රටේ දේශපාලනය ගැන කථා කරන හුගක් අය මේ දවස්වල මුලික වශයෙන්ම අවධානයට ලක් කරන්නේ ආර්ථික තලයේ සිදුවෙමින් පවතින දේවල් පිලිබදවය. ආණ්ඩුවක හැකියාව පිලිබදව සොයා බලන එක් ප්‍රධාන මානයක් වන්නේ ආර්ථික තලයේ සිදුවෙන ජයග්රහන හෝ පරාජයන් විමසා බැලීම යැයි පිළිගත් මතයක් පවතින නිසා බොහෝ අවස්ථාවල සමාජ සංවාද අවකාශයේ බලය අත්පත් කර ගන්නේ ආර්ථිකමය තලයේ සාකච්ජාවන් විිසින් බව සැබෑය.
2015 ජනාධිපතිවරණයේ සිට මේ දක්වා කාලය දෙස පමණක් අවධානය යොමු කළත් පෙනී යන්නේ දේශපාලන සංවාදභූමි තුළ මේ ආර්ථිකයට ඌනනයවීමේ උත්සාහය තව තවත් වර්ධනය වී ඇති බවය” පසුගිය කාලයේ ප්‍රධාන ධාරවේ දේශපාලනය එක්කෝ කේනද්රගතවී තිබුනේ මේ ආණ්ඩුවේ ප්‍රධානීන් හුගක් අය සම්බන්ධ වී සිදුකළ මහබැංකු මුදල් වංචාව පිලිබදව කථා කිරීමටය” තවත් සමහරුන්ගේ අවධානය යොමු වී තිබුනේ සමස්තයක් ලෙසින් මේ ආණ්ඩුවේ මුල්‍ය ප්‍රතිපත්තිය පිලිබදව කථා කිරීමටය” අනෙක් අතට මේ කාලයේ පාර්ලිමේන්තුවේ පවත්වන සංවාදවලින් වැඩි හරියක් අභිමුඛ කෙරෙන්නේත් රටේ ජාතික ආර්ථිකය සුරුකීම වැනි මාතෘකාව වලටය” ආර්ථිකමය වූ කාරනා විසින් සමස්ත දේශපාලන සංවාදයම යටපත් කර තිබෙනවා කීමේ වැරුද්දක් නැති ගානට මේ තත්වය වර්ධන වී ඇත” රටේ සංවාදයේ දිසානිය ආර්තිකමය වු කරුනු දෙසට ඌනතිවාදි ආකාරයෙන් ගමන්කිරීම වෙනත් අමතර ප්‍රශ්න ගනනාවක් ඇති කර තිබෙන බව ඉතාමත් පැහැදිලිය” මෙයින් අදහස් කරන්නේ මෙසේ ආර්ථිකය ගැන කථා කිරීම අනවශ්‍ය දෙයක් බව නොවේ” එයද අවශ්‍යම ක්ෂේත්රයකි” එහෙත් මේ ආකාරයේ ආර්ථිකමය වූ දේවල්වලට පමණක්ම සමාජයේ අවධානය යොමු කිරීම හේතුවෙන් සිදුවී තිබෙන්නේ සාකච්ජා කරන්නට අවශ්‍ය බරපතල දේශපාලන කාරනා ගනනාවක්ම එක්කෝ පසුපසට තල්ලූ වී යාමය” එසේත් නැතිනම් ඔනෑකමින් පසුපසට තල්ලූ කර දැමීමය” මා මේ සටහනින් උත්සාහ කරන්නේ මේ කියන ආර්ථික ඝෝෂාව නිසා රටේ අවධානයෙන් ‘වැසී’ ගොස් තිබෙන එහෙත් රටේ අනාගනය පැත්තෙන් අතිශයෙන් ම වැදගත් දේශපාලන ගැටලූ කීපයක් සාකච්ජා කිරීමටය”
මුළින්ම අපේ අවධානය යොමු විය යුත්තේ රාජ්‍යයේ භාරකාරිත්වය පිළිබදව ආණ්ඩුවේ ප්‍රධානීන් සිතන ආකාරයේ ඇති බරපතල ගැටලූවක් වෙතය” රාජ්‍යයක් සහ ආණ්ඩුවක් යනු එකක් නොවන බව දේ්ශපාලන විද්‍යාවේ දි සාකච්ජා කරන මුළික විෂය කරුණක් බව බොහෝ අය දන්නා කාරණයක්ය” එය එසේ වුවත් අපේ රටේ බොහෝ දේශපාලනඥයින් බලය ලබා ගත් පසුව සිතන්නේ ආණ්ඩුව කියන්නේ රාජයයටම කියාය” රාජ්‍යයට අයිති ඕනෑම දෙයක් තම තමන්ගේ සිතැගිවලට අනුව වෙනස් කළ හැකියැයි ආණ්ඩුවල බලය ලබාගත් දේශපාලනඥයෝ සිතන්නේ මේ කාරණය නිසාය” රාජ්‍යයට අයිති සම්පත් පාලනය කරන්නට බලයක් ආණ්ඩුවකට තිබෙන බව සැබෑවක් වුවත් වසර පහකට බලය ගන්නා ආන්ඩුවකට රටේ තමන්ට පෙර ආණ්ඩුවලින් ගොඩ නැගූ රාජ්‍යමය වූ ඕනෑම සම්පතක් වසර 99 කට වෙනත් රටකට පවරා දිමේ දේශපාලනමය යුක්ති සහගතභාවයක් ඇත්තේ නැත” විශේෂයෙන් 1977 පසුව මේ රටේ පත්වූ ආණ්ඩු වැඩ කරන්නේ රාජ්‍යයට අයිති සම්පත් තමන් කැමති ආකාරයකට වෙනස් කිරීමේ හෝ ඈවර කිරීමේ වරමක් ඒ ඒ ආණ්ඩුවලට තිබෙනවා යැයි සිතාගෙනය” මේ කාරණය අතින් වර්තමාන ආණ්ඩුව සිටින්නේ අනෙක් හැම කාලයකටම වඩා නරකම අන්තයක බව ඉතාමත් පැහැදිලිය” පසුගිය ආණ්ඩුව ගත් ණය ගෙවන්නට යැයි කියමින් රාජ්‍යයේ සම්පත් 99 අවුරුද්දකට වෙනත් රටවලට පවරාදිමට පොරබද්න්නේ ඒ නිසාය” වසර පහකට බලය ලබා ගන්නා ආන්ඩුවක් තමන්ට අයිති නැති එනමුත් රාජයයට අයිති සම්පත් තමන්ට බලය තියෙන වසර පහෙන් එහාට තවත් වසර 94 කටම වෙනත් රටකට පවරා දෙන්නේ රටේ භාරකාරිත්වය පිලිබදව ඇති වැරදි ආකල්පය නිසාය” මේ වැඬේ සමාන වෙන්නේ වසර පහකට ගෙදරක කුළියට සිටිනා අයෙක් අයිතිකාරයන්ගේ අනුමැතියකින් තොරව නිවසේ සමහර කොටස් ඉදිරි අනාගතය දක්වාම වෙනත් අයට විකිනීම හෝ බ¥දිම වැනි ක්‍රියාවකටය” දැන් වර්තමාන ආණ්ඩුව හම්බන්තොට වරායත් මත්තල ගුවන්තොටුපලත් සම්බන්ධයෙන් වැඩ කරන්නේ මේ ගෙවල් කුලීකාරයාගේ මානසික තත්වයෙන්ය” හම්බන්තොට වරාය චීනයට පවරා දුන්නේ වසර 99කටය” මත්තල ඉන්දියාවට දෙන්න යන්නේ වසර 99 කටය” කොළඹ වරාය නගරය චීනයට ලබා දි ඇත්තේ 99 අවුරුද්දකටය” දැන් තියෙන ආරංචිවලට අනුව අධිවේගී මාර්ග පද්ධතියත් මේ ආකාරයෙන්ම වෙනත් වෙනත් විදේශීය ගැනුම්කරුවන් අතට පත් කරන්නට සියලූම උත්සාහයන් ගන්නා බවය” මෙහිදි අවධාරණය කළ යුත්තේ මේ ආකාරයෙන් සි¥වෙන රාජ්‍යයට අයිති දේ ආණ්ඩුවකට කැමති ආකාරයෙන් කැමති කාලයකට විකිනීම දේශපාලන වශයෙන් වැහෙන්නට ඉඩ නොදි සාකච්ජාවට භාජනය කළ යුතු බවය” රාජ්‍යය යනු කුමන හෝ ආණ්ඩුවකට පාවිච්චි කළ හැකි ‘ගෙදර පසුපස මිදුලක්’ (backyard to home) නොවන බව සමාජය තුළ ස්ථාපික කළ හැක්කේ එවැනි සංවාදයක් මගින්ය”
දෙවනුව අවධාරණය කළ යුතු හා අපගේ සංවාදයට භාජනය විය යුතු ක්ෂේත්රයක් වන්නේ අපේ රටේ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් දැන් මතුවී තිබෙන ගැටලුකාරී තත්වයය” 1972 පසුව මෙරට රාජ්‍ය සේවය වැඩ කළේ දේශපාලන අධිකාරියේ බලපෑමට යටත්ව බව සැබෑවක් වුවත් ඒ සේවයෙන් සමාජයට සිදුවූ සේවය හා ධනාත්මක බලපෑම ප්‍රසංසනීය බවට බොහෝ අය එකග වන කාරණයකි” එහෙත් 2015 ජනවාරියෙන් පසුව මෙරට රාජ්‍ය සේවය හිර කර තිබෙන්නේ වගකීමක් ගැනීම යනු අනතුරකට අනවැනීමකට සමානය යන හැගීම තුල නිසා රාජ්‍ය සේවයෙන් මීට පෙර තිබු ආකාරයේ සේවයක්වත් සිදු වන්නේ නැති ගැනය” ” පැරනි ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කළ එකල කැබිනට් මණ්ඩලය අනුමත කළ වැඩසටහනක්ස වුවද මෙකල ආණ්ඩුවේ අයගේ උදහසට ලක් වී කිබේ නම් ඒ වැනි වැඩ සටහන් ක්‍රියාත්මක කළ රාජ්‍ය නිලධාරීන් සියල්ලම අමාරුවෙ වැටෙන තරමට මේ අවුල දැන් ඔඩු දුවා ඇත” දේපාලඥයාගේ කාර්යභාරය හා රාජ්‍ය සේවකයාගේ කාර්යභාරය ගැන මෙතෙක් තිබූ සියලූ පිලිගැනීම් අර්බුදයට ගොස් ඇති නිසා ලිපිගොනුවක වගකීම භාර ගන්නා ආකාරයේ අත්සනක් නිලධායෙකු යොදන්නේ ඉතාමත් කළාතුරකින් බව රජයේ බොහෝ ආයතනවලට යන එන හැමෝම පාහේ දන්නා කාරණයක්ය” සියලූම ලිපිගොනු ‘අවශ්‍ය උපදෙස් සදහා යොමු කරමි’ යන සටහන් දමමින් එහා මෙහාට යන ආකාරය රාජ්‍ය සේවය පල්ලම් බස්සවා ඇති තත්වයක් තුළ මේ කාරණය දේශපාලනමය වු කෝනයකින් සාකච්ජා මේසයට ගැනීමට කාලය පැමින ඇති බව කිව යුතුමය”
තුන්වෙනුව අවධාරණය කළ යුතු කාරණය වන්නේ ප්රජාතන්ත්රවාදය හා මැතිවරණ දේශපාලනය මුහුණ දෙමින් තිබෙන අනතුර පිලිබදවය” අපේ රටේ සංවාද අවකාශයේ මේ කාරණය ගැන විශේෂයෙන් ඉඩක් ලබාගැනීම ඉතාමත් අවශයය” 2015 ජනවාරියෙන් පසු පැමිනි පාලනයට කියන්නේ යහපාලනය කියා වුවත් ලංකාවේ මැතිවරණ දේශපාලනය සමග මෙතරම් බරපතල ආකාරයෙන් අවපාලනයට ගිය යුගයක් නොතිබුනු බව පිලිගැනීමේ වැරුද්දක් නැත” මැතිවරණ සමග මේ ආකාරයෙන් සෙල්ලම් කරන පාලනයක් මීට ඉහත කාලයේ තිබුනේ නම් ඒ 1977 පසු පැවැත්වූ කුප්රතට ජනමත විචාරණය වැනි අවස්ථාවලදි පමණක්ය” මා මේ කාරණය කීවේ පලාත් සභා පිළිබදව වර්තමාන ආණ්ඩුවේ අයගේ ආකල්පය හා හැසිරිම ගැන යම් සාකච්ජාවක් ගොඩ නැගීම අවශ්‍ය බවට යෝජනා කිරීමටය” ජන්දය සම්බන්ධයෙන් බිය වෙන හෝ ජන්දය කල් දමන ආණ්ඩු යහපාලන ආණ්ඩු තබා අවම ප්රජාතන්ත්රවාදයවත් රකින ආණ්ඩු කියා කවුරුවත් පිලිගන්නේ නැත” ජන්දයක් පවත්වන්නට බිය වන ආණ්ඩුවක් යනු අනාගතයේ අනතුරකට භාජනය වන්නට නියමිත ආණ්ඩුවක් නොව මේ වන විටත් අනතුරක සිරවී සිටින ආණ්ඩුවක් බව පැවසීමත් අනෙක් අතින් ඉතාමත් නිවැරීදිය” වර්තමාන ආණ්ඩුව මීට කලින් කළේ පලාත් පාලන මැතිවරණය අවුරුදු දෙකකට ආසන්න කාලයක් කල් දැමීමය” ඒ ජන්දය පැවැත්වුයේ රටේ පලාත් පාලනය නැත්තටම නැතිවී ගියාටත් පසුවය” කොළඹ කුණු කන්දක් පුපුරා ගියාටත් පසුවය”
2015 ජනවාරියේ හා ඒ වසරේම අගෝස්තුවේ බලයට පැමිනි වර්තමාන ආණ්ඩුවේ ප්‍රධානීන් පෙනී සිටියේ හා තවමත් පෙනී සිටින්නේ තමන් ප්රජාතන්ත්රවාදයේ ගැලවුම්කාරයන් බවට චරිත සහතික ද තමන්ටම දි ගනිමිනි” ආණ්ඩුවේ නායකයින් නිතරම කියන්නේ එක්කෝ තමන් ‘යහපාලන කාරයන්‘ බවය” ඒසේත් නැත්නම් ඒ අය කරන්නේ ‘සාධාරණ සමාජයක්’ හැදිම බවය” ඒ දෙකම නැති තැන්වල කියන්නේ ඒ අය කරමින් සිටින්නේ ‘ලිච්චවී’ ක්‍රමයට රට පාලනය තිරිම බවය. මේ සියලූ විශේෂන පදවලින් තමන් ව හ¥න්වා ගන්නා ගමන් ව්‍යවස්ථානුකූලව ජන්දයක් තිබිය යුතු වෙලාවක් පැමිනි ගමන්ම ආණ්ඩුව කරන්නේ ඒ ජන්දය කල් දමන්නට උපක්‍රම සෙවීමය” මේ උපක්‍රම හදගන්නේ ව්‍යවස්ථාවට අනුව නිසා තත්වය තවත් සංකීර්ණ වෙනවා හැර විසදෙන්නේ නැත” මේ කාරණය රටේ දේශපාලන සංවාද අවකාශයේ ප්‍රධාන මාතෘකාවක් විය යුතු බවට මා යෝජනා කරන්නේ මේ කාරණයේ ඇති ඉහත සදහන් වැදගත්කම නිසාමය”
මේ වන විට පලාත් සභා තුනක් ස්වභාවිකව ම විසුරුවා හැරි ඇති අතර ඒවා දැන් පාලනය කරන්නේ ජනාධිපතිතුමා විසින් පත් කළ ආණ්ඩුකාරවරුන් විසින්ය” තවත් පළාත් සභා තුනක් මේ සැප්තැම්බර්යේ විසුරුවා හැරෙන්නට නියමිතය” සැප්තැම්බරයේ විසිරවෙන පලාත් සභා අතර උතුරු පලාත් සභාවද පවතින බව අපගේ අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය” මේ පළාත් සභා ජන්දය පමා කරන්නේ ඒවා අලූත් ක්‍රමයකට පවත්වන්නට නව ජන්ද ක්‍රමයක් හ¥න්වා දෙන බවට පොරොන්වදුක් ද ලබා දෙමින්ය” ඒත් ඒ කියන අලූත් ජන්ද ක්‍රමයෙන් ආණ්ඩුවේ පරාජය තවත් තීවෘ වෙන බවත් පසුගිය පලාත් පාලන ජන්දයෙන් පෙනී යන නිසා ඒ වැඩෙත් දැන් කෙරෙන්නේ නැති ගානය” මධ්‍යස්ථව බලන කවරෙකුට වුවත් පෙනෙන්නේ පලාත් සභා ජන්දය නොතියන්නේ ජන්ද ක්‍රමයක් හ¥න්වාදිමට වඩා දේශපාලන පරාජයක් වේ යැයිතිබෙන බය නිසාම බවය”
ජන්දයක් නොතියමින් වසර දෙකහමාරක් ආණ්ඩුකාරවරුන් හරහා පලාත් සභා පාලනය කරන්නට ආණ්ඩුව සැරසෙන්නේ නම් එය නිමා විය හැක්කේ ඊලගට එන කොයි ආණ්ඩුවත් ඒ වැඬේම ඊටත් වඩා වැඩි කාලයක් සිදු කිරීමෙන් බව ඉතාමත් පැහැදිලිය. ඊලග ආණ්ඩුත් මේ ‘යහපාලනයම’ ක්‍රියාත්මක කරන්නට කියා අවුරුදු 05ට හෝ 10 පලාත් සභා කල්දමමින් ආණ්ඩුකාරයන්ගේ මාර්ගයෙන් පවත්වාගෙන යන්නට උත්සාහ නොගනිතැයි කාටවත් කිව හැකි නොවේ” අනෙක් අතට එවැනි අනාගත උත්සාහයක් වුවද මේ තත්වය මගින් යුක්ති සහගත වන බව අවධානයට ගැනීම ඉතාමත් වැදගත්ය” මෙය රටට නොකියා කියන්නේ ‘පලා බබා අපිට එපා’ යැයි පෙලපාලි ගිය 1988-89 කාලයේ දේශපාලනය පළ දරමින් 13 ව්‍යවස්ථා සංශෝදනය අහෝසි කරන නව ක්‍රමයක් යහපාලන ආවරණයක්ද සහිතව හදුන්වාදිමක් දැයි සිතෙන තරමට මේ වැඬේ අවුල් වී ඇති බව නම් ඉතාමත් පැහැදිලිය”
ආර්ථිකමය තේමාවන්ට පමණක් ලඝු වූ වර්තමාන දේශපාලන සාකච්ජා අවකාශයට මේ ක්ෂේත්රයන් පිලිබදව සංවාදයන් එක්කිරීම ප්රජාතන්ත්රවාදය පිළිබදව සුභ ප්‍රාර්ථනා ඇති හැමෝගේම වගකීමක් බව මෙහිදි පැවසිය යුතුමය.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ දර්ශන අංශයේ අංශාධිපති
ආචාර්ය චරිත හේරත්
No comments:
Post a Comment