත්සන් යොද ඇති බව ආරංචිය. මේ විශ්වාසභංගය ජයගන්නට නම් ඒකාබද්ධ විපක්ෂයේ අයට අමතරව ආන්ඩුවේ සිටින ශ්රීලනීපයේ අයත් එජාපයේ හෝ වෙනත් පක්ෂයක කීපදෙනෙකුත් ජන්දය ලබාදිය යුතුව ඇත. ඒ සියල්ල ඒ ආකාරයෙන් සිදුවෙනවාදැයි මා දන්නේ නැත. එසේ සිදුවේවා යැයි පැතීම හැර අපිට කළ හැකි වෙනත් දෙයක්ද මට පෙනෙන්නේ නැත.
දැන් මේ විශ්වාසභංගය ජයගැනීමට නම් කළමනාකරණය කරගත යුතු සාධක අතර වැදගත්ම එකක් වන්නේ මේ කාරණය පිළිබදව ජනාධිපතිතුමන් සිතන්නේ කෙසේදැයි හරියට තක්සේරු කරගැනීමය. එතුමන්ගේ සහාය නොලැබෙන යෝජනාවකින් මේ රජයේ අගමැති මේ මොහොතේ අස්කළ හැකි යැයි මා සිතන්නේ නැත. එතුමන් මේ යෝජනාවට පක්ෂ වන්නේ යැයි සිතුවහොත් ඒ පක්ෂ වන්නේ දැන් සිටින අගමැති අයින් කර එජාපයෙන් වෙනත් කෙනෙක් පත්කර ගැනීමටද එසේත් නැතිනම් ශ්රීලනීපයේ කෙනෙක් සුලූතර ආණ්ඩුවක් ලෙසින් පත්කර ගැනීමටද කියන කාරණයද තවම පැහැදිලි නැත. ජනාධිපතිතුමන් විසින් මේ දෙකෙන් කොයි එක කළත් ඒ වැඬේට ඒකාබද්ධ විපක්ෂය සම්බන්ධ විය යුත්තේ කෙසේද යන කාරණය මෙහිදි කළමනාකරණය කර ගත යුතු දෙවැනි කාරණයය. මම නම් සිතන්නේ ඒකාබද්ධයේ අය මේ මොහොතේ සිතිය යුත්තේ එලියේ සමාජයේ පොරකමින් තමන්ට සහයෝගය පළකරන පෙහොට්ටුවේ පාක්ෂිකයින්ගේ අභිලාෂයන් හොදට කිරා මැන බැලීමෙන් පසුව බවය. මට තේරෙන දේශපාලනයට අනුව නම් අපේ පාක්ෂිකයින් රනිල්ට වගේම රනිල්ගේ කැබිනට් එකේ ඇමතිකම් දරන ශ්රීලනීපයේ කණ්ඩායමටත් එකවගේම විරුද්ධය. ඒ අර්ථයෙන් නිමල් සිරිපාල අගමැති කිරීමෙන් හෝ කරු ජයසූරිය අගමැති කිරීමෙන් පොහොට්ටුවේ පාක්ෂිකයන්ගේ අභිලාෂයට කිසිදු පිලිගැනීමක් ලැබෙන්නේ නැති බව සැබෑය. එහෙත් රනිල් ඉවත් කිරීමෙන් ලැබිය හැකි ජයග්‍රනයන් රටේ පැත්තෙන් වඩාත් පළදයක වන්නේ රනිල් නොවන අලුත් අගමැකි යටතේ ඉක්මන් ජන්දයක් ලබා ගැනීමේ එකගතාවයක්වත් ගොඩනගා ගැනීමට ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට හැකියාව ලැබුනෝතින් පමණක් ය. අපි මේ විශ්වාසභංගයෙන් ලැබිය යුතු ජයග්‍රහනය වන්නේ මහ මැතිවරණයක් ලබා ගැනීමේ සටනට ශක්තියක් ලබා ගැනීමය.
අනෙක් අතට එජාපයේ නිල නායකත්වයත් (රනිල්) සහ පොහොට්ටුවේ නොනිල නායකත්වය (මහින්ද) එළියේ තියාගෙන ආණ්ඩුවක් කිරීම මේ පාර්ලිමේන්තුවේ යථාර්ථයක් වන්නේ පරිවාස කාලයකට පමණක්ම බව තේරුම් ගැනීමත් මෙතැනදි ඉතාමත් වැදගත්ය. එසේ නොවන්නේ යැයි කියන්නෝ කරන්නේ දේශපාලන විහිලූ සැපයීම පමණක් බව මගේ අදහසය.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව මීලගට යෙදෙන ජාතික මැතිවරණය වන්නේ ජනාධිපතිවරණයක් බව කවුරුත් දන්නා කාරණයක්ය. එහෙත් පොහොට්ටුවට (ඒකාබද්ධයට) වඩාත් වැදගත් වන්නේ ඒ පටිපාටයේ තියෙන ජනාධිපතිවරණය නොව එයට පෙර මහ මැතිවරණයක් කැදවා ගැනීමය. අනෙක් අතින් ශ්රීලනීපයේ දැන් ඉන්න ඇමතිවරුන්ට කෙසේ වෙතත් මෛත්‍රී ජනාධිපතිතුමන් වුවත් කෙළින්ම ජනාධිපතිවරණයකට ගමන් කිරිමට නොව මහ මැතිවරණයකට පසුව එන ජනාධිපතිවරණයකට මුහුණදිමට කැමති විය හැකි බව මගේ අදහසය. මහින්ද ජනාධිපතිතුමන්ගේ පැත්තෙන් සහ පොහොට්ටුවේ පාක්ෂිකයින්ගේ පැත්තෙන් නම් දේශපාලනය න්‍යාය පත්‍රයේ පළමුවත් දෙවනුවත් තෙවනුවත් තිබෙන්නේ මහ මැතිවරණයක් දක්වා බලවේග මෙහෙයවීමය. ඒ සදහා ව්‍යවස්ථාවේ ඉඩක් නැතැයි කියා කල් මැරිමෙන් සිදුවෙන දේශපාලන යහපතක් නැත. ඒ සදහා ව්‍යවස්ථාවේ ඇති ඉඩ පාවිච්චි කරමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක යෝජනා සම්මතයක් හරහා මෙ වැඬේ කරන්නට දේශපාලනමය මැදිහත්වීමක් කිරීම අත්‍යාවශ්‍යය. අද මුලු රටම අක්‍රීය කරන කුප්‍රකට 19 ව්‍යවස්ථා සංශෝධනයට පාරල්මේන්තුවේ තුනෙන් දෙකක බලයක් ගත්තේ ඒ ආන්ඩුවේ අගමැතිට හෝ ජනාධිපතිට තුනෙන් දෙකක ජනවරමක් පාරලිමේන්තුවේ තිබී නොවන බව අපගේ මතකයේ තබා ගැනීම මෙහිදි ඉතාමත් වැදගත්ය. බලවේග මෙහෙයවන ආකාරයට අනුව මිස නිශ්චිතව තියෙන තුනෙන් දෙකක ජනවරමක් මේ කාලයේ කාටවත් ලැබෙන්නේ නැත. සෝභිත හිමිගේ කුඩා බලවේගය දෙතුන් සියයක ජනතාවක් සමග පාර්ලිමේන්තු වට රවුමේ සිටියා පමණය. නැති තුනෙන් දෙකක් පාරලිමේන්තුව ඇතුළේ අපුරුවට ගොඩ නැගුනේය. ඒ නිසා මේ විශ්වාසභංගය ජයගන්නේ නම් ඒ ජයග්රහනයෙන් ජනතාවට ලබා දිය යුතු කොටස වන්නේ ඒ අයගේ කැමැත්තට ගැලපෙන ආණ්ඩුවක් හා අගමැතිවරයෙක් තෝරා ගැනීමට ඉඩ ලබා දිමය.
මේ එකක්වත් වෙන්නේ නැතිව මේ විශ්වාසභංගය පරාජයට පත්වී හෝ අවසාන මෙහොතේ ශ්රීලනීපයේ සහාය නොලැබී යාමේ ඉඩක්ද මේ තුළ තිබෙන බව අපි අමතක කළ යුතු නැත. එවැනි තත්වයක් නිසා නැවත වරක් රනිල්ගේ එජාපයත් ජනාධිපතිතුමන්ගේ ශ්රීලනීපයත් අතර භංගවී ඇති විශ්වාසය අලූතින් හදගැනීමටද ඒ අය මෙය පාවිච්චි කරන්නට ඉඩ ඇත. එවැනි දෙයකට ‘පාවිච්චිවීමට’ හෝ යන එනමං නැතිව සිටින ශ්රීලනීපයේ නායකයෝ කීපදෙනෙකු යලිත් අපේ ජන්දයෙන් පාරලිමේන්තු යැවිමකට මේ විශ්වාසභංගය යොද ගැනීමේ කිසිදු ඉඩක් අපි දිය යුතු නැත.
අවසාන වශයෙන් කිව යුත්තේ ‘දුවන මුවන් දැක නොදමව් නෙලූ පලා’ කියා කීවාක් මෙන් කොහේවත් නැති විහ්වාසභංගයක් නිසා ඒකාබද්ධය හා පොදුජන පක්ෂය සතු ජනතා ශක්තිය බිම දැමිය යුතු නැති බවය. අපේ සටන ඇත්තේ මේ ආණ්ඩුව ගෙදර යැවීමට මිස ඒ වැඩෙන් ‘එක කෑල්ලක් ගලවන්නට ගොස් අපේ ලොකු කෑල්ලක් ගලවා ගැනීමට’ නොවන බව තේරුම් ගැනීම ඉතාමත් වැදගත්ය. මේ විශ්වාසභංගය යනු දිනේශ් විමල් වාසු උදය ඩලස් වැනි ඒකාබද්ධයේ නායකයින් සහ බැසිල් රාජපක්ෂ වැනි පොදුජන පක්ෂයේ නායකියන් කරන අවසාන සටන නොවිය යුතු බව කියන්නේ ඒ සියලූ දෙනාගේ මැදිහත් විම්වලට ගරු කිරිමක් ද වශයෙනි.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ අංශාධිපති
ආචාර්ය චරිත හේරත්
Tuesday, March 20, 2018
ආණ්ඩුවට නොපෙනෙන මානය
මේ මැතිවරණය පැවැත්වූයේ මේ රටේ පලාත් පාලන ආයතන (එනම් මහනගර සභා නගර සභා හා ප්‍රාදේශීය සභා) 343 කට පමණ පාලනය කරන්නේ කවුරුන්ද කියා තෝරා ගැනීමටය. ජන්දයේ ප්‍රතිඵලවලින් පෙන්නුම් කළේ එම පලාත් පාලන ආයතන 343න් 239 කම සාතිශය බහුතර බලය දිනා ගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමන් නායකතවය ලබා දුන් පොහොට්ටු පක්ෂය බවය. ඒ පක්ෂයේ ජයග්‍රහණයේ ප්‍රමාණය සමස්ත පලාත් පාලන ආයත ගණනින් සියයට 70ක පමණ වන බව මෙහිදි තේරුම් ගත යුතු වැදගත් ම කාරණාවක්ය. සමස්තයක් ලෙසින් ආණ්ඩුවේ පක්ෂ දෙක බරපතල ආකාරයෙන් කඩා වැටීමකට ලක් වූයේ ජයග්‍රහණයේ ප්‍රතිශතය නිසාය. වත්මන් ආණ්ඩුවේ ප්‍රධාන පක්ෂය යැයි කිව හැකි සහ රාජ්‍ය බලයේ හිමිකාරිත්වය දරන එක්සත් ජාතික පක්ෂය ජය ගත්තේ පලාත් පාලන ආයතන 41 පමනක් වීම මෙහිදි රටම දුටු වැදගත්ම සිද්ධියක්ය. මෙය දේශපාලනයේ කුමන අර්ථයෙන් සැළකුවත් නිශ්චිත හා පැහැදිලි පරාජයක් බව මගේ අදහසය. මේ පරාජයේ ඇති බරපතලභාවය තවත් වැඩි වන්නේ උතුරේ හා නැගෙනහිර පලාත්වලට පමණක් තරග කළ ටී.එන්.ඒ. සංවිධානය එජාපය ලගටම ස්වකීය ජයග්‍රහනය ලං කර ගැනීම සමග මේ පරාජය සන්සන්නය කර බලන විටය. ඇත්තටම ටී.එන්.එ. සංවිධානය උතුරේ හා නැගෙනහිර පමණක් තරග කළත් ඒ පක්ෂය පලාත් පාලන ආයතන 34 ජයග්‍රහනය කර තිබීම වීම මෙහිදි අවධානයට ලක් විය යුතු විශේෂ කාරණයක් ය. ටී. එන්. ඒ. පක්ෂය දිනාගෙන ඇති පලාත් පාලන ආයතන සංඛ්‍යාව මුලූ රටටම තරග කළ එජාපයට වඩා අඩුවන්නේ ආයතන 7 කින් පමණක්ය. මේ තත්වය මා තේරුම් ගන්නේ ටී.එන්.ඒ. සංවිධානයේ තිබෙන විශේෂ ශක්තියකටත් වඩා එජාපයේ පෙන්නුම් කෙරෙන බරපතල දුර්වලතාවයක් පෙන්නුම් කරන සාධකයක් ලෙසින්ය. ඊලගට මේ මැතිවරණයෙන් ආණ්ඩුව කරවන අනෙක් පක්ෂය වන ශී‍්‍රලනීපය හා එක්සත් ජනතා නිදහස් සන්ධානය යන පක්ෂ දෙකක මුහුණ දි ඇත්තේත් ඒ ආකාරයේම පරාජයකය. ඒ පක්ෂ දෙකම ඝෘජුවම ජයග්‍රහනය කර ඇත්තේ මුලු රටෙන්ම පලාත් පාලන ආයතන 10 පමණක්ය. මේ ජයග්රහණයෙන්ද වැඩි හරියක් ලැබුනේ ජනාධිපතවරයාගේ දිස්ත්‍රික්කයෙන් වන අතර ආණ්ඩුවේ සිටි ශී‍්‍රලනීප ඇමතිවරුන්ගේ හැම ආසනයක්ම හැම දිස්ත්‍රික්කයක්ම පාහේ පාහේ බරපතල ආකාරයෙන් පරාජයට පත් වූ බව අපි හැමෝම දුටු කාරණයක් විය.
මේ සියල්ලටම වඩා වැඩියෙන් කැපී පෙනෙන පරාජයක් මේ මැතිවරණයෙන් ලබා ගත්තේ ජනතා විමුක්ති පෙරමුණ බව මගේ මතයය. ඒ පක්ෂය එකම පළාත් පාලන ආයතනයක්වත් ජයගත්තේ නැතිවා පමණක් නොව දැනට තියෙන ආරංචිවලට අනුව පළාත් පාලන ආයතන ඇතුළේ තියෙන කුඩා කොට්ඨාශ අතරින් වුවත් ජවිපෙ මුලු රටෙන්ම දිනා ගෙන ඇත්තේ එකම එක කොට්ඨාශයක් පමණක් ය. මේ පරාජය ජවිපෙ පැත්තෙන් තේරුම් ගන්නේ කෙසේදැයි මා දන්නේ නැත. එහෙත් ඒ අයගේ පැහැදිලි කිරීම්වලින් මතු වන්නේ තනිකරම ජන්ද දිනන්ට බැරුවා පමණක් නොව පරාජයක් තේරුම් කර ගන්නටත් නොහැකි ආකාරයේ කඩා වැටීමක්ය. ඒ අය දැන් කියන ආකාරයේ සාමාන්‍ය බුද්ධියට වැටහෙන්නේ නැති හතර බීරි කථාවලින් පෙන්නුම් කරන්නේ ඒ කාරණයය. මැතිවරණ පරාජයට පසු දින පුවත් පත් සාකච්ජාවක දි එක ජවිපෙ නායකයෙක් කීවේ ‘ජනතාව 2015 මහින්දගේ ආණ්ඩුවට විරුද්ධව වර්තමාන එජාප ආණ්ඩුවට ජන්දය දුන්නේ මේ ආණ්ඩුව ලවා මහින්දට දඩුවම් දෙන්නට බවත් ආණ්ඩුව එහෙම මහින්දට දඩුවම් දුන්නේ නැති නිසා ජනතාව නැවතත් මහිනද්ටම බලය දුන්නා’ වැනි ආකාරයේ විකාර කථාවක්ය. ඒ පක්ෂයේ තවත් නායකයෙක් කියා මේ පරාජය ඒ පක්ෂයේ ප්‍රශ්නයක් නොව ජනතාවගේ බුද්ධියේ ප්‍රශ්නයක් බවයි. මෙවැනි ආකාරයේ අපහාස හා උපහාස මිසක් තමන්ගේ දේශපාලනයේ කඩා වැටීම ගැන තේරුම් ගැනීමටවත් නොහැකි තත්වයට අපේ රටේ තරුණ දේශපාලනයේ ප්‍රධානතම පක්ෂය පත්වී තිබීමෙන් කියා පාන්නේ ජවිපෙ දේශපාලනයත් පරණ වාමාංශය වගේම අතීතයක් පමණක් තිබෙන අනාගතයක් පැහැදිලි නැති තත්වයක් යැයි සිතීමේ වරදක් නැති බව මගේ අදහසය.
1993 මේ ආකරයේ දකුණු පළාත් සභා පරාජයේ සිට ගමනක් ආරම්භ කරන විට අපිට ඉවෙන් වගේ පෙනුනේ පරාජය වෙත වේගයෙන් ඇදි යන පරන එජාපයේ කථා සාප්පු ටිකය. මේ මැතිවරණයේ දිත් තරමක් වෙනස් ආකාරයකට පෙන්නුම් කරන්නනේත් ඒ දර්ශනයමය. මෙතැන වෙනස ඇත්තේ පරාජයේ හෙලකට කඩා වැටෙන්නට වේගයෙන් ඇදි යන කථා සාස්පුවේ එජාපය පමණක් නොව ශ්‍රීලනීපය ද එක සමානව එකට සිටීමය. එයින් ගැලවෙන්නට ඔවුනට හැකියාව ලැබෙන්නේ මේ මැතිවරණ ප්‍රතිඵලය තෙරුම් කර ගන්නට බුද්ධියක් ලැබුණ දිනයකය. ඒ දිනය ඊලග මැතිවරණ දිනයට පෙර නොපැමැණියහොත් වෙන්නේ කුමක්දැයි සිතා ගන්නවා හැර කියන්නට අවශ්‍යතාවයක් ඉතිරිවෙන එකක් නැත.
ආචාර්ය චරිත හේරත් – පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ අංශාධිපති
ලාංකීය දේශපාලනයේ චින්තන ත්‍රිකෝණය – ඇඩම් ස්මිත්, කාල් මාක්ස් සහ ධර්මපාල
චරිත හේරත් –අපේ රට බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදි වසර 70 ගෙවෙන්නට ඇත්තේ තවත් දින කීපයක් පමනක්ය. ආණ්ඩුවේ එජාප පාර්ශවය මේ වර නිදහස් උළෙල මහ ඉහලින් සමරන්නට ලැහැස්ති වෙන බව පෙනෙන්නට තිබේ. ඒ සදහා බ්‍රිතාන්‍යයේ රජ පවුලේ සාමාජකයෙක් වන එඩ්වඩ් කුමරු ලංකාවට පැමිනි බව නිවේදනය වූයේ ඊයේ පෙරේදාය. යටත් විජතයෙන් මිදිම සමරන්නට රට යටත් කළ අයවම ගෙන්වීම මගින් පෙන්වන්නේ අපේ තියෙන බයාදුකමේ තරමය. මීට පෙර 2002 කාලයේ පැමිනි එජාප ආණ්ඩුව පෘතුගීසින් මෙරටට පැමිනීමෙන් වසර 500 ගතවීම උත්සවාකාරයෙන් සමරන්නට සුදනම් වූ ආකාරය සමහර අයට තවමත් මතකය. අපි පසුගිය වසර 70 පුරාම කර ඇත්තේ මේ වගේ වැඩමය. මේ අය කරන්නනේ ‘යටත්වීමෙන් නිදහස් වී වසර 70 ගතවූ පසුත් අපිව යටත් කළ ස්වාමියා අත්හරින්නට බැරි රෝගයකින් පෙළන්නන් යැයි’ ලෝකයට පෙන්වීමට දැයි මා දන්නේ නැත. සමහරුන් කියන්නේ බ්‍රිතාන්‍යයෙන් නිදහස්වීමෙන් අපි 1948 කර ගත්තේ වැරුද්දක් බවය. ආණ්ඩුවේ සමහරුන් තවමත් සිතන්නේ එහෙමදැයි පැහැදිලි නැතත් රජ පවුලේ කුමාරයෙක් එක්ක ඒ අයට යටත්වී සිටි බව සිහිපත් කිරීමෙන් පෙන්නුම් කරන්නේ එවැනි මානසිකභාවයක් බව නම් පැහැදිලිය.
මෙවර මගේ සටහනින් ලියන්නේ නිදහසින් පසු කාලයේ අපේ රටේ දේශපාලනය ගැනය. බ්‍රිතාන්‍යන්ගේ පාලනයෙන් පස්ව අපි තනියම රට පාලනය කර අද ඇවිත් තියෙන තත්ත්වය කුමක්දැයි කියන කාරණය ගැන යම් නිරීක්ෂණයක් කිරීමය. මේක හරියට සමාන වන්නේ කොම්පැනියක් විදේශීය අධ්යක්ෂ මණ්ඩලයක් පාලනය කරගෙන ගොස් අපේ රටේ අධ්‍යක්ෂවරුන්ට භාරදි අපේ පාලනයක් යටතේ වසර 70 ගතවූ පසුව කොම්පැනියේ තත්ත්වය නිරීක්ෂණය කිරීම වැනි කාරණයකටය. බැලූ බැල්මටම පේන්නේ ලාභ ලබමින් තිබූ කොම්පැනියක් අධ්‍යක්ෂක මණ්ඩලය වෙනස් කිරීමෙන් පසු කොම්පැනියම නැත්තටම නැතිවී ගිය සේයාවක් ය. ලාභ ලැබීම නැවතුනා පමණක් නොව පාඩු ලැබීමේ සීමාවත් පැන ගොස් ණය ගැනීමේ සිමාවත් නැතිවන තැනට වසර 70 ක් අපේ පාලනය යටතේ කොම්පැනිය පත් වී ඇත. දැනටත් අධ්යක්ෂවරුන් ලෙසින් මන්ත්‍රීවරුන් 225 වසර 6 වරක් රටේ ප්‍රතිපත්ති හා නීති සදන්නටත් නිසි උපකමික තීන්දු තීරන ගැනීම පිනිස පත්වෙන අතර ඒ අය වැඩි වශයෙන් උනන්දු වන්නේ තව තවත් ණය ගනිමින් තම තමන්ට හොද වාහන හොද ගෙවල් නිතර විදේශ සංචාර වැනි දේවල් ලබා ගැනීම ගැන මිස කොම්පැනියේ අනාගතය (රටේ අනාගතය) ගැන නොවේ.
නිදහසින් වසර 70 පසුව රටට මෙහෙම වූයේ ඇයි සහ අපි කළ යුත්තේ කුමක්ද යනු අපි මේ මොහොතේ ඇසිය යුතුම ප්රශ්නය විය යුතු වන්නේ ඒ කාරණා සියල්ලම නිසාය.
1977 පසුව මේරට ගමන් කරන්නේ 1948 සිට පැමිනි ගමනට සම්පූර්ණයෙන්ම වාගේ වෙනස් ආකාරයකටය. එතෙක් කාලයක් පැවති සුභසාධනය පදනම් වූ දේශපාලනය තනිකරම වෙළදපොළ මත පදනම් වූ ත්තවයකට වෙනස් වූයේ 1977 හදුන්වා දුන් විවෘත වෙළදපොල ආර්ථිකයත් සමගය. එතැන් සිට මේ දක්වාම පැමිනි හැම ආණ්ඩුවක් වාගේ කළේ ලෝක බැංකුව හා අන්තර් ජතික මුල්‍ය අරමුදල වැනි ආයතන මගින් ඒ ඒ ව්‍යාපෘති පෙන්වමින් ණය ආධාර ලබා ගැනීමය. මේ අය විදේශ සංචිතවල මුදල් පෙන්වුයේ මුළික වශයෙන්ම ලැබෙන ණය හා ආධාර එකතු කරමින් මිස ශක්තිමත් නිෂ්පාදන ආර්ථිකයක් හෝ සේවා ආර්ථිකයක් හරහා ලබා ගන්නා විදේශ මුල්‍ය වටිනාකම් මගින් නොවේ. මේ ආණ්ඩුවේ අය කියන්නේ මේ වන විට රටක් වශයෙන් අපට ලබා ගතහැකි උපරිම අගය දක්වා අපි ණය අරන් ඉවර බවය. දැන් තියෙන්නේ ණ්යට අරන් හැදු ‘සංවර්ධන ව්‍යාපෘති’ විකුනා ණය ගෙවන කාලයකටය. හම්වන්තොට වරාය චීනයට දෙන්නේ ඒ සදහාය. මත්තල ගැවන් තොටුපල ඉන්දියාවට දෙන්න යන්නේ ඒ සදහාය. ණය අරන් හැදු අධිවේගී මාර්ග විකුනන්න හදන්නේ ඒ සදහාය.
නිදහසින් පසු කාලයේ රටේ බල දේශපාලන ක්ෂේත්රයේ තියෙන පැටලිලි සහගතභාවය මේ ආර්ථික අර්බුදවලට දෙවෙනි වන්නේ නැත. යටත් විජතයෙන් පසු අපි හදන රාජ්‍යය කුමක්ද කියා වසර 70 පසුව වත් අපිට තවමත් පැහැදිලි අදහසක් හෝ අයුරක් නැත. සමහරුන් කියන්නේ 1815 සුද්දන්ට රට භාර දෙන විට තිබුන රාජ්‍යය යලිත් වරක් තැනිය යුතු යැයි කියාය. තවත් සමහරුන් කියන්නේ රාජ්‍යයෙන් ආගම හෝ සංස්කෘතීන් අයින් කරමින් තනිකරම ලෝකායතවාදි හා අනාගමික රාජ්‍යයක් හැදිය යුතු බවය. මේ දෙකටම එහාට ගිය සමහරුන් කියන්නේ වෙළදපොළට ඉඩ දි රාජ්‍යය දිය වෙන පරිදි වැඩ කළ යුතු බවය. මේ කාලයේ ආන්ඩු කරන්නේ ‘ආණ්ඩුව දියකර හරින්නට’ කැස කවන කාණ්ඩයේ අගමැතිවරයෙකුගේ යටතේය.
දේශපාලනයේ ඇති මේ අවුල් සහගත තත්වය විසින් නිදහසින් පසුව අපි ගත කළ වසර 70 පුරා බිලිගත් ජවිත ගනන අතිවිශාලය. ලේ බිදක්වත් නොසොල්වා ලබා ගත්තා යැයි කියන නිදහස රකින්නට කියා ඊට පසුව පැමිනි හැම වසර විස්සකටම වරක් දහස් ගනනකගේ ලේ සොලවන්නට රාජ්‍යයට සිදුවී තිබෙන්නේ මේ නිසාය. 1971 සහ 1989 දකුනේ තරුණයන් ගැසූ කරලි මර්ධනය කළේ අසූ දහසක් පමණ තරුණයන් මරා දමලාය. 1983 සිට 2009 දක්වා උතුරේ කැරල්ල නිසා මරණයට පත්වූ සංඛ්‍යාව තවම කවුරුවත් දන්නේ නැති ගානය. මේ ගැටලූවලට විසදුම් සොයන්නට කියා මේ වන විට ආණ්ඩු ක්‍රම ව්‍යාවස්ථා තුනක් අත්හද බලා ඇති අතර සම්මත කරගන්නට නොහැකිවූ ව්‍යවස්ථා කෙටුම්පත් ගනන ඊටත් වඩා වැඩිය. ව්‍යවස්ථා සංශෝධනය හා අලූතින් ව්‍යවස්ථා හැදිම මේ වන විට අපේ රටේ හැමදම කරන දෛනික කාර්යයක් බවට පත්ව ඇතිවා පමණක් නොව මෑත භාගයේ සිටි හැම ආණ්ඩුවකටම වාගේ කැබිනට් මණ්ඩලය හදද්දි ව්‍යවස්ථාව හදන එකටත් අමාත්‍යංශයක් වෙන් කරන්නට සිදුවී තිබෙන්නේ මුලූ ක්රමයම හාස්‍යයට ලක් කරමින්ය. ව්‍යවස්ථාව හදන්න හැම ආණ්ඩුවෙන්ම ඇමතිවරයෙක් පත් කරන රටක් ලෝකයේ කිසිදු දියුණු හෝ නොදියුනු රටවල් අතර තිබෙනවා යැයි මා සිතන්නේ නැත. ඒ අතින් නම් අපි ඉන්නේ අද්විතීය තැනකය. ඒ අතින් නම් වෙනත් කිසිම රටකට අපිව දෙවෙනි කරන්නට හැකියාවක් නැති ගානය.
මා තේරුම් ගන්නා ආකාරයට අපි අද පැමින සිටින්නේ නිදහසින් පසු මෙරට දේශපාලනයේ බරපලම අවධි ලක්ෂ්‍යයටය. ඒ කියන්නේ අපි අද පැමින සිටින්නේ නිදහසින් පසු අත් හද බැලිය හැකි සියලූම ආකාරයේ ක්‍රම අත්හදා බලමින් යා හැකි උපරිම දුර ගොස් ඉදිරියට යන්නට නොහැකි බිත්තිය හැප්පෙන තැනකය. මෙතැනින් එහාට යන්න නම් අපේ දේශපාලනයේ භාවිතයේ වෙනසක් වගේම දේශපාලන චින්තනයේම වෙනසක් අවශ්‍ය වන තැනකට අපි පැමිණ තිබෙනවා යැයි කීමේ වරදක් ඇත්තේ නැත. ප්රශ්නය තියෙන්නේ හොද ව්‍යවස්ථාවක් නැති කමේ නොව දේශපාලනයට අලූතින් සිතීමක් නැති කම තුළය. සාම්ප්රදයික පක්ෂ කීපයම හිරවී සිටින්නේ එක්කෝ ඉතාමත් පැරනි චින්තනයන් තුළය. එසේත් නැතිනම් මේ කපේ තමන්ගේ අදහස් වෙනස් කරන්නට අකැමැති වියපත් දේශපාලකයින් කණ්ඩායමක් සමගය. මන්ත්‍රීවරුන්ගෙන් භායගකටවත් හරි හමන් අධ්‍යාපනයක් හෝ හික්මීමක් නැත. නීති සහ ප්‍රතිපත්ති හදන්නට පාරලිමේන්තු යන අය හදන්නේ පාලම් හෝ බෝක්කු හැදිමටය. මේ තත්වයෙන් රට අලූත් තැනකට ගෙනයාමේ හැකියාවක් මේ තියෙන දේශපාලන පක්ෂ යාන්ත්‍රණයේ ඇතැයි මා සිතන්නේ නැත.
ආචාර්ය චරිත හේරත් – පේරාදේණිය විශ්ව විද්‍යාලයේ දර්ශන අධ්‍යන අංශයේ අංශාධිපති